Sunday, March 30, 2014

මොණරිට දැන් අවුරුද්දක්...

     වසර තුනක පමණ පුංචි දැරිවියක් ඇයගේ සියාගේ ගෙදර තිබුණු සෝෆා එකක් උඩ නැගගෙන කකුල් දෙකත් උඩ තියාගෙන ඉරිදා සිළුමිණ පත්තරේ පිටුපස පිටුවේ යන චිත්‍රකතාව කියවයි. ඇය අසලම මොහොතකට පෙර ගසින් කඩා ගත් ලොවි ගෙදරින් අහුරකුත් ලාවුලු ගෙඩි තුන හතරකුත් පුංචි දොඩම් ගෙඩි පහ හයකුත් ඇත.
 
    අසල ඇති පළතුරැ වලින් ලොවි ගෙඩියකුත් කටේ රුවා ගනිමින් ඇයටත් වඩා බර සිළුමිණ පත්තරේ ඔසවාගෙන කියවන ඇයට අවට ලෝකය ගැන නම් නිනව්වක් නැති සේය..

 " සුමාලි.. බබෝ එන්න.. " ඒ අල්ලපු ගෙදර කුරුළු අක්කය..
 
 " සුමාලි පුතේ.. කුරුළු අක්කා මොන්ටිසොරිය පටන් ගන්නයි යන්නේ.. ඉක්මනට යන්න.. ඇවිල්ලා බලන්න පුළුවන් නේ ඕක.. "

   තුන් හැවිරිදි ඇය නමින් සුමාලිය.. අල්ලපු ගෙදර කුරුළු අක්ක තුන් හැවිරිදි මේ පුංචි දැරිවියව ඇයගේ මොන්ටිසොරිය කැදවාගෙන යන්නේ ඇය මොන්ටිසෝරි යා යුතු වයසක සිටින නිසා නම් නොවේ.. වයසටත් වඩා පණ්ඩිත වැඩ කරන මේ හුරුබුහුටි පුංචි දැරිවියට ඔවුන් ආදරය කල නිසාය..
 
                           



    ආච්චි මම්මාගේ වදනුත් සමග මිටින් හල කුරුළු පැටවකු සේ දිව යන්නේ  අල්ලපු ගෙදර යි ආච්චිමම්මාලගේ ගෙදරයි වෙන් කරන පුංචි ඇලේ ඒදන්ඩ උඩින් එක හුස්මටය..

     " හෙමින් දරුවෝ.. හෙමින්.. කවදාවත් හෙමින් ගමනක් නැති හැටි.. කවදාහරි වැටිලා තමා නතර වෙන්නේ..  නිලූ ඕන්න ආවෝ.. සුමනා ගිහින් පොඩ්ඩක් බලන්න බබා ගියද කියලා.. " ඒ මොන්ටිසෝරියට දිව යන පුංචි දැරිවි එදන්ඩ මතින් වැටේවි යයි බියට කලබල වන ඈගේ ආච්චි මම්මා ය.

   නිලූ නම් කුරුළු අක්කය.. පුංචි සුමාලිගේ සියුමැලි කොන්ඩ කැරලි ටික එකතු කොට එකතු කොට හිස මතින් පුංචි කුරුල්ලෙක් සේ කොණ්ඩය උඩට අහුරක් බදින්නේ හැමදාම නිලූ අක්කය.. ඉතින් ඒ නිසාම ඇය සුමලිට නම් නිලූ ව නමින් කුරුළු අක්කා වුනාය.. සුමනා නම් ආච්චි මම්මගේ නිවසේ සේවිකාවයි.. පුංචි දැරිවියගේ පස්සෙන් දිව යාම ඈගේ රාජකාරියේ එක කොටසක් වුවා සේය.. :D

    මොන්ටිසොරිය ලාබාල දැරිය ඇය වුවද කුමාර රෝදය නම් ඇගේ හෝඩි පොත ඇයට කට පාඩම් ය. මොන්ටිසොරියේ අක්කලා අයියාලා කුමාර රෝදය ඉගන ගන්නා විට කම්මැලි කමින් වට පිට බලන ඇයට කුරුළු අක්කගේ මල් වගාවට වහලා ඉන්න පැණි කුරුල්ලෝ.. පාට පාට සමනල්ලූ , දොඩම් ගහේ ගෙවල් හදන සුටික්කෝ බල බලා වුන් ගැන හිතට හෙන දේ ලිවිම ඇගේ සිරිතය.

