Monday, February 3, 2014

අහිමි ද අප නුඹට..

හිනැහෙන හැම හීනයක් ගැනම 
මනමාල තරුවට මම කීවාම 
හොරෙන් හිමිහිට..  

හීනි ඇස් ලොකු කරන් බලාන ඉදලා 
ඔච්චමට හිනැහෙන්නේ ඇයි ඔහොම 
දුක හිතෙනවානේ මට..

දන්නේ නැතිද තාම 
හිමිහිට එලියට එන්නට දගලන 
පා පොඩි දෙකක අයිතිය 
නුඹටත් හිමිව ඇති හැඩ... 

පහන් තරුව නුඹ 
මගේ මුළු ලොවම එලිය කල 
ඇයි ඉතින් අද නිහඩ 
නුඹේ ලෙය මට විතරද 
නුඹට අකැපද
කියන් මට.. 






මෙතැනින් ගිහින් මොනරිට like එකකුත් දාගෙනම යන්න :)


16 comments:

  1. හ්ම්ම්....මොණර ගීතය ..!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් නැත.. ඉරබටු තරුවක ගීතය :)

      Delete
  2. සංවේදී කවක් ලස්සනයි පද ගෙත්තම

    ReplyDelete
  3. ඔන්න එහෙනම් අපිත් කියෙව්ව..රසවින්දා..

    ReplyDelete
  4. ලස්සන අදහසක්. ඔබගේ නිර්මාණ හිත සැහැල්ලු කරගන්න වටිනවා

    ReplyDelete
  5. ලස්සන කවි සංකල්පනාවක් !

    ReplyDelete
  6. ඉතාම රසට ලියලා...හිතට වැදෙන්න ලියලා..ටොප්

    ReplyDelete
  7. සංවේදී ගැටළුවක් හරිම අපුරුවට අකුරු කරලා.හරිම හැඩයි..

    ReplyDelete