Sunday, March 31, 2013

part - 2 (මොනරු )


 එය 1971 වෙසක් මස එක් දිනක් විය. පරිසරය වෙලා ගත්  සීතලෙන් ගත මුසපත් කරන එය හිරිපොද වැහි බිදු එක දෙක ඇද හැලෙන රාත්‍රියකි. ඇද  හැලෙන පොද වැස්සත් වියකි යන රැහැයි නාදයත් දෙස මොහොතකට සවන් යොමු කරන ආරණ්‍ය සේනාධිසිංහට  නැවත වරක් බිත්තිය හැඩ කරන පෙර දින සිතුවම් කල සිත්තම දෙසට නෙත යොමු විණි.

සුදෝ සුදු සාරියකින් සැරසී තැම්පත් ගමන් ලතාවෙන් ගමන් කරන ඇගේ දිගු වරලස කැරැල්ලකට ගොතා පිට  හරහා ඇද හැලිනි.හෙළ කුල සිරිතට රැල්ලකින්වත් වෙනස් නොවී ඔසරිය හැද සිටියද තාමත් ඇය  ලාබාල යෞවනියකට නෑකම් කීවාය.
මේ කෙසේ නමුදු මෙතැන් සිට ආරණ්‍ය සේනාධිසිංහගේ සන්සුන් බව යමෙකු සොරාගෙන ගොස් තිබුණි. 

එතැන් සිට දෙතුන් දිනක්ම දළදා විදියේ සැරි සැරුවද ඇය පෙනෙන මායිමකවත් සිටියේ නම් නෑ.ඇත් දළ වර්ණයට සමාන වුයේ නම් අත තිබු නෙළුමට හා ඇගේ ඔසරියටය. නමුදු ඇත් දළ පැහැය ඇගේ ශරීර වර්ණය හමුවේ පරාජය බාරගෙන පසකට විය.


10 comments:

  1. කතාවක්නම් ලියන්නේ කොටසක ධාරිතාව මීට වඩා ටිකක් වැඩි කරන්න..ගලායාම ගැන ටිකක් හිතන්න.නැත්නම් දිනපොතක ස්වභාවයෙන් ලියනවනම් ගැටළුවක් නෑ..

    සුභ අනාගතයක් පතනවා..වැදගත් දේවල් ලියන්න ලැබේවා..ඒ වගේම කවදාහරි තමන්ගේ දරුවන්ට වුනත් තමන් ගැන අභිමානයක් දැනෙන දෙයක් ලියන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. මෙය තරමක් දුරට දින පොතක සොබවයෙන් ගලා යන්නක්, නැතහොත් මතකය අවදි කරන්නක්.. . ඒ කොටසට අදාලව තිබුනේ මෙපමනයි.. ඒ නිසායි ධාරිතාව අඩු යැයි හැගෙන්නේ.. ඉදිරියේදී අඩු පාඩු හදා ගනිමින් ඉස්සරහට යාමට බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තුතියි :) දිගටම රැදෙන්න :)

      Delete
  2. Janaranga Wijaindu Dewasurendra සමගින් සම්පුර්ණයෙන් එකඟ වෙනවා.. අරුණි හැකියාව ඔබ සතුව ඇත.. දිගටම එක්ව හිඳීමට බලාපොරොත්තු වනවා.. ජය.!

    ReplyDelete
    Replies
    1. මෙය තරමක් දුරට දින පොතක සොබවයෙන් ගලා යන්නක්, නැතහොත් මතකය අවදි කරන්නක්.. . ඒ කොටසට අදාලව තිබුනේ මෙපමනයි.. ඒ නිසායි ධාරිතාව අඩු යැයි හැගෙන්නේ.. ඉදිරියේදී අඩු පාඩු හදා ගනිමින් ඉස්සරහට යාමට බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තුතියි :) දිගටම රැදෙන්න :)

      Delete
  3. ඇයි මේ , තව දිගට කොටසක් ලියන්න

    ReplyDelete
    Replies
    1. මෙය තරමක් දුරට දින පොතක සොබවයෙන් ගලා යන්නක්, නැතහොත් මතකය අවදි කරන්නක්.. . ඒ කොටසට අදාලව තිබුනේ මෙපමනයි.. ඒ නිසායි ධාරිතාව අඩු යැයි හැගෙන්නේ.. ඉදිරියේදී අඩු පාඩු හදා ගනිමින් ඉස්සරහට යාමට බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තුතියි :) දිගටම රැදෙන්න :)

      Delete
  4. කතාව කෙටි වුණාට ගැටලුවක් නැහැ. ඔයාට දැනෙන විදිහට ලියන්න :)

    ReplyDelete
  5. කොටසක් නවත්වන විට අනෙක් කොටස බලන්න හිතෙන තැනකින් නවත්තන්න. කතාවට ගැටුම් ස්වරූපය ලෙස හදුන්වන තත්ත්වය පවත්වාගන යන්න වෙර දරන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මං උත්සාහ කරන්නම් මාමේ :)

      Delete