Monday, January 20, 2014

කෝපි - 08


ඉදිරියට ගත් පය පසුපසට තබන්නට තියා තව පියවරක් ඉදිරියට ගන්නට තරම් වත් දෙපා වාරු නැති ගාන ය.


ඒ කටහඬ නො හඳුනන්ට තරම් මා සිහි කල්පනාවක් නැතිව නොවේ. ඒ තරිඳු ය. නමුත් ඔහු කෙසේ මේ සිටින්නට ද ?? පැවසුණේ ඔහු ලංකාවේ ද නැති බවකි.

“ තරිඳු !!! උඹ හිතුවා ද මෙතැන නාඩගම් මඩුවක් කියලා.. මොකද යකෝ කෑ ගහන්නේ.. “

ඒ සිතුල අයියා ය. මොහොතකට කලින් මා අසලින් වුන් සිතුල අයියා එහෙනම් තරිඳු අබිමුවට ගොසිනි.

“ සිතුල.. මට අමාට කතා කරන්න ඕනා.. මම මෙතන නාඩගම් නැටුවේ නෑ.. මට මගේ ගෑණිට කතා කරන්න ඕනේ... එච්චරයි.. “

“ උඹේ ගෑණි !!! කවුද උඹේ ගෑණි ??? උඹට වැරදිලා මචං.. අපේ ගෙදර පිට අයගේ ගෑණු තියාගෙන නැහැ.. “

“ සිතුල මේක අහපං, මට උඹත් එක්ක රණ්ඩු කරන්න වුවමනාවක් නෑ.. මම ආවේ අමා හම්බ වෙන්න.. නැතිව මෙතැන රණ්ඩු කරන්න නෙවේ.. අන්න ඒක ඔලුවේ තියන් කතා කරපන්.. “

තවත් ප්‍රශ්න ඇති වීමට ඉඩ නොදිය යුතු ය. මේ ගිය දුර හොදටම ප්‍රමාණවත් ය. තවත් ලෝකයා ඉදිරියේ අම්මා වත් අප්පච්චි වත්  සිතුල අයියා වත් හෑල්ලු වන්න ඉඩ හැරීම නො කළ යුත්තකි.

ඉතින් මා පිටස්තරයෙකුත් නොවන පිටස්තරයා ඉදිරියට ගියෙමි.

“ සිතුල අයියේ, ඔයා කොහෙවත් යන මිනිස්සුන්ගේ කතා අහන්ට ඕනේ නෑ.. මමම දැන ගන්නම් මොකක්ද ඒ අයිතිය කියලා.. “

සිතුල අයියා සේම තරිඳු දෑල බණ්ඩාරත් තිගැසෙනවා මම දුටිමි.  නො ලැබෙනා බව දැන දැනත් මොහු කැප්පෙටිපොල නිවැසියන් ඉදිරියේ හෑල්ලු වන්නේ මොනවා මදි වී දැයි මම නො දනිමි.

“ අමා.. “

මෙතෙක් වෙලා රග දැක්වූ නොසන්ඩාල මැරයා ගේ භූමිකාවෙන් මිදී අහිංසක ආදරවන්තයෙකු ගේ භූමිකාව දක්වා ක්ෂණිකව වෙනස් වීමට තරම් ඔහු දක්ෂ නළුවෙකු සේය.

ඉතින් මා නිහඬව ම පසු වීමි.

“ අමා, මම අවුරුදු 4ක් තිස්සේ ඔයා ව දන්නවා.. මේ කවුරුත් දන්නේ නැති දේවල් මම දන්නවා. ඒ දවස් වල ඉඳන් මම උඹට ආදරේ කරේ.. මෙහෙම අත හැරලා දාන්න නෙවේ අමා..

“ ඉතින්.. “

 කැප්පෙටිපොල පරපුරේ කීර්ති නාමය වෙනුවෙන් මා ඉතිරිව තිබූ හුස්ම පොදත් කැටි කර ගතිමි.

“ ඉතින් මං අහන්නේ මාව කසාද බදිනවා ද කියලා අමා ?? මං එක්ක එනවා ද කියලා ??  “

“ නැහැ.. “

“ අමා!!!! “ ඒ සැබෑ තරිඳු ය. ගිගුම් දෙමින් තම නියම ස්වරූපය පෙන්වා දුන් නියම තරිඳු ය..

