Sunday, December 29, 2013

කෝපි - 07

සමහරුන් කෙසේ කීවද කෙසේ සිතුවද තවත් එක්   උඩරට මැණිකේ කෙනෙක් වන්නට නොවුනද මම මගේ ඇයි හොදයිකම් වලව්වේ බිත්ති හතරට සිමා කලෙමි.

කවරෙකු හෝ මම සිතක් නැති හැගීම් නැති , අසීමිත ආදරයක් පෙන්වා දෙන . ධනය සේම බලයද ඇති තරුණයෙකු ඉදිරියේ පුහු මාන්නයක් පෙන්වන නපුරු වංශවත් තරුණියක ලෙස හදුන්වා දෙනවත් ඇත.

නැතිනම් අත ලගට ආ වාසනාව ට අහක බලන්නියක යැයි ද කියනු ද ඇත.

නමුත් කවුරු කවර අනාවැකි කීවද මගේ හිතින් මම ඔහුට කෙතරම් ආදරය කලාද යන්න දන්නේ ද මම ම පමණි. ඔහු සමග මම මගේ සිහින වල කෙතරම් කල් ගෙව්වද යන්න ද දන්නේ මා පමණි.

ඉතින් අනිත් අයගේ සිත් තලෙනා කතා වලින් මා සැලෙන්නේ කවර හේතුවකට දැයි මටම නොත්රේ.

" නංගි.. "

කල්පනා ලෝකය බිද දැමුයේ සිතුල අයියා ය.

" අයියේ.. "

" මට නංගි එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද.. ??? "

" ඔව් කියන්න අයියේ.. "

ඉක්බිතිව සිතුල අයියා දිගු කතාවකට මුල පුරන්නදෝ ඇවිත් මා පසෙකින් අසුන් ගත්තේය.

" නංගි මම අහන දේකට බොරුවක් කියන්නේ නෑ කියලා මං දන්නවා..එත් මේ වෙලේ මට ඇත්තම කියන්න.. නංගි තරිඳු ගැන මොනාද හිතන්නේ ?? මම අහන්නේ ඉස්සර ගැන නෙවේ දැන් ගැන.. "

මා කුමක් කියන්නද.. මෙලොව මා පිළිතුරු දෙන්නට අසීරුතම ප්‍රශ්නය සිතුල අයියා මගෙන් විමසයි. ඉතින් මම නිහඩ වුනෙමි.

" නංගි.. "

" ම්ම්.. "

" ඇයි උත්තර නොදෙන්නේ.. "

" මොනාට ද ?? "

" ඇයි දරුවෝ , මම ඔයාගෙන් අහන්නේ ඔයා තරිඳුට තාමත් , අදටත් ආදරේද කියලා.. "

" ඔව් අයියේ.. "

" නංගි..  " සිතුල අයියාගේ හඩ පුදුමයෙනි. සත්තකින්ම ඔහු පුදුම විය යුතුමය. මෙතෙක් කල් සතුරෙකුටත් වඩා මම වෛර කරපු ඔහුට මමම ආදරෙයි කීම පුදුමයක් බව සැබෑය.

" ඔව් අයියේ.. මම ආදරෙයි.. අර පේන අහස තරම්ම කෙළවරක් හොයා ගන්න බැරි මේ පොලව තරම් ම හැබැයි ඒ ඔයා කියන තරිදු ට නෙවේ.. "

" එහෙනම්.. "

" කෘෂ්ණට අයියේ.. කෘෂ්ණ කියන අහිංසක මට ගොඩක් ආදරේ කරපු.. ආදරේ ගැන මට කියලා දුන්නු හිස් කොලයක් අතින් අරන් කැටයම් අහසට ආපු ඒ චිත්‍ර අදින කෘෂ්ණට අයියේ.. නැතිව නපුරු කමින් ආදරේ අයිති කර ගන්න යන තමන් ගැන විතරක් හිතන සල්ලිකාර මැරයෙක් වුන තරිඳුට නෙවේ අයියේ.. "

 " එත් නංගි.. ඔයා මේ මොනා ගැනද කියන්නේ.. ඔයයි මමයි හොදටම දන්නවා තරිඳු යි කෘෂ්ණ යි කියන්නේ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියලා... ඉතින් ඇයි මේ ??

