Sunday, March 9, 2014

තිත්ත මල්..


   සිතල හිරිකඩ හැම පැත්තෙන්ම කිට්ටු කරගෙන එද්දී ගෙදරට වෙලා ඉන්නත් කම්මැලි නිසා මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දි මොණරා ගමනක් යනවා කිව්වා නිසා මාත් එනවා කියලා පැනගෙන ගියේ එන ගමන් අතර මග තියෙන පොත් කඩේකින් කියවන්න පොතක් දෙකක් හරි උස්සන් එනවා කියලා හිතාගෙන..

    එහෙම ගිහින් මොර සූරන වැස්සේම තෙමි තෙමි පරිස්සමට අරන් ආව පොත් දෙකක් එකක් තමා ප්‍රියංකාගේ  " තිත්ත මල් " පොත.. පුරුද්දක් විදියට ඉස්සර ඉදන්ම මල් නවකතා කියවන්න මගේ හිතේ මහා අපුලක් තිබුණා. එත් නවකතා ගොන්නට අයිති රාක්ක වල දාලා තිබුණා ට ප්‍රියංකා අමරතුංග ගේ පොත් මගේ හිතට ගෙනාවේ වෙනස් ම හැගීමක්.

     ඒවායේ මල් ගස් වටේ දුවන, බොලද කතා කියන, රටේ නැති බලු පැටවූගේ පුස් පැටවූගේ නම් ආදරේට කියන දෙවි දෙවතාවරු වගේ හැගීම් තියෙන චරිත මට අහු වුනේ නෑ.. අන්න ඒ නිසා ප්‍රියංකගේ පොතක් හිතේ සැකයක් නැතිව කියවන්න පුළුවන්..  භාෂාව වුනත් හරිම සිත් ගන්නා සුළුයි.

     ප්‍රියංකගේ නවකතාවක් මන් මුලින්ම කියෙව්වේ මන් සාමාන්‍ය පෙළ කරන අවදියේ ඒකාලේ රිවිර පත්තරේ කොටස් වශයෙන් ගිය කුමාරිහාමි නවකතාව.. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ කුමාරිහාමි නවකතාව පොතක් විදියට කොටස් දෙකකට එලි දැක් වුනාම ඒ පොත් දෙක ගෙදර ගෙනාව දවසේ ඉදන් මේ වෙනකම් මං මගේ පොත් එකතුවෙ තියෙන පොත් වලින් වැඩියෙන්ම කියෙව්ව පොත තමා කුමාරිහාමි..

    කුමාරිහාමි නවකතාවෙන් පස්සේ රිවිර පත්තරේට ප්‍රියංකා ලිව්ව තිත්ත මල් නවකතාවත් එක ඉවර වුනායි පස්සේ මේ දවස් වල යන මේ වසන්තයයි  නවකතාව හිතට ගෙනාවේ, ගේන්නේ අපුරු ආස්වාදයක්.

      මොහොතකට කලින් කියවල ඉවර වුන තිත්ත මල් පොත පැත්තකින් තියද්දි හිතට ආපු අපුරු සිතුවිලිත් එක්ක හිතුනා ඒ සිතුවිලි අකුරු කරන්න ඕනේ කියලා..

    පුංචි කාලේ ඉදන් ටික ටික වැඩෙන කොට ගෑනු දරුවන්ගේ හිත් වල තමන්ගේ අනාගතේ ගැන අපුරු විවිධාකාර හීන ඇති වෙනවා.. ඒවා සමහර වෙලාවට මේ ජිවිත කාලේ දී හැබෑ කර ගන්න පුළුවන් වෙනවා වගේ සමහර ඒවා අපිත් එක්කම වැළලිලා යනවා.. ඒ විදියට පුංචි කාලේ ඉදන් මාත් හීන දැක්ක වන ගත වෙලා අසපුවක ජිවත් වෙන්න.. ගහ කොළ එක්ක තියෙන අපුරු සබැදියාව එක්ක නිස්කලංක පරිශ්‍රයක සරල ජිවිතයක් ගත කරන්න හිතේ නිහඩ වුවමනාවක් තිබුණා. ඒ හීනය වයසත් එක්ක ලියලුවා මිසක් දුරස් වීමක් සිද්ද වුනේ නෑ..

       මේතා , දාරි , සුලක්ඛන අතර චරිතයක් වෙන්න ඕනේ නැති වුනත් මගේ සිතුවිලි අතරෙත් තවත් එක් සුලක්ඛන කෙනෙක් උන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක්..

