Saturday, March 22, 2014

කෝපි - 09

  හදගැස්ම මොහොතකට නතර විණි. සිත් සයුරම සසල වුවා සේය. ජිවිතයේ පළමු වරටම එත් කැප්පෙටිපොළ වලව්ව ඉදිරියේදීම ඉදිරියට ගත් පය ආපිට ගැනිණි.

 " කතා කරපන් අමා.. උඹට අවුරුදු හතරක් තිස්සේ මාව මෙතැනට ගෙන්න පුළුවන් නම් දැන් උඹට කතා කරන්නත් මං උගන්නත් ඕනා ද ?? "

කුමක් කියන්න ද මට නොතේරේ. අතීතය මට අමතක නැත.

 " අමා !!! කතා කරපන් යකෝ... "

අහස ගිගුරුවේය. අහසට බිය වූ වැහි බිදු අහුරක් හිමි හිට මෝදු වෙයි.

 " තමුන්ගේ වචන වලින් කියනවා නම් අහසටවත් පොළවටවත් කරදරයක් නැතිව වුන්නු කෘෂ්ණව තමන්ට ගැලපෙන්නේ නෑ කියලා පොළවට දැනෙන පිරිමියෙක් වෙයන් කියලා මට කිව්වේ උඹ නෙවේ ද අමා ??? මිනි නොමැරුවත් ඒ ගානට දාලා මාව මැරයෙක් කරෙත් උඹ නෙවේ ද අමා ??? කතා කරපං නංගි.. "

  සසල වී ගිගුම් දුන් අහසට බයෙන් හිරි පොද එකවර මහා වැස්සක්ව ඇද  හැලිනි. ඉතින් මහා වැස්සක් ඇද හැලෙනා විටක නිහඩ ව හිදිනවා මිස තෙමි කරදරේ වැටෙන්නට කවුරුත් යන්නේ නැත. පහල පාරේ ගමන් ගත් මිනිසුන් ද එකා දෙන්නා නැවතී බලා හිදිනවා මම දුටිමි. මා නෙත් ඔස්සේ යමින් උන් තරිඳු ද එය දකින්නට ඇත.

  " මෙන්න මේක හොදට අහගනින් අමා.. මම දෙයක් කරන්න උඹට එන්න කියනවා අමා. ඒ දේට උඹ මම කියන වෙලාවට ආවේ නැත්තම් මෙච්චර කල් නොකරපු  ඒ දේවල් මගේ අතින් සිද්ද වෙයි. උඹට මං හොදින් කියන්නේ.. උඹ මාව මිනිමරුවෙක් විතරක් කරන්න එපා අමා එච්චරයි.. "

 ඉතින් ඔහු නික්මිණි. හිත තුන් තිස් පොලකට කඩා දමා ඒ නරුම මිනිහා නික්ම ගියේය.

 " කවදාහරි මාව වෙන කෙනෙකුට අප්පච්චි දුන්නොත් ඔයා මොකද කරන්නේ කෘෂ්ණ... "

 මොහොතක සුපසන්ව තිබු මුහුණ වහින්නට ඔන්න මෙන්න වගේ කළු වලාවකින් වසා ගත් කෘෂ්ණ මෙසේ කීය. කිවා නොව සපත කලේය.

 " සදසාවීට මං ආදරේ කරේ ආසාවට නෙවේ අමා.. අයිති කර ගන්න.. හැබැයි කවදා හරි සදසාවී වෙන කාට හරි අයිති වෙන්න ගියොත් තරුවක් අරන් පැත්තකට වෙන මිනිහෙක් නෙවේ අමා මම.. මම එදාට නරුම මිනිහෙක් වෙයි.. නරුම ඔව් අමා.. නරුම මිනිහෙක්.. "

 ඔහු කෙදිනකවත් එතරම් නපුරු වී සිටිනවා මම නොදුටුවෙමි. ඉතින් කෘෂ්ණගේ මිට මෙලවූ වෙව්ලන දෑතින් අල්ලා ගත් මා ඉකි බිද බිද හැඩූවෙමි.

  " අමා.. අඩන්න එපා නංගි.. මම උඹට ගොඩක් ආදරෙයි. එක මට මෙච්චරයි කියන්න බෑ.. ඒත් මේ මහා පොළවටත් අර පේන කෙළවරක් නැති නැති අහසටත් වැඩිය මම උඹට ආදරෙයි අමා.. කවදා හරි එහෙම දෙයක් උනොත් කොහේ හිටියත් උඹ එදාට මම ගාවට එන්න ඕනා.. හැබැයි එහෙම නාවොත් එදාට උඹට විතරක් නෙවේ අමා මේ නුවරටම මම නරුම මිනිහෙක් කියන වචනෙට වැඩි දෙයක් කියන්න වෙයි.. "

  ඉකි ගසා හඩන මා පපුතුරට වාරු කරගනිමින් එදා නුවර වැව රවුමේ දී ඔහු එසේ කිවා මට මතකය..

 තරිඳු දෑල බණ්ඩාරත් ඔහුගේ කළු පැහැති ජගුවර් රියත් නික්ම ගියද ඔහු ඇවිත් ගිය බවට වූ සලකුණු ගෙමිදුලෙන් මකා දමනවා සේ ලෙහෙසියෙන් සිතින් මකා දමන්නට නොහැකිය..