" නැහැ අයියේ කෘෂ්ණ මැරිලා ගොඩක් කල් අයියේ.. හ්ම්ම්.. මම ආදරේ කරපු කෘෂ්ණ මැරිලා ගොඩාක් කල්.. වලව්වෙන් මහ පොලවට බැහැලා මේ වැලි පොලවේ මගේ දෙපයින් අඩි තියන්න මට කියා දුන්නු මගේ කෘෂ්ණ මැරිලා ගොඩාක් කල් අයියේ.. "

" ඔයා..  ඔයා කියන්නේ මොනාද කියලා මට තේරුම් ගන්න ලේසි නෑ නංගියේ.. :

" මම දන්නවා අයියේ.. එත් ඒ කොහොම වුනත් මං තරිදු ව බදින්නේ නෑ අයියේ.. මම තරිඳුට වෛර කරනවා එච්චරයි.. "

" එත් ඒ ඇයි.. ? ඔයා ඔච්චරම තරිඳුට අකමැති නම් ඇයි නංගියේ උබ අර තරිඳු ගේ චිත්‍ර තවත් ආසාවෙන් බිත්ති වල ගහන් ඉන්නේ.. "

" ඒ චිත්‍ර ඇන්දේ තරිඳු නෙවේ අයියේ ඒවා ඇන්දේ කෘෂ්ණ.. කෘෂ්ණ ට වගේම කෘෂ්ණ ගේ හැම දේකටම මං ආදරෙයි අයියේ.. කෘෂ්ණ ගේ ආයේ එන්නේ නැති මතකයට පවා.. එත් අයියේ තරිඳුයි මම දන්න කෘෂ්ණයි එකම එක්කෙනක් වෙන්න ඇති.. එත් මං ආදරේ කරේත් කරන්නෙත් අතීතයට විතරයි.. වර්තමානයටවත් අනාගතයටවත් නෙවේ.. "

" උබ මහා පණ්ඩිතයි නංගි දැන්.. "

" නැහැ අයියේ.. මේකට කියන්නේ පණ්ඩිත කම නෙවේ.. වෙන එකක්.. "

" අනේ මන්දා.. උබයි උබේ හිතයි ඒ දෙකම ගැනම දන්නේ මම නෙවේ නංගියේ උබ..  හැබැයි එකක්.. උබ මේ බිත්ති හතර ඇතුලේ ඉදන් දන්න දේවල් වලට වඩා ගොඩාක් දේවල් නුවර මිනිස්සු දන්නවා.. ඒවා උබට වැඩක් නෑ.. මම උබට කියන්නේ මෙච්චරයි.. උබ තරිඳු ට ආදරේ නැත්තම් ඒ ගැන තරිඳුට උත්තර බදින්නවත් තරිදුව මුණ ගැහෙන්නවත්  ඕනේ නෑ.. උබ මේ වලව්වට වෙලා හිටපන්.. මන් අනිත් ටික බලා ගන්නම්.. "

සිතුල අයියා කිවේ තීරණාත්මක වය..

" අමා.. අමා.. ඉන්න තැනෙකින් වරෙන් යකෝ එලියට.. "

" අනේ සිතුල.. "

" අයියේ, තරිඳු.. !!!! "

එකවර නැගුනු පිරිමියෙකු ගේ කෑ ගැහිල්ලත්, සිතුල අයියගේ බිරිද වුනු දිනාරා අක්කා කෑ ගහගෙන කාමරේට ආවෙත් මම හුන් තැනින් නැගී සිටියේත් එක විටය..

