Thursday, February 27, 2014

මහ පොලව දුරයි අහසට..

මාල හතක් නොපැලදුවාට
පෝරු මස්තකයේ පහස නොලැබුවාට
යකඩ දෝලියවත් වන්නට බැරි වුනාට
වුවමනා නැහැ රාජාධි රජුනේ අනුහස

කුල වත ගොත එපා කියා
කැන්දන් යන්නම් කෙදුරුවාට
මැණිකක් ලෙසින් රැකින්නම් දිවුරුවාට
වුවමනා නැහැ රාජාධි රජුනේ අනුහස

දස මසක් කුස දරා ලේ කිරි කරාට
බිලිදුන් නුබෙයි රජ ලෙයින් උපන්න
රජකම නෙවෙයි රජුනේ දරුවට
කියාදෙන් මැටි පොළෙවේ
රාජ පාවාඩ අතරෙ වෙනස

නොදැන්නුවාට කාරී නෑ මයේ පුතුට
මෑණියන්ගේ කුල වත ගොත
සිහළ මවු කෙනෙකුගේ ලෙය
කිරට හැරුණු කරුණ
පමණක් කියා දෙන් රාජාධි රජුනේ ඔහුට

මගේ කටු මැටි ගෙපැලේ අසලක
මිහිදන් කරන්න රජුනේ මාව
දෝලියක නොවුනත් ඔබෙන්
ලැබූ සෙනෙහස ඇති මහා මෙරට

වුවමනා නැහැ රජුනේ රාජ අනුහස
උපන් ලෙසින් මිහිදන් වෙමි මම
මේ දුවිලි මහා පොලව තුලම
ඉදිරියට පැන රකින්නට ඔබව
පිදුවෙමි කග පතට මා දිවිය

වුවමනා නැහැ රජුනේ රාජ අනුහස
ලැබූ පින් මහිමයෙන් පතමි
එලබෙන හැම මතු භවයකම
ඔබේ දෝලිය වන්නට

14 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග :)

      Delete
  2. ලොවීනා මතක් උනා...
    ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්ඩෝ// මාගම් සෝලිය කියවල ඇති වුන අකැමැත්ත නිසා ලොවිනා කියවන්න හිතුවේ නෑ.. එත් කියවා බලන්න ඕනේ.. :)

      Delete
  3. ලස්සනයි! තව තව ලියන්න. මගේ සුභ පැතුම්!!

    ReplyDelete
  4. අපූරු සංකල්පනාවක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි.. :)

      Delete
  5. වුවමනා නැහැ කිවාත් වුවමනායි නේද..?
    එක නිසා නේ හැම මතු භවයකම දෝලිය වන්නට පතන්නේ....:)

    ReplyDelete
    Replies
    1. ගෑනු කවදාද හිතේ තියෙන දෙ කිව්වේ මනෝජ් :p

      වුවමනා නෑ කියන්නේ රාජ අනුහස.. පතන්නේ දෝලිය වෙන්න.. කටු මැටි පැලක හරි රජ ගාව ඉන්න ඕනේ කියන එක.. රාජ සම්පත් නැතිවට..

      Delete
  6. Replies
    1. ස්තුතියි උමේෂ්..

      Delete