Monday, March 24, 2014

නොකිව්වාට නුඹ..

හිත හරිම හිතුවක්කාරයි
තාමත් ගැඹුරු අඩි තියයි
බරටම පිට කරන
නුඹේ සුසුම් වල රස්නේ
මට නොකී රහසක් කියයි

හිනා නැතිව නුඹ ඈතට
ඔහේ අඩි තියයි
ටික දුරක් ආඩම්බරේට ගියාට
ආයෙත් නුඹ හැරෙනා බව සත්තයි

මුවින් ආඩම්බරකම් පෙන්නුවාට
නුඹේ නෙත් හරි හිතුවක්කාරයි
සැරින් සැරේ ඇවිත් මේ පැත්තට
නුඹටම අකිකරුයි

හංගන්න හැදුවත් නුඹ
කොහොමැයි නොදන්නේ මම
නුඹ සිතින් ගණන් කරන පඩිවල
අවසන් පඩිය මම ගාව බව


40 comments:

  1. කවුරු ගැනද මේ කියලා තියෙන්නේ බොලව් ??

    ReplyDelete
    Replies
    1. 2012 දී අදාල පුද්ගලයා ගැන ලියපු එකක් බොලව් :3

      Delete
  2. හංගන්න හැදුවත් මම
    නුඹට ඇති ආල හිත
    දැන් කළ නොහැකි බව එය
    වැටහේ මගේ හිතට.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆොච්චියේ// එක පාර මනෝජ් අය්යට ම්කෝ වුනේ// :D

      Delete
  3. මේක ලියලා තියෙන්නේ ඒ දවස්වල ඔයාට උන්නු ක්‍රශ් එකට නෙහ් ? අපිට අහු උනා හොරේ !!!

    ReplyDelete
    Replies
    1. හේ හී :p එහෙම තමා..

      ඒ දවස් වල උන්නු තාමත් ඉන්න තව අවුරුදු දෙක තුනකින් විවාහ වෙන මගේ පලවෙනි සහ ඒකම පෙම්වතාට ලිව්වේ..

      දවසක් අපි දෙන්න පන්ති ඇරිලා ගෙදර යද්දී මොකක් හරි දේකට මගේ කට වැරදිලා එයාට තරහා ගියා.. ඊට පස්සේ එයා තරහෙන් මට අඩි දෙක තුනක් ඉස්සරහින් යද්දී එයාගේ හැසිරීම් රටාව එක්ක මන් දැකපු මට හිතුනු දේවල් මං ඒ වෙලේ ෆෝන් එකෙන් කවියකට ගැලපුවා.. :D

      අහු වෙන්න තරම් හොරයක් නෑ මදුරංග අය්යේ.. ඕක තමා සිද්දිය.. :D

      Delete
    2. නියමයි ,,හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා මොනරියේ

      Delete
    3. බෝහෝම ස්තුතියි අපුර්වී අක්කේ :) සාදරෙන් පිලිගන්නවා මොනරු බ්ලෝග් එකට..

      Delete
  4. අවසාන පඩිය .....! ම්ම්ම්ම්ම්ම්ම්ම් එකත් හොඳ කතාවක්

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් කැරකිලා අන්තිම පඩිය ගාවට එන්න එපැය ඉවාන් අය්යේ :D

      Delete
    2. මමත් කැමති ඒ කෑල්ලට....

      Delete
    3. සාදරෙන් පිලිගන්නවා මාතලන් අන්කල්ව මොනරු බ්ලොගයට.. :)

      Delete
  5. අපිට කියන්න දෙයක් ඉතිරි කරල නැහැ නොවැ ..
    තුන් වැනි එකේදිම කතන්දරේ පිට කොරල නෙ ..

    ReplyDelete
    Replies
    1. කවියට පදනම් වෙච්ච සිද්දිය කිව්වේ කෙන්ජි අන්කල්.. :)

      Delete
  6. මාතලන්ගෙන් පාර අහගෙන ඔන්න මාත් ගොඩවුනා. අද ඉඳන් කියවන්න පටන්ගන්නව මේ බ්ලොග් එක සහ කෝපි නවකතාව, ප්ලීස්, නොලිය ඉන්නෙපා. මමනම් දිගටම එනවා. බ්ලොග් රෝලටත් දාගත්තා..

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කවි නම් දිගටම ලියවේවි.. සාදරෙන් පිලිගන්නවා මොනරු බ්ලෝගයට :)

      Delete
    2. කවි විතරක් නෙවෙයි මොණරි. කෝපි නවකතාවත් ලියන්න දිගටම. නැත්නම් ඒ වට එකතුවුන ඔයාගේ පාඨකයන්ට ඒක ලොකු අසාධාරණයක්.

