Wednesday, March 26, 2014

නුඹ..


සිත රවටලා
නුඹ දුරක ගියා
මා ලගටම ඇවිත් හිනැහිලා
මට නොකියාම නුඹ ඈතට ගියා

පාට පාට හීන පොකුරු
එකට අමුණලා
ගෙවූ අතීතය
දැන් හීනයක් වෙලා

ආයෙත් එනවාමයි කියලා
නුඹ ගියාට මසිත රිදවලා
දුර ඈත සුළග මට කියනවා
නුඹ දැන් වෙනස් කියලා 




26 comments:

  1. දවස ගානෙ චැට් නොකරනවා නම් ...අනිවා එහෙම හිතන්න.....
    මං නම් දවසට පැය අයක්ම chating තමයි....... :) :)

    ReplyDelete
    Replies
    1. චැට් විතරක් කරලා මදිනේ කෙන්ජි අන්කල්.. ඉගෙනීම කරන්නත් ඕනේ නේ.. එයාලා එහෙම හිතනකොට අමතක වීම් සිද්ද වෙනවාලුනේ.. පරිසරයත් එක්ක..

      කෙන්ජි අංකල් කා එක්කද අෆ්ෆේ පැය 8ක් චැට් කරන්නේ.. :D

      Delete
  2. සමහරවෙලාවට සුළඟටත් වරදින්න පුළුවන්. මට හිතෙන්නෙ එහෙමයි.

    කෙන්ජිවත් අඳුනගත්තනම් හොඳයි. ගිහින් එන්නම් ඒ පැත්තට.

    ReplyDelete
    Replies
    1. සුළග - තොරතුරු :)

      ඔව් ඇත්ත ඒවා වැරදි වෙන්න පුළුවන්.. එත් හැසිරම අනුවත් හිතා ගත හැකි නේද..

      කෙන්ජි අන්කල්ගේ බ්ලෝග් එක නම් මාත් මුල් කාලේ ඉදන් කියෝනවා comnt කරේ නැති වුනාට.. :) ඔයාත් ගිහින් එන්නකෝ මනොෂ්..

      Delete
  3. මං නං හිතන්නේ මේ කවි වල කිසිම වැඩක් නෑ කියලයි. කියන්න තියෙන එක කෙලින් කියල දාන එක නියම කවි නිර්මාණයක් විදියට සලකන්න අමරුයි. ලස්සන උපමා ගැලපෙන විදියට දාලා අළුත් සිතුවිලි එක්ක තමා කවි ලියන්න ඕන. ඒ වගේම කවි ලියන්න නං හොද දැනුවත් වීමක් අවශ්‍යයි. දැං ඔය මං එහෙම කතා ලියන්නේ.. ඒවා නං වැඩි අමාරුවක් නැතිව ලියන්න පුළුවන්. ඒත් කවි එහෙම ලියන්න අමාරැයි. මේ විදියට හරි ලියන්න. වැඩි පුර කියවන්න. මොනරි අපහසුතාවට පත් කලා හෝ අධෛර්යයට පත් කරන්න නෙමෙයි කිව්වේ.. හරිනේ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මන් අපහසුතාවටය නම් පත් වෙන්නේ නෑ :) දේශකයා කියන්න තියෙන දෙ කෙලින් කිව්වා එක හොදයි.. :)

      කවියක් කියන්නේ එහෙම රාමුවකට කොටු වුනු දෙයක් නෙවේ දේශකයෝ.. " කාව්‍යo රසාත්මකo වාක්‍යo" හෙවත් කවිය යනු රසාත්මක වාක්‍ය යයි කියලා කියමනක් තියෙනවානේ.. ඒ වගේම හොදම වචන හොදම ආකාරයට ගැලපීම කවිය කියලත් සංකල්පයක් තියෙනවා.. එත් නියම කවිය කියන්නේ මේකයි කියන්න තරම් නියම නිර්වචනයක් අපි අතර තාම නැහැ..

      ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කෝමල රේඛා පොතට අනුව නම් කෙනක්ගේ හදවතට ගැලපෙන්න වචන ගලපා ලියන නිර්මාණයක් ලෙස කවිය ලෙස හඳුන්වන්න පුළුවන්..

      මේ අනුව බලන්න දේශකයෝ :
      * අකුරට යනවයි කියලා
      ටිකිරි අයියා බැදිවලමයි
      ඉන්නකෝ මං ගුරුගෙදරට ගිහින් කියන්නම්
      ගිහින් කියලා මේ බැද්දේදී අල්ලලා දෙන්නම්

      * සේසත් නංවා
      සේමරද සොලවා
      කරඩුව සදලා ගජ යානේ

      දුරුතු පොහෝදා
      කැලණි විහාරේ
      පෙරහැර යනවා කැළණි විහාරේ

      උදාහරණයක් විදියට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේම කවි දෙකක් මේ තියෙන්නේ.. එකිනෙකට වෙනස් වුනත් දෙකම හදට දැනෙන කවි.. කොහොමද එහෙනම් කවියක් මෙහෙම වෙන්න ඕනේ කියලා තැනකට කොටු කරන්නේ..

      මන් ලිව්ව් කවිය තුලත් උපමා රූපක තියෙනවා දේශකයෝ.. එය දේශකයාට නොත්රුනද මන්ද..