    හැබැයි ඒවා කියවන කුරුළු අක්කා හැමදාම කියන්නේ පත්තර කියවලා වැඩි කමට පුංචි ඒකිගේ පණ්ඩිතකමත් වැඩි දැන් කියලය.. පත්තර කියවීමේ ප්‍රථිපල කෙසේ වුවද පුංචි කමට වුව අවුරුදු පහේ හයේ අක්කල එක්ක හරි හරියට සෙලින්කෝ දැනුම මිනුම තරගේට ලියා පලවෙනියා වෙන්නට තුන් හැවිරිදි පණ්ඩිත කෙල්ලට හැකි වුනාය.. ඒ ද සෙලින්කෝ ඉතිහාසයේ වාර්තාවක් තබාය.. :D

   

 

   ඉතින් ඉන් පසුව අවුරුදු පහේ ඉදන් අම්මත් එක්ක පිරිවෙනේ තිබුණු ජපන් මොන්ටිසෝරියට යන කාලේත්
අම්මා මොන්ටිසෝරිය ඉදන් වඩාගෙන එනකොට අම්මාගේ අතේ ඉදන් කියවපු පි පි තාරා පත්තරේ ඉදන් ලොකු වෙනකම් ගෙදරට ගෙනත් දුන්නු පත්තර තොගේ වෙනුවට මුදල් තැන්පතුවක් දැම්මා නම් අද අඩු වයසින්ම කොටිපතිනියක් වන්නට තිබුණා ය.



      ඒ කාලේ ඒ ගෙන පත්තර කියවා ඒවායේ නිර්මාණ පිටු වලට ලියපු නිර්මාණ යවපු අපුරු අතීතයක් නම් තිබුණාය. තාමත් ඒ නිර්මාණ අම්මාගේ අල්මාරියේ තැන්පත් කර තියෙන බැව් මම එනම් සුමාලි දනී..

  :D මොහොතකට කලින් කියපු සියාලගේ ගෙදර ගිහින් දග කරන පුංචි සුමාලි නම් මමයි.. :D ගෙදර අය සේම නෑදෑයන් ද පුංචි කාලේ ඉදන් මා අමතන ආදරණිය නම සුමාලි..

  ඉතින් ඒ කාලේ පටන් ගත්තු ලිවීමේ පුරුද්ද වයසින් වැඩි වෙද්දී නම් ටිකෙන් ටික අඩාල වන්නට විය. 9 වසරේ දී එනම් අවුරුදු 14 වෙද්දී නම් කවුරුත් මං ලියන ඒවා කියවාවි බියට ලිව්වෙම නැත. කවි එකක් දෙකක් ලිව්වා මිසක ඒවා ලිව්වේ ද හොරෙන් ය. මගේ කවි එකල පටන් කියෙව්වේ එකල මගේ පාසල් මිතුරිය වුනු චතුරිකා මිසක වෙනත් අයකුට ඒවා කියවන්නට නම් හැකි වුනේ නැති තරම් ය.

  පාසල් වාර විභාගයේදී සිංහල වල වැඩි ලකුණු ගන්නා නිසාම රචනාව ද පිරිපුන් නිසාම ලියන්නට හැකි බැව් ගුරුවරුන් දන්නා බව වටින් ගොඩින් ආරංචි විය. එය ද මට ඒ තරම් සැලකිය යුතු කරුණක් නොවුනි. ඒ එකල පටන් මා සතු වූ දඩබ්බර වැඩ නිසා වෙනි.

 ලිවිම නිසා මා මුහුණ දුන් අසීරු අවස්ථා ද බොහෝමය..

