Sunday, July 21, 2013

කෝපි - 01


" ඔව් මන් දන්නවා සිතුල.. ඔයාලා බය මට නෙවේ.. මගෙ අකුරු වලට මන් ලියන කතා වලට, මගෙ සිතුවිලි වලට.. මට බොලද ආදර කතා විතරක් ලිය ලියා හැමදාම එකම තැනකට කොටු වෙලා ජිවත් වෙන්න  බැහැ.. මට අරමුණක් තියනවා.. ඒ නිසා මට කසාදයක්  බැදගෙන රුකඩයක් වෙන්න බැහැ..  "

" ඒත් තේරුම් ගන්න අමා..තරිදු මේ කසාදෙ නතර කරන කෙනෙක් නෙවේ.අනික එයාලා සේරම තින්දු කරලා ඉවරයි.. " 

" ඒ කොහොම වුනත් මන් මේ කසාදෙ කරන්නෙ නෑ. " 

" ඔයාට ඔච්චර මුරණ්ඩු වෙන්න බැහැ අමා.. තරිදු කියන්නෙ එයාට ඔනා දේ හොදින් හරි නරකින් හරි ගන්න කෙනෙක්.." 

" නොදන්නවා නෙවේ සිතුල.. ඒත් මන් අකමැති කෙනෙක්ව කසාද බදින්නෙ නැහැ මන්.. " 

" ඒත් කොච්චර අකැමැති උනත් ලොකු අප්පච්චිගේ තිරණ වලට ඔයාටවත් මටවත් දිනාරාටවත්  මොකුත් කියන්න බැහැ නන්ගි.. මොනා වුනත් යුතුකමක් වශයෙන් එයලා ආවාම කතා කරන්න..  "

   සිතුල මගේ නැන්දගෙ එකම පුතා, නෑකමින් අයියා උනත් ඊටත් වඩා පුන්චි කාලේ ඉදන්ම අපි හොද යාලුවො.. තරිදු, සිතුල අයියගෙ ස්කුල් එකේ..

" අමාශාඛයා.. " 

" එනවා අම්මා.. " 

" ලෑස්තිද දොණි.. "

" තවම නැහැ.. "

" ඉක්මන් කරන්න ඒ මිනිස්සු දැන්  එනවාත් ඇති... "

" හ්ම්ම්.." 

"කැමති වුනත් අකැමැති වුනත් දැන් කරන්න දෙයක් නෑ දරුවෝ.. අප්පච්චි තිරණයක් ගත්තොත් ගන්නේ ඔයාලගෙ හොදට.. " 

" හ්ම්ම්ම් " 

   සේනක දෑල බණ්ඩාර.. තරිදුගේ අප්පච්චි.. ලෝකේට ව0ශවත් වුනාට මොකද.. යටින් කලු චරිතයක්.. තරිදු, සේනක දෑල බණ්ඩාරගේ එකම පුතා.. කොහොම වුනත් තරිදු එයාලගේ පරම්පරාව ගෙනියන්නම හැදුණු කෙනෙක්.. මන් දන්න විදියට නොකලෙ කෙල්ලන්ව බලෙන් කසාද බැදපු නැති ටික විතරයි... හැබයි දැන් එයා ඒ ටිකත් කරන්න යන්නෙ.. 

" මන් හිතන්නේ ල0කාවෙන් ගියාට පස්සේ අදම වෙන්න ඇති සිතුලයි තරිදුයි මුණ ගැහෙන්නේ.. එහෙම නේද පුතා?? " 

" ඔව් අන්කල්.. අවුරුදු 4කට පස්සේ අද තමා මුණ ගැහුනේ.. " 

" ගෙවුනු එව්වාත් එක්කම මස්සිනලා දෙන්නට දැන් ඉතින් කතා කර ගන්න බැරියැ වෙලාවක් අල්ලලා.. අහ් මේ එන්නෙ.. මේ තමා සේනක මගෙ එකම දුව, අමාශාඛයා කැප්පෙටිපොල.. " 

අප්පච්චිගේ හැදින්විමයි , සේනක දෑල බණ්ඩාරගේ කපටිකම වහ ගත්තු හිනාවයි. තරිදු දෑල බණ්ඩාරගේ අමුතු බැල්මයි සේරම අතරින් කිසිම ප්රතිචාරයක් නොදක්වා මම එලියේ ජෑම් ගහ යට සෙල්ලම් කරන සිතුලගේ පුන්චි දුව දිහා බලාගෙනම වුන්නා.. 

" අමා.. " ඔනාවටත් වඩා ආදරණිය වුනු, ගොරහැඩි කටහඩ තරිදුගේ ඇරෙන්න වෙන කෙනෙක්ගේ නෙවේ.. මොනා වුනත් තරිදුගේ තිබුනු අපුරු පිරිමිකමට ඔනා කෙල්ලෙක් කැමති වෙනවා.. එත්.. 

15 comments:

  1. තවත් අපූරු කතාවක ඇරඹුමක්... ලියන්න ලියන්න... අපි එනවා කියවන්න.
    ලංකාව ටයිප් කරන්න මෙන්න මෙහෙම la\nkaawa 0=\n

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාමේ.. මාත් එක හොයා ගන්න බැරිව උන්නේ.. :)
      කොපි ඇරබුනාට මොනරු ඉවර නෑ.. එකත් කියවන්න.. :) ස්තුතියි..

      Delete
  2. ඒත්....ඊලග කෑල්ල තව ඩින්ගක් දිගට දාන්නෝ....කියවගෙන යද්දී ඉවරත් වෙලා...

    ReplyDelete
    Replies
    1. කියවනකොට ඉවර වෙනවා තමා යකෝ

      Delete
    2. ilaga kotasa thawath rasawath iwala inna.. :)

      (@rathgamaya : return eka dena eka hoda wadak newe :D )

      Delete
  3. මගේ ඉස්කොලේ කෙනෙක්ගේ බ්ලොග් එකක් දැක්ක පළමු අවස්ථාව...මාරම සතුටුයි :) දිගටම ලියන්න ඔයාට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ah ahanth sathutuyi akkath ape skl ekeda?? mn dana gthuth palaweni wathawa.. kochara hodada?? oyth blog liyana eka .. bohoma sthuthyi akke.. :)

      Delete
  4. මේම බෑ... රත්ගමයා වාගේ එපා වෙනකං දිගට ලියන්ඩ ඕනෙ... අපි ගොඩාක් කියෝනවා..

    ReplyDelete
    Replies
    1. thawa issra yaddi akkta ona tharm kiywanna puluwan :) ai a/l ewra wela mta ona tharam welawaa tynwa liyna

      Delete
  5. ලස්සන කතාවක ඇරඹුමක් වගේ...සුබ පැතුම්.. :)

    ReplyDelete
  6. උඩරට කතාවක් ඈ..
    බලමු ඊලග කෑල්ල...

    ReplyDelete
  7. ඔන්න කියවන්න පටන් ගත්තා :)

    ReplyDelete