Thursday, July 25, 2013

කෝපි - 02


" මොනාද කරන්නෙ?? "  උත්තරයක් නොදිම මගෙ ඇස් අප්පච්චිව හෙව්වා.. 

" කාවද බැලුවේ ?? අප්පච්චිවද ?? අප්පච්චි ඔයාව මට දිලා ගියා.. "

 " හීන දකින්න එපා තරිදු.. අප්පච්චි කවදාවත් මාව ඔයාට දෙන්නෙ නැහැ.."  

" එත් මං අප්පච්චිගෙන් ඔයාව ඉල්ලගත්තොත්... "   

" එත් මං ඔයා එක්ක එන්නෙ නැහැ.. "  

" හේතුව.. " 

" මං කැමති නෑ.. " 

" ඒ ඇයි?? " 

" මං ඔයාට කැමති නැති නිසා.. " 

" ටිකක් කල් යද්දි කැමතියි වෙයි.. " 

" කැමැත්තක් ඇති වුනාට වැඩක් නැ.. ආදරයක් නැතිව.. "  

" ඉතින් මං ඔයාට ආදරෙයි නේ.."

" ඒ ආදරේ ඒකපාර්ශවිකයි.. "

   තරිදු ඉස්සරහා කිසිම කෙල්ලෙක්.. එයා ගැන දන්න, තමන්ගේ ආත්ම ගරුත්වයට ආදරේ කෙල්ලෙක් එහෙම කියන්නේ නැහැ.. මොන තරම් තිත්ත ඇත්තක් වුනත් මාත් තරිදුට බයයි.. එත් එහෙමයි කියලා මගේ මුලු ජිවිතේම එයාට බිලි දෙන්නත් බෑ..

" එත් ඔයා මට ආදරේ කරන්න ඕනා අමා. ඔයාට එහෙම කරන්නම වෙනවා.. " 

" මං එහෙම නොකොලොත් ඔයා මට මොනා කරන්නද තරිදු.. ඔයාගේ තත්තාගේ මැරයෝ දාලා මාව මරන්නද?? " 

"එහෙමද.. එතකොට මං ගැන හිතන් ඉන්නේ.. ඔයා කියන්නේ මං නරුමයෙක් කාලකන්නියෙක් මංකොල්ලකාරයෙක් කියලාද අමා.. " 

" මං  විතරක් නෙවේ තරිදු මුළු නුවරම ඒක දන්නවා.. මිනිස්සු එහෙම කියනවා.. එහෙම කෙනෙක් වෙලාද ඔයා මට ආදරෙ කරනවා කියන්නෙ තරිදු.. "    

  " මට මං කැමැති කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන්.. " පාලනය කර ගන්න හදන කෝපයටම මිශ්ර වුනු අහංකාරකමක් තරිදුට තිබුනේ.. 

" මටත් මම අකැමැති කෙනෙක්ට ආදරේ කරන්නේ නැතිව ඉන්න පුලුවන්..  "  මමත් අත හැරියේ
 නැහැ.. 

" අමා.. තමුසෙගේ පණ්ඩිතකම නවත්තලා මෙන්න මේක අහනවා.. මට වැඩක් නෑ.. තමුසෙගේ කැමැත්තෙන්.. තමුසේ මාව බදින්න ඕනා.. එච්චරයි..  හොදින් හරි නරකින් හරි.. " 

" ඇයි , ඔයාගේ නමට සුදු හුණු ගා ගන්නද?? මාව බැදලා?? " 

" කට වහගන්නවා අමා.. " 

" මං කට වහා ගන්නේ නෑ... ඔයා වගෙ ජරා මිනිහෙක්ව බදින්නෙත් නෑ.." 

චටාස් .. 

" දොණි !!!." 

" තරිදු !!! " 

තරිදුගේ කම්මුල් පාරත් එක්කම දොරකඩ උන්නේ අම්මයි අප්පච්චියි.. 


11 comments:

  1. නංගි මේ මේක හොදට අහ ගන්නවා..
    තරිඳුලා අහංකාරයි තමා...
    ඒත් මැරයෝ නෙමේ හරිය...

    චටාස්...
    මේං මෙගෙනුත් පාරක්..
    මූනේ මදුරුවෙක් වහලා හිටියා... :D

    ReplyDelete
    Replies
    1. :0 oyta diwas thiynwada?? mn hithuwa oya chatas kyla maduruwek kyayi kiylaa.. haiyooo bayankyi...
      meh tharidula ahankrayi thama... hbyi kello issrahadi arenna :D marakama nam ntiwa yanna ba kollek kiyanne hawek newe ne..

      Delete
  2. තේරෙන්නේ නැත්තේ එක දෙයයි.. ඇයි කෙල්ලොන්ට ඇත්ත ආදරේ නොතේරෙන්නේ ෆැන්ටසි යටම ඇදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ආදරේ කියන්නේ බලෙන් අයිති කර ගැනීම නෙවේනේ..

      Delete
  3. ඉතාමත් ලගන්නා සුලුයි. හැම නැවතුමක්ම තවත් ගැටලුවක්. පාඨක ආකර්ශනය දිනාගත හැකියි. ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාමේ.. :)

      Delete
  4. ඇවිත් කියවා ගියෙමි... :)

    ReplyDelete
    Replies
    1. sthuthiyi pamiyataa.. kamathinm hoda narka pennwa dennna mehi..

      Delete
    2. //kamathinm hoda narka pennwa dennna mehi..//

      අනිවාර්‍යයෙන්ම. කමෙන්ට් එකකින් වෙන්න ඕනත් ඒකනෙ. මං කලින් කෙටියෙන් කමෙන්ට් එකක් දාල ගියාට, කතාව කියවල රස වින්දා.. ඔහොම ලියාගෙන යමුකො අරුණි. :)

      Delete
  5. යකෝ කියවන්න දියංකො.. කියවන්න කලින් ඉවරයි රෙද්ද :/

    ReplyDelete