Thursday, February 27, 2014

කාසි පුසුඹ

සදගෝමි මම
අහිමි ලොවක
හැඩතල
හොයන

නිසදැසක
සදැසක
පහස
අහිමි වුනාට
 
ලේ රහ
මුහු වෙච්ච්
විරුදු කවියක
රහ මම දන්නවා
හොද හැටියට

එන එන
බසයක
යන යන
පාරක
කාසි පුසුඹ
එන හැම
තැනකම මම

හොයමි
රුපියල
කුසගින්නට
නොව
සරසවි සහතිකයක
අයිතියක්
ගන්නට
විගසින

- මොණරු -

23 comments:

  1. සඳගෝමි කියන්නේ කවුද ?
    සරසවි සිටුන්ටත් වෙලා තියෙන්නේ පාරක් පාරක් ගානේ ගිහින් අරමුදල් හොයන්න...

    ReplyDelete
    Replies
    1. සඳගෝමි කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙක් සඳදස් කෝපරහේවාගේ පුතා. හැක්...

      Delete
    2. සදගෝමි කියන්නෙ සන්නස්ගලගෙ පුතා....... හැක් හැක්

      Delete
    3. එතකොට කවුද හරි සඳගෝමි ???

      Delete
    4. එයා ඉන්නේ ජර්නලිස්ම් හෝ සිංහල නේද.. කෙට්ටු බුවා..

      Delete
    5. හැබයි මෙතන සදගෝමි කියන්නේ සරසවියේ ඉගෙනීමට මුදල් හොයා නැති බැරි කම නිසා බස් වල පාරක් ගානේ විරිදු කියන කියන සරසවි සිසුවා ට..

      Delete
  2. ඕන කාලේ ඉගෙන ගන්නෑ දැං එනවා මෙතන හිගා කන්න.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඕනා කාලේ ඉගන ගත්තු නිසා නිසා නේන්නම් සරසවි ආවේ.. මෙතන තියෙන්නේ සරසවියේ ඉගන ගන්න මුදල් නැති කම.. හිගා කෑම හොරකම් කිරීමට වඩා නම්බුයි දේශකයෝ..

      Delete
  3. ජීවිතේ පුදුමයි , බඩගින්නට විතරක් නෙවෙයි හැමදේටම හින්ගාකන්න වෙලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මොනරිට කොමෙන්ට් කරාම බස්සි රිප්ලයි කරලා

      Delete
    2. හුමිටි තියන්නේ බස්සියෝ විතරද ඉවාන් ..

      Delete
  4. කදාදෙටත් හිගාකාපන් දැන්ම ඉදන්ම හැක්....

    ReplyDelete
    Replies
    1. මොකද මේ නලින් අයියත් හැක් වෙලා

      Delete
    2. කසාදෙටත් හිගා කන්න වෙයි තමා.. :D දැන් කසාද බදින්නම යන වියදම බැලුවාම..

      නලීන් මාමටත් දේශකයාගේ ලෙඩේ බෝ වෙලා..

      Delete
  5. අපි හැමෝම හිගන්නෝ තවත් කෙනෙකුගෙන් යැපෙන.

    ReplyDelete
    Replies
    1. එයයි ලෝක සොබාවය..

      Delete
  6. කාසි සුවද පීදුණාට
    තාමත් ඉර හද යට
    මනුස්සකම අඩුවක් නෑ
    අමතකදෝ නුඹ හට....

    ලස්සන කවියක් ඈ.... සිරාවටම ෆට්ට

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සකම හින්දාම
      තාමත් මේ මහා පොලවේ
      සදගෝමි ල කියක් නම්
      දිවි ගැට ගහ ගන්නවද
      අමතක නැහැ මේ මට..

      ස්තුතියි :)

      Delete
  7. elaz
    _________________________________________________________________
    එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න

    http://pariganakalokaya.com/

    ReplyDelete
  8. අනේ මන්දා අධ්‍යාපනේට ගිය කල!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද.. තව ඉස්සරට ඔයිට හපන් වෙයි..

      Delete