Thursday, April 17, 2014

සෙංකඩගල අහසට පසු වදනක් - සෙංකඩගල අහස අර්ථ විවරණය

 සමියා සහ ධාරාගේ කීම පරිදි සෙංකඩගල අහස නිසදැසේ අර්ථය පැහැදිලි කරමි.. මෙය ඇහැලේපොල කුමාරිහාමි ගේ ආත්මය විසින් කරන ලද ආත්ම ප්‍රකාශනයක් ලෙසයි ලියවුනේ.. මේ නිසදැස ලිව්වේ මගේ පලවෙනි කවි පොතට 2013දී.. 

ඉස්සර දවසක අපි
දළදා විදියේ හමු වී
අහස උසට 
පෙම් කරන්නට ඇති -  අතීතයේ ඔවුන්, ඔවුන්ගේ ආදරය 

අර ඈතින් තාමත් 
පායා එන සද
පුන්සදක් ලෙසින්
බලා හිදින්නට ඇති - ගොම්මන් වෙලාව සංකේතවත් කරයි..  සද පායාගෙන එනවා ඉර බහිද්දී 

මේ සෙංකඩගල
අහස යට
අපේ බලාපොරොත්තු
මහා පවුරු බදින්න ඇති - එයාලාගේ ඉටු කර ගන්න බැරි වුනු පුළුවන් වුනු සිතුම් පැතුම් 

ඉස්සරම දවසක
නුවර වැව රවුමේදී
අපේ දෑගිලි බැදුණා
තාමත් නිලමේට මතක ඇති - විවාහය,  නිලමේ දුන් පොරොන්දු 

නපුරෙක් ඇවිත්
හිරු සදු තරු සේරම
වැව් පතුලේ හැංගුවා
දළදා හාමුදුරුවොත්
බලා හිදින්න ඇති - රාජසිංහ රජතුමා වැව් පතුලේ ගිල්ලවපු එක.. හිරු සදු තරු කියන්නේ _ හිරු - පිරිමි දරුවන්, සදු - ගැහැණු දරුවන්, සහෝදරිය , තරු - බිලිදුන්  

සෙංකඩගල අහස
දිවා රෑ නොබලා
තාමත් ඉකි ගසා හඩනවා
වැව් දියත් දන්නවා ඇති - මුළු නුවරම කම්පා වීම 

මැද මිදුලේ 
සමන් පිච්ච වැල 
තාමත් මල් පිපි 
සුවද හමනවා ඇති - ගෙදර පරිසරයේ ඇති ආදරේ පර්ශුද්ද  සංකේතය සමන් පිච්ච මල, තාමත් නිලමේ කෙරෙහි තියෙන වෙනස් නොවූ පෙම 

තාමත් මම
නුඹ එනකම් 
වැව රවුමේ 
සක්මන් කරනවා
දේව සංහිද ලගටත් 
පේනවා ඇති - හැමෝටම යුක්තිය දුන්නු එත් තමන්ට යුක්තිය ඉටු නොකළ තැන දේව සංහිද  

ඉස්සර වගේම 
වැව් දිය තාමත් 
මගෙන් මෙහෙමඅහනවා 
නුඹටත් ඇහෙනවා ඇති -  ඇහැලේපොල නිලමේ තමා ජිවතුන් අතර.. එයා ඇවිත් වැව් රවුමේ සක්මන් කරන කොට වැව් දිය නගන රාව ඇහෙන්න ඇති කියලා හිතනවා  

ඇයි පුංචි කුමාරිහාමි
නුඹ තනියම
නිලමේ අදත්
සුනංගු වෙලා ද ??? - ඇහැලේපොල කුමාරි හාමි, කැප්පෙටිපොල වලව්වේ ඒකම වගේම බාලම දියණිය මහා රජවරුන්වත් ප්‍රතික්ෂේප කරලා ආදරේ කරේ ඇහැලේ පොළ නිලමේට....  හැමදාම ප්‍රර්ථනා කරේ නිලමේ ලග ඉන්න.. ඉතින් ඇය බලන් ඉන්නෙත්  නිලමේ එයි කියලා මලවුන් අතරේදී හරි ආයෙත් එක්කාහු වෙන්න .. එත් නිලමේ පරක්කුයි හැමදාම.. 1814 මැයි 17 ඇහැලේපොල කුමාරිහාමි යි දරුවනුයි මරලා දැම්මේ වඩිග රජු විසින්.. ඉන් පස්සේ ඇහැලේපොල නිලමේ හිරේ ඉදන් දුක් වින්දා මදිවට.. කුමාරිහාමි මිය ගිහින් හරියටම අවුරුද්දක් යද්දී පිළිමතලව්වේගේ අක්ක මිගස්තන්න අදිකාරම් වැන්දබු බිරියව 1815 මැයි මාසේ බැද ගත්තා.. නිලමේට හැමෝම අමතක ගානයි.. හැමෝම අමතක කරපු හැඩයි.. 

