Thursday, March 27, 2014

නමක් නැති කවියක්..

හිතට එන පද
ඔහේ ගලප ගලපා
මම ලියන කවි
කියවා නුඹ

ඈත දුරක
යව යවා
රවටා ගත්තාට හිත

කිවිදිය මම
කවි රටා ගොතන
නුඹට නොව ඔහුට

පෙම් කතාවක් වුව
යවන්නට බෝ දුර
නුඹ රටා බැන්දට
හිත් පාමුල

කිරට හඩන
පුංචි පුතු නිදි
කරව කරවා
මටයි පන්හිදටයි
තනි රකින ඔහු
මගේ පෙම් කතාවයි
නුඹ නොදන්නවා වුනාට

19 comments:

  1. ෂා .... සිම්පල් ලස්සන සිතිවිල්ලක්.....
    දරුවන් ඇති අම්මලාට සිතින් ලව් කරන පිස්සො කොතරම් ඇත්ද මෙලොවේ......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි අංකල්..

      ඒකනේ.. සිතින් විතරක් නෙවේ දරුවෝ ඉන්න අම්මලාට කෙලින් කියා කියා කරදර කරන පිස්සොත් ඉන්නවා..

      Delete
  2. //මටයි පන්හිදටයි
    තනි රකින ඔහු//

    මෙන්න නියම අදහස්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.. :)

      Delete
  3. වටිනා නිර්මාණයක්. සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ්.. :)

      Delete
  4. නියමට ලියලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු :D

      Delete
  5. අදහස නම් පට්ට !!!
    ඔයාගේ කවි සිතුවිලි ගින්දර ඈ..

    ReplyDelete
    Replies
    1. හේ හී :D ස්තුතියි ඈ.. :D

      Delete
  6. හ්ම්ම්... අසම්මත සිතුවිල්ලක අපූරුව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩි අයියා.. :)

      Delete
  7. මේක දැක්ක ම මට මතක් වුණේ "අහසට සොඳුරු ද සඳ කෙතරම්" සින්දුව! තව දෙයක් මතක් වුණා. @ රහසින් : ප්‍රංශ කතාවක්. උඹට තේරෙන්න ඇතිනේ මම කියපු දේ ^_^

    ReplyDelete
    Replies
    1. එක ලස්සන සින්දුව නොවැ.. :D

      @රහසින් : අෆ්ෆේ තේරුණා තේරුණා.. :D ඒ උනාට ඒකට නම් සිංහලෙන් ලියලා වැඩක් නැනේ.. උබ දන්නවනේ සිංහලෙන් කිව්වම මොකෝ වෙන්නේ කියලා... ;) අනික මොන භාෂාවෙන් කිව්වත් තේරුම් ගන්නෙත් නැනේ.. :v

      Delete
  8. ලස්සන අදහසක්.

    ReplyDelete
  9. ලස්සනයි ඔබගේ පබැඳුම!! අන් සතු ළඳකි මෙමා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන අංකල්.. :)

      Delete