Saturday, November 16, 2013

[මගේ සිහින පාසැල|MY DREAM SCHOOL] පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමා වුණු වගයි.

 ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම් නම් විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි. 


   අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන් එගොඩ වීමට පාර කියා දෙන්න පුළුවනි. ඉතින් අපි ඒ නිසාම පුංචි අහිංසක මල් කැකුළු හොයා අනුරාධපුර, මහකනදරා වැව , යාය 1 විදුහලට ගියෙමු . 

                          

    නුතන ලෝකයෙන් අංශු මාත්‍රයක්වත් නොයිදුල් වුනු අපුරු ගම්මානයක අහිංසක ලපටි සිනා අහුරක් මැද්දෙන් සමාජ සංවර්දනය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) හි අප අපගේ ව්‍යාපෘතියක් වන “ මගේ  සිහින පාසැල “ පළමු ව්‍යාපෘතිය 2013 නොවැම්බර් 08 වන දින එසේ ආරම්භ කළෙමු. 

  නොයෙක් විද කම්කටොළු රැසක් මැදින් ලෝකයේ පිපෙන්නට වෙර දරන මෙම පුංචි දරුවන්ට අග හිග කම් බොහොමයි. නමුත් ඒ හැම බාදකයක්ම අභියෝගයක් ලෙසින් බාර ගනිමින් මේ දරුවන් ජීවිතය ජය ගන්නට  දරනා වැයම නම් අපුර්වයි. ඒ වගේම ඔවුන් අපුරු සැගවුණු දක්ෂතා රැසකින් පිරිපුන් දරුවන් පිරිසකි. 




                                                    

මහකනදරා වැව, යාය 1  විදුහලේ දරුවන් සමග එක්ව ඔවුන්ගේ ජීවිතය බෙදා ගනිමින් , ඔවුන්ට සවියක් වෙමින් , එදින ඔවුන්ගේ පාසලේදී අප ඔවුනට පාසල් පොත් පත් , ලිපි ද්‍රුවය සේම ක්‍රීඩා උපකරණ , විද්‍යාගාර උපකරණ රැසක් අපගේ  දෑතින් ඔවුන්ට දායාද කරමින් අප අපගේ ව්‍යාපෘතිය අති සාර්ථකව පැවත්වීමු. එසේම ඔවුන්ගේ පාසලට අත්‍යවශ්‍යව තිබුණු අත් පන්දු පිටිය හා ක්‍රිකට් ක්‍රීඩා පිටිය සේම අවශ්‍ය ක්‍රීඩා උපකරණ ද සපයා දී  එදින ඔවුන් සමග ආරම්භක තරගයක් ද පවත්වා ඔවුන් සමග අප ද අත්වැල් බැද ගත්තෙමු. 

                                      


                                           වොලිබෝල් පිටිය විව්ර්ත කිරීම 

           මේ සියලු කාර්යයන් අපිට මේ සා සාර්ථක කර ගනිමින් මෙවන් අපුරු මෙහෙවරක් කිරීමට අප ව්‍යාපෘතිය හා අත්වැල් බදිමින් අප හා රැදුණු දෙස් විදෙස් මිතුරියන් සියලු දෙනෙක්මද ස්ලෝවැකියානු ජාතික ජුලියා සේම ඇගේ මිතුරු මිතුරියන් සියලු දෙනෙක්ම ද අපි අපගේ සාර්ථකත්වයේ හිද ස්තුතිපුර්වකව සිහිපත් කරන්නෙමු.

   හෙට දිනයේ තවත් මෙවන් පුංචි මල් කැකුළු රැසකට පාර කියා දෙන්නට අපි අයෙත් සුදානම් වෙමින් සිටිමු. ඉතින් අප ලෙසින්ම මෙවැනි මල් පොහොට්ටු රැසකට ලෝකයට යන පාර කියා දෙමින් හෙට ලෝකය සමග අත්වැල් බැද ගන්නා ලෙසට අප ඔබට ද ඇරයුම් කරමු.

    වැඩි විස්තර දැන  ගැනීම සදහා පිවිසෙන්න..  
http://www.imcds.org සමාජ සංවර්දනය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) එමෙන්ම ඔබත් මේ කර්තව්‍ය හා දායක වෙන්න කැමති අයෙක් නම් IMCD කාර්ය මණ්ඩලයේ සභාපති උපුල් චමීර සේනානායක  - ( 077)2517512 හෝ කළමනකරු - මෙහෙයුම කටයුතු අමිල අමරසිංහ - (071)6304502 අමතන්න.
                                                   
                                                සිහින සැබැවි දිව යන ඔහු

- අරුණි කළුපහන -

 - සමාජ සංවර්දනය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) -
  මගේ සිහින පාසැල ව්‍යාපෘතිය (
My Dream School Project )  

4 comments:

  1. හරිම උතුම් වැඩක්! තව තවත් මෙවැනි දෑ ඔවුන් වෙනුවෙන් කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය පතනව හදවතින්ම ! ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුදි අය්යේ :)

      Delete
  2. මෙන්න මේවට නම් ඉතින් හිස නමා ආචාරය.....

    කණ්නාඩි දාල පොඩි එකාට පොත් දෙන්නෙ උඹද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :)

      පිස්සුද බන්.. මේකේ කන්නාඩි දාලා පොඩි එකෙක්ට පොත් දෙන්නේ කොල්ලෙක් නේ.. මන් කෙල්ලෙක්.. :D මන් තමා මේ ආර්ටිකල් එක ලිවුවේ.. :D මං ඉන්න 4තො දැම්මේ නෑ..

      Delete