Saturday, March 30, 2013

part -1 ( මොනරු )

part 1 - 

"හීන වලට මිනිසුන්ව ජිවත් කරන්න පුළුවන් නම් හීන දකින එකේ කිසිම වැරැද්දක් නැ කියලයි මං හිතන්නේ... සමහර වෙලාවට අපි දකින මේ හීන තවත් කෙටි කාලයකදී සැබෑ වෙනවා නම් එකත් අරුමයක් නෙවෙයි.... ඒ හීන වලදී අපි එක්ක ජිවත් වුනු, හීන වලදිම අපේ අදහස් බෙදා ගත්තු ඒ සහෘදයෝ සැබෑවටම වර්තමානයේ අපිත් එක්ක ඉන්න එක පුදුමයක් නම් නෙවේ... හීන වල අපි විදපු සුවදේ පටන් හැම අංශු මාත්‍රයක හැගීමක්ම අපි වටා දෝලනය වෙනවා නම් ඒ තමා මේ සොබාදම් තලයේ අපුර්වත්වය.. කාලයක් තිස්සේ මේ සොබාදමේ හද ගැහෙනා රිද්මයට කවි පබදින මම දීමන්සා අමාදී ගුරුදෙණිය... හැබැයි කවි පබදින කිව්වට මම මහා ශේෂ්ට ගණයේ කිවිදියක් නම් නෙවේ... ගජමන් නෝනා වාගේ මහා කප්රුකක් වැනි කිවිදියන් ගාව මං තාම දළුලන බීජයක්... "
"දිමන්සා, ඔය ලියවිල්ල නවත්තලා ඇවිල්ලා මේ තේක බොන්න..."

"ආ ඒ තමා මාගේ අම්මා.. පොඩ්ඩක්වත් පරක්කු කරන්න බැරි හැමදේම මං එයාගේ වචනෙට නතර කරනවා.
හැබැයි හැමදේම කිව්වට හැම කෙනෙක්වම නෙවේ.. එයා ගැන මං පස්සේ කියන්නම්...ඒ ගැන දැන්ම බෑ.. "
" හීන වලට කතා කරන්න පුළුවන් වුනා නම් එයාලා මේ ලෝකයේ වාතලයට මුසු වුනු සුන්දර මිනිස්සු ගැන කතා අපිට කියලා දේවි.. සමහර විට එයාලා කියාවී මේ වැව රවුම පේන මානයේ ඉන්න මගෙත් අතීත කතාව.. හැම මොහොතක මාගේ හිතත් එක්ක දෝලනය වෙන ඒ අපුරු හැගීම් වල අරුත... හැම තත්පරයකම මගේ සවන් පාමුල දෝර දෙන මහා යුග පුරුෂයෙකු වන් ඒ හඩ, මාගේ හද මත රැව් දෙන ඒ ළදරුවා විතරක් නෙව් යුග ගණනවකට, යුග දස දහස් ගණනාවකට ලේ හැලු නරුම මිනිසෙකුගේ හඩ....
"දීමන්සා.. "

"එනවා.... අම්මා... "

24 comments:

  1. අගනේයි අරුණි.. සුන්දර ආරම්භයක් සමගින් ලිපිය යවත්කාලින වෙතැයි දිගටම රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා..ජය.

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි..

      Delete
  2. සාදරයෙන් පිළිගන්නවා...
    ජය!!

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි.. :)

      Delete
  3. අහ් කඹු ගෘප් එකට මෙයාව සජෙස්ට් කරල තියෙනව දැක්ක, අග්නි දාලා...

    ReplyDelete
  4. ම්... සුභ පැතුම් දිගටම ලියන්නට...

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි.. :)

      Delete
  5. දිමන්සා...
    අඩේ සුලඟ නුඹ සහ මම රසිකාවියක්ද මංදා....
    තව මේකේ කමෙන්ට් වල තියෙන වර්ඩ් වේරිෆිකේෂන් එක අයිං කරන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි.. :) ඔව් ඔව් නැතුව... සුළග නුඹ සහ මම එකේ හොදම රසිකාවියක් තමා. එත් වැඩේ කියන්නේ මං මේ කතාව ලියන්න පටන් ගත්තේ ඊට කලින් නේ :)

      Delete
  6. හ්ම්ම්..ලස්සන පටන් ගැන්මක්...දිගටම කරගෙන යමු....

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි.. :)අනිවාර්යෙන්ම

      Delete
  7. ඔන්න මමත් ආවා මොණරු බලන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මොනරු වෙතට.. :)දිගටම රැදෙන්න

      Delete
  8. අදයි ඇස ගැටුණේ මේ අඩවිය. අගෙයි දුව මං සුබ පතනවා. ඔබේ අඩවියට පාර පෙන්නුව අග්නි ධාරා දියණියට ස්තුතියි. සිංහල බ්ලොග් කලාවට ජීවයක් දෙන්න ඔබට හැකිවේවා.

    ReplyDelete
  9. බෝහෝම ස්තූතියි.. :)

    ReplyDelete
  10. හීනවලට මිනිස්සු ජීවත් කරවන්න පුලුවන්. හැබැයි මට හිතෙන්නේ ඒ ටික කාලෙකට. හීන ලෝකවලම ඉදලා හරියන්නේ නැහැ

    …සිංහල බ්ලොගකරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි.. :)

      Delete
  11. හොඳ පටන් ගැන්මක් වගේම හොඳ අවසානයක්ද බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. අම්මේ මෙතන වෙන දේ o.O

      Delete
    2. හම්මේ පැහැදිලි ඉරිසියාව ලහිරුගේ :3

      Delete