Wednesday, December 4, 2013

කෝපි - 05

" තරිදු කෘෂ්ණ ඉදුවර දෑල බණ්ඩාර "

පෙනුම සේම නමද මනරම් ය. දෑල බණ්ඩාර නම් උඩරැටියෙකු විය යුතුය. එහෙනම් හෙලයෙකි. ඉන්දියානුවෙකු ද නොවේ.

ඔහු සේම නම ද  අපුරුය. නමුත් අමුතුය..

" ඔව් සර්.. ආයේ යන්න ඕනේ නැහැ.. අසපුවේ චිත්‍ර ටික කෘෂ්ණ සර් ගේනවා කිවුවා.. "

" අම්මට සිරි.. කෘෂ්ණ ආවාද ?? කොයි වෙලෙද අනුත්තරා ??  "

" දැන් ගොඩක් වෙලා ඉදන් ඇවිත්, සර් එනකම් උන්නා.. "

යන්තම් සිතුල අයියා ආපහු ඇවිත් ය. අනුත්තරා සමග සිතුල අයියා කතා බහකය. කෘෂ්ණ පෙනෙන්නට නැත. සිත මොහොතකට හැකිලිණි..

" අහ් එහෙම නම් තව ටිකකින් ඒවි. ඊට කලින් රෑ වෙන්න ඉස්සර වෙලා නංගිව වලව්වට දාලා එන්නම් අනුත්තරා..  එතකම් මං දැන් ගෙනාපු painting ටිකත් බලන්න.. "

එසේ නම් අනුමානය හරිය. ඔහු සිතුල අයියාගේ මිතුරෙකි.මම නොදන්නවා වුනාට කැටයම් අහසම ඔහුව දන්නා හැඩකි.

පොත් බැගය ගන්නට නිහඩව උඩුමහලට යන අතරේ මම අග මුල් එක් කරන්නට වෙර දැරීමි. බැගය තබා තිබුණු මේසය මත මොහොතකට කලින් විශ්ව ගෙනෙවිත් තිබු කෘෂ්ණ ගේ සිතුවම සේවකයන් රාමු කිරීමට කාඩ්බෝඩය මත තබමින් සිටින අතරේ මම බෑගය ද රැගෙන ආපසු හැරුනෙමි.

" පුංචි කුමාරිහාමි , හරිම ලස්සනට චිත්‍රයක් අන්දගෙන තියෙන්නේ.. නිලමේ චිත්‍රය දැක්කා නම් හරිම ආසාවෙන් අරගෙන යයි. ඇරපු අතක් නෑ.. පුංචි කුමාරිහාමි මැයි..  "

නිලමේ කියන්නේ අප්පච්චිටය.. පුංචි කුමාරිහාමි නම් මමය.. නමුත් මා කවුරුත් ලවා චිත්‍රයක් ඈන්දුවේ නම් නැත.තිලකරත්න කුමක් ගැන ද කියනුයේ නොත්රේ.

" මොන චිත්‍රය ද තිලකරත්න අන්කල්. "

" ඇයි පුංචි කුමාරිහාමි , දැන් ටිකකට කලින් විශ්ව ගෙනත් දීලා ගිය චිත්‍රය.. "

මම කිසිත් නොකියාම පෙන්වූ චිත්‍රය දෙසට එබී බැලුවෙමි.

ඇදහිය නොහැක්කකි. උඩරට ඔසරියකින් සැරසී නෙළුම් මල් මිටක් දෝතින් රැගෙන මද සිනාවකින් යුතුව ඉදිරිය බලා සිටින යුවතියකගේ උඩුකය සිතුවමකි. සිතුවම අපුරු නමුදු ගැටළුව එහි සිටින්නේ මාය.

 එසේ නම් එයය.. මෙතෙක් වෙලා එහෙන් මෙහෙන් නෙත් කොනින් විමසිලිමත් බැල්මෙන් සිනා සුන සේවකයන්ගේ නිහඩ සිනාවට හේතුව..