මේ තමයි ඇහැලේපොල කුමාරිහාමිගේ ශෝකය.. දිවි දෙවනි කොට ආදරය කරපු සැමියා එනකම් බලන් ඉන්න... ඔහු වෙනුවෙන් පෙරුම් පුරන ඇහැලේපොල කුමාරිහාමිගේ ආත්ම ප්‍රකාශනය..  

මේ හැම දෙයක්ම උනේ සෙංකඩගල අහස යට එකයි සෙංකඩගල අහස කියලා නම් කරේ..   

ඇහැලේපොල කුමාරිහාමි ගැන මං මුලින්ම දැන ගත්තේ 1 වසරේදී අපේ අක්ක ගාව තිබුණු මද්දුම බණ්ඩාර පොතෙන්.. එදා ඉදන් මන් කුමාරිහාමිට ආදරෙයි.. මගේ ලෝකේ වීර වරිය ඇයයි.. ඒ නිසා ම වෙන්න ඇති මගේ අතින් ලියවෙන ගොඩක් නිර්මාණ ඇහැලේපොල කුමාරිහාමි ගැන වෙන්නේ.. 


ජායාරුපය - උචිත ගුණරුවන් බණ්ඩාරගොඩ අයියාගෙන් ඉල්ලා ගතිමි

29 comments:

  1. අපි කියන්න ම ඕනේ උඹට මොළේ පෑදෙන්න :) පසුවදන හොඳයි, දරුවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දරුවා :)

      Delete
  2. අනෙ හප්පේ ඒ සරල වචන ටික අස්සෙ මෙච්චර දෙයක් හැංගිලා තිබුනද? :o

    ReplyDelete
  3. ප්‍රියංකා අමරතුංග ගෙ කුමාරිහාමි නවකතාව මතක් වුණා..ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. මාත් ආසම පොත වගේම මගේ ජිවිතේ වැඩියෙන්ම කියෝපු පොත ප්‍රියංකා අමරතුංගගේ කුමාරිහාමි පොත...

      ස්තුතියි වකා :)

      Delete
    2. මමත් ඒ පොත් දෙක කටපාඩම් වෙන ගානට කියෙව්වා.. :)

      Delete
  4. ඇත්තටම නියමයි..

    ReplyDelete
  5. මම කියවලා තියෙන විදිහට බෝගම්බර වැඩ කියන්නේ දැන් තියෙන වැව නෙමේ. ඊට පහලින් බෝගම්බර බන්ධනාගාරේ හරියේ තිබුනු වැවක්. ඇහැලේපොල කුමාරිහාමිව ගිල්වලා මැරුවට පස්සේ ඒ පැත්තේ හොල්මන් තිබුනාලු. ලස්සන ගෑනු කෙනෙක් දරුවෝ ගැන කියාගෙන ඇවිත් බෝගම්බර වැවට පනිනවාලු. මේ හොල්මනෙන් කිසිම කෙනෙකුට කරදරයක් වෙලා නෑ කියලා තමයි අහලා තියෙන්නේ..

    ඔය බෝගම්බර වැව පස්සේ කාලෙක වහලා දාලා තියෙනවා. ඒ වැව වහන්ඩ පස් කපපු තැනලු දැන් වැව වාගේ තියෙන්නේ.

    මතක් වෙච්ච නිසා කම්මැලිකමට ඔහේ ලියලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. ඔව්.. කුමාරිහාමි ගිල්ලවපු බෝගම්බර වැව දැන් තියෙන වැව නෙවේ.. එක ගොඩ කරලා බෝගම්බර ක්‍රීඩාංගනය හැදුවා..