   එක වරක් පහ වසරේ දී පවුල සමාජයේ කුඩාම ඒකකයයි  ගැන රචනාවක් ලියන්න ට දුන් විට එය ලියා අවසානයේ පොත් බලන විට පන්ති භාර ගුරුතුමිය මා කොහෙන් හෝ එය කොෆි කර ලිව්වා ද යි සැකයට පැත්තකට කැදවාගෙන ගොස් මා ප්‍රශ්න කරව කරවා මට දුන් වදය ක තරම් නම් මට මතකය.. එවකට වෙනත් ඉහල පන්තියක ඉගැන්නු ලොකු අම්ම ද එතැනට ගෙන්නු පසු මගේ පරණ රචනා පොත් බලා  එය මා ලිව්වක් බව පිලි ගන්නට මගේ ගුරුතුමියට සිදු විය.

   තවත් වරක නවය වසරේදී මගේ සිංහල රචනාවට ගැඹුරු වචන දාන්න එපා.. වයසට ගැලපෙන්න ලියන්න, එහෙම නැත්තම් ලකුණු දෙන්නේ නෑ කියලා සිංහල මිස් කිව්ව එකේ තරහටම වාර විභාගේයේ දී හොදම සාහිතයේන් තියෙන ගැඹුරු වචන උපමා රූපක සියල්ල දමා අතිශය ගැඹුරු රචනාවක් ලියා දුන්නේ මිස් එපා කිව දෙ කරන්න ඕනා වූ නිසාම ය,. අනික සාහිත්‍ය ට මොකට ද වයසක්.. එදින මිස්ගේ අවාසනාවට දෝ මගේ වාසනාවට දෝ සිංහල මිස් ප්‍රශ්න පත්‍ර බලා තිබුනේ නියෝජ්‍ය විදුහල්පති කන්‍යා සොයුරියගේ කාමරයේ හිද ය.  විදුහල්පතිනියගේ නිර්ක්ෂණය නෙත ගැටුණු ප්‍රශ්න පත්‍ර අතර මගේ ප්‍රශ්න පත්‍රය ද තිබුණු නිසා මට මුළු ලකුණු ලබා දීමට ඇයට සිදු වුවා පමනක් නොව සිංහල භාෂා තරග වලට ඉදිරිපත් වීමට ද කරුමෙකට මෙන් මට සිදු විය.

    2008 වර්ෂය සදහා පාසල් මාධ්‍ය ඒකකයට අලුතෙන් ළමුන් බදවා ගන්නට වුවේ ඔය කාලයේ දීය..

    නොසිතු විදියට පාසල් මාධ්‍ය ඒකකයට බදවා ගැනීමත් පහුව ඒ අවුරුද්දෙම මාධ්‍ය ඒකකයේ සංස්කාරකවරියක වශයෙන් අවුරුදු 3ක් පාසල් පුවත්පත කරන්නටත් වුවා සේම 12 ශ්‍රේණියෙදී පාසැල් විද්‍යා සගරාවේ සංස්කාරකවරියක වීමද ඒ වසරේම පාසලේ විද්‍යා දින තේමා ගීතය ලියන්නට සිදු වීම ද මගේ ජිවිතයේ මා ලැබූ අහඹු සිදුවීම් ය.

  මා මගේ ජිවිතේ නියම අත්පොත් තැබුවේ මාධ්‍ය ඒකකයට බැදුණු දින පටන් ය. එයින් එයින් පසුව මා මගේ පුංචි කාලෙන් පසුව පළමු වරට මා ලිව්වක් හංගන්නේ නැතිව මගේ පළමු කවිය පාසල් පුවත්පතට ලබා දුන්නාය..  මනුසතාගේ පෙළහර නම් වූ ඒ මෙයයි..

   ඒ කාලෙදී මං ටිකක් පුංචි කාලේ දී මා දැන හදුනා ගත් මිතුරෙකු වූ බුද්ධි කරුණාරත්නගේ බ්ලෝග් අඩවිය කියවීමෙන් මටත් බ්ලෝග් අඩවියක් පටන් ගැනීමට ආසා සිතුනි. ඒ කල ද  මා සතුව සතුව 10  වසරේදී පමණ ආසාවට හදා බැලූ බ්ලෝග් අඩවියක් තිබුණි. එහෙත් එහි මොනා ලියන්නද කියා නොදත් නිසාම එය හිස්ව තිබිණු බැව් නම් මතකය.. නමින් නම් එය වැස්ස වගේ නමක් වුවා වගෙත් මතකය..  

