Friday, January 3, 2014

මනුසතාගේ පෙළහර

ආයුබෝවන් දරුවනේ
නමස්කාරය විය අදුරුතුමගේ
ලාබයි ගණිතය ලාබයි සිංහල
එන්න එන්න ගන්න පහසු මිලට

විද්‍යුතය පරිණාමය ප්‍රජනනය
වීජ ගණිතය ජ්‍යාමිතිය පරිමිතිය
අයනු ආයනු පණකුරු ගතකුරු
සිලි සිලි උර තුල එල්ලුනු
හීන් සැරය මඩොල් දුව

නගරයේ සිවු කොනක්
හමුවුණු මුල්ලක කඩ කාමරයක
නිතිපතා සතිපතා දිනපතා
සිදුවන සිල්ලර වෙළදාම

තැනක පෙම් කෙලියකි
තැනක ගුටි කෙලියකි
ඇදුරා අත වේවැල් කසායකි
නැත නැත එය තෙල් කුප්පියකි

කොලුවා නම් විය ටික්කා
බෙදති වෛර්ණ පත්‍රිකා
පැමිණෙන සැමට නොමිලේ
නිබන්දනයක් සමග පරස්තාවක්

රුපියලකට නොව මොණර කොලයකට
ලැබෙති මේ සේරම තොග මිලට
ආවාට ස්තුතියි නැවත එන්න
නිමා විය ඇදුරුගේ හරබර දේශනය

( 11 වසරේ දී පාසලේ පුවත්පතට ලිවුවකි.. )



38 comments:

  1. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම පෙරලිකාර අදහස් තිබිලා වගේ

    ReplyDelete
  2. අද කාලෙට හොදට ගැලපෙනවා මොණරි.

    ReplyDelete
  3. හොදට ලියලා තියෙනවා ආයේ කියන්න දෙයක් නැහැ..පුදුමයි මේ පැත්තේ ධාරා තවම බෙල්ල දාලා නැහැ.. :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු :D

      ධාරා ආවේ නැති එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ ලහිරු.. එයා කීයටවත් විශ්වාස කරන්නේ නෑ මං දවස් 6 න් සතියක් ඉවර වෙන්නත් කලින් අලුත් පොස්ට් එකක් දැම්ම කිව්වම.. :v

      Delete
  4. හොඳයි මොණරි, o/l a/l ටියුෂන් පටන්ගන්න මේ කාලෙට හොඳට ගැළපෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනු :) මාත් ඕක o/l කරනකොට ලිව්වේ :)

      Delete
  5. //පැමිණෙන සැමට නොමිලේ
    නිබන්දනයක් සමග පරස්තාවක්//

    කවි ටික සිරා බං :) කියවලා ඇති පදං හිනා වුණා. හාස්‍ය රසය උපරිම යි! පද වැල් කිහිපයක් අතරේ සම්පූර්ණ කතාවක්. ඒත් තාමත් ගුරු දෙවිවරුත් ඉන්නවා. නිකං ඉන්න වෙලාවක මේ වගේ කවි ටිකක් ලියලා දාපංකෝ බ්ලොග් එක පාළුවට යන්න නොදී :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් :D

      මේ තමා මං ලියපු කවි වලින් මුලින්ම එලියට ආපු කවිය..

      සහතික ඇත්ත.. මේක එකතරා විදියක පෞදගලික අත්දැකීම් මත ලියුවක්.. සිරාවටම මේ වගේ ගුරුවරුන් අතරේ ගුරු දෙවිවරුන් හමු වුනු නිසා තමා බන් අපි අද මෙහෙම හරි ඉන්නේ...

      බලමුකෝ.. කෝපි බිබී කෝපි නවකතාව කියවන ගමන් අතුරුපසට ගන්නවත් දාන්නම්කො එහෙනම් කවියක් දෙකක්.. :D

      Delete
  6. බොහොම ලස්සනයි.. ඉස්කොලෙන් ගුටි කන්න තිබ්බේ.. හැක්..

