Tuesday, September 24, 2013

කෝපි - 03

         එක් වසන්තයක මම තරිඳු වෙත පෙම් බැන්දෙමි. අසීමිතව පෙම් කලෙමි. ඔහුට නොදන්වාම ඔහු මා සතු කර ගතිමි.

       ජීවිතය තුලින් නොව ආදරය තුලින් ඔහු විනිවිද දැක්කෙමි.

       අනාගතය ගැන සිතීමට වඩා වර්තමානය තුල,  ඔහු තුල ජිවත් වීමට ආසා කලෙමි.

        නමුත් කල් ගතවත්ම ඔහු වෙතින් ම සිතැගි පලා යන්නට වෙර දැරිය. එසේ වන්නට හේතු නම් ඔහු දිනෙන් දින පෙර  මා දුටු සොදුරු තරුණයා නොවිණි. සිත්තරෙකුගේ සියුම් සිතකට නොගැලපෙන තරම් ඔහු රළු අයෙක් විය.

        මෙතෙක් දවස් ඔහුට නොදන්වා මගේ සිතත් සමග ගනුදෙනු කරමින් ඔහු වෙත තිබුණු මගේ පළමු සෙනෙහසම මගේ හිත යට ගුලි කර ගනිමින් එක් තැන් වන්නට මම ඉටා ගතිමි.

        ඒ අතීතයයි. නමුත් වර්තමානයේ තරිඳු නැවතත් මා හොයා පැමිණ ඇති සේයාවකි. නමුත් මගේ පළමු සෙනෙහස වුනු අහිංසක සොදුරු සිතැත්තා ලෙසින් නොව නාහට නාහන හිතුවක්කරයෙකු විලසිනි. ඉතින් ද්‍යෛවය ඔහුට බාර දීමට මට සිදු වේ.

       ඇසි පිය යට හෙමිහිට මෝදු වන කදුලක් පෙර දැරි කරගෙන මම මගේ ජිවිත සටහන් ගොනු කරමි.

       පෙර දිනක මා පෙම් කල සොදුරු තරුණයාගේ සිතට මිස වෙනත් චරිතයකට පෙම් බදින්නට මම නොදන්නෙමි. නාහට නහන හිතුවක්කාරයෙකුට මම මගේ ආත්මය පාවා නොදෙන්නෙමි.

      ඉතින් තරිඳුගේ කුලවමිය ලෙසින් දිවි ගෙවනවාට වඩා මිය යාම මට සම්පතකි. නමුත් කැප්පෙටිපොල වලව්වේ එකම දෝනිට සමුගන්නට හේතු වූ කරුණ අම්මා, අප්පච්චි, මගේ එකම අයියා සිතුලට සේම කලක මා පෙම් බැදී දිනක මගේ සමුගැන්මට ද පාර කියන තරිඳු දෑල බණ්ඩාර ද දත යුතුය.

       එහෙයින් මා මෙය ලියා තබමි. ඒ තවත් එක නවකතාවක් ලෙස නොව අද දඩබ්බරයෙකු ලෙසින් නම් දැරි තරුණයෙකුට කලක මා කෙතරම් පෙම් කලේදැයි ඔහුටම දැන ගනු පිණිසය.

              .......................................................................................................        

                 " සිතුල ඉන්නවාද "

        නාදුනන කටහඩක් ඇසුණු හෙයින් මම පාඩම් කරමින් සිටි පොත ඉවත ලා හැරී බැලුවෙමි.

                " සිතුල සර් නම් එළියට ගිහින්..  "

    කවුන්ටරයේ හුන් විශ්ව පැවසුවේ උරහිස තෙක් කෙහෙරැලි වවා ඉන්දියානු තාලයේ කුර්තා ඇදුමකින් සැරසී වුන් තරුණයෙකුටයි. මුහුණ හරි හැටි නොපෙනුනද ඔහු තවත් එක් සිත්තරෙක් විය හැකි යයි මට සිතුණි.

               " දැන්ම ආපහු ඒවිද ?? නැත්තම් වෙලා යයිද ?? "

               " එක නම් හරියටම දන්නේ නැහැ සර්.. "

    තවමත් විසි ගණන් වල හිදින විශ්වගේ කටහඩ නාදුනන තරුණයාගේ ගොරහැඩි කටහඩ සමග සසදන විට විශ්වගේ ලාමක කටහඩ ඇසි මුවගට නැගුනු සිනාවත් සමගම මම මගේ ජිව විද්‍යා පොත දෙසට යොමු වුනෙමි.

             " ආ කමක් නැහැ.. මම ඉන්නම් සිතුල එනකම්.. " යයි කියූ නාදුනන සිත්තරා අනාරාධිතවම මා හුන් මේසයේ පසෙකින් වාඩි විය.

              " කැටයම් අහස - The Art Gallery " සිතුල අයියගේ ව්‍යාපාරයයි. සිත්තරුන් විසින් අදින විවිධාකාර සිතුවම් සේම ලංකාවේ අපුර්වත්වය කැටි වුනූ අපුරු ජායාරුප අලෙවිසලකි. නුවර ග්‍රීන් පාත් පෙදෙසේ පිහිටා තිබුණු "කැටයම් අහස " බොහෝ වෙලාවල් වල මගේ නවාතැනයි. හැම විටකම වැහි බර අහසකින් හා සිතල විහිදී යන පරිසරයක රැදුණු කැටයම් අහසට මම බොහෝ ආදරය කලෙමි.

             කැටයම් අහසෙහි එක් කොනක තබා තිබුණු රවුම් මේසයේ පුටු හතරකින් එකක වාඩි ගෙන ඉදිරිපස විදුරු බිත්තියෙන් එපිට පරිසරය, හෙමිහිට පොලව තෙමෙන වැහි බින්දු දෙස බලා සිටීම බොහෝ වෙලාවට මගේ කාර්යය විනි.

            " මේ හරියේ කොපි ෂොප් එකක් තියනවද ?? "

        කල්පනා ලෝකයක සැරිසරමින් වුන් මම තිගස්සුනෙමි.

   



6 comments:

  1. හරිම ලස්සනයි.. :)

    ReplyDelete
  2. Replies
    1. මම ආයෙ ආවා.. මේ උඩ ඉන්නෙ මේ කොටස විතරක් කියවපු සමියා..

      දැන් මෙතන ඉන්නෙ කලින් කොටස් කියොල ආපු සමියා..

      මම දැක්කා ලොකු අඩුපාඩුවක්.. මේ කතාවෙ භාශා ශෛලිය මේ තුන්වෙනි කොටසෙන් වෙනස් වෙලා තියනවා .. මම ආයෙ ආයෙ ඒ කොටස් වලට ගිහ්න් ඒකයි මේකයි කම්පෙයා කලා.. වෙන වෙනම ගත්තාම කිසිම අඩුපාඩුවක් නෑ අරුනි.. ඒත් බලන්න මේ පරිච්චේදයෙ දෙබස් අතර තියන ආත්ම කථන පවා ලියන භාශාවෙන් ලියවිලා තියෙන්නෙ.. කලින් කොටස් වල එහෙම නෑ..

      මේක තනිකතාවක් විදියට ගොනුවෙනකොට ඒක අඩුපාඩුවක් විදියට මට පේනවා.. වෙන වෙනම ගත්තාම ඒ අඩුපාඩුව නෑ

      Delete
    2. අතීතයයි වර්තමානයයි අතර දෝලනය වෙන කොට පොඩි වෙනසක් වෙනවා තමා..

      මන් උත්සාහ කරේ අතීතය පොතක සටහනක් ලෙසින් හා වර්තමානය මේ මොහොතේ වෙන දෙයක් විදයට දැම්මේ.. එත් මගේ උත්සාහයේ අඩු පාඩු තියෙන හැඩයි..

      කෙසේ නමුත් අඩුපාඩු පෙන්වා දීම ගැන ගොඩක් ස්තුතියි අය්යේ,, එය මට විශාල සහයෝගයක්..

      Delete