    කෙසේ හෝ අන්තිමට බුද්ධිගේ අහගෙන කරගෙන බ්ලෝගයද අටෝ ගතිමි. ඒ ගිය අවුරුද්දේ අද වගේ දවසකය.. එවකට මා ලියා අවසන් කර තිබුණු මොනරු නවකතාවේ කොටසක් ද එයට යෙදුවෙමි.. එහෙත් තාමත් මොනා කරන්නද මෙලෝ සිහියක් නැතිව ඉද්දි අග්නි ධාරා අක්කා  බ්ලෝග් ලෝකේ යනු කුමක් ද එහි අපි කරන්න ඕනේ මොනාද නොකළ යුතු දෑ මොනාද කියා හරි අපුරුවට කියා දුන්නාය.. ඒ විතරක් නම් නොවේ.. ආධුනික යෙක් වූ මා බ්ලෝග් ලෝකයට හදුන්වා දුන්නේ ද අග්නි ධාරා අක්කා සහ මා හිත මිතුරු බුද්ධිය..

  හෝරා කිහිපයක් යද්දී මා අතින් මග හැරුණු පලවෙනිම වැරද්ද මට පෙන්වා දුන්නේ ශම්මි අක්කයි.. ඒ මගේ අතින් ෆලෝවර් ගැජෙට් එක අත හැරී තිබුණු නිසා ය.. ඉන් පසුව එය පමණක් නොව අහන අහන පාරට මට වචනයකින්වත් නොබැන හැම දෙයක් හරි අපුරුවට කියා දුන්නාය.. ඒ මට බ්ලෝග් ලෝකයට එන්නට අත දුන් ඈයෝ යි..

        බ්ලෝග් ලෝකෙට ආවායින් පහුව මැයි මාසයේදී  මගේ පළමු පොත වුනු කවිය නුඹ කවි පොත එලි දක්වද්දී එලි දැක්වීම හා ලිවිම පමණක් මට බාර කොට එක තීරණයක් ගන්න බැරිව උන්නු මට පොතේ කවරය සේම පොතේ නම ද තෝරා දෙන්නට වෙහෙසී  ISBN අංකය ගැනීමේ ඉදන් කලණ මිතුරෙකු සේ බුද්ධි ලබා දුන් සහයෝගය නම් මා මතක් කල යුතුමැයි.. එකල බුද්ධි මගින් මා හදුනාගෙන මගේ පළමු පොත මේ දෙරණට හදුන්වා දීමේදී බොහෝ උදවූ කල සමකය වටේ ලියන නලින් මාමාවද මා මතක් කල යුතුයි.

       


  ඉතින් ඒ මගේ ආරම්භයයි.. ආරම්භයේ දී මගේ බ්ලොගයේ පළමු මිතුරා බුද්ධිය.. දෙවෙනියා 
ශම්මි අක්කයි.. තුන්වැනියා අග්නි ධාරා අක්කයි .. සතර වෙනියා ට සුදු මහත්තයාත් පස් වෙනියා තරියාත් විය.. ඒ මගේ බ්ලොගයේ පළමු සාමාජිකයන් ය.

     ඉතින් අදට මේ මොණරු බ්ලෝග් අඩවියට අවුරුද්දක් සම්පුර්ණ වන්නේය. හරියටම අවුරුද්දකට කලින් වුන් මොනරිට වැඩිය මේ බ්ලෝගය නිසා මට මගේ ජිවිතේ මා පැතු බොහෝ දෙ ලැබුණි..
 
     බ්ලොගයේ වත්මන් සාමජිකයන් ගණන නම් 76ක්ද කොහේදෝ ය.. ලිව්වා පොස්ට් ගාන නම් 29ක්ය.. පෑනක් අරන් ලියාගෙන යනවා වගේ නොවේය.. ටයිප් කිරිල්ල නම් මට තිත්තය.. ඒ නිසාදෝ මා අතින් බ්ලෝග් එකේ ලියවෙන්නේ එහෙමත් වෙලාවකට ය.. හිටපු ගමන් කාලෙට බ්ලෝග් එක අත්හැරලා දාපු අවස්ථා ද නොතිබුනා නොවේ..

