Thursday, April 11, 2013

මේ කුරිරු ලෝ තලයෙන් සමු ගන්නට මත්තෙන් මගේ පන්හිදෙන් ලියවෙන අවසන් සටහනයි.

     කාත් කවුරුවත් නැතිව ලෝකේ අසරණ වුන මිනිස්සු කියන්නේ පදික වේදිකාවේ පිනට යමක් යදින යාචකයෝ විතරක් කියලා ඔබ හිතනවා නම් මේ පොලෝ තලයේ සිටින නිවැරදි බවින් තොර වූ පුද්ගලයා ඔබයි. ඔබ හිතනවට වඩා මිනිස්සුන්ගේ ජිවිත ගැඹුරුයි. මුදල්, අධ්‍යාපනය , කිර්ති නාමය, අම්මා තාත්තා, ආදරය හැම දේම තියෙනවා නම් ඔහු සම්පුර්ණයි කියා ඔබ හිතාවි 

   නමුත් ඔබ දන්න ජිවිතේ ගැඹුර වැලි කැටයත් වඩා සියුම් කියලා කවදාවත් අමතක කරන්න එපා.හැබැයි ජීවිතය කියන වැලි කැටයේ හැම පැත්තකටම සිරිලා ඔප මට්ටම් වෙලා ලේ වැගිරුණු ජිවිතයක් මට තියෙනවා. ඔබ දැකලා තියෙනවටත් වඩා ජිවිතේ ගැඹුරු පතලේ ඇස් වලින් ලුණු රසය සෝදා හැරෙන තුරු මං මගේ ජිවිතේ හඩා වැටිලා තියෙනවා.

  මේ කුරිරු ලෝ තලයෙන් සමු ගන්නට මත්තෙන් මගේ පන්හිදෙන් ලියවෙන අවසන් සටහනයි කියලා මං කිවුවේ මං ආයේ මේ අපිරිසිදු වාතයෙන් මුසපත් වුන ලෝකේ සුස්මක් වැදෙන්නවත් එන්නේ නෑ. එත් මං යන්න කලින් මගේ ජිවිතේ මෙහෙම අකුරු කරන්නේ මං විදපු දුක තවත් අසරණයෙක් විදිනවට කැමැති නැති නිසා.

  මේක බොහොම පුංචි ලෝකයක්. ඒ පුංචි ලෝකේ සුරංගනා කතාවක් තරම්ම ලස්සන නැති වුනත් අම්මගෙයි තාත්තගේයි අතරේ හුරතල් වුන ඔයාට තරම්ම ලස්සන ජිවිතයක් මට තිබුණා. එත් එක කළුවර දවසක මගේ තාත්තා මේ ලෝකෙන් අතුරුදහන් වුනා. තාත්තව හොයා ගන්න ඕන නිසා හැම සේසතක්ම උගසට සින්න වුනා. එත් අපිට ඕන වුනේ තාත්තා විතරයි. එත් එයා ආයේ ආවේ නෑ.. ඒ ප්‍රශ්න මත්තේම හිතන්න ගිහින් අම්මා මාරාන්තික රෝගියෙක් වුනා. එයාගේ ජිවිතේ තරාදියක් දෙපැත්ත වගේ. පුංචි කාලේ ඉදන් අහිංසකකමට ලෝකේ හයක් හතරක් දැනන් උන්නේ නැති මම එදා ඉදන් ලෝකේ තේරුම් ගත්තා.

   පුංචි කාලේ ඉදන් එකට ඉදපු මගේම යාලුවෝ එක බත් එක දිග ඇරන් කාලා උඹට ඕනේ දේකට අපි ඉන්නවා බන් කියපු මගේ යාලුවන්ගේ වචන වචනයක්ම විතරක් උනා. මගේ යාලුවෝම මං ගැන මගේ අසරණකම ගැන ලෝකේ හුගක් බොරු දේවල් කිවුවා. මගේ අම්මයි තාත්තයි මාව අරන් හදා ගත්තා කිවුවා. මං මගේ අම්මගේ අසනීපෙ විකුණන් කැවා කිවුවා. උඹලා දන්නවා මං මගේ වුවමනාවකටත් මං එක සතයක් ඉල්ලුවේ නෑ. මං මගේ අම්මව බලා ගෙන ගෙදර ඉද්දි උඹලා කිවුවා. මගේ කෙල්ල එක්ක හැම තැනම රවුම් ගහනවා කිවුවා.මං ඉවසුවා. ගොඩක් ඉවසුවා. ඒ උඹලට බයේ නෙවේ මගේ අම්මා වෙනුවෙන්. මේ හැම කට කතාවක්ම අහලා මගේ අම්මා ලෙඩ ඇදෙ ඉදන් ඉකි ගගහා අඩපු හැටි දැක්කා නම් උඹලාට අම්ම කෙනෙක් කියන්නේ කවුද කියලා අදුර ගනීවි, එක එක්කෙනාගේ කට කතා වලින් මට මගේ කියලා හිටපු මගේ පුංචි කාලේ යාලුවවත් නැති උනා. උන් සේරම මාව අත්හැරියා. මං වගේ කාලකන්නියෙක් උඹලා වගේ වැදගත් මිනිසුන්ට හොද වැඩි.