  එදා වැව රවුමේදී කෘෂ්ණ පැවසු දෑ මොහොතකට කලින් කැප්පෙටිපොළ ගෙමිදුලේම තරිඳු පැවසු දෑ අම්මා අප්පච්චි සිතුල අයියා ඔවුන් මෙතෙක් කල් රැක ගත් කැප්පෙටිපොළ වලව්වේ කීර්ති නාමය...

 සියල්ලම සිත තුල දෝංකාර දෙන්නට විය. මෙතෙක් කල් සැබෑම නිලමේ කෙනෙකුන් සේම සිය කාර්යයන් නිසි ලෙස ඉටු කරමින් වුන් අප්පච්චිගේ තේජසින් යුත් ප්‍රතිරූපයට මා වැනි දියණියක නිසාවෙන් කුමක් සිදු වේවිද ??

  කදුලින් පෙගී හෙම්බත්ව තිබු මගේ දෑස් එකවරම නිලංකාර වුවා සේය. සිතුල අයියා, ඒ අසලම වුන් ඩිංගිරි අම්මා , වලව්වේ ඉස්සරහම වූ ජෑම් ගහ සියල්ල එකවර වියැකීණි.

24 comments:

  1. ඔන්න හා හා පුරා මටයි අද මුල්ම කොමෙන්ටුව දාන්න තියෙන්නේ...හේ හේ සතුටින් කියන්නම් තවමත් මුල් ටික කියවන්න බැරි උන නිසා මේක මට පටලවිලා :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන්ම මුල් ටික කියප්ම්.. :/

      Delete
  2. අදත් ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
  3. ඊළඟට කොටස ඉක්මනට දාපන් මාව මිනීමරුවෙක් නොකර :D

    ReplyDelete
    Replies
    1. කෝපි නවකතාව කියවන්න වැඩි පිරිසක් නැති නිසා මෙතැනින් එහාට බ්ලෝග් එකේ දාන්නේ නැහැ :) ඔයාට ඕනේ නම් ලියපු පොත දෙන්නම් කියවන්න.. :D

      Delete
  4. සිකේකයියා මොනරි මේක හරිම ඩිංගයි නේ

    ReplyDelete
    Replies
    1. මේ පරිච්චේදය මෙතැනින් ඉවරයි දේශකයෝ.. :D

      Delete
  5. අයියෝ මොණරි, අපි කියවනවනේ නංගි

    ReplyDelete
    Replies
    1. මේක මුද්‍රණය සදහා ලියපු නවකතාවක් අක්කේ :) ඉතින් තව ගොඩක් කොටස් තියෙනවා.. සමහර විට තව ටිකක් කල් යද්දී ඔයාට එපා වෙයිද දන්නේ නෑ..

      Delete
  6. අම්මෝ සෑහෙන දවසකින් දාල තියෙන්නෙ අවුරුද්දටම එකද මංද

    ReplyDelete
    Replies
    1. මාසෙට එකයි :p ලියන්න ගියාම කම්මැලි.. අනිත් ඒවා වගේ මේක කියවන්න වැඩි දෙනෙක් නැති නිසා ලියන්න හිතෙන්නෙත් නෑ :)

      Delete
  7. අදමද මම ගොඩ වැදුනෙ මන්ද..?සින්ඩි වල නැද්ද ඔබේ බොග...?
    නිවාඩු ලැබෙන විදියට කියවන්න ඕන.
    දිගටම ලියන්න..... කමෙන්ට් ගැන නොසිතන්න.

    ReplyDelete
    Replies
    1. සින්ඩි වල නම් තිබුණා.. :)

      හරි.. ස්තුතියි..

      Delete
  8. ඔබේ බ්ලොග් එක ගැන මාතලන් හට දැන්නුව ඔහුගෙ සින්ඩියෙ එල්ලන්න කියා...

    ReplyDelete
    Replies
    1. මතක විදියට නම් මාතලන්ගේ සින්ඩියේ තිබුණා.. ඒත් අවුලක් නෑ ස්තුතියි..

      Delete
  9. මාතලන්ගෙන් පාර අහගෙන ඔන්න මාත් ගොඩවුනා. අද ඉඳන් කියවන්න පටන්ගන්නව මේ බ්ලොග් එක සහ කෝපි නවකතාව, ප්ලීස්, නොලිය ඉන්නෙපා. මමනම් දිගටම එනවා. බ්ලොග් රෝලටත් දාගත්තා..

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා.. කෝපි නම් දිගටම ලියන්න බලමු.. එහෙම නැති වුනත් පොත එලි දැක්කුවම pdf එකක් දාන්නම්කො :)

      Delete
  10. සඳසාවි හ්ම්ම්ම්ම්ම් මම හරිම ආසා කරන වචනයක් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ නමේ අමුතු ලස්සනක් තියෙනවා.. :)

      Delete
  11. මේකනම් නියමයි 10 ය කවදද දාන්නේ .........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. 10 ම්ම්ම් බලමුකෝ 10 දාන්න :)

      Delete
  12. කෝ මේකේ ඉතුරු ටික??? මෙතනින් ඉවර නෑ නේ???

    ReplyDelete
    Replies
    1. ඉවර නම් නැහැ.. ඒත් ලිව්වේ නැහැ මෙතනින් එහාට බ්ලොග් ඒකට..

      Delete