    මොනරු බ්ලොගය මේ තරම් කාලයක් ලියාගෙන පැමිණීමේ සම්පුර්ණ ස්තුතිය හිමි විය යුත්තේ මට නම් නොවේ.. සිදුවෙන ඇතැම් සිද්දීන් නිසා කලකිරී බ්ලොගය අත හැර දැමු විට මා දිරිමත් කරන නාඩිය අයියාත්, ධාරාත් සේම හැම විටම අඩු පාඩු පෙන්වා දෙන ලහිරුත් ,මුදියා නොහොත් සමියා අයියාත් නිසාය.. ඔවුන් නොසිටින්නට මෙතරම් කාලයක් මොනරු ලියන මොනරියක් සිටින්නට නොතිබුනාය..

    විශේයෙන්ම ධාරාව සහ සමියව මතක් කල යුතුමය..  බ්ලෝග් ලෝකයේදී සේම පෞද්ගලික ජීවිතයේදී මා මුහුණ සැම ගැටළුවකදී මිතුදමටත් වඩා සහෝදරත්වයෙන් මා හා මෙතෙක් කල් රැදී වුන් මහා පවුර ඔවුන් දෙදෙනා යි.. ඔවුන්ව මට හමු වුනේත් මේ බ්ලෝග් ලිවිල්ලේ දීමයි.. ඒ නිසාම මම බ්ලෝග් ලිවිල්ල ගැන සතුටු වෙමි..

     මේ සියල්ලම අවසානයේ එක් අයෙකුව අමතක කර යැයි ඇතැමෙකු කියන්නට ඉඩ ඇත.. අමතක කර නොව ඔහු ගැන අවසානයට කියන්නට මම ඉතුරු කර ගතිමි.. මන් ලියන්නට පටන් ගන්නට පෙර හිද ඔහු මා දැන උන්නේය.. මොණරු බ්ලෝග් අඩවිය ගැන මුලින්ම දැන ගත්තෙත් ඔහු මය.. මා හැරෙන්නට පෙර ඔහු මා කරන්නේ කුමක් ද යන්න දනී.. ඒ කුඩා කල පටන් පැවති මිතු දමේ ඉව නිසායි..

    මා ලියන හැම දෙයක්ම නිහඩව කියවා මට උර දෙනවා මිසක මෙහෙම කරන්නට මෙහෙම ලියන්න එපා යයි කවදාවත් මට කියන්නේ නැත.. වසරක බ්ලෝග් ඉතිහාසයට ඔහුගෙන් මා ලද්දේ ඒකම කමෙන්ටුවකි. එ මොනරු පලවෙනි ලිපියට හොද ආරම්භයක් සේම අවසානයක් ද බලාපොරොත්තු වෙනවා යන්න යි..  ඒ ද 
සත් සමුදුරින් එහා ඈත රටක ඉදගෙනය.. 
     මට උපත නොදුන්නට ජිවය මට නුදුන්නාට වසර ගණනක මිතුදමේ ඉදන් වසර 2කටත් වැඩි ආදරයක ඉදන් මට හුස්ම ගන්නට කියා දුන්නේ ඔහු ය. අකුරින් අකුර ලෝකය පෙන්වා ලෝකය මත දැතින් අල්ලා මා සිටවූයේ ඔහුයි.. ඈත රටක පුරා අවුරුද්දකට වැඩි කාලයක් උන්නද ඔහු නොමැති අඩුව මට නොදැනෙන්නට තරම් ඔහු මගේ ජීවිතයේ නියමුවා සේම සැලසුම්කරුවා ද විය.. 


     ඉතින් ප්‍රේමයටත් වඩා හොදම මිතුරා වුනු  ඔහුට එනම් නමින් අවිශ්කට මා ස්තුතියි කල යුතුයැයි මම නොසිතමි.. මම මගේ ජිවිතයේ ලබන හැම පැසසුමක  අයිතිය ඒ වෙනුවට ඔහුට දෙමි.. ඒ මා නම් හිස් කඩදාසිය මත පැන්සල් ඉරි ඇද සිතුවමක රටා හොයා වර්ණ ගන්වා සොදුරු වටිනා නිර්මාණයක්  කල තැනැත්තා ඔහු බැවිනි..

