Friday, December 13, 2013

කෝපි - 06

මුළු සෙන්කඩගල අහසම අදුරු වීය. පරිසරයද  මුළුමනින්ම නිහඩ ව ගොසිනි. වෙනදාට කිච් බිචි ගාමින් නිවෙස් සොයා යන කුරුළු සමුහයා ද අද හැලහොල්මනක් නැත.

ගහක් ගලක් සේ කොයිම විටකවත් නොසැලුණු අම්මාද අද පරල වී ඇති සේය. පුංචි කාලයේ පටන් නියපටකින්වත් පාරක් නොගසා හැදු කැප්පෙටිපොල වලව්වේ එකම දෝණි ව අද කොහෙන්දෝ පැමිණි පිටස්තරයෙකු රිදවා ගොසිනි.

කම්මුල් පහරින් රිදුනේ වත පමණක් නොව සිතද ඔත්පලව ගොසිනි.

මෙතෙක් අසීරුවෙන් දෑස තුලම රදවා හුන් කදුළු බිදු දෑසට ම දැරිය නොහැකි නිසාවෙන් දෝ  රිදුම් දෙන්නට පටන් ගෙනය. රිදුණු සිත මොහොතකට එකතැන් කර ගෙන මම නිවස තුලට යාමට නැගී සිටියෙමි.

තරිදුත් රැගෙන ඔහුගේ පිරිවර නික්ම ගිහින්ම හෝරා හතරකට වැඩි වුන ද කැප්පෙටිපොල වලව්ව තවමත් අදුරේ ය. සැවොම සිටි ලෙසින්ම තවමත් තැන් තැන් වලය. විටින් විටින් නිහඩතාවය බිද දැමුවේ සිතුල අයියාගේ පුංචි දියණිය පමණි.

අප්පච්චිද ඊට මොහොතකට පසු ගියා ගියාමය. රෑ බෝ වීගෙන ආවාත් තාමත් නැතිය. අම්මාත් එකදු විදුලි පහනක දු නො දැල්වූ වලව්වේ කොනකට වී ඈත හිස් අවකාශය දෙස බලා හුල්ලයි.

අන් කිසිවෙකු නොදන්නා හැම දෙයක්ම දත් සිතුල අයියාද අද නිහඩය.

" ලොකු මැණිකේ.. " නිහඩතාවය බිද දැමුවේ ඩිංගිරි අම්මාය. කැප්පෙටිපොල වලව්වේ කුස්සි අම්මා වුනි ද ඇය කැප්පෙටිපොල වලව්වටත් එහි නිවැසියන් ටත් පුදුමාකාර ආදරයක් දැක්විය.

" ඩිංගිරි.. "

" කෑම ටික හීල් වෙනවා මයේ ලොකු මැණිකේ.. දැන්වත් කාලා හිටියා නම් , වරු දෙකම නොකා කොහොමද?? අර හයක් හතරක්  නොතේරෙන පුංචි මැණිකෙත් බඩගින්නේ නොවැ.. "

" අපි එන්නම් ඩිංගිරි.. පුංචි මැණිකේ ව එක්කාන ගොහින් කන්ට දෙන්ට.. "

දහවල් වේලට තියා එකදු වේලක ආහාර නොගත් නිසා සිතුල අයියාගේ පුංචි දියණිය තවමත් කුසගින්නෙනි. කුසගින්නටත් වඩා මා වෙනුවෙන් නැගුනු වේදනාවෙන් ඔවුන්ගේ සිත් පෙලෙන බැව් මම දනිමි. නමුත් සිදු වූ අවනම්බුව කෙසේ වුව ද මා සිදු කිරීමට අකැමැත්තෙන් වුන් විවාහයක් ගැන තවත් දුක් වීමෙන් පලක් නැත.

ඒ නමුත් සිත කෙතරම් ඉකි ගසා හැඩුවද මේ මොහොතේ මා සිත දැඩි කර ගත යුතුය. නොහැකි වුවද එසේ නොවේ යැයි කියා අම්මාවත් අප්පච්චිවත් තවත් රිදවිය නොහැකිය.

" ටිකක් ඉන්න ඩිංගිරි අම්මා.. "

අම්මාගේ කීමට සිතුල අයියාගේ පුංචි දියණියද  රැගෙන යන්නට සැරසුණු  ඩිංගිරි මගේ හඩින් නතර විණි.