“ කොහොමටවත් මං තමුන් එක්ක එන්නේ නැහැ තරිඳු .. අන්න ඒක ඔයා තේරුම් ගන්නා ඕනේ.. ඇයි මේ විදියට වදයක් වෙන්නේ.. “

“ ඒ උඹව වෙන කාටවත් අයිති කර ගන්න දෙන්න මට ඕනා කමක් නැති නිසා යකෝ.. ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද අමා..“

“ ඒත් අප්පච්චි අකැමැති කෙනෙක් ව මං බදින්නේ නෑ තරිඳු.. එක ඔයාට මම එදාත් කිව්වා.. ඔයා වගේ සල්ලි කාර මැරයෙක් ව කසාද බදිනවා ට වඩා අර පේන නුවර වැවට පැනලා මැරෙන එක මට සැපක් තරිඳු..”

රුදුරු අහස එකවරම නිහඬ විණි.. පහර දෙන්නට බැරිවාදෝ එකවර ඉහලට ගත් අත මිට මොළවා පහල හෙලා ගනිමින් තරිඳු වවා ගත නො හැකි කෝපයෙන් පෙරට අඩියක් තැබිය.

ඉහල ගත් හුස්ම හෙලා ගත නොහැකිව මම අසරණ වුනෙමි. ඒ ද පලවෙනි වතාවට පිරිමියෙකු අබිමුවෙහි..

“ මාව මැරයෙක් කලේ උඹ නෙවේ ද අමා.. කියපන් මට.. මාව මැරයෙක් කරේ උඹ නෙවේ ද “

23 comments:

  1. අනේද කියන්නේ... සල්ලි තිබ්බ පලියට මැරයෙක් එක්ක ඉන්ඩ ඕන යෑ..
    අද කොටසත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මදුරංග අයියේ සල්ලි තිබිලා වැඩක් නැනේ මනුස්සකම නැත්තම්.. :)

      ස්තුතියි :)

      Delete
  2. පස්ට සැරයි නෙහ්.. හැබැයි එකක් නියම උච්චාරණය තියෙනවා කතාවේ...

    ReplyDelete
    Replies
    1. සැර නොවී කොහොමද ?? හොදින් කිව්වම අහන්නේ නැත්තම් සැර වෙන්න වෙනවා..

      බොහොම ස්තුතියි ^_^

      Delete
  3. කොහොම වුනත් අමා හරි අසරණයි..

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානී.. අමා මේ වෙලේ හරිම අසරණයි.. ඒ වගේම තරිඳු ත්....

      Delete
  4. මම කථාවේ මුල් කොටස් කියවලා නෑ. කථාව හොඳයි වගේ. ඒත් වෙලාවක් නෑ. ඉඩ ලැබුනාම බලන්නම්. තව තව ලියන්න. ජය!!

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුණු වෙලාවක බලන්න එහෙනම් :) ස්තුතියි ^_^

      Delete
  5. ඔක්කොම කියවන්නනම් තාම බැරි වුන..මේ කොටස කියෙව්ව..දැන් ඉතින් දිගටම කියවනව.

    ReplyDelete
    Replies
    1. මුල් ටිකත් කියෙව්වා නම් කතාව හොදින් තේරුම් ගන්න පුළුවන්.. :) සාදරයෙන් පිලිගන්නවා කෝපි නවකතාවට උමේෂ්.. :)

      Delete
  6. අරුනි කෝපි ඉක්මනට ඉවර කරන්න වෙනවා.. මේ විදියට කල් ගත්තොත් කට්ටියට මතක නැතිවෙනවා... ඔයා ලියන්න.. ගෙදර කම්මැලිකමෙන් ඉන්න වෙලාවෙ... :)

    මං ආයෙ එනවා..