26 comments:

  1. ඇත්තම කිවොත් උඹ මහා පණ්ඩිතයි නංගි.....! හොඳින් කතාව ගලාගෙන යනවා. බලමු අන්තිමට

    ReplyDelete
    Replies
    1. බහුතරයක් කියන කතාවක් :D ස්තුතියි අයියේ.. බලමු ඉස්සරහට :)

      Delete
  2. කතාව ලස්සණ යි :) සුපුරුදු පරිදි ටයිපින් මිස්ටේක් තියෙනවා. අනිත් වැරදි සහ කියන්න ඕනේ සියලු දේ මූණුපොත හරහා ලුණු ඇඹුල් සහිත ව කියමි. සංස්කරණය කිරීමේ කටයුතු සඳහා කතාව කොපි කර ගත් බව කාරුණික ව දැනුම් දෙමි. මම ගියා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා :) ටයිපින් මිස්ටේක් ටික ඔයා හදන්න :D මන් කියවන්න පුළුවන් තරමට ලිව්වො.. :) වැරදි පෙන්වා දීම මට ශක්තියක් ධාරා.. ස්තුතියි.. :)

      ගියාට කමක් නෑ ආයේ වරෙන්.. මොකද උබයි මුදියායි මගේ දකුණු අත යි වම් අත යි වගේ නේ.. <3

      Delete
    2. ^උඩ කෙනා වගේ දේවල් නම් මම කියන්න දන්නේ නැහැ..හැබැයි මට නම් කතාව ලස්සනයි..මුල ටික කියවන්න ඕනේ...මැද්දෙන් පැනලා නේ කියවන්න ගත්තේ :D

      Delete
    3. ස්තුතියි ලහිරු.. :D හැබයි උඩ කෙනාගේ වුවමනාට තමා කතාව මෙච්චර දුර හරි ලියවුනේ :D

      එහෙනම් මුල ඉදන්ම කියවන ගමන් හැම එකකම හිතට දැනෙන අඩු පාඩු ටික කියාගෙන එන්න.. :) මොකද එතකොට අඩු පාඩු හාදාගෙන ඉස්සරහට යන්න පුළුවනි නේ..

      Delete
    4. උඩ කෙනා මේව බලල උඩ ගියොත් අපි නං දල්ලෑ ඔල්ල :P

      මං මේක කියවන්න පස්සෙ එනෝ :)

      Delete
    5. ඔව් එක ඇත්ත.. කන් පිරෙන්න අහා ගන්න උනොත් අපි දන්නේ නෑ ඕන්න ලහිරු :D

      සමිය : උබ එතින් හැමදාම එන්නේ පස්සේ නේ.. මේ පාරවත් කලින් වරෙන්

      Delete
  3. තරිඳු ආයිත් කෘෂ්ණ විදිහටම එනවනම්.. පරණ කෙනාම වෙලා
    ආසාවෙන් කියවනවා මොණරි

    ReplyDelete
    Replies
    1. අතීතයයි වර්තමානය යි අතර සක්මන් කරද්දී ඔයාට ආයෙම කෘෂ්ණ හම්බ වෙයි අනු.. හැබැයි අනාගතයේ දී මොනවා වෙයිද කියලා අපි බලන් ඉම්මු.. :)

      Delete
  4. ලියන ශෙලිය ලස්සනයි... දිගටම එන්නම්කෝ කියවන්න ...

    ReplyDelete
  5. කතාව ටැපලුනා වගේ මට, ආයෙ කලින් කොටස් ටිකක් බලන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයේ කියවගෙන එන්නකෝ එතින් :D

      Delete
  6. කෘෂ්ණ කොහොමද තරිඳු විදියට වෙනස් වුණේ? ඔච්චර වෛර කරන්න තරම්....

    ReplyDelete
    Replies
    1. දිගටම බලන් ඉමු.. ඉස්සරහට ඒ ගැන දැන ගන්න ලැබෙයි ;)

      Delete
  7. කතාව මතක නෑ.. ආයේ මතක් කරගන්න ඕන...

    ReplyDelete
  8. කතාව ලස්සනයි... අද නං ටිකයි ලියලා තියෙන්නේ.
    මේ ගාන මරු !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග//

      ටිකක්.. අම්මෝ නෑ වෙනදට වඩා වැඩි :D

      Delete
  9. " අයියේ, තරිඳු.. !!!! " මගෙ නමත් තියෙනව හුරේ...!!!

    මුල් කොටස් 6 කියවා ආ යුතුය...

    ReplyDelete
  10. අවුරුදු 19ක අද්දැකීම් ඩිංගකින් මේ තරම් දේවල් කරන්න හැකිනම් ඔබට බොහෝ දේ කළ හැකියි ඉදිරයට.

    ReplyDelete
  11. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබට සහ ඔබේ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මාමේ..

      Delete