      නැහැ අයියේ.. පස් කපපු තැන නෙවේ.. ඒ කාලේ තිබුණා ප්‍රසිද්ද කුඹුරු යායක් තිගොල්වෙළ කියලා.. එතැන් තමා දැන් තියෙන වැව බවට පරිවර්තනය කරේ.. දැන් තියෙන වැව හැදුවේ රාජසිංහ රජතුමා 1810 - 1812 අතර කාලේදී.. එ තිගොල්වෙළ ගොඩ කරලා හැදුව වැවට දුන්නු නම තමා කිරි මුහුද.. එක තමා දැන් තියෙන නුවර වැව.. :)

      හොල්මන් කතාව ඇත්තම කතාවක් ද ?

      Delete
  6. මේ තරම් දෙයක් ඒ වචන වල ඇති කියලා මටත් හිතුනේ නෑ.. හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානී :)

      Delete
  7. අතිවිශිෂ්ඨයි! හිතට මහා අමුත්තක් දැනුනු නිසැඳැසක්..

    ReplyDelete
  8. නිසඳැස් මෙහෙම පැහැදිලි නොකර සිටියානම් තමයි හොඳ ..(මට හිතෙන දේ )

    ReplyDelete
    Replies
    1. මටත් එක දැන් නම් හිතෙනවා.. එත් මට ඕනේ උනේ මං මේක ලියන්න හේතු උනු කාරණාව කියන්න,.

      මේ නිසදැස ගැන මමයි ධාරායි සමියා යි කතා කරද්දී ඒ දෙන්නා මේ නිසදැසට දුන්නේ වෙනම අදහස් දෙකක්.. මන් නියම අදහස කිව්වා ඒ දෙන්නා කිව්වා මේක පොස්ට් එකක් විදියට දාලා පැහැදිලි කරන්න තරම් වටිනවා කියලා.. ඒ නිසයි දැම්මේ.. :)

      Delete
  9. මොණරි කියා මා ඔබ අමතන්නද අරුණි කියා මා ඔබ අමතන්නද නැත මට වැටහෙන්නේ...:D?

    මොකක් වුනත් මටත් හිතෙන්නේ උඩින් ඉවානයා කිවා වගේ මේක පැහැදිළි නොකර හිටියානම් හොදයි.එතකොට එක අපිට තවත් එක,එක විදියට රස විදින්න තිබුණා නේ නගෝ...ඇහැලේපොල කුමාරිහාමි කොහොම වුනත් ඇහැලේපොල නිලමේ ගැන නම් නැත මගේ පැහැදීමක්.

    ReplyDelete
    Replies
    1. කොහොම කිව්වත් ඒ මම නේ.. :D ඒත් කොහෙන්ද මගේ නම හොයා ගත්තේ..

      එක නම් ඇත්ත.. එත් හේතුව මං ඉවාන් අයියාගේ එකේ පැහැදිලි කොරෝ.. :)

      ඇහැලේපොල නිලමේ තියා වඩිගයා ගැනත් මගේ නැහැ කිසිම පැහැදීමක්.. වුන්ගේ තිබ්බ බල ලෝභකම , ආසව ලුයි හින්දා දුක් වින්දේ කුමාරිහාමියි දරුවෝ යි..

      Delete
    2. ඇයි බොල මොඩියේ අර ධාරා කමන්ට් කරලා තියෙන්නේ අරුණි කියලා...:D

      මේ එක නෙමේ අපිට බැරිද ඔය අරුණි මෙනවියගේ කවි පොත ලබා ගන්න අත්සනත් එක්කම.?

      වඩිගයා වුනත් එකා අපේ රජා.වඩිගයා අමරුවේ වැටුනේ බලයට කෑදර රදළයන්ගේ කේලම් අහන්න ගිහින්.අපේ මේ ඉන්න රාජට දවසක වෙන්නෙත් ඕක.ඇහැලේපොලලා වගේ අයට ජාතික වීරයෝ කියන්නේ කොහොමද මන්දා...?