පහලින් තරිඳු කෘෂ්ණ ඉදුවර දෑල බණ්ඩාර නම් අත්සන් කර දිනය යොදා ඇත්තේ සිත්තරා ය.

දිනය ද අදය.. වෙලාව ත් එයමය.

අඩි 4 ක් පමණ දිගකින් යුතුව පැන්සල් තුඩගින් ජීවමානව සිතුවම් කර අපුරුවට වර්ණ ගන්නවා ය. ජායාරුපයකටත් වඩා එය සජිවිය.

නමුත් අලංකරණයට බිත්තියේ රදවන්නට තරම් සොදුරු , අපුරු සිතුවමකට මින් පෙර කෙදිනකවත් නුදුටු මා වැන්නියක පළමු හමුවෙන්ම යෙදීම සැබවින්ම ඔහුගේ නැහැදිච්ච කමය. නැතහොත් සල්ලාල කමය.

කාටත් කිසිත් නොකියාම මම සිතුල අයියා සමග කැටයම් අහසින් එලියට පැමිණියෙමි.

එවිටම  කැටයම් අහසේ රථ ගාල අසලින් නැවතුනු කළු පැහැති නවීන පන්නයේ ජගුවර් වර්ගයේ කාරයෙන් එළියට බටයේ වෙන කව්රුවත් නොව කෘෂ්ණ ය.

සල්ලාල සිත්තරෙකු සමග ඇයි හොදයියක් නම් අවශ්‍ය ම නොවෙන හෙයින් මම නිහඩව ම ගොසින් සිතුල අයියාගේ රියට නැගුනෙමි..



34 comments:

  1. අදමයි මේ පැත්තට ආවේ ..... සුබ

    ReplyDelete
    Replies
    1. සුබ සහ යස ද :p

      සාදරෙන් පිලිගන්නවා/// :)

      Delete
  2. මේක කියෙව්හම ඉතුරු කොටස් ටිකත් බලන්න හිතුනා
    ඒ තරම් අපුරුයි..
    වෙලාවක් ලැබුන ගමන් ඉතිරි කොටස් අනිවාර්යෙන් බලනවා
    ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දසුන් අය්යේ..

      Delete
  3. ඔන්න මම නම් මේ පැත්තට ආවේ මුල් පාර,ලස්සනට ලියලා තියෙනවා ඉස්සරහටත් ඇවිත් යන්නම්කො අලුතින් එන පොස්ට් කියවන්න :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. :) සාදරෙන් පිලි ගන්නවා

      Delete
  4. කියන්නට දේවල් දහසක් ඇති මුත් නුඹ පෙර දා පැවසූ වදන් තවමත් සිත තුළ පෙරළි කරන බැවින් කිසිත් නොකියා යන්නට යමි . . .

    හිතේ ඇති මම ගියා කියලා. කියන්න තියෙන ඒවා මෙතන කිව්වොත් බ්ලොග් එක නාස්ති වෙන නිසා කියන්නේ නෑ. අවසන් නිවේදනය : කෝපි 6 ප්‍රකාශයට පත් කිරීම සඳහා අවසන් දිනය 2013 දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා :) දැම්මේ නැත්තං බලා ගමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්.. :o එච්චර ඉක්මනට.. හාකෝ

      අර කාරණාව නම් ane මන්ද බන්.. 50% ගානේ දෙපැත්තට වැනෙනවා

      Delete
    2. ධාරා දන්නෙ ඇවිල්ල සද්දෙ දාල යන්න තමයි.. හික්ක්ස්...

      Delete
    3. ධාරා නැත්තම් මේ කතාව මෙච්චර දුර කීයටවත් ලියවෙන්නේ නෑ.. :D

      Delete
  5. මාත් අදයි මේ පැත්තෙ ආවෙ. අනිත් කොටස් ටිකත් කියවලාම මේකත් කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. :) සාදරෙන් පිලි ගන්නවා

      Delete
  6. මාත් අදයි මේ පැත්තෙ ආවෙ. අනිත් කොටස් ටිකත් කියවලාම මේකත් කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. :) සාදරෙන් පිලි ගන්නවා

      Delete
  7. කෘෂ්ණ.... ලස්සන නමක්... මට මතක් වෙන්නෙම භෞතික විද්‍යා පාඩමේදි කෘෂ්ණ වස්තු ගැන..