   ඉතින් මේ මා මෙතෙක් ආ ගමන් මග ය.. කෝපි , මොනරු නවකතා සේම කෙටිකථා , කවි කියවමින් පුරා අවුරුද්දක් මා හා රැදී සිටි මොනරු පාඨක ඔබ සැමට ස්තුතියි මෙතෙක් කල් ලබා දුන් දිරි ගැන්වීමට..

                                          

65 comments:

  1. සුබ පැතුම් මොණරි... ඉස්සහරට තවත් තවත් හොද පොස්ට් දකින්න බලා පොරොත්තු වෙනවා ඔයාගෙන් ඕන හරිද ?? අවුරුද්දයි කියලා රේස්ට් නැහැ හරිද ??

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු.. හොද පොස්ට් ලියන්න නෙවේ කියන්නම් ඕනා තරම් කටින්..

      ටයිප් කිරිල්ල තමා බැරි.. මන් මේ ඉන්නේ ලියන්න ඕනේ එව්වා සේරම රෙකොර්ඩ් කරලා ධාරාට යවන්න ටයිප් කරන්න .. :D

      රෙස්ට් නෑ මේ අවුරුද්දේ... එක දිගට ලියනෝ.. :D

      Delete
  2. සුබ පැතුම් නංගියා....ආඩම්බරයි නුඹ ගැන......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු අක්කේ.. :)

      Delete
  3. සුභ පැතුම් මොණරියෙ. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග අයියේ.. :)

      Delete
  4. හදවතින්ම සුභපතනව අරුණි.. තව අවුරුදු ගණනාවක් ඉස්සරහට ලියන්න, ඒ වගේම කම්මැලිකම මඟ ඇරල ටයිප් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා :D
    සහෝදරියක් නැති මට සහෝදරියො දෙන්නෙක්ම ලැබුන මේ බ්ලොග් ලෝකෙ හින්දයි බුද්ධි හින්දයි,, ඒ ගැන ගොඩාක් සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. අපිටත් සතුටු යි ඈ හයේ හතරේ ඉංජිනේරු මහත්තයෙක් අයියා කර ගන්න ලැබුණ එක ගැන ^_^

      Delete
    2. ස්තුතියි සමි අයියේ.. :D තව අවුරුදු ගානක් ඉස්සරට ලියන්න ඉදි දන්නේ නෑ බන්.. ඉන්න ටිකේ ලියනෝ... :D

      මන් මේ බලන් ඉන්නේ ටච් පෙන් එකෙන් අකුරු ලියන්න පුළුවන් ටැබ් එකක් හරි අයි ෆොන් එකක් හරි එනකම්.. :D ඒ කාලේ ලියන්නම් වෙඩි වගේ..

      උඹ වගේ හිත හොද, සැදැහැවත්, කාරුණික, දුක්ගන්නාරාල අයියෙක් ලැබීම වාසනාවක් සහෝදරයා.. ධාරාව හොයා දීමේ ස්තුතිය බුද්ධිට.. ඒ වුනාට මුදියා අයියාව සෙට් උනේ a.l වලට ඉස්සරින්දා සමීකරණ හොයා හොයා පාඩම් කරන්න ගිහින් නේ.. :D

      යාහ් යාහ් මටත් අම්බානෙක සතුටුයි.. :)

      Delete
    3. ධාරා, මොකක්ද ඒ හයේ හතරේ කතාව :o මට තෙරුන් නෑ.. o.O

      අනේ සමි අයියේ ඔය ක්‍රිකට් කතා වලට මන් නම් නෑ ඔන්න්.. -_-

      Delete
  5. හැපි ම හැපි පළවෙනි මෙව්වා එකක් වේවා! දිගට ම ලියපන් කම්මැලි නැතු ව! අලේ ^_^ මේකේ මං ගැන දාල තිබුණ කොටස දැක්ක ම ලැජ්ජ යි ලැජ්ජ යි වගේ. //9 වසරේ දී එනම් අවුරුදු 14 වෙද්දී නම් කවුරුත් මං ලියන ඒවා කියවාවි බියට ලිව්වෙම නැත. කවි එකක් දෙකක් ලිව්වා මිසක ඒවා ලිව්වේ ද හොරෙන් ය// ඒ කාලේ මේ ලෙඩේ මටත් දරුණුවට ම තිබුණා. දැන් නං සෑහෙන්න අඩු යි! දැන් ඉතින් අවුරුද්දකුත් පිරිච්ච එකේ ලබන සතිය ගෙවන්න කලින් "කෝපි" නව කතාව ඉතුරු කොටස දැම්මා නං හොඳා!