    සාර්ථක උත්සාහයක් නෙව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.. :) ස්කොලේ ගුටි කෑවත් මොකෝ පැත්ත ගියත් ඇත්ත කියලා නේ :D ස්තුතියි

      Delete
  7. හරිම අපූරුයි... අද කාලෙට හරියටම ගැලපෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි.. ඔව් ටියුෂන් සංස්කෘතියේ ආනිශංස තමා :D

      Delete
  8. ශා ලස්සන කවි සිතුවිල්ලක් !
    අද දනගත්තා මොනරිගේ නම.. අරුණි කාංචනා කළුපහන !!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග :)

      මොනරි වනාහි , අරුණි කාංචනා 'සුමාලි' කළුපහන :p

      Delete
    2. ඔය ආටිකල් එක ගිය පත්තරේ මොකද්ද ? ඔය කවදා පත්තරේ ගිය ආටිකල් එකක් ද ?

      Delete
    3. මේ මගේ පාසල් පුවත්පතේ ගිය ලිපියක් ඒ කාලේ.. පාසලේ පුවත්පතේ නම විභව..

      Delete
  9. සිරාවටම ලස්සනයි.. අර කිව්වත් වගේ පරන එකක් හරි උස්සං ඇවිත් දාහංකො මේකෙ.. මාසෙකට සැරයක් පොස්ට් දාන්නෙ නැතුව :)

    එතකොට අර පාලු ගතිය මැකිල යයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් අය්යේ.. ලියන්නත් හිතෙන්න ඕනේ නේ බන්.. එකයි මාස ගණන් යන්නේ.. එහනම් පරණ එකක්වත් රෝල් කරමුකෝ.. :D

      Delete
  10. මං කිව්වේ මහා පණ්ඩිතයි කියලා ....ඉස්කෝලේ කාලෙම මාර අයිඩියා තිබිලා තියෙනවානේ

    ReplyDelete
    Replies
    1. :D ස්තුතියි ඉවාන්.. මේ කවියෙන් පටන් ගත්තු ගමන තමා මේ තරම් දුර ආවේ.. මේ මන් ලියපු කවි වලින් ඉලියට ආපු පලවෙනි කවිය..

      Delete
  11. //කොලුවා නම් විය ටික්කා
    බෙදති වෛර්ණ පත්‍රිකා
    පැමිණෙන සැමට නොමිලේ
    නිබන්දනයක් සමග පරස්තාවක්//
    the best part..! :D
    නියමයි! මතුපිටින් හාස්‍යජනක වුණත් සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්...

    ReplyDelete
  12. මොණරි........ඉස්කෝලේ යන කාලේ තිබුන රැඩිකල් සිතුවිලි දැන් වෙනස් වෙලාද? අගය ඇති කවියක්.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙලා නම් නැද්ද කොහෙද.. ඒත් දැන් ඒ කාලේ වගේ ලියවෙනවා අඩුයි.. ස්තුතියි.. :)

      Delete
  13. මම නම සිරාවට කවි රස විඳින්න දන්නේ නැහැ නමුත් අර්ථවත් පද පෙළක්

    ReplyDelete
  14. නිදහස් යැයි කියා ගන්නා අපේ අධ්‍යාපනේ ට වෙච්චි දේ!
    (ඔන්න අද කමෙන්ට් එකක් ඈ! :D )

    ReplyDelete
    Replies
    1. තව ඉස්සර යද්දී කියන්න වෙන්නේ එකමත් එක ඉස්සරම කාලෙක නම් අද කාලේ වගේ නෙවේ පුතේ නිදහස් අධ්‍යාපනයක් තිබුනා කියලා පොත පතේ සදහන් වෙලා තියේ කියලා..

      එතකොට පොඩි එකා අහයි : ඒ මොන කලේද ?? නිදහස් අධ්‍යාපනේ කියන්නේ මොන වගේ එකක් ද කියලා..

      ඕන්න ඕක තමා නාඩියා අය්යේ තත්වේ..

      ස්තුතියි ඈ :D ( සුවර් එකට අද රෑට වහිනවා.. ආයේ දෙකක් නෑ :p )

      Delete
  15. සමාජයේ උඩු දුවන ප්‍රශ්නයක් කව් පද කීපයකින් එලියට ගන්න ගත් උත්සහය අපූරුයි මොනරී....... සුබ පැතුම්....

    ReplyDelete