    හිත දොඩමලු වෙන වයසත් එක්ක හිත එක එක නවාතැන් වල නවතන්නේ නැතිව සුලක්ඛන කෙනෙක් එනකම් බලාන වුන්නු අතීතයක් තිබුණා.. පුහු ආටෝප වලින් මාන්නයෙන් තොර මිල  මුදල් වලින් හිස උදුම්මවා නොගත්තු ජිවිතය මාත් එක්ක තමන්ගේ මුළු ආයු කාලය පුරාම ගත කරන්න පුළුවන් වන අසපුවකට විතරක් නෙවේ ලෝකේ කෙලවරට හරි මන් එක්ක යන්න එන්න පුළුවන් චරිතයක් මට හමු වෙනකම් මන් බලන් උන්නු අතීතයක් තිබුණා.

   ඔහුත් ප්‍රියංකාගේ තිත්ත මල් නවකතාවේ සුලක්ඛන වගේ වෙන්න ඕනේ කියලා නෙවේ මං කියන්නේ, වන වැදිලා, තමන්ම වියා ගත්තු දල රෙදි වලින් සැරසීගෙන භාවනා කරන්නවත් වනය ඇතුලේ වෙද අසපුවක් පිහිටුවාගෙන රෝගීන්ට සාත්තු සප්පායම් කරන්නවත් ඕනේ කියලා නෙවේ මන් කියන්නේ නැහැ .

      ඔහු සුලක්ඛන වගේ  අසීමිත වුනු මනුස්ස ගුණාංගයන්ගෙන් පිරිපුන් විය යුතුයි සේම පොළවේ පය ගසා ජිවත් වෙන චරිතයක් විය යුතුයි කියැයි මගේ අදහස වුනේ..

    පාසල් කාලේ තමන්ගේ හීන ලෝක වල ජිවත් වුනු පිරිමි ළමයින් ගැන මගේ යාලුවෝ මට කියද්දී මගේ හිතේ තියෙන රූපෙ ගැන දැනගත්තාම  " ඔය කියන ජාතියේ පිරිමි එක්කෝ දැන් මැරීලා නැත්තම් තාම ඉපදිලා නෑ බන්.. " කියලා මගේ සගයෝ මට හිනා වෙද්දීත් මගේ අදහස් වෙනස් කරන්න මට හිතුනේ නෑ..

   දැන් කාලේ ඉන්න කාර්ඩ් බෝර්ඩ් චරිත අතරේ මගේ හීනෙ මට ගොඩක් වටිනවා කියලා මං දැනන් උන්නා..

       සොබාදහමේ කොටසක් වන් වුනු තමන්ම වියා ගත්තු රෙදි අදින තමන්ම වවා ගත්තු ආහාර අනුභව කරන ස්වස්තික කියන අපුරු ලාංකික මිනිසා එක්ක විවාහ වෙලා ලංකාවට එන ඉන්දියානු යුවතියක වුනු මේතා පසු කලක සුලක්ඛන නම් වුනු තමන්ගේ දරුවා එක්ක වන ගත භාවනා යෝගී ජිවිතයක් ගත කරන ගමන්ම වෙද අසපුවක් තනාගෙන තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු වෙදකමෙන් අසරණ රෝගීන් සුවපත් කරන ආකාරයත් ඒ වටා ගෙතුණු චරිතත් ගැන කියන තිත්ත මල් නවකතාව එයට තිත්ත මල් යනුවෙන් නම් තබන්නට හේතුවත් හරි අපුරුවට පැහැදිලි කරනවා..

     වර්තමානයේ නගර බද ජිවිත ගත කරන බොහෝ දෙනෙක් තිත්ත මල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති තරම්..

   හදවතින්ම ශ්‍රී ලාංකිකයි කිව්වට තමන්ගේ රටේ පෑලෑටියක් අදුරන්නේ නැති ලාංකික කමින් ඇති පලේ කුමක්ද කියන එක මට නම් ගැටළුවක්.
 
    මං කියන්නේ නැහැ මන් ඒ හැම පෑලෑටියක්ම දන්නවා කියලා.. ඒත් නගරයේ තියෙන උසස්ම පාසලට යවලා උසස්ම අධ්‍යාපනේ දුන්නට මගේ අම්මා මාව අද වෙනකම් ගම්බද පරිසරයෙන් ඈත් කරන්න උත්සාහ ගත්තේ නැති එක මට ආඩම්බරයක්..