      Delete
    3. ෂඃ ඒක දැක්කේ දැන්.. ධාරා ගම කාලා නේ :D

      මං හිතුවේ facebook එකේ අදුරන්නේ නැති ෆ්ලොව්ර්ස්ල 400 ඇතුලේ ඉන්න කෙනෙක්වත් දෝ කියලා..

      හෑ :D කවි පොත තියේ මගේ mail එකට mail එකක් දාන්න.. මන් එවන්නම්.. pdf එක ඕනේ නම් pdf එක එහෙම නැත්තම් පොතක් ඕනේ නම් පොතක්.. අත්සන් ගහන්න මං මහා ලොකු ලේඛකයෙක් නෙවේ නේ අයියේ.. :p

      රජා වුනත් ඒකා වඩිගයා.. ඒකෙ වෙනස් නැහැ රජකම නැති උනත්.. වඩිගයා අමාරුවේ වැටුනේ කේලම් අහන්න ගිහින් විතරක් නෙවේ කුමාරිහාමිට ඇල්ම බැල්ම දාන්න ගියේ හින්දා.. උගේ රජකමටත් ගැලපෙන්නේ නැති විදියට නිලමේ නැති දවසක රෑ ජාමේ වලව්වට ගිහින් කුමාරිහාමිගෙන් ප්‍රතික්ෂේප වෙච්ච චාටර් එකටත් එක්ක.. එකේ පලියත් ගන්න ඕනේ නිසා තමා කුමාරි හාමිලා ව මැරුවේ.. වඩිගයා අමාරුවේ වැටුනේ උගේ තියෙන මෝඩකමයි ආසාවලුයි හින්දා..

      වත්මන් රජවරු ගැන මම කතා කරන්නේ නැත.. පෞද්ගලිකව මං මහින්ද රාජපක්ෂ නම් මිනිසාට නායකයා ට ඔහු මේ රටට කල දේවල් වලට ගරු කරමි.. එතනින් එහාට මට ඔහුගේ දේශපාලනය හෝ අනිකුත් දේවල් වැඩක් නැත.. මන් දේශපාලනය අප්‍රිය කරමි.. ඒ ගැන කතා කිරීමටවත් කැමැති නැත..

      ඇහැලේපොල නිලමේ වීරයෙක් නෙවේ.. නිලමේ යනු වඩිගයා එලවා රජකම ගන්නට වෙර දරු තවත් එක් මිනිහෙකි.. නමුත් ඔහු සතුව යම් යහපත් ගතිගුණ තිබුණු බවත් අමතක නොකල යුතුය.. නමුත් මද්දුම බණ්ඩාර නම් වයසේ හැටියට වීර දරුවෙකි..

      ජාතික විරවරු කියන්නේ රට වෙනුවෙන් ජීවිතය දුන් අයට.. පිළිමතලාවේ ල ඇහැලේපොල ලා ජීවිතය දුන්නේ රට වෙනුවෙන් නෙවේ.. රජකම ගන්න ඔට්ටු වෙලා එක සපුරා ගන්න බැරි වුනා මදිවට ඉංගිරිසින් ට රට පාවා දුන්නා.. ඔවුන් ජාතික වීරයන් යයි මම පිළිගන්නේ නැහැ..

      ඇහැලේපොල ල එක්ක බලද්දී තමන්ගේ ස්වාමි භක්තිය., ආත්ම ගරුත්වේ , දරුවෝ , අභිමානය වෙනුවෙන් ජිවිතේ දුන්නු කුමාරිහාමි වීරවරියක්..

      Delete
    4. pdf එපා.මට ඕනේ පොතක්.පිටු පෙරලලා බලන්න පුළුවන් පොතක්.අත්සනත් එක්කම දෙන්න.එකට මහා ලොකු ලේඛකයෙක් වෙන්නම ඕනේ නැහැ.:Dඅනාගතේ දවසක "මොනිකා රුවන් පතිරණ"වගේ ප්‍රවීණ,ජනප්‍රිය කිවිදියක් වෙච්ච්දාක අපිව දන්නෙවත් නැතැයි කිවොත්.

      වඩිගයා කුමාරිහාමිට බැල්ම දැම්මා නම් එක මහා කැත වැඩක් නොවැ.:(

      වත්මන් රජවරු ගැන කතා කරලානම් වැඩක් නැහැ තමයි නගෝ.මේ රටේ පවතින දේශපාලන ක්‍රමය ගැන මගේත් කැමත්තක් නැහැ.නමුත් දේශාපාලනයට මගේනම් අකමැත්තක් නම් නැහැ.

