Sunday, April 7, 2013

part - 4 ( මොනරු )


ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඉස්තොප්පුවටත් ආවාමයි දැක්කේ රසාංග අයියා ඇවිත්  ඉන්නවා.රසාංග මගේ අප්පච්චිගේ මල්ලිගේ පුතා..අම්මයි මායි නුවරට ඇවිල්ලා මාස 2ක්‌ වූනත් අපි ඉන්නේ නුවර කියලා දැනන් උන්නේ බාප්පලා විතරයි.

" රසාංග අයියා??? කොයි වෙලේද ආවේ??? ඔයා එනවා කිවුවා නම් මම එනවනේ ස්‌ටේෂන් එකට "

" අහ් පැහිච්ච ආච්චි, ඔයා දැන් එච්චර දියුණුද?? මං ඇවිල්ලා දැන් පැයක් විතර. පුච්චිත් නැති නිසා මම තමුසෙ හරි එයි කියලා තමා එලියට වෙලා හිටියේ .. "

අහ් අම්මා නැද්ද ?? මට දැනුයි මතක් උනේ. කිවුවා තමා කේක් වලට බඩු වගයක් ගන්න යනවා කියලා.. මේහ් මාත් ඔයාව අල්ලගන්න හිටියේ මොකක්ද අර ස්කයිප්‍ එකේදී කිවුව මගේ දර දිය අදින කතාව "

මම මං ගාව තිබුන යතුරෙන් දොර අරින ගමන් කිවුවා.

" අහ් ඒකද , එක තමා  මේක තමුසෙගෙ දර දිය අදින්න තමා මං මම මෙහෙ එනවා කිවුවේ.. "

" අනේ ඉන්න, ඔයා ඉතින් ඕනා නම් වැඩිපුර දවස් 2ක් ඉදියි. කොච්චර කිවුවත් ඉන්නේ නැනේ.. "

" නෑ නෑ නගෝ මේ පාර නම් අනිවා ඉන්නවා "

" මොනාද ඔට්ටු " මාත් ඇහුවේ මෙයාව එකපාරම  sure නැති නිසා

" තමුසෙව "

" අනේ යනවා , ඔයා මෙහෙ නැවතුනොත් ගංවතුර දානකම් වහිවී "

නුවරට මොකටද හලෝ අමුතු වැහි, වැස්ස පේන මානයේ ඉන්න සෙංකඩගල අහස කොයි වෙලෙත් අඩා ගත්තු ගමන්නේ

රසාංගත් එයාගේ බඩු මුට්ටු තියෙන බැග් ටික පුටුවක් උඩට දාන ගමන් කිවූවා.

"නපුරු කතා කියන්න එපා අයියේ.. සෙංකඩගල අහස ඉස්සර ඔහොම ඇඩුවේ නැ. පිරිමින්ගේ අසමජ්ජාති වැඩ නිසා තමා මෙහෙම උනේ.. "

මට හිතන්න කලින්ම කියවුනා.

4 comments:

  1. කතාවේ පාර්ශව කරුවන් අතරේ අනන්‍යතාවක් ගොඩ නැගෙමින් යන බව දැන් දැන් පේනවා.. ඒ වගේම අරුණි පූරණයන් තුලින් කතාව ඇත්තටම ලියවන ඔයාගේ අනන්‍යතාවත් ඉස්මතු වෙන්න ඉඩ දෙන්න.. පූරණයන් ගැන තව සැලකිලිමත් උනොතින් සුබයි ඕං.. ජය වේවා කියල පතනවා..

    ReplyDelete
    Replies
    1. හොදයි :) බොහොම ස්තුතියි :)

      Delete
  2. පිරිමින්ට වෛර කරන කෙනෙක් ද ඔයත්...

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ, මගේ සහකරු වගේම මගේ තාත්තත් පිරිමියෙක්, මම වයිර කරන්නේ නැහැ, ඒ උනත් මේ චරිතය තුල ගොඩ නැගෙන කෙනාට හේතු සාධක ගොඩක් ඒ සදහා තියෙනවා :)

      Delete