Wednesday, August 28, 2013

"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!"

       මං මට මතක ඇති කාලයේ පටන් පොත් කියවනවා, මගේ තාත්තා කියන්නේ මං මට අවුරුදු 4දීත් අපේ ගෙදර තියන තාත්තාගේ පුංචි පුස්තකාලයේ පොත් තේරුමක් දන්නේ නැති වුනත් මුල ඉදන් අගටම කියවනවලු. ඉතින් එදා මගේ තාත්තා මට පුරුදු කරපු පොත් කියවීමේ විතරක් නෙවේ පොත් වලට ආදරේ කිරීමේ පුරුද්ද නිසා අද මට මගේ ගෙදර පොත් 2000කට අධික ප්‍රමාණයකින් යුත් අපුරු පුස්තකාලයක් තියනවා. ඔබටත් එසේම වෙන්න ඇති.
         නමුත් ඔබ දන්නවද හැරී පොටර් , සින්ඩරෙල්ලා , වීර මද්දුම බණ්ඩාර ලගේ ලෝකේ ගැන අහලා තියන ඒ ලෝක වල සැරිසරන්න  ආසාවෙන් ඉන්න අහිංසක දු දරුවෝ රැසක් මේ පුංචි ලංකා තලයේ ඉන්නවා. ඔවුන්ගේ ලෝක වල කතන්දර පොතක් කියන්නේ හීනයක් හා සමානයි. අපි පොතක් වෙනුවෙන් වියදම් කරන මුදලම ඔවුන්ගේ ජිවිතයේ එක දවසක් ගත කරන්න වැය වන මුදල හා සමානයි. ඒ වගේම ඔවුන්ගේ පාසල් තුල පුස්තකාලයක් කියන්නේ තවක් එක කබඩ් එකක් පමණයි. එය තුලද ඇත්තේ පොත් 5ක් හෝ 6ක්. ලමුන් 300 පමණ අධ්‍යාපනය ලබන පාසලක පුස්තකාලයක් ලෙසින් පොත් 5,6 පමණක් ඇතැයි මා කිවහොත් ඔබ විශ්වාස නොකරාවි.නමුත් සත්‍යය එයයි.
         හිල් වුනු සපත්තු 2ක් දාගෙන පාන් බාගෙකින් පුංචි කෑල්ලක් කාලා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන විභාග පාස් කරලා පවුල ගොඩ ගන්න අතරම ඉස්කෝලේ වෙලවෙන් පස්සේ කුලී වැඩ කරලා දවසේ බඩ වේල හොයන්න උදවු කරන්න කිවුවොත් ඔබවත් මං වත් කීයටවත් ඔය එකක් වත් කරන්නේ නෑ. නමුත් ඔබ මම දකින ලෝකෙට ඔබ්බෙන් කටුක බව රජ කරන මා මේ කිවුවා හා සමාන ලෝකයක් තිබෙනවා ඒ ලෝකේ තමන්ගේ ජිවිත ගොඩ ගන්න වෙර දරන අහිංසක මල් කැකුළු රැසක් තාමත් පිපෙනවා.
       ඒ පුංචි මල් කැකුළු වලට හයියක් වෙන්න ඕනා නිසාමයි "පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" [DONATE A BOOK, LIGHT A FUTURE!] කියන තේමාව සහිතව , පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන "NEEDY READERS" සංසදය ආරම්භ කෙරුනේ. ඉතින් පෙරකී අවශ්‍යතා සහිත දරුවන් උදෙසා පොත් පත්, "ඇති", "හැකි" අයගෙන් එකතුකොට බෙදාදීමයි NEEDY READERS සංසදයේ අපි සිදු කරන්නේ. මෙතනදී "ඇති", "හැකි" කියලා සඳහන් වෙන්නේ , තමන් පාවිච්චි කරපු ,වරක් කියවපු , ඒත් තවදුරටත් ඒ පොත් භාවිතා නොකර තබාගෙන ඉන්න උදවියයි

         ඉතින් මේ දිනවල අපි අපේ ඊලග වැයම වෙනුවෙන් ඒ කියන්නේ තවත් පුංචි දරු දැරියෝ රැසකගේ ජිවිත අලෝකය  වෙනුවෙන් පොත් එකතු කරනවා ඉතින් ඔයාලටත් හිතෙනවා නම් , මේ අහිංසක දරුවන්ගේ , අනාගතයක්ම ආලෝක කරන්නට , සුළු වශයෙන් හරි ආධාරයක් , උපකාරයක් කරන්නට අවශ්‍යයි කියලා ; එන්න! අපත් එක්ක අත්වැල් බැදගන්න.. ඔබ පරිත්‍යාග කරන එක පොතක් , ජීවිත ගණනාවක් වෙනස් කරන්නට උදව්වක් වේවි!

     ඒ නිසා ඔයාලා ලග මේ අහිංසක දරුදැරියන් වෙනුවෙන් දිය හැකි පොත් තිබෙනවා නම් කරුණාකරලා මට හෝ අපේ NEEDY READERS කාණ්ඩයමේ අයෙකුට ඒ පිලිබදව දැනුම් දෙන්න.

                      "පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!"

                                                                                 - අරුණි කළුපහන -



   

12 comments:

  1. මම ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැරුව හිටියේ. අද තමයි හොයාගත්තේ.
    මේ වැඩේ නම් හොඳ වැඩක්. ජය ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) අපේ කර්තව්‍යට උදව් කරන්න :)

      Delete
  2. මං මේක ෆලෝ කරල නෑනෙ බොලේ :O

    ReplyDelete
  3. කියවීම අසම්පූර්ණ මිනිසා සම්පූර්ණ කරයි. හොඳ සමාජ කර්තව්‍යක්. සුබ පැතුම්.
    මමත් චූටි කාලේ ඉඳන් පොතට ආදරේ කරපු කෙනෙක් නිසා, පොතින් ලද හැකි දේ හා ඒ තුලින් දකින ලෝකය ගැන වැටහීමක් තියෙනවා..

    ජය වේවා...!!

    Bora Diyaka Induwara

    ReplyDelete
  4. හරිම සතුටක් නංගි වැදගත් සමාජ මෙහෙයක් එක්ක එක්කාසු වෙච්චි එක... :)

    ReplyDelete
    Replies
    1. මේ මගේ සමාජ මෙහෙයක් කරන්න මග පෙන්නපු එකට ස්තුතියි අයියේ.. ඔයා වගේ අයියා කෙනෙක් ඉන්න එක ගැන මටත් ආඩම්බරයි..

      Delete
  5. අරුණි, මට කියන්න මේකට සම්බන්ධ වෙන විදිය. මගේ ළඟත් තියෙනවා පුංචි කාලේ කියවපු පොත්. කැමති යි පොත් කියවන්න කැමති කෙනෙක්ට ඒවා ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ධාරා මට mail එකක් එවන්න.. aruni.kalupahana@gmail.com එවිට මට හැකි ඔබ ලග තියන පොත් ලබා ගත හැකි ක්‍රමයක් කතා කරන්න.. ස්තුතියි ධාරා :)

      Delete
    2. ඔන්න අරුණියෝ මමත් මේකට මගේ බ්ලොගේ පිටුවක් ඇරියා.. ලබන සතියේ මතක ඇතුව වරෙන් මේ පැත්තේ..

      Delete
    3. බොහොම ස්තුතියි අල්තයිර්.. උබ වගේ යාලුවෙක් ඉන්න එක හයියක් .. මේ සතියේ එන්න වෙන්නේ නෑ බන්... ලබන සතියේ අරයා ලංකාවට ආව ගමන් එනෝ.. අනිවා

      Delete