      Delete
    3. අපි බලමුකො තව ටිකක් ඒ ගැන... :)

      Delete
    4. ටිකක් නෙවෙයි හොඳටම බලන්න. බලලා ලියන්න. ප්ලීස්..

      Delete
  7. කදිම පද පේලියක්. පලමු ප්‍රේමය අවසාන ප්‍රේමය වෙනවට මම නම ්ආස නැහැ. එතකොට බූට් ආතල් එක ජීවිතෙන් මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. :)

      ඉතින් අමිල අයියේ ආදරේ කියන්නේ දානයක් නෙවේ නේ.. හැමෝමටම බෙද බෙදා යන්න.. මං නම් ජිවිත කාලෙම ආදරේ කරන්නේ එක්කෙනෙක්ට විතරයි.. මැරෙනකම්ම එක වෙනස් වෙන්නේ නෑ.. ආතල් ගන්න ආදරේ කරලා තේරුමක් නෑ.. ආදරේ කරනවා නම් එක්කෙනෙක්ට හරියට ආදරේ කරන්න ඕනේ.. එතකොටයි වටිනාකම වැඩි.. නැත්තම් අන්තිමට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.. :p

      Delete
  8. ලස්සනයි කවි පද වැල් ටික.. දෙන්නගේ ආදරේට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි :)

      Delete
  9. පළමු ප්‍රේමයට කලින් ප්‍රේමයක් ඇත්තෙම නැද්ද ඇත්තට.. මට නං තිබුනා තනි අන්ඩේ ලව්...

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා තිබුනේ නෑ දේශකයෝ.. එහෙම තනි හිතින් ප්‍රේම කොරන්න වයසක් තිබුනේ නෑ.. මොණර මගෙන් යාලු වෙන්න ඇහුවේ o.l ඉවර කරලා ගෙදර ඉද්දී 2011දී ... යාලු වුනේ a.l කරන්න 12 පන්තියට ආවම 2012 දී..

      වෙන අය ගැන හිතන්න කාලයක් තිබුනේ නෑ ඒ කාලේ හිතුවේ ඉස්කෝලේ උගන්න එව්වා ගැන විතරයි.. යාලු වෙන්න අහපු කොල්ලන්වත් බක්ටිරියාවෙක් තරම් වත් ගණන් ගත්තේ නැති කාලයක්.. :D ඊට පස්සේ විභාගේ කොරලා ඒවා ගැන හිතන්න කාලේ ආවම තමා හරියටම කලට වෙලාවට මට ගැලෙපන කෙනා හම්බුනේ.. :p

      Delete
  10. ඔය පළමු මොකක්ද එක අමතක වෙන්නෙ නැහැ කියනවනෙ...නේද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක එක ඒවා නම් කියක් තියෙනවද උමේෂ්.. ඔය කොයි පලවෙනි එක ගැනද අහන්නේ..

      Delete
  11. කොච්චර හංගන්න හැදුවත් ඔය වගේ දේවල් කොහොමත් හංඟන්න බෑ කියනවනේ ඉතින්...

    ReplyDelete
  12. අවිස්ක කොලුවා එච්චර පඩි නැග්ග ද බොලව්? අනේ අම්මපා!

    ReplyDelete
    Replies
    1. හුටා.. උඹ මොකක් ගැන ද කියන්නේ.. :o

      මෙතන මං කියලා තියන්නේ ගණන් කරන පඩි වල අවසන් පඩිය මම ගාව කියලා... මාව පහු කරගෙන පඩි නැගලා තරහෙන් ඉක්මනට ගියාට තරහ නිවුණු ගමන් ආයේ හැරිලා මන් ඉන්න පඩියට එනවා කියලනේ බොලව්.. :3

      Delete
    2. නෑ නෑ ධාරා හිතපු එක හරි!!!!

      Delete
    3. අඩෝ මේ උබලා දෙන්නා හොදටම දන්නෝ නේ අවිශ්ක කොලුවාගේ පරම පිවිතුරු එකම ප්‍රේමය මං කියලා :v මඩ ගහන්නේ නැතිව මඩ ටික බකට් එකකට දාලා අරන් තියන් වෙන වෙලාවක පාවිච්චියට ගන්න.. :D

      Delete
  13. හංගන්න හැදුවත් නුඹ
    කොහොමැයි නොදන්නේ මම
    නුඹ සිතින් ගණන් කරන පඩිවල
    අවසන් පඩිය මම ගාව බව

    මේක පට්ට බොලන්!

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තුතියි කරූ :)

      Delete
  14. ඔන්න අද තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ.... ලස්සනයි කවි සිතුවිල්ල....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු අක්කේ.. ඒක තමා කාලෙකින්.. :)

      Delete