" යමු.. කෑම මේසෙට අරින්න මාත් එනවා. අපි ඔක්කොමලා දැන් කන්න එනවා ඩිංගිරි අම්මා.. "

" දෝණි.. "

" ඔව් අම්මා.. පුදුම වෙන්ට කාරී නෑ.. තවත් අපි දුක් වෙන්නවත් මේ ගැන හිතන්නවත් ඕනේ නෑ.. කොහොමත් එයාලගේ වුවමනාවෙන් මිසක් අපේ වුවමනාවෙන් කරන්න ගිය කසාදයක් නෙවේ නේ.. "

" උඹේ හිත මටත් වඩා හයියයි මයේ පුතේ.. උඹ ඇත්තටම කැප්පෙටිපොල කුමාරිහාමි මැයි..  "

ඒ අප්පච්චිය.. සැබැවින්ම ඒ කට හැඩ අප්පච්චි ගේය. . මටත් නොදැනීම ඔහු වලව්වට ඇවිත්ය.

 .................................................................................................................................................

ඉතින් , දින සති ලෙසින්ද සති මාස ලෙසට ද දවස් ගෙවී ගියේය. තරිදු ගැන තැනින් තැන කියවුණු ආරංචි වලින් තේරුනේ නැවතත් ඔහු රටින් පිට ව ගොස්ව ඇති බවයි.

වලව්වේ රහස්  වලව්වට යැයි කීවද නුවර වැසියෝ අතර කතා බහට නැඹුරු  වුණු දෑ අතරේ තරිදුත් මාත් අතරේ සිදු වන්නට ගොස් නතර වුනු විවාහය ගැනද නොතිබුනා නොවේ.

නමුත් නුවර වැසියන් තියා කැප්පෙටිපොල වලව්වේ නිලමේ වත් සේනක දෑල බණ්ඩාර වත් නොදන්නා යට ගිය රහසක් තරිදු කෘෂ්ණ ඉදුවර දෑල බණ්ඩාර ත් අමා ශාක්‍යා කැප්පෙටිපොලත් අතර තිබු බැව් දන්නේ ද දළදා හාමුදුරුවන් ම පමණක් විය හැකිය.

35 comments:

  1. අහ්හ් මේ දාලා තියෙන්නේ ඉතුරු කෑල්ලත්..ධරණී දැක්කාම සතුටු වෙයි ඔයාට වද දෙන්න කලින් ම කෝපි 6 දාලා තියෙන නිසා.ලස්සනට ලියලා තියෙනවා... :)

    ReplyDelete
    Replies
    1. සතුටු නැද්ද? පන්ති ඉවර වෙලා ආපු ගමන් දුවගෙන ආවේ මේක කියවන්න.

      Delete
    2. @ලහිරු : ධාරා ගෙ වදෙන් බේරෙන්න තමා ලිව්වේ :D නැත්තම් කනක් ඇහිලා ඉන්න යෑ..

      ( ප.ලි. : ප්‍රශ්නයක් තියෙනෝ.. කොහොමද බන් මේ කෙල්ලත් එක්ක කනක් ඇහිලා ඉන්නේ.. )

      Delete
    3. @ධාරා : අම්මපා :o එච්චරම ආසා ද මේ කතාව ට :D ස්තුතියි ස්තුතියි (ෆිලින්ග් කෝටියක් හැපී )

      Delete
    4. නෑ යකෝ මාව කසන නිසා කියවන්නේ :( බූරුවා! ළහිරුගෙන් අහපු ප්‍රශ්න මේසේජ් එකක් මගින් ඔහු වෙත යොමු කළ බව කරුණාවෙන් සලකන්න.

      Delete
    5. :D අඩේ කහනවා කියන එක බයානක රෝගී තත්වයක්.. මේකේ කොටස් 50ක් විතර තිබුනොත් උබට අවසානෙට මොනා වෙයිද මන්ද :D

      අය්යෝ ලහිරු :p

      Delete
    6. කසනවා නම් භයානක ලෙඩේ සෑදී ඇත්තේ කොයි ඉසව්වේද?

      Delete
    7. දැන් තමා මෙතන කාලගෝට්ටිය දැක්කේ.. ආයේ මොනවා අහනවා ද පුළුවන් කැලි 2 ක පිහිට තමා ලග ඉද්දි නම් :P

      Delete
    8. :D ලොල් :v @නලින් මාමා

      :o කෑලි 2ක් කිව්වේ @ලහිරු

      Delete
    9. කන් දෙකටම එපයි. :)

      Delete
    10. :D කෑලි 2ක් මදි වෙයි ද මන්දා මේ කටේ හැටියට.. රෝලක්ම ගහා ගන්න වෙයි :p @ලහිරු

      Delete
  2. අගෙයි.. අගෙයි. හොද වචන භාවිතාවක් තියෙනවා. එක අවුලක්. අපි පරල වෙලා කියන්නේ තදින් කෝප වෙලා කෑගහන ස්වභාවයකට නේද? නැතිව කඩා වැටිචිචි වෙලාවක් ඉන්න නිද්‍රාශිලි විදියට නෙමෙයි. මම හිතන්නේ එහෙමයි.. කතාව අගෙයි...