  යාලුවෝ මෙහෙම කරද්දී නැදෑයෝ ඒ හැටි දෙනෙක් අන්තිමට ඉතුරු උනේ නෑ. හැමෝම මෙහෙම කරද්දී මගේ කෙල්ල මං ගාවම උන්නා. මොන කතා කිවුවත් මං හිතුවේ නෑ, අන්තිමට ඒ ජිවිතේ නැති කරන්න කෙනෙක් එයි කියලා. බාෂි, බාෂි කියන්නේ එකට පොඩි කාලේ ඉදන් උන්නු අපේ එකෙක්, එත් මගේ ආදරේ  මගෙන් උදුරාගන්න තරම් පවුකාරකමක් උඹට තියෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. එත් මොනා කරන්නද මනුස්සකම කියලා එකක් නෑ කියලා මං දැන් දන්නවා බන්. හැමදාම මහා රැට මං එක්ක ඉකි ගගහ අඩන්න ගේ ජිවිතේ මගේ මානසිකත්වය බින්දුවටම ඇදලා දාපු උඹලා එකෙක්වත් උන්නේ නැනේ, එහෙම මගෙන් හැම දේම උදුරා ගත්තු උබලට මගේ පන්හිද උදුරා ගන්න බැරි උන එක තමා මට තියෙන එකම සැනසීම.

  ජිවිතේ අඩියටම වැටිලා ඉන්න මිනිහෙක්ට මෙහෙම කරන්න එපා. ඒ මිනිහා උඹලා එක්ක හිනා වෙලා කතා කරලා සතුටින් ඉන්න බව ඇත්ත. එත් හිත යටින් මොන තරම් කෑ ගගහා අඩනවද කියලා අහිංසක හිතකට ගල් ගහන්න ඒ හිතේ තුවාල පාරන්න කලින් උඹලා හිතුවද.. උඹලා ඉස්කොලේට එන්නේ නෑ කියලා චෝදනා කරයි එත් ඒ මට ආදරේට නෙවේ කියලා මං දන්නවා. මගේ තුවාල වලට තවත් රිද්ද ගන්න බැරි නිසයි මං ආවේ නැත්තේ.ඒ හැම දේම වෙලා ඉවරයි. මං දැන් කාත් කවුරුත් නැති එකෙක්. ඒත් උඹලගෙන් තවත් ගල් පාරවල් මං ඉන්නේ නෑ. පුළුවන් නම් මේ එන අලුත් අවූරුද්දේවත් මනුස්සකම ඉගෙන ගනිල්ලා. මං වගේ අහිංසකයෙක්ව මරලා දාන්න උත්සාහ කරන්න එපා.මට මගේ කියලා ජිවිතයක් අයෙ නැ. එත් මං වගේ අසරණ මිනිස්සු තව ඉන්නවා. උන්ට ජිවිතයක් වෙයල්ලා. සල්ලි නෙවේ ජිවිතේ, මනුස්සකම. සල්ලි හොයලා ඉවර වෙද්දී උඹලට  උඹලවත් හොයා  ගන්න නැති වේවි. ඒත් මනුස්සකම හැමදාම තියෙයි,  උඹලට ප්‍රශ්ණයක් වුනාම කියන්න කෙනෙක් හරි ඉන්නවා. එත් මට ඉන්නේ මං විතරයි. අන්න ඒ නිසයි මේ විදියට උඹලට කිවුවේ. පුළුවන් නම් හැදෙන්න. මැරුණයින් පස්සේ සොහොන ලගට ඇවිල්ල මල් තියලා ඉටි පන්දම් පත්තු කරලා සමාවත් ඔරසන්වත් මට ඕනි නෑ. උඹලා එකෙක්වත් එන්නත් එපා. පුළුවන් නම් ජිවත් වෙලා ඉන්න කාලේ සලකපල්ලා. මිනිහෙක්ගේ අසරණ කම තේරුම් අර ගනිල්ලා. එදාට උඹලත් ජිවත් වෙනවා කියලා තේරෙයි.මොන විබාගේ පාස් කරන්නත් කලින් ජිවත් වෙන්න ඕනි දේ ඉගෙන ගන්න. මං යනවා. ආයුබෝ වේවා ! 

                     මම අසේක දිසාසේකර - 2013.04.11                                                                                                                                                                                                             

12 comments:

  1. මේ සටහන නං තදටම හිතට වැදුණා..මේ ලිපිය බ්ලොග් ලියන හැමෝම දකිනවනං හොඳයි.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාමේ.. :)

      Delete
  2. දරුණුවටම වදින්න ලියල තියෙනව පැට්ටෝ...... පිස්සු හැදෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ.. :)

      Delete
  3. පිස්සු පීකුදු වෙලා ගියා කියා....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. :)

      Delete
  4. හිතා ගන්න බැරි තරමට හිතට වැදිච්ච සංවේදී ලිපියක්. අහම්බෙන් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වුණ මම ආයෙත් දවසක ඇවිත් යන්න අදට සමු ගන්නේ ඇස්වල කඳුළු පුරවගෙන. ඇත්තට ම කියා ගන්න බැරි තරම් හැඟීම් ගොඩක් හිතේ හිර වෙලා තියෙනවා, අරුණි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධාරා :)

      Delete
  5. මොනා කියන්නද හිතා ගන්න බෑ. සංවේදී කතාවක්. මේකට නිකන්ම කොමෙන්ටුවක් දාල ලයික් එකක් දාල තවත් කතාවක් කියල
    හිත සනසගන්න එක සධාරණද මන්ද?හතාගන්න බෑ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete