Thursday, November 21, 2013

කෝපි - 04

" මොකක්ද.. "

" මේ හරියේ කෝපි ෂොප් එකක් තියනවාද ?? "

" අහ් ඔව් අර එහා පැත්තේ පාරේ එකක් තියනවා.. එහෙම නැත්තම් අර අතන තියන කෝපි මැෂින් එකෙන් ගන්න පුළුවන් " කියා මම නැවත මගේ කාර්යයට සිත යොමු කලෙමි.

" මෙහෙ අය චිත්‍ර වලට අමතරව කෝපිත් විකුණනවාද ?? " ඔහුගෙන් තවත් විමසුමකි.

ඔහු කිනම් පුද්ගලයෙකුදැයි මට සිතා ගත නොහැක. ග්‍රීන් පාර්ත්හි බොහෝ විට පවතින අධික සීත කාලගුණය නිසාම සෑම වෙළද සලකම ඔවුන්ගේ විකුණුම් ද්‍රවයන්ට අමතරව කෝපි ද අලෙවි කරයි. හුරු පුරුද්දෙකු සේ කැටයම් අහසට ගොඩ වැදුණු ඔහු එය නොදන්නේ නම් එය පුදුමයක්ය.

" අර කෙනාගෙන් අහන්න.. " විශ්වව පෙන්නු මම කීවෙමි.

" අහ් ඕකේ.."

තැනින් තැන විසිරෙන්නට වෙර දැරූ සිත එක්තැන් කර මම නැවතත් ජිව විද්‍යා පොතට යොමු වීමි. හෝරා බාගයක් හෝරාවක් ඉක්ම යන්නට ඇත. අනිත් පරිච්චේදය කරා යොමු වෙන අදහසින් මම මගේ සිත මොහොතකට නෙත් ඉවතට ගතිමි.

 අනුමානය නිවැරදිය.සැබැවින්ම සිත්තරෙකි. ඇගිලි තුඩු වලින් දවටා ගත් පැන්සල් කොටයකින් ඔහු කඩදාසියක් මත කුමක්දෝ ගොනු කරයි.

චායාවකින් පෙනෙන පරිදි නම් සිතුවම මිනිස් රුවකි. බොහෝ විට ගැහැණියක ද විය හැකිය. දන්නා පරිදි බොහෝ සිත්තරුන් අතින් මිනිස් රූප ඇදීමේදී බොහෝ විට ඇදෙන්නේ ගැහැණු රුවක් ය. සිතුවම පැහැදිලිව දැක ගැනීමේ ආසාවක් සිත තුල නැගී ආවාද එකවරම කොහෙන්දෝ ප්‍රදුර්භුත වූ සිත්ත්රෙකුට දෙවෙනි වීම නොකළ යුත්තකි.

විටක මා සිතනවා වැඩිය. ඔහු සිතුල අයියා අයියාගේ ගැනුම් කරුවෙකු පමණක් විය හැකිය.කෝපි ගැන ප්‍රශ්නයක් ඇසුවට එයද වැඩිය සිතිය යුත්තක් නොවේ.මනුස්සකමට දැන ගැනීමට ඇසුවා විය හැකිය. කාලය කා දමනු වෙනුවට කුමක් හෝ අදිනවාද විය හැකිය.ඉතින් මා මෙය එතරම් ගණන් ගත යුතුද නොවේ.

නමුත් සිත විමසිලිමත්ය මේ කෑලෑ සිත්තරා අමුතුම අයෙකි. චර්යාන්ද අපුරුය. සාමාන්‍ය සමාජ දැනීම අන්තිමය.ඊටත් වඩා කෑලෑ සිත්තරෙකුට නොගැලපෙන තරම්ම ඔහු කඩවසම් ය. කෙහෙරැල්ලෙන් වැසි බිමට නැබුරු වුනු ඔහුගේ ගනකම් රැවුලෙන් වට වුනු මුහුණේද දෑස් වලද අපුරු පිරිමි කමකි. සිහින් දිගටි ඇස්  සිත්තරෙකුට නොගැලපෙන තරම් මනරම්ය.

කරුණු කරනා පැහැදිලිය. මෙතරම් අපුරු පෞර්ෂයක් ඉදිරියේ යෞවන පාසල් සිසුවියකගේ සිතක් මොහොතකටවත් නතර නොවුනොත් සැබැවින්ම පුදුමයද එයමයි.

චිත්‍රය දෙසම බලා එය සිත්තම් කරමින් හුන් ඔහු තනිවම සිනාසෙයි. හරියට සිත් කියවන්නෙකු මෙනි.

තවත් එතැන රැදෙන්නට ආඩම්බර සිත ඉඩ නොදුන් හෙයින් මම නැගී සිටියෙමි. මොහොතකට කලින් මල් වැස්සක්ව විසිරුණු හිරිපොද දැන් ධාරානිපත වර්ෂාවක් ලෙසින් ගිනි බෝල විහිදුවමින් ඇද හැලේ. සිතුල අයියාද වැස්ස තුරුල් වන තෙක් පැමිණෙන්නේ නැති සේයකි.

ගෙදර යාමට ඉතින් හොරාවක්වත් පමණ පමා වෙයි.

" අමා මිස්.. "

කැටයම් අහසට තනි රකින අනුත්තරා අපේ කැටයම් අහසේ නිර්මාණ ශිල්පිනියයි.

" ම්ම්ම්.. "

" සිතුල සර් එන්න රෑ වෙයි වගේ නම් අපි ඔඩර් කරපු චිත්‍ර ටික අසපුවෙන් ගන්න බැරි වෙයිද මිස්.. "

" හදිසි ඔඩර් එකක් ද අනුත්තරා.. "

" ඔව් මිස්.. අද රෑ ප්‍රේම් ටිකත් සෙට් කරලා හෙට හවස් වෙන්න කලින් යවන්න ඕනා මිස්..සිතුල සර් එනකම් ඉන්න ගියොත් අද ගන්න බැරි වෙන නිසා මම ත්‍රිවිල් එකක ගිහින් ඔය ටික අරන් එන්නම්ද මිස්.. "

" තනියම.. මේ වැස්සේ... "

" ඔව්.. ඒත් චිත්‍ර ටික කොහොම හරි ගන්න ඕනෙනේ මිස්.. "

" අපෝ තනියම නම් යන්න එපා.. මාත් එන්නම් යමු... "

" ඒත් මිස් , ත්‍රිවිල් එක්ක මේ වෙලේ ගියා කියලා වලව්වෙන් දැන ගත්තොත්.. "

" දැන ගන්න එකක් නෑ අනුත්තරා , අනික අයියා වුනත් කියන එකක් නෑ.. අනික වැරදි ගමනක් නෙවේනේ යන්නේ ?? "

" අනුත්තරා painting එකක්... "

විශ්ව රෝල් කරන ලද කැන්වස් එකක් අතැතිවය.

කෑලෑ සිත්තරා සිතුවම නිම කර ඇති සෙයකි.  අනුත්තරා ඔහු සමග බෝඩ් වර්ග පෙන්වමින් කතා බහකය.. පෙනෙන හැඩයට නම් ඔහු චිත්‍රය බෝඩයක් මත රදවා රාමු කරන්නට ද සැරසේ.

මොහු තනිව සිතුවම් අලෙවි සලක් දැමුවේ නම් දවසකට හොද ගණනක් හොයා ගැනීමට හැකිව ඇත.

අඩුම තරමින් එවිට ඔහුගේ කෑලෑ ගතියෙන් මිදිමටවත් ඔහුට මුදලක් හොයා ගත හැකිව තිබිණි.

" හොදයි.. උඩට යවන්න.. "

චිත්‍ර සියල්ලන්ගේම අවසන් නිමාවන් සියල්ල සිදු කරනුයේ උදුමහලේහිය. එයට වෙනම පිරිසක් සිටි. ඉතින් විශ්ව කැන්වසයද රැගෙන උඩු මහලට නැගෙන අතරේ අනුත්තරා අමුත්තා සමග තවත් කතා බහකය. සිනාවෙන් දොඩමලු වන රටාව අනුව නම් කෑලෑ සිත්තරා අනුත්තරාගේ මිතුරෙක් වගේය.

නාදුනන ලෙසින් ආවට මොකද ඔහුත් පුරුදු කාරයෙකු ලෙසින් හැසිරෙන්නේ මන්දැයි දන්නේ ඔහුම පමණි. මොනවා වුනත් කෑලෑ සිත්තරා ඕනාවට වැඩිය.

මම නැවත මගේ පාඩම් පොත් රැදුණු විදුරු මේසය කරා පිය නැගුවෙමි.

කලින් නොතිබුණු පොතක් පෙරලා තිබුණු ජිව විද්‍යා පොත මතය..

පොත නම් ' ශිව කාණ්ඩව ස්තෝත්‍රය ' ය. මම  හෙමිහිට පිටු පෙරලුවෙමි.

" තරිඳු කෘෂ්ණ ඉදුවර දෑල බණ්ඩාර ( කෘෂ්ණ ) "

එසේ නම් කෑලෑ සිත්තරා කෘෂ්ණ  ය.

12 comments:

  1. ලස්සණ යි, අරුණියෝ. ඇති යන්නං උඹ මේක දැම්මා. උඹට බ්ලොග් එක මතක් වෙන්න හොඳ දෙහි ගෙඩියක් කපන්න ම ඕනේ නේද? ඕනේ නං අද ඉඳලා සතියක් දෙන්න උඹ‍ට ඊළඟ කොටස දාන්න. ඊට වඩා බැහැ. ඔන්න නොකිව්වා කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. උබේ ඊයේ බැනිල්ලෙන් බේරෙන්න තමා මේක දැම්මේ.. :) බලමු බලමු.. සතියකින් බැරි උනොත් 2කින්..

      ස්තුතියි ධාරෝ :)

      Delete
  2. අර කිව්වත් වගේ .. පරක්කුයි බං.. මේම උනාම කතාව අමතක වෙනවා .. මං වගේ ඉක්කන්ට ඉක්කන්ට දාගෙන දාගෙන පලයං :D

    ReplyDelete
    Replies
    1. මං අනිත් ටික කියෝල එන්නම් ඈ ...

      Delete
    2. ඉක්කන්ට ඉක්කන්ට දාන්න මං ලියන්න එපාය බන්.. කියෝන එක තරම් ලියන එක ලේසි නැනේ . :D

      වැඩකුත් නැති එකේ අනිත් ටිකත් කියවලෑ අඩු පාඩු කියහන් :P

      Delete
    3. //මං වගේ ඉක්කන්ට ඉක්කන්ට දාගෙන දාගෙන පලයං// අනේ සමියෝ කිව්ව යි කියලා හිතා ගනිං මම!

      Delete
    4. ඕකම තමා මාත් මේ සමියට කියන්න ගිහින් නිකන් උන්නේ :D

      Delete
    5. අනික් ටික කියෝලා ආවා :)

      ම්ම් මේ යන්නෙ එහෙනම් අතිත කතාව ... අපි බලමු

      Delete
  3. කියවන්න ගත්තේ නම් අද ඉදන්... කතාව වගේම ලියන විදියට හිත ගියා.. ගොඩක් පරක්කු නොකර කොටස් දාන්න කියවන්න අපිත් එනවා ඉඩ ලැබුණු ගමන්...

    ReplyDelete
    Replies
    1. හරි.. :) සාදරෙන් පිලිගන්නවා..

      Delete
  4. ප්‍රොෆයිල් පින්තූරේ දැක්කට පස්සේ හිතුනේ සොඳුරු සිත බ්ලොග් එක ලියන කෙනා වෙන බ්ලොග් එකකුත් පටං අරන්ය කියලා. බැලින්නං මේ වෙන කෙනෙක්නේ...

    දිගටම එන්නම් මොනරි !

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා.. :)

      Delete