    ReplyDelete
    Replies
    1. මෙව්වා එකට ස්තුතියි.. :)

      ලජ්ජා හිතුනට කොරන්න දෙයක් නෑ.. මං ඇත්ත කිව්වේ,,

      ඕක ලොකු වෙද්දී හැදෙන ලෙඩක් වගේ කාටත්.. නෙහ් ?? :v

      අෆ්ෆේ පිස්සු ද බන්.. කොෆි ඊලග කොටස කොහොම දාන්නද කියලා හිතා ගන්න බැරිව තමා මාත් ඉන්නේ.. චරිතය ඝාතනය කොරා කියලා තරිඳු මාව හොයන් ආවොත් උඹ එන්නේ නෑනේ මාව බේරා ගන්න..

      Delete
  6. සුපැතුම්....!!!
    දිගටම ලිවීමට ධෛර්යය ශක්තිය ලැබේවා....!!!

    ReplyDelete
  7. බ්ලොගට අවුරුද්දක් පිරුණට හදවතින්ම සුබ පැතුම් නගෝ, දිගටම ලියන් යන්න :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසිඳු අයියේ :)

      Delete
  8. සුභපැතුම් නංගා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෝ :)

      Delete
  9. මේ අවුරුද්ද ඇතුලෙදී සෑහෙන්න දෙයක් කරලා තියෙනවනේ.. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාලයක්නේ.. සුභ පැතුම් නංගෝ.. ටයිප් කරන්න කම්මැලි නොවී ටිකක් වැඩිපුර ලියන්න බලන්න..

    ReplyDelete
    Replies
    1. 2013 නම් වැඩියේ ලිව්වේ නෑ.. 2014 ඉදන් තමා ලියා ලියාගෙන ලියාගෙන යන්නේ :D

      ස්තුතියි අයියේ..

      Delete
  10. අපෝ තාම අවුරුද්දද අෆ්පා ......
    සුභ පැතුම්......
    දිගටම ලියන්න ශක්තිය පතමි.......!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් ගෙවුණු එක ගැන නම් මට පුදුමයි :D

      ස්තුතියි කෙන්ජි අංකල්.. :)

      Delete
  11. ජය වේවා. දිගටම ලියන එකා තමා දිනුං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ... :) දිගටම ලියමු එහෙනම් :D

      Delete
  12. සුභ පැතුම්.

    එකම ඉල්ලීම..
    දිගටම ලිවීම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්.. :)

      ඉල්ලීම ඉටු කරන්නම්කෝ එහෙනම් :D

      Delete
  13. ක්යවීමේ උණ ලිවීමේ උණක් දක්වා වර්ධනය වී බ්ලොග් ලොවේ මෙතරම් සාර්ථකව වැජඹීමට හැකි වූවා සේ ඉදිරියටත් සාර්ථක නිර්මාණ තුලින් මොණරු වර්ණවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්.. :)

      Delete
  14. සුබ පැතුම් අරුණි නංගි... !!!!
    ඉදිරියේදිත් තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්න වරම් ලැබේවායි පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග අයියේ.. :)

      Delete
  15. සුභම සුභපැතුම් මැණික් කැටේ... ^_^ ඔයාට දිගටම ලියන්න තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්නෝනෙ... මාවත් අමතක නා නේද තාම පිස්සු කෙල්ලට... ^_^

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෝ.. ^_^ මුල අමතක කරන්න හොද නැනේ කොච්චර කල් ගියත් :* <3

      Delete
  16. දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා නංගියා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෝ :)

      Delete
  17. පිළිගන්න මගේ උණුසුම් සුබපැතුම්!!! නිර්මාණ හැකියාව උපතින්ම ගෙනාව කෙනෙක් වගේ ඔයා. ඔය හැකියාවන් තව තවත් ඔපමට්ටම් වෙලා අග්‍රගණ්‍ය කලා කාරිණියක් වීමට ඔබට හැකියාව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

    ජයෙන් ජයම වේවා!
    බ්ලොග් ලොව තුල සුවහසක් කල් වැජඹේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ් අයියේ..