    තම පෘශ්ඨය මතට වැටෙන සියළුම කිරණ පූර්ණ වශයෙන් උරා ගන්නා හෝ පූර්ඹ වශයෙන් පරාවර්තනය කරන්නාවූ වස්තූන් කෘෂ්ණ වස්තූන් වේ.. (මතක විදිහට ඔහොමයි නිර්වචනය තිබ්බේ..හිහ් )

    කතාවේ මුල් ටික කියවලා නැති නිසා අග මුල ලිහා ගන්ඩ බැරි උනා.. ඉතුරු ටිකත් කියවලාම එන්නම්... :)

    ReplyDelete
    Replies
    1. මුල ඉදන්ම කියවලා හොද නරක කියනකො..

      කෘෂණ කියන නම මම පෞද්ගලික ව ආස කරන නමක්..

      අම්මේ... භෞතික විද්‍යාව නම් මතක් කරන්න එපා.. result එන්න ලගයි :(

      Delete
  8. ලස්සන කතාව...... දිගටම ලියන්න......

    ReplyDelete
  9. මුකුත් කියන්න විදියක් නෑ.. සම්පූර්ණ කතාව නොදන්න නිසා, වෙලාව ලැබෙන විදියට කියවන්නම්....
    මං නම් සිත්තරුන්ට කැමති නෑ :(

    ReplyDelete
    Replies
    1. එහෙනම් මුල ඉදන් අගටම කියවලා හොද නරක කියන්නකෝ :)

      මාත් අනිත් සිත්තරුන්ට නම් කැමති නෑ.. එත් කෘෂ්ණ ට නම් ආදරෙයි..

      Delete
  10. ෆේස් බුක් එකේ ලින්ක් දැක්කට අද තමා කොටස් ටික කියව්වේ. :) මරු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) ඒ වගේ බ්ලෝග් එකට සාදරෙන් පිලිගන්නවා.. ආවට ස්තුතියි :)

      Delete
  11. ඔන්න අපිත් මේ පැත්තට ගොඩවැදුනා.. හරිම ලස්සනට ලියලා තියෙනවා ... දිගටම එන්නම්කෝ කියවන්න ..

    ReplyDelete
  12. ආවයි කියල යන්න ඔන්න කමෙන්ට් එකක්.. අයෙ එනවා හොදේ.. ටික දවසක් දෙන්න

    ReplyDelete
    Replies
    1. හරි මුදියා අය්යේ :) ස්තුතියි ආවට :)

      Delete
    2. හ්ම්ම්ම් .. ඔන්න දැන් ඉදං මමත් කියන්නෙ ලිව්වෙ නැත්නං මරනවා කියල තමයි :D

      පරන ඒව බලන්න.. තුන්වෙනි කතාවෙ මම දෙයක් කියල ඇති .. ඒ ගැන කතා කරන්න එන්න ගෲප් චැට් එකට..

      හරිම ලස්සනට යනවා :)

      Delete
    3. ස්තුතියි :D

      group චැට් එකේ msg එකට රිප්ලයි කරනවා :p

      Delete
  13. ලස්සන කතාවක්... බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා තිබ්බෙ නැති නිසා අලුත් කොටස් ටික අදයි කියෙව්වේ.. ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලියන්න..

    ReplyDelete
  14. අදයි ආවේ මේ පැත්තට පොඩ්ඩක් ඉන්න මුල ඉඳන්ම කෝපි බීගෙන එනකං

    ReplyDelete
    Replies
    1. :) එහෙනම් මුල ඉදන්ම බීගෙන එන්නකෝ..

      Delete