      ඇත්ත,අද ජාතික වීරයෝ ඉන්නේ කුණු මුල්ලේ.කොහෙවත් ඉන්න අවස්ථාවාදීන්,හොරු,මිනි මරුවෝ වගේ උන් තමයි ජාතික වීරයෝ වෙලා තියෙන්නේ.ඉතින් එහෙම අයත් එක්ක බලනකොට ඇහැලේපොල කුමාරිහාමි වීරවරියක් විය යුතුයි.

      Delete
    5. පොතක් ඕනේ නම් මගේ mail එකට හෝ fb එකට එවන ක්‍රමයක් කියන්න එවන්නම් එහෙනම්..

      අපි මොනිකා රුවන්පතිරණ වගේ වෙන්න :v හැක්.. මනෝජ් අයියා හීනයක් දැකලා එහෙනම්..

      mail එකක් එවනවා නම් මෙන්න email එක - aruni.kalupahana@gmail.com

      Delete
  10. හරිම ලස්සනයි, ඇහැලේපොල කුමාරිහාමිගේ සියළු හැගීම් (ආදරය, වෛරය, ශෝකය) හරි අපූරුවට ලියලා තියෙනවා. ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොදුරු මිනිසා.. පලවෙනි වතාවට නේද මොනරු බ්ලෝග් එකට ආවේ.. සාදරෙන් පිලිගන්නවා..

      Delete
    2. අැත්ත මුල්ම වතාවට ඔයාගේ බ්ලොග් එක පැත්තෙ ආවේ. එකත් අහම්බෙන් එහෙ මෙහෙ යද්දි, බ්ලොග් ලියවිල්ලෙන් දුකින් උනත් කාටත් නොකියා සමු ගන්න උනා, රේස් දුවන්න වගේ දුවන උසස් අධ්‍යාපනයට වැටිලා ඔහේ දුවනවා තාමත්, දැන්නම් හරි විඩාවයි, ටිකක් හරි සතුටක් එන්නෙ මෙකක් හරි බ්ලොග් එකක් කියවලා තව මගේ බ්ලොග් එකට මමම දාපුවා කියවද්දියි, අනිත් ය‍ෙළුවොන්ගෙ කමෙන්ට් කියවද්දියි. සිංහල ටයිපින් අනහැරලා දැන් අත් දෙක පැටලෙනවා මේ ටික ටයිප් කරද්දිත්, ඒත් ඒ මතකයන් අමතක නෑ, හරියටම අවුරුදු දෙකක් නිහඩවම හිටියා මකුත්ම නොලියා, අන්තිම පෝස්ට් එක දැම්මෙත් හරිටම මීට අවුරුදු දෙකකට කලින් සිංහල අවුරුද්දෙමයි. ආයි ලියන්න නං ආසයි බලමු, ලේඛකයෙක් හැටියට බැරි උනත් පාඨකයෙක් හැටියට හරි..........

      Delete
  11. අනේ දරුවො අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ... ඔයා නම් නිතර ඇවිත් යන කෙනෙක්..

    පුංචිම දෙයක් කියන්නම්. කවුරු කිවුවත් කවදාවත් තමන් ලිවුව දේක හදවතේ පතුල පෙන්වන්න එපා. එතකොට එක එක පුද්ගලයට දැනෙන විදිහට විඳගෙන තිබුණම ඔයාගෙ සටහනත් එක්ක අහසට පොළව වගේ වුනොත් ලොකු දුකක් දැනෙනව.
    ඔන්න අමනාප වෙන්න එපා අක්කා එක්ක හොඳද නංගා.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා දිදී අක්කේ මුලින් ම :)

      ගොඩක් ස්තුතියි දිදී අක්කේ පුංචි උනත් ගොඩක් වටිනා උපදෙසට :) එහෙම කරන්නම්..

      අනේ නැහැ අක්කෝ ලොකු කෙනෙක් දෙයක් කියා දුන්නාම පුංචි අපි මොනා ට අමනාප වෙන්න ද :)

      Delete