      එකෙන් ගමේ ගොඩක් ගහ කොළ එක්ක දොඩමලු වෙන්න මට පුළුවන් වුනා වගේම සල්ලිකාර පුහු මානසිකත්ව වලින් පිරිණු එක එක සහතික ගොඩ ගහා ගත්තු කොළඹ සමාජයේ හිස් ඔලු ගෙඩි අතරින් එකෙක් නොවෙන්නත් මට වාසනාව ලැබුණා..

     ඒ වාසනාවේම අතුරු පලයක් වගේ තිත්ත මල් ඇසුරේ ජිවත් වෙන්න හම්බුනේ. මං උපන්න දවසේ ඉදන් මන් තිත්ත මල් එක්ක දොඩමලු වුනා කිවොත් එය මුසාවක් නෙවේ..  අපේ ගේ ඉස්සරහින් තියෙන බැවුමේ තිත්ත මල් යායක් ඒ කාලේ ඉදන් තියෙනවා. උදේ පාන්දර ස්කොලේ යන්න බස් එක එන කම් කොළ පාට බැවුමේ සිවුරු පාටින් දිලිසෙන තිත්ත මල් උඩ පිනි බිදු නලියන හැටි බල බල උන්නු අතීතයට තිත්ත මල් නවකතාව මාව ආයේ ගෙනියනවා..

   ප්‍රියංකා අමරතුංග මගේ හිත අකුරු කරපු එක ගැන පුදුමයි. හැබයි සතුටුයි..
   
  කියවපු පොත් වලින් අපුරු මතක සටහන් ගොන්නක් නැවත සිහි කැන්දු පොතක් විදියට තිත්ත මල් හදුන්වන්න පුළුවන්.

    හැබැයි තිත්ත මල් , මීදුමෙන් වැහිනු පරිසරය , වන අසපුව , නිස්කලංක ජීවිතය , නිහඩ සරල ලෝකයක් ,  මමයි මං ලියන සිතුවිලි , මගේ ලෝකේ සුලක්ඛන.. ඒ හැම දෙයක්ම පොතක් අස්සේ ගෙවෙන මතක ගොන්නක් විතරක් නම් නෙවේ.. ඒක මිදුම අස්සේ වියැකෙන හීනයක් වෙන්නේ නම් නෑ.. ඒක තවත් එක් දවසක සැබෑ වෙන යථාර්තයක් වෙයි කියලා මන් දන්නවා.. විශ්වාස කරනවා..

  " සමන් පිච්ච මල් සුවද දුරට දැනේ.. සෑදෑ හිරු රැස් වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරෙකුගේ තෙලි තුඩින් ඇදි සිතුවමක් පරිද්දෙනි. මේතා ට තම සැමියා සිහි විය. තමාත් , ස්වස්තිකත් අධ්‍යාපනය ලැබූ ජවහර් ලාල් නේරු ෆයින් ආට්ස්  විශ්ව විද්‍යාලයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව අපුරුවට සිතුවම් කර තිබුණු අයුරු ඇයට සිහි විය.

   මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපුරුවට සිතුවම් කර තිබිණ. 

    ප්‍රදර්ශනය නැරඹු යෙහෙලියන් තමාට විහිළු තහළු කල ආකාරයත් , බොරු කෝපයක් මවා පෙන්නුවද තාම සිත තුල උද්දාමයක්  ඇතිව තිබු ආකාරයත් මේතා ට අද මෙන් මතකය.

    කපු පිළියෙන්  පමණක් සැරසී සිටින ගෙල දක්වා වැඩි ඇති අපුරු කොණ්ඩයකින් යුත් ස්වස්තික පිළිබදව තම සිත ඇදී ගියේ ඉන් පසු විය යුතුය. ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව දැන ගත් පසු ඔහු පිළිබද උනන්දු වන්නට තම සිත වඩාත් ප්‍රිය කලේ මන්දැයි ඇයට නොවැටහුණ. 

   ' ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තුරේ ඇන්දේ.. ? '

 ' මම චිත්‍ර ශිල්පියෙක්. ඇහැට පේන සුන්දර දෙයක් අදින්න මට අවසර ගන්න ඕනා නෑ.. '

' සුන්දර දෙයක් .. ? ස්වස්තිකට මාව පෙන්නේ සුන්දර විදියටද... ? '

තිත්ත මල්

 

22 comments:

  1. බලමු මේ වෙනකං කියවල නං නෑ... ප්‍රියංක අමරතුංගගෙ 1ක් 2ක් කියවලා තියේ... මල් කියල කියන්න අමාරුයි... පොඩි ගතියක් තියේ...
    අර ඔයා කියනව වගේ පොඩි අභව්‍ය ගතියක් තැනක දෙකක තියේ..
    බලමුකො මේකත් අරං කියවලා

    ReplyDelete
    Replies
    1. කියවල බලන්නකෝ.. අපුරුවත්ය දැනේවි.. :)

      Delete
  2. ප්‍රියංකා නෝනගේ කුමාරිහාමි නවකතා පොත ඒ කාලේ පුස්තකාලේදි තිබිලත් මම කියවලා නෑ..
    කියවලා බලන්න ඕන. හැබැයි ඉතින් දැන් නම් පොත් කියවන්ඩ වෙලාව අඩුයි !

    ReplyDelete
    Replies
    1. කුමාරි හාමි නවකතාව තමා මන් දැකපු ලස්සනම නවකතාව..වුවමනාව තියේ නම් වෙලාව හදා ගන්න පුළුවනි මදුරංග.. :)

      Delete
  3. Phone eken hinda sinhala kotanna baa ban, chrome eke awlak dan eye pereda idan..

    Me nawakathawa kiyawannei kiyala me wachanaunaen denne podi pahe thalluwak nam newei, harima apuurui wagema umba liwwa me wage satahan atharen hondama eka meka thamai ( kathandarawala kotas widiyata palawena ewaa arunaama) nawakathawak gena paatakayata dena thalluwakata wadaa meka aathmiiya prakashanayak wagei, sinhala nathath engrisi akuren hari me tika kotala yannama one kiyala danune eakai..

    Suddage sinhalen ketuwata samaweyan! Me tika nokiya yanna hari lap eken enakan parakku karanna hari hitha hadaganna bari una!

    ReplyDelete
    Replies
    1. ඔහොම හරි ලබා දුන් අගය කිරීමට ස්තුතියි බන්.. :)

      උබේ අගය කිරීම මට දිරි ගැන්වීමක්.. :)

      Delete
  4. මේ පොත කියවලා නෑ.. හැබැයි ගොඩක් වෙලාවට මම ආදර නවකතා කියවන්න් අකමැතියි ..මොකද බොහොමයක් ඒවා බොළඳ කමේ උපරිම ..පිටු දෙකක් තුනක් කියවනකොට එපාවෙනවා ...ඉතින් පොත් කියවීම එතනින් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. මේ පොත නම් ඒ ආදර නවකතා තරම්ම බොලද නෑ :)

      Delete
  5. මාත් බොළඳ නවකතා කියවන්න කැමති නෑ. මේ පොත කියවලා නෑ. කියවන්න හොයා ගන්න ඕන.

    ReplyDelete
  6. ඉහි ඉහි.. පොතක් බලපු කාලයක් මතක නෑ....

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව කම්මැලි කමද වුවමනාවක් නැති කමද :p

      Delete
  7. මේ පොත මමත් කියවලා නෑ.. හොයාගෙන කියවන්න පුංචි උත්සාහයක් ගන්න ඕනේ කියලා හිතුනා ...

    ReplyDelete
  8. නිවාඩුවක් එනකම් මේවා හොයාගන්න බැහැ. මේ දේවල් ගැන යමක් ලියන එකත් අගය කරනවා.

    ReplyDelete
  9. ඒ දවස්වල පත්තරේ යනකොට මමත් මේක කියෙව්වා! ඇත්තට ම ලස්සණ කතාවක්. උඹ කියවලා තියෙනව ද චන්ද්‍රසිරි දොඩන්ගොඩගේ "සතී" නව කතාව? ඒකත් මේ වගේ කාලෙකට කලින් දිවයින පත්තරේ මීවිත අතිරේකයේ පළ වුණා. පුළුවන් නං හොයාගෙන කියවපන්. අමුතු ආදර කතාවක් :) ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, සති ඒ කාලේ මාත් ආසාවෙන් කියෙව්වා පොඩි වුනාට.. ඒක ලස්සන කතාවක් තමා... ස්තුතියි... :)

      Delete
  10. නිර්මාණ හැකියාව ඇති ඉහලයි. පොඩි බොළඳ බවකුත් තියෙනවා නමුත් බොළඳ බවක් නැති ආදරයක් හෝ ආදර කතාවක් කියන්නේ එන්ජිමක් නැති වාහනයක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඇත්ත කතාව.. බොලද බවක් නැති ආදරයක් හරියට එන්ජිමක් නැති වාහානයක් වගේ.. :)

      Delete