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් ඉක්මනට ඉවර කරන්නේ මේක නවකතාවක් නේ.. කෙටි කතාවක් නෙවේ.. එහෙනම් ඉතින් සේරම ලියල ඉවර කරන කම් තාවකාලිකව නවත්තන්න වෙයි ටික කාලෙකට.. :)

      Delete
  7. අදයි කියෙවුවේ ^_^ පරණ එවුවා කියවන්න කම්මලි. මෙතන ඉදන් ඉස්සරහට කියවලා බලමු.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා කෝපි කතාවට මදාරා :)

      Delete
  8. අම්මේ සැර. හැබැයි ආදරේ වැඩි කමටත් ඔහොම දරුණු වෙනවා මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. සැර නොවී කොහමද.. ආදරේ වැඩි වුනාමයි ඒ ආදරේ තේරුම් කරන්න බැරි වුනාමයි මිනිස්සුට දරුණු වෙන්න වෙනවා ඉවාන් අයියේ..

      Delete
  9. මුල ඉදං කියෙව්ව. ලස්සනයි ඒත් බං අක්කෙ මට ප්‍රශ්නයක් ආව... සිංහල උං ඉන්නෙ උඩරට විතරද... අනෙක කෘෂ්ණ කියන්නෙත් ඉන්දියාවෙන් ණයට ගත්ත නමක්කෙ...
    පව්ලුෂා ගෙ කතාවට මාත් එකත වෙනව. හුගක් කෙල්ලන්ට කොල්ලන්නෙ ආදර් තේරෙන්නෑ...
    මාව මැරයෙක් කලේ උඹ නෙවේ ද අමා.. කියපන් මට.. මාව මැරයෙක් කරේ උඹ නෙවේ ද
    මෙහෙම අහන්න කෙනෙක්ට පුලුවං නං අනෙක් කෙනාගෙ අතෙත් වැරදි තියේ නේද... අමාව විතරක් අහිංසක කරන්න ගිහිං ඔයා කතා රසය නැති කරයි වගෙ

    ReplyDelete
    Replies
    1. අනිවා. මහේෂ් ගෙ කතාවට මාත් එකඟයි. කවුරුහරි කෙනෙක් වරදක් කරනවනම් එයාටත් කොහෙන්හරි වරදක්, අසාධාරණයක් වෙලා තියෙවවා

      Delete
    2. ස්තුතියි මහේෂ් අයියේ..

      නැහැ සිංහල වුන් මේ මහා පොලව පුරාම ඉන්නවා.. ඒත් මේ කතා පසුබිම ඇතුලත් වුනේ උඩරට ට.. කෘෂ්ණ කියන නම උඩරැටියෙකුට යෙදුවා කියන එක මන් හිතන්නේ නෑ වැරදි කියලා.. දෙමවුපියන්ට තමන් කැමති නමක් දරුවෙකු ට යොදන්න පුළුවන් වාසගම ට ඇරෙන්න..

      හැබැයි හුගක් කොල්ලන්ටත් කෙල්ලන්ගේ ආදරේ තේරෙන්නේ නෑ විතරක් නෙවේ හුගක් කොල්ලෝ කෙල්ල තමන්ට කොච්චර ආදරේ කරනවා ද කියන එක තේරුම් ගන්නෙත් නෑ..

      ඔව් අනිවාර්යෙන්ම.. මෙතන අමාගේ අතේ වැරද්දක් තියෙනවා...

      නුවර වැසියන් තියා දළදා හාමුදුරුවන්වත් නොදන්නා රහසක් තියෙනවා කියලා මිට කලින් කියලා තියෙනවා මහේෂ් අයියේ.. එක තාම කවුරුත් දන්නේ නෑ.. :)

      මං අමා විතරක් මෙතැන අහිංසක කරලා නෑ කියන එක මට කියන්න පුළුවන්.. මොකද තාම කිව්වේ අමා ගැන විතරක් නිසා.. ඔයාල තාම දැක්කේ අමා ගේ පැත්ත විතරක් නිසා.. ඉදිරියෙදී බලමු. :)

      Delete
  10. කතාවෙ මුල, කලින් කොටස්වලට ලින්කු එකතු කරන්න මොනරි.

    ReplyDelete
    Replies
    1. හොදයි දිලිනි :) එහෙම කරන්නම්..

      Delete
  11. කොච්චි මිරිස් කතාවක්. නියමයි!

    ReplyDelete