Monday, April 1, 2013

part - 3 ( මොනරු )


නැඹුල් පුන්සද
වැව් ඉස්මත්තේ
මනරම් හීනෙක
හිනැහී දිලුණා

නිහඩ රෑ ජාමෙක
වනරොදින් හමා එන
මොනරුගේ ෂඩ්ජය
රාවය මසිත දැව..... අහ් කවිකරි බරටම වැඩක වගේ..

අපරාදේ මගේ මෝඩකම, එරංග ආයෙම මගේ කටුවැඩ කොලේ ලියලා තිබුණ කවි පේලි ටික පන්තියේ කියවද්දී මට එහෙම හිතුනා. මිට කලිනුත් ඔය දේම වුනා.එදා තමා මගේ කවියක් පිට කෙනෙක් දැන් ගත්තු පළවෙනි දවස.

එදා නම් ආයේ කවදාවත් ප්‍රසිද්ධ තැන් වල කවි ලියන්නේ නෑ කියලා හිතපු මගේ හිත ආයෙත් මට අකීකරු වෙලා.

මතුපිටින් හරිම දගකාර, කටකාර චරිතයක් ලෙස මගේ යෙහෙලියන් අතර ප්‍රසිද්ධ චරිතයක් වුනු මම ගැන පිරිමි ළමයින්ගේ අදහස වෙලා වෙන දෙයක්.. දිමන්සා අමාදී ගුරුදෙණිය ඉතාම අහංකාර, ආඩම්බර යහළුකමටවත් පිරිමි ළමයෙක් සමග හිනා නොවන චරිතයක් ලෙස ඔවුන් අතර මා හැදින්වූවා.

එහෙත් ඔවුන්ගේ අදහස මට කිසිසේත්ම අදාල දෙයක් නොවුනත් මින් පෙර දිනක මගේ කවි පද වගයක් මෙසේම එරංග පන්තියක් මැද කියවූවට පසු ඔවුන් මට කවිකාරි ලෙස නම් පට බැදීම නම් මා ඉතාමත් අකමැති මාතෘකාවක් වුනා.

 ' කවිකාරි ආර්ට්ස් කලා නම් කියලා වැඩක් නෑ බං '

එරංග තම සගයා සමග එහෙම කියද්දී සකුන්තලා මගෙන් ඇහුවෙත් ඔය ටිකම තමා.

' ඇත්තටම අමා, bio කරලා මේ කන කටු වල හැටියට උඹ ආර්ට්ස් කලා නම් උඹ හොද තැනකට එනවා කියලා හිතන්නේ නැද්ද?? '

' සකු, ඇයි මං මේ ඉන්න තැන හොද මදි කියලද උඹ හිතන්නේ, බලපන් මම හොද හුළං එන වටපිටාවක හොද මේසයක් ගාව හොදට කකුල් හතරම හොද ශක්තිමත් පුටුවකට වෙලා chemistry ගානක් හදනවා. එහෙම වෙලත් උඹ කියන්නේ මම ඉන්න තැන හොද මදි කියලද? ආර්ට්ස් කලත් ඕන නම් chemistry වෙනුවට මේ වගේ පුටුවකට වෙලා සිංහල රචනා ලියයි... '

හැමදාම වගේ ඕනෑම දෙයක් විහිලුවෙන් මග හරින එක මට දැන් පුරුද්දක් වෙලා.

' උඹ ඉතින් කතුරක් වගේ කටට එන  ඒවා කියව්වාට මම කිව්වේ ඇත්තටමයි. උඹ වගේ විහිලුවට නෙවේ. උඹට කියන්න ඕනි. කවිකාරි නෙවේ කතුර කියලා '

'කතුර' 'කතුර'  දෙයියනේ සකුට ඇයි  එහෙම හිතුනේ, ඔය කතාව ඔය විදියම තව කෙනෙක් කියලා තියෙනවා කියලා සකු දන්නවනම් ,

 ' කතුර ඔයාට මාව ඇහෙනවද? කතුර.. පොඩ්ඩක් අහන්නකො කතුර ' ඔයාට මතකද කතුර ??අනේ මේක අහන්නකො කතුර '
මෙච්චර කාලයක් කොහේදෝ මන්දා හැංගිලා හිටපු ඔහු ආයෙම ඇවිත් කතා කරනවා. ඒ අහිංසක බොර පාට ඇස්, කන්දක් වගේ ගැඹුරු වුනාට අහසක් වගේ ආදරේ පිරුණු කටහඩ මගේ ලෝකයට ආයෙම ඇවිදින්ද කොහෙද.. හරියට මීදුමක් වගේ..

'දිමන්සාසා...'

කොහෙන්ද  මන්ද වැහි පොද වගේ වතුර බින්දු, ඒ අස්සෙන් සකු කෑගහනව.. එතකොටයි දැක්කේ සකුයි විශ්වදීනියි බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නවා..

' ඇයි '

' ඇයි කියන්නේ, ඔයාට මොකද වුනේ එකපාරටම, අපි කොච්චර කතා කරාද, ඇහුනේ නැද්ද ඔයාට, ඔයා බය වෙලා වගේ ඔහේ ඈත බලාගෙන හිටියා.

' බොරු ' මම හිනා වෙන්න උත්සාහ කරා..

' බොරු නම් විශ්විගෙන් අහන්න, ඔයාගේ මුණත් ගොඩක් අමුතු වෙලා තිබුනේ.මොකද එක පාර වුනේ අමා '

' මොකුත් නැහැ සකු, මට ගෙදර යන්න ඕනි. මම යනවා...'

කවුරුත් මොනවත් කියන්න කලින් මම පොත් ටික  අරගෙන ආයෙම හැරිලා එන්න ආවා.

10 comments:

  1. කලින් මට කියන්න අමතක වුණා වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. නැත්නම් කමෙන්ට් කරද්දී ඒක මාර ඇණයක් වෙනවා

    ReplyDelete
    Replies
    1. කොහමද අයින් කරන්නේ ?

      Delete
    2. design -> Settings -> Posts and comments -> Show word verification -> No

      Delete
  2. ඔන්න මාත් ආවා අග්නි ගෙන් පාර අහන්..සුභ පැතුම් නංගෝ...

    ReplyDelete
    Replies
    1. ටැන්කු අක්කෝ.. :)

      Delete
  3. ලස්සනට ලියල තියෙනව පැට්ටෝ... කියවන්න ආස හිතෙන විදියට.... කතාව තව චූට්ටක් ලියන්න පුළුවන් වුනානම් ගොඩාක් හොඳයි....

    හොඳටම හොඳයි....ගුඩ් ලක්...^_^

    ReplyDelete
    Replies
    1. ගලා යාමත් එක්කම කතාවත් දියුණු වෙලා, වැඩිලා.. තව දුරටත් ගලා යන අතරතුරේ කුතුහලය දනවන දිනයක නිමාවක් බලාපොරොත්තු වනවා.. දිගටම ලියන්න, ඔබට ඔබ ගැනම ආඩම්බර විය හැකි වේවි.. ජය!

      Delete
    2. ටැන්කු අග්නි අක්කේ.. තාම කතාව ඉවර නැ :) තව කොටස් කිහිපයක් ඉදිරියට තියෙනවා :)

      ටැන්කු බුද්ධි :)

      Delete
  4. හ්ම් දියුනුවෙලා තියෙන්නෙ

    ReplyDelete