Wednesday, April 16, 2014

සෙංකඩගල අහස


ඉස්සර දවසක අපි
දළදා විදියේ හමු වී
අහස උසට
පෙම් කරන්නට ඇති

අර ඈතින් තාමත්
පායා එන සද
පුන්සදක් ලෙසින්
බලා හිදින්නට ඇති

මේ සෙංකඩගල
අහස යට
අපේ බලාපොරොත්තු
මහා පවුරු බදින්න ඇති

ඉස්සරම දවසක
නුවර වැව රවුමේදී
අපේ දෑගිලි බැදුණා
තාමත් නිලමේට මතක ඇති

නපුරෙක් ඇවිත්
හිරු සදු තරු සේරම
වැව් පතුලේ හැංගුවා
දළදා හාමුදුරුවොත්
බලා හිදින්න ඇති

සෙංකඩගල අහස
දිවා රෑ නොබලා
තාමත් ඉකි ගසා හඩනවා
වැව් දියත් දන්නවා ඇති

මැද මිදුලේ
සමන් පිච්ච වැල
තාමත් මල් පිපි
සුවද හමනවා ඇති

තාමත් මම
නුඹ එනකම්
වැව රවුමේ
සක්මන් කරනවා
දේව සංහිද ලගටත්
පේනවා ඇති


ඉස්සර වගේම
වැව් දිය තාමත්
මගෙන් මෙහෙමඅහනවා 
නුඹටත් ඇහෙනවා ඇති 

ඇයි පුංචි කුමාරිහාමි
නුඹ තනියම
නිලමේ අදත්
සුනංගු වෙලා ද ??? 

14 comments:

  1. ලස්සන වචන ටික...

    ReplyDelete
  2. පට්ට..................
    අපූරු අදහසක් වෙනද වගෙම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්...

      Delete
  3. ලස්සන අදහසක්... මේ නුවර අහස යට ඔය වගේ ආදර කතා කීයක් නම් අවසාන වෙන්න ඇති ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග අයියේ.. මේ වෙනකොටත් ඒ වගේ කතා කියක් අවසන් වේවි තියෙනවා ඇද්ද.. ??

      Delete
  4. හ්ම්ම්..... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධාරා.. කාලෙකින් දැක්කේ :)

      Delete
  5. සරල වෙන තරමට හැම දේම සුන්දරයි…………

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ස්තුතියි ප්‍රියා..

      Delete
  6. ලස්සනයි මොණරි... නුවර වැව් රවුම, සෙංකඩගල අහස කොයි තරම් නම් ආදර කතා අහලා ඇතිද ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂාණි :) ආදර හෝ විරහ කතාවක් ලියන්න සුදුසු පරිසරය මට නම් නුවර// එතැන් අමුතුම මිහිරියාවක් තියෙනවා ලෝකේ කොතැනකවත් නොදැනෙන

      Delete
  7. ලස්සණ යි, අරුණි. මම නං හිතන්නේ සෙංකඩගල අහස යට සිද්ධ වුණ ආදර කතාවලට වඩා වෙන් වීම් වැඩි යි! හැමෝම ලියන්නේ ආදරේ ගැන විතර යි! විරහව ගැන ලියන්න කවුරුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා.. :)

      මේකත් අපි දන්නා එක ප්‍රසිද්ද ආදර කතාවක විරහවක් ගැන කියවෙන නිසදැසක් ධාරා.. හොදින් අරුත් වගේම ස්ථාන හිතට අරන් කියෙවොත් ඒ කවුද කියලා තේරුම් ගන්න පුළුවනි..

      විරහ ගැන ගොඩක් අය ලියන්නේ නැත්තේ විරහවෙ මිහිරියාවක් තිබුනත් ඒ විරහ විදපු පුද්ගලයට තරම් ම අකුරු කරන කෙනාට දැනෙන වේදනාවත් වැඩි නිසා වෙන්න ඕනේ..

      Delete