      ඔව් කවි ලියන්න හොද දැනුවත් වීමක් අවශ්‍යයි.. එය මා පිලි ගන්නවා.. එය දේශකයා කිව්වේ මට නම් මං ඒ ගැන මෙහෙම පැහැදිලි කරන්නම්.. :) මා වසර 7ක් තිස්සේ කචිය හා සාහිත්‍ය පිළිබද හදාරා තමා අවසානයේ මන් මගේ කවිය නුඹ කියන නිබන්දනය එලි දැක්වූ වේ,. නමුත් මම ඒ තුල ප්‍රවීනයෙක් කියා මම කියන්නේ නැහැ.. වැඩුණු ගහක් නොවුනත් මම යම් ස්ථාවරයක ඉන්න පැළයක් කියා මට කියන්න පුළුවන්.. ඒ ස්ථාවරය මට ලැබුනේ සාහිත්‍යය පිළිබද දැනුමෙන් සේම හැකියාවෙන් පිරිපුන් වූ මගේ පියාගෙන් මට ලැබුණු ජාන වලින්..

      ඒ වගේම කවි වල සදැස් නිසදැස් යනුවෙන් දෙවර්ගයක් තියෙනවා.. යම් කිසි රාමුවක් තුල ඉදගෙන ලියන ඒවා සදැස් ලෙසත් , නිදහසේ ලියනා සිතුවිල්ලක් නිසදැසක් කියන්න පුළුවන්.. ඉතින් දේශකයෝ මෙය නිසදැසක්..

      ඔව් තාමත් මන් ඒ ගැන හදාරනවා.. සාහිත්‍ය හා රසාස්වාදය යනු ජිවිත කාලයක් තුල හදාරා නිම කල හැකි විෂයක් නොවේ.. :)

      Delete
    2. ස්තුතියි විස්තරේට..

      Delete
    3. වෙල්කම් දේශකයෝ..

      Delete
  4. මේ ටිකේ හොඳ කවි සිතුවිලි පහළ වෙනවා වගේ :) ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ලගකදී ලිව්වා ඒවා නෙවේ තුෂානි අවුරුද්දකට විතර කලින් ලිව්වා ඒවා.. :) ස්තුතියි..

      Delete
    2. අවුරුද්දකට විතර කලින් ලිව්වා ඒවා කියන්නේ,මේවා එතකොට කොහේද අප්පා මේවා ලියලා තිබ්බේ.

      Delete
    3. ලියලා තිබ්බේ කවි පොතේ.. :D

      Delete
  5. හ්ම්ම්... ආයේ ඒවි නෙහ්..
    ලස්සන කවි සිතුවිල්ලක් මිස් කළුපහන... :)

    ReplyDelete
    Replies
    1. ඒවි ඒවි.. එහෙම හිතමු නෙහ්..

      ස්තුතියි මදුරංග අය්යේ.. කොහෙන්ද මගේ වාසගම හොයා ගත්තේ.. :D

      Delete
  6. සුළඟ කියනවනම් හරි ඇති ..මිනිස්සුන්ට නොපෙනෙන දේ සොබා දහමට පේනවා

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට නොපෙනෙන දේ සොබා දහමට පේනවා.. හ්ම්ම් එක හැබෑව.. :)

      සොබාදහමට ඉව තියෙනවා ඉවාන් අය්යේ :)

      Delete
  7. දැන් එක දිහටම බ්ලොග් එකේ වගේ වැඩ ":D

    ReplyDelete
    Replies
    1. යා යා :D ලියාගෙන ලියාගෙන යන්න හිතුනා :D

      Delete
  8. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැති දෙයක් තමයි ඔය රැවටිලිකාර සිතයි,මායාකාර ඇසුයි...:)

    ReplyDelete
    Replies
    1. හෑ මක් කිව්වා :o තේරුන් නෑ.. o.O

      Delete
    2. මෙන්න මේකයි මොණරියේ,අපි හැම තිස්සෙම අපේ හැගීම් වලට වහල් වෙනවානේ හුගක් වේලාවට නංගියෝ.ඉතින් අපි කොයි තරම් පඩම් ඉගෙන ගෙන ඇතිද ඔය හැගීම් වලට වහල් වෙලා.එත් හැමදාම අපි අපේ හිත රවටා ගනිමින් ක්‍රියා කරනවා.(හැමෝම එහෙම නොවුනත් මම ඇතුළු හුගක් අය එහෙමයි)

      අනික ඇස් දෙක අපේ හිත් රවටන ලොකුම අවයවය ශරීරය තුල තියෙන.මම කොයි තරම් රැවටිලා ඇතිද ඔය ඇස් වලට.විශේශයෙන්ම ලොකු ඇස් වලට.

      Delete
    3. හ්ම් හ්ම්ම් ඒක ඇත්ත..

      ලොකු ඇස් විතරද ?? ඇයි පුංචි ඇස් නරක ද ??

      මනෝජ් අයියා කාගේ ඇස් වලට ද රැවටුනේ එතකොට :p

      Delete
    4. පුංචි ඇස් නරක නැහැ.එත් මම හුගක් රැවටුනේ මයාකාර ලොකු ඇස් වලට ඒ ඇස් ගැන ලියලා ඇති මගේ බ්ලොග් එකේ...:(

      Delete
    5. ඇස් කීයකට විතර රැවටිලා තියේද ?? ගිහින් කියෝලා බලන්න ඕනේ.. :D

      Delete
  9. මේ කවිය නම් ගොඩක් හිතට දැනුණා..... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු අක්කේ.. :)

      Delete