Saturday, January 11, 2014

අහිමි සද..

අහසට දැනෙන පාළුව
සදෙන් සගව ගන්න
හෙමි හෙමිහිට රූරා එන
වැහි බින්දු මුවා කරන්
සද තරු වලට රහසේම
ඉකි බිදින්න

කොනිති ගහන දුක් පවුරු
කවියකට ගෙත්තම් කරන්න
රහසේම ඉරබටු මනමාල තරුවේ
එපා මට කියා දෙන්න

හිතට හොරා හිතම හොයපු
හිත ගාවම දැවටී දැවටී
කොදුර කොදුර රහස් කියපු
ආලවන්තකම් එපා මට
ආයෙමත් අත වන්න

මං ඈතයිලු සදට
බැහැ මට සද නැතිව ඉන්න

රිදුම් දී හඩන තනි හීනෙට
මන්දාරම් අදුර නැතිව
සද විතරක් ආයෙම
ගෙනවිත් දෙන්න පුළුවනි ද
නුඹලාට..







22 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහා කළු සිංහලයෝ :)

      Delete
  2. :) හ්ම්ම් කවිය ගැන, කවියකට වඩා සිතුවිල්ලක් කිවුවනම් හොදයි :) 
    ලස්සනයි :)

    ReplyDelete
  3. ////රිදුම් දී හඩන තනි හීනෙට
    මන්දාරම් අදුර නැතිව
    සද විතරක් ආයෙම
    ගෙනවිත් දෙන්න පුළුවනි ද
    නුඹලාට..///////

    ට්‍රයි කරන්නම්!........හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හඳට විතරක් එන්න දෙයිද සඳසාවී නැතුව.

    ReplyDelete
    Replies
    1. සද අයිති සද සාවිට විතරක් ම නෙවේ :( එයාට එන්න වේවි කොහම හරි ..

      Delete
  4. ඈතින් බලන් හිටියත් සද ඔබේ නම් කිම ප්‍රස්. හැක්..

    ReplyDelete
    Replies
    1. ඈතින් බලන් ඉන්න නම් බලාපොරොත්තු දුන්නේ මොටද ??

      Delete
  5. කවි ටික ලස්සනයි !
    මොකෝ මේ පෝස්ට් එක දෙපාරක් දාලා තිබුනේ ??

    ReplyDelete
    Replies
    1. එක සහ දෙක වශයෙන් :) ස්තුතියි මදුරංග

      Delete
  6. හරිම අපූරුයි... ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  7. දැං පෝස්ට් එකේ නමත් වෙනස් වෙලා... ඒත්තෙක්කම බ්ලොග් එකත් වෙනස් වෙලා. :O

    ReplyDelete
    Replies
    1. එක සහ දෙක වශයෙන් යොදා තිබෙන විට පැහැදිලි වෙන එකක් නැතැයි සිතා සිතුවිල්ලට අදාළ නම යෙදුවා :)

      බ්ලෝග් එක නම් වෙනස් කරේ ඒකාකාරී බවින් මිදෙන්න

      Delete
  8. කවිය ලස්සනයි..

    ReplyDelete
  9. ඈත වුනත් සඳට ආසයිනම් මොනවා කරන්නද සඳ දිහා බලාගෙනවත් ඉමු.... ඔයාගේ කවියේ මාතෘකාව බ්ලොග් රෝලේ පෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරමු එහෙනම්.. මාතෘකාව දැම්මේ පසුවනේ එක නිසා වෙන්න ඇති

      Delete
  10. ලස්සන කවි සිතිවිල්ලක්! තව තව ලියන්න. ඔබට ජයෙන් ජය!!

    ReplyDelete
  11. ඈතයි නුඹ සද ගාවට
    කව්ද කිව්වෙ
    සද සාවිද....?
    නුඹ ගාවින්
    හැමදාමත්
    මම හිටියා
    ඔය කදුලක
    ලුණු රස දැනුනා
    නොපෙනුනාට
    නොදැක්කාට
    මහ හය්යෙන්
    මං හැඩුවා.....

    ReplyDelete
    Replies
    1. අපුරුයි නේ.. මහේෂ් ටත් කවි කමක අපුරු හැඩයක් පිහිටලා තියෙන පාටයි :)

      Delete