    ReplyDelete
    Replies
    1. පරල වෙලා කියන්නේ මලක් පර වුණා කියන්න අරුතෙන් කැඩිලා ආපු යෙදුමක්. ඒකේ අදහස මැලවිලා එහෙම නැත්තං උන්නදුවක් නෑ කියන එක! දේශකයා ඉන්න දිහාවේ භාෂාව වෙනස් මට පේන්නේ.

      Delete
    2. දේශකයා : ස්තුතියි :)

      මන් දන්නා විදියට නම් උනන්දුවක් නෑ කියන වගේ තේරුමක් එන්නේ.. හරියටම දන්නේ නෑ.. මටත් හිතෙන්නේ ධාරා කියන තේරුම ම තමා.. එත් එයට වෙනත් එක්කද කියලා නම් දන්නේ නෑ..දැන ගත හොත් මටත් කියන්න :)

      Delete
    3. දේශකයෝ මේ වදන හරි නේ ඔබ කියන වදන නම් ආවේශ වෙලා යන්නයි

      Delete
    4. @nalen mama : හරි උත්තරේ කෝකද ?? දේශකයා කියන එකද ධාරා කියන එකද

      Delete
    5. කපු මහත්තයා පරල උනා = කපු මහත්තයා ආවේශ උනා

      Delete
    6. එතකොට මං දාලා තියෙන යෙදුම ගැලපේ ද >> @සමි

      Delete
    7. ප්‍රලය යනු මායමයි මායම් වෙනවා යන අරුත ගෙන දේ. එහෙත් පරල වෙලා යුනු ඇල්මැරුණු යන අරුතද ගෙන දේ.

      @ විශේෂ ස්තුතිය නලීන් මාමට :) ඒ පිලිබදව පහදා දීම ගැන

      නොදන්නා අයට දැන ගැනීම සදහා මෙහි යොදමි..

      Delete
    8. පරල වීම කියා ගුගල් කර බලන්න.. ඔබ කියන අදහසට පටහැනියි ඒකේ තේරුම....

      Delete
  3. එක දිගට කියවගෙන ගියා.. හරිම ලස්සනට ලියලා තියෙනවා ...

    ReplyDelete
  4. ඇති යන්නං උඹ මේක දැම්මා! කියන්න ඕනේ දේවල් මූණුපොතෙන් කියන්නං :) ඊළඟ කොටසට "දෙසැම්බර්" 21ට කලින් දාපිය! ‍හොඳින් කිව්වේ මම.

    ReplyDelete
    Replies
    1. 21 :O පිස්සුද බන්.. ගහෙන් ගෙඩි එන්නා වගේ කතා ලියන්න බෑ :p අනික 21 අපේ මනුස්සයා ලංකාවට එනවනේ :p එතකොට මොන බ්ලෝග් ද :D ලබන අවුරුද්දෙම දාමු බන්

      Delete
    2. දැන් ඔය දෙන්නම 21 එනවද ගෙට්ටුවට... ඈ මොනරිගේ මනුස්සයා කවුද මං හිතුවේ තාම ඉස්කෝලේ යන කෙළිච්චියක් කියලනේ

      Delete
    3. 21 එන්න බැරි වෙයි.. air port yanna oni :D

      මනුස්සයා කිව්වේ එතින් " වෙන්න" මනුස්සයා.. අෆ්ෆා ඔව්ව් මේ අවුරුද්දේ තමා ස්කොලේ ගිහින් ඉවර උනේ :D තාම 19යි නේ//

      Delete
  5. මෙන්න බොලේ ආයෙත් වර්තමානයට ඇවිත් :O

    ReplyDelete
    Replies
    1. මන් උබට කිව්වේ මේක වර්තමානය හා අතීතය අතර කතාවක් කියලා :)

      උබ අඩුපාඩු පෙන්නපන් මන් ඒවා හදාගෙන කතාව ලියනවා.. උබ ගිය සතියේ කියපු අඩු පාඩු සලකලා බලලා තමා නැවත වර්තමානයට ඇවිත් මේ විදියට පෙළ ගැහුවේ.. ස්තුතියි බන්

      Delete
  6. ඔන්න අද කොටස් 6ම කියවල ඉවරකලා නංගා, ඊලග කොටසත් ඉක්මනට දාන්න... :)

    ReplyDelete
    Replies
    1. හරි :)
      කොහොමද කතාව හොදද :)

      Delete
  7. අද තමයි කෝපි 6 කියෙව්වේ... ඔයාගේ රටාව හරියට පරිනත නවකතා කරුවෙක්ගේ වගේ...දිගටම් ලියන්න සුබපැතුම්. කොපි මුල ඉඳන් බොන්න වුනා අගමුල හොයාගන්න

    ReplyDelete
    Replies
    1. ලේඛන කලාව පරිණතයි වගේ වුනාට මොනරිට තවම අවුරුදු 19යි . :D

      ස්තුතියි ඉවාන්.. :)

      Delete