Friday, May 17, 2013

part - 5 ( මොනරු )


" එකටත් වග කියන්න ඕනි පිරිමි කියලද ඔය කියන්නේ, අනික ඉස්සර සෙන්කඩගල අහස ඇඩුවේ නෑ කියලා ඔයා කොහාමද දන්නේ "

" මං දන්න නිසා, ඉස්සර සෙංකඩගල අහස හරිම ලස්සනයි. හද එලිය වැටුනම පළාතම හරියට සුරංගනා ලෝකයක් වගේ. සේපාලිකා මල් වලට කහ පාට සද එලිය වැටුනම හරිම ලස්සනයි. ඒ උනාට එක දවසක් අමාවක ඇවිල්ලා අහස වසා ගත්තායින් පස්සේ අයේ කවමදාවත් ඒ වගේ ලස්සනට හද පැයුවේ නෑ.ඒ අමාවක දවසේ ඉදන් සෙංකඩගල අහස විතරක් නෙවේ, මුළු සෙංකඩගලම අඩනවා. ඒ හැමදේම උනේ පිරිමි නිසා... "

" නංගි, තමුසේ අද හරි අමුතුයි. ඉස්සර වගේ නෙවේ.. " බය වෙලා වගේ හිටපු රසාංග අයියා ඉස්සර වගේ නෙවේ කිවුවේ කට හඩ බර කරල.

එත් ඒක මට අමුත්තක් වුනේ නැහැ

"මම දන්නේ නෑ. ඒ වුනාට දැන් එකෙන් වැඩක් නෑ. නුවරට ආයේ බනින්න එපා. අනිත් එක සහෝ මං තේ හදන්න දන්නේ නෑ. ඒ නිසා ඔයාට තේ බොන්න ඕනා නම් අම්මා එනකම් ඉන්න වෙනවා. "

"අපෝ මං හදා ගන්නම්, මගේ කහට සිනි හරි ගානට දාලා.. ඒ වුනාට මට මතක විදියට  ඔයාට ඉස්සර තේ හදන්න පුළුවන්නේ. මං ඇහුවමයි ඉස්සර පුළුවන් එකෙක්ට දැන් බැ කිවුවා. "

" මට මතක නෑ හදන්න, මේ මං වොෂ් එකක් දාන් එන්නම් " මම ප්‍රශ්නේ මග ඇරියේ තේ හදන්න බැරි කමට නෙවේ මතකය රිද්ද ගන්න බැරි නිසා,

" මේ යන්න කලින් මට මගේ කාමරේ පෙන්නනවා "

" පොඩ්ඩක් ඉන්නවා, මං වොෂ් එකක් දාන් එනකම් "

මාස දෙක තුනකට කලින් මගේ උසස් පෙළ විභාගයට මාස හයක් තියාගෙන අම්මා අපි පිට පළාතක පදිංචියට යමුයි කිවුවම ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා. අනිත් එක මුලින්ම ඒ හේතුව සාධාරණිකරණය කරන්න හේතුවක් මට විතරක් නෙවේ උත්තරා ඇන්ටිට තිබුනෙත් නෑ. උත්තරා ඇන්ටි මගේ අම්මගේ හොදම යාළුවා. එත් ඒ දවස් වල තිබුණු ප්‍රශ්න වලට හොදම විසදුම ඒක කියලා අම්මා තීරණය කරලා තිබුනා. ඒ දවස් වල මගේ නැන්දලා මං එක්ක එච්චර හොදින් වුන්නෙත් නෑ. කවුරු හරි එයාලට මං ගැන හොද කේලම් වගයක් කියලා තිබුනා. ඒවායින් සමහර දේවල් ඇත්ත වුනාට 50 % ක් පට්ටපල් බොරු. කේලම ගොතපු කෙනා මොන විදියට ඒ ගැන හිතුවත් අන්තිමේදී කේලම් වල අග මුල් හොයා ගන්න බැරි වෙන්න විවිධ කතන්දර ගෙතුනා.  විභාගේ වැඩයි බාහිර වැඩයි කේලමුයි අතර දෝලනය වුනු මට අන්තිමේට ලැබුණු ප්‍රතිපලය වුනේ එක දිගට උණ ගත්තු එක.