      ලිවීමේ හැකියාව තාත්තාගෙන් ලැබුණු දායාදයක්.. :)

      Delete
  18. මොණරියට උණුසුම් සුබ පැතුම්. දිගටම බ්ලොග් ලෝකයේ රැදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් මාමේ.. :)

      Delete
  19. සුබ පැතුම්
    ඔය යටින් තියෙන චිත්‍රය කවුද ඇන්දේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. :)

      ආර්. කමල් කියන චිත්‍ර ශිල්පියා.. :)

      Delete
  20. සුභ පැතුම් තුටින්!
    කිසිමදෙයක් නිසා තමන් ආස කරන දෙයක් අතරමඟ නවත්වන්න එපා.... එයයි දිනුම
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.. :)

      හරි.. දිගටම එය පිලිපදින්න, පවත්වා ගන්න උත්සාහ කරනවා.. :)

      Delete
  21. සුබ පැතුම් අක්කේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි :)

      Delete
  22. සුබ පැතුම් නංගියෝ..:)
    අවාට වඩා වැඩි දුරක් යන්න ලැබේවා.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ් අයියේ :)

      Delete
  23. සුබ පැතුම්..

    ReplyDelete
  24. ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උමේෂ් :)

      Delete
  25. තවත් දිගු ගමනකට සුභ පැතුම් නංගී :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත අය්යේ :D

      Delete
  26. තාමත් අසනීපෙන් උන්නත් බලන්න පරක්කු වුන එක ගැන සමාවෙයන්.. ඇත්තටම කියවන්නේ ඕනේ නෑ, මං දන්නවනේ මේ විස්තර අඩු නැතුවම ^_^ ඉතින් පිළිගන්න මගේ උණුසුම් සුබ පැතුම්.. තව හොඳින් ලේඛනයේ යෙදෙන්න කාලය විවේකය වගේම මානසික සුවය ලැබෙන්න කියලා පතනවා.. ඔහොම යන්, ඕනෑම දුර ගමනක් පටන් ගන්නේ පුංචි එක අඩියකින්..

    _පලවෙනි වතාවට කමෙන්ට් එකකින් මගේ නම කියනවා, මේකේ තියෙන විස්තරේ එක්ක නිකන් කරූ කියල දාල යන්න බෑනේ!

    -බුද්ධි!!!

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න පරක්කු වුනාට කමක් නෑ.. උඹ ඉක්මනට සනීප වෙයන්..ඒකයි අපිට වටින්නේ.. :)

      උඹ ඉතින් අටුවා ටීකා ටිප්පනී සේරම දන්නවා නම් තමා :p

      බෝහෝම ස්තුතියි අතිජාත මිත්‍රයා...

      පලවෙනි වතාවට කමෙන්ටුවකින් නම කියන්නෙත් මගේ බ්ලෝග් එකේම වීම සතුටක් සහෝදරයා.. :D



      Delete
  27. mama ahamben me lipiya kiyewwwe, oya 2008 di sanskara wariya una sagarawe ita aurudu 4kata kalin sanskarakawariya une mama . sathutui nangi oya gana.

    ReplyDelete
    Replies
    1. හෑ :O එත් 2004 පත්තරයක් ගැහුවේ නැනේ.. එතකොට ඔයාගේ සැබෑ නම මොකක්ද අක්කෝ..

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. මට මේක අහු උනේ නෑ නෙ මෙච්චර කල්... :(

    ලස්සනට ලියනව...

    ඔන්න මමත් ආව කියවන්න... :)

    දිගටම ලියන්න

    ---ජය වේවා---

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පවනි.. :)

      Delete
    2. ස්තුතියි පවනි.. :)

      Delete