උත්තරා ඇන්ටිගේ මහත්තයා වෙදයවරයෙක්. අන්කල්ගේ තීරණය වුනේ හැමදේකින්ම නිදහස් වෙන්නයි මගේ හිතට පොඩි විවේකයක් දෙන්නත් නිසා ටික දවසකට නිවාඩුව ගත කරන්න කොහේ හරි යන්න කියලා. එත් මගේ අම්මා අන්තිමට අර විදියේ තීරණයක් අරන් තිබුණා. නුවරට එන්න හිතුවේ නුවර ගොඩක් නිස්කලංක වගේම මං කැමතිම පළාත නුවර කියලා මං අම්මට කියපු නිසයි. උත්තරා ඇන්ටිලයි බාප්පලයි අම්මයි එකතු වෙලා අන්තිමට අපි ඉන්න මේ ගේ හොයා ගෙන සල්ලි වලට ගත්තා. ඇත්තට එක හරිම පුදුමයි කියලා හිතුනේ මේ ගෙදරට පය ගහපු මුල්ම වෙලාවේ,  මොකද මේ ගේ මම මිට කලින් හීනෙන් දැකල තිබුණා..

13 comments:

  1. බොහොම ලස්සනට තව ලියන්න කියල ඉල්ලනව. මුල් ලිපි වල තිබුණු අඩුපාඩු හදාගෙන තියෙනව. අමුතුම ලස්සන අදහස් ටිකක් එකතු කරල ලියපු ලස්සන බ්ලොග් එකක්. මම අදයි මේ බ්ලොග් එක දැක්කෙ. ඔක්කොම පෝස්ට් ටික මුල ඉඳන් කියෙවුව. හිතට දැනෙන්න ලියල තියෙනව. දිගටම මේ වගේ ලියන්න. ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, දිගටම රැදෙන්න කියලා ආරාධනා කරනවා :)

      Delete
  2. සෙංකඩගල අහස ලස්සනයි.... අනේ බොරුවක්...මේ දවස්වල මං ත්‍රීසිංහලය පොත කියවනවා..
    ඒ වුණත් ඔබේ හැකියාව අගයනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද, මං නම් සෙංකඩගල අහසට ආසයි, ඒ අහස සද පායලා තිබුනත් අදුරු කළුවර ගොම්මන් අහසක් උනත් මට ඒ අහසේ සුන්දර බවක් තියෙනවා :) එක එක්කෙනා දකින විදිය වෙනස්නේ.. ඒ කොහම වුනත් බොහොම ස්තුතියි මාමේ.. ඔයාලගේ මග පෙන්වා දීම් මට ගොඩක් වටිනවා :)

      Delete
    2. මං අදහස් කළේ අහසම නොවේ සෙංකඩගල අතීතය ගැනයි.. ඒ ගැන ඉතා හොදින් මා ඉහත කී පොතේ තියනවා. නොම්මර එකේ පාවාදීම වන්නේ සෙංකඩගල තමයි.. මා කමෙන්ටුව දැම්මේ ඒ අරුතින්.

      Delete
    3. එයට මාත් එකගයි.. මං දැකපු එපා කරපුම පාවා දීම තමා එය..

      Delete
    4. නමුත් ඒ අවසාන මොහොත වෙනකං සිංහ කොඩිය රැදුනෙත් ඒ සෙන්කඩගල අහසෙමයි නේද? ආයේ ඒ සිංහ කොඩිය කවදාවත් මේ අහසට නැගුනේ නැහැ.. ලංකාවක් අපිට ලැබුනෙත් නැහැනේ..

      Delete
  3. අපිත් මේ පැත්තේ ආවෝ.. මොනරු හරීම ලස්සනයි,පිල් විදාහලා ඉන්නකොට බලන්න ආසයි :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා,බොහොම ස්තුතියි ඒ වගේම බුද්ධි :)

      Delete
  4. ලස්සනයි මොණරි, නොහිතුව පැත්තකට කතාව ගලාගෙන යනව වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනු.. යම් යම් පෞද්ගලික හේතු මත දැනට මොනරු නවකතාව ලියා ගෙන යන එක ටික කාලෙකට අත් හිටවලා තියෙන්නේ.. කෝපි නවකතාවෙන් පස්සේ මොනරු නවකතාව ලියනවා..

      ස්තුතියි අදහස් දැක්වීමට. :)

      Delete