Sunday, April 27, 2014

නමක් නොදෙමි මම නුඹ සෙවණට..


ලොවට රහසේම
ඉකි බිදින හිත
හිනාවකින් සගවා
නුඹ නමට ලියවුනු කදුළ
දරාගන්න කියා දෙන්න මට

අහස තරම් උසට
අනන්තයටත් එහා ඉමට
ආලය කරාට නුඹට
හුදකලා ඉඩෝරයක
මා අතහැර ඉගිල්ලෙන්නට
හිතුවේ කොහම නුඹ

මහා හුගක් ආදරේ කිව්වට
ජිවිතයම නුඹ ලගයි දිවුරුවාට
අමතක වුනේ ඇයි මට
කුවන්ණාට දුක් දුන් ලොවක
නුඹත් තව එක පිරිමි හිතක්නේ
මේ මහා පොලවේම ඉපදුන

නුඹේ නමට ශෝකී රස
ලියන්නේ නැහැ තව මම
ආයෙම නුඹ හොයාන
එන්නත් නැහැ හිතක
කදුළු බර වැඩි නැහැ
මගේ පන්හිද මතට

දළදාව ගාව නුඹ
පැතූ දෑ ඇති බෝම
දළදා හාමුදුරුවෝ ලගදීත්
හිතුනාද මේ හිත ගැන
එක මොහොතකට

නුඹත් එක විජය කෙනෙක්මැයි
සිංහපුරයෙන් ආව
රාජධානිය ගොඩ නගනකම්
විතරයිනේ කෙරුවාව
නෑ සියන් බහ ලග
නුඹත් එක බට පදුරක්නේ
මද හුළගටත් නැවෙන

ඉන්න තැනක නුඹ ඉන්න
සතුටින් මා නැතිව
එපා ආයෙම මා රිදවන්න
හිත හයිය නැහැ ආදරේ නමින් තවත් එක
කුවන්ණා කෙනෙක් වෙන්න


29 comments:

  1. එක හරි හැමෝටම කුවෙනිලා වෙන්න බෑ.. ඒ වගේම හැමෝම විජය වෙන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ජිවිතෙන්ම විජයට ආදරේ කරලා තමන්ගේ හැම දෙයක්ම පරිත්‍යාග කරද්දී විජය අනුන්ගේ කතා බහට රැවටිලා තමන්ට වෙනස් කම් කරද්දී ඒක දරාගෙන නිහඩව ඉන්න කුවේණි කෙනෙක් වෙන්න හැමෝටම බැහැ තමා..

      ඒ වගේම කොච්චර ආදරේ වුනත් ඒ ආදරේ යටපත් කරගෙන හිතවතුන් සනසන්න අසාධාරණ තීන්දු තීරණ ගත්තු විජයලාත් හැම තැනම නැහැ.. හැබැයි නැත්තෙත් නැහැ..

      Delete
  2. අර යක්ෂනියෙක් නං ඉන්නවා විජය කෙනෙක් හොයාගත්ත..

    ReplyDelete
    Replies
    1. දේශකයා අපි දන්න කියන කෙනෙක්ට ඒ පාර මඩ ගහන්න යන්නේ..

      Delete
  3. Replies
    1. හ්ම්ම් ඒක හරි.. හැම කෙනෙක්ම විජය නෙවේ නේ.. විජයටයි චෝදනාව..

      Delete
  4. අනේ මන්ද විජය හරිද? කුවේණි හරිද?

    ReplyDelete
    Replies
    1. කුවේණිත් වැරදි.. විජයත් වැරදි..

      කුවේණි වැරදි තමන්ගේ හැම දෙයක්ම අත හැරලා තමන්වත් අමතක කරලා විජය වගේ පිරිමියෙක්ට ආදරේ කරපු නිසා.. විජය වැරදි තමන්ගේ ලග හිටපු තමන්ට ආදරේ කරපු කුවේණිට වෙනස්කම් කරපු හින්දා..

      Delete
  5. කුවන්ණා තමන්ගේ ජාතියම පවා දුන්නා ආදරේ නාමෙන්.
    විජයත් අවස්ථාව ලද විගස තමන්ගේ දුර්ජන කම පෙන්නුවා කුවේණි පන්නලා.ඉතින් මට නම් දෙන්නාම අවස්ථාවාදියෝ...:(

    පදවැලනම් හරිම ලස්සනයි අරුණියෝ...:)
    "මොණරි" කියලා සතෙක් නැහැනේ.ඉන්නේ "සෙබඩ" කියලානේ.එකයි මොණරි නොකියා "ඇරුණි"කිවේ...:D

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා අවස්ථාවාදියෝ ඉන්න ලෝකේ කුවේණි කරපු දෙ අවස්ථා වාදී කමක් වෙන්නේ කොහමද මනෝජ් අයියේ..

      කුවන්නාව විවහ කර දෙන්න නම් කරලා තිබුණු අසිතාල වුන්නේ කුවන්නාව අයිතී කර ගන්න නෙවේ රජකම ගන්න.. අසිතාල බැන්දොත් අසිතාලගේ මිනිසුන් කුවන්නාගේ පරපුර නසනවා.. අසිතාල වගේ නරුමයෙක් බදින්වට වඩා විජය වගේ කෙනෙක් බැදලා රජකමයි පරපුරයි රැක ගන්න වුවමනා වුනා මිසක් තමන්ගේ ජාතිය පාවා දෙන තරම් හිතාගෙන කරපු දෙයක් නෙවේ නේ..

      ස්තුතියි මනෝජ් අයියේ.. :)

      මොනරි කියලා සතෙක් නම් නැහැ.. අනික සත්තු බ්ලෝග් ලියන්නෙත් නැහැ නේ.. මොනරි නොකියා ඇරුණි කිව්වේ ඇයි එතකොට.. ?? ඇරුණි කියලා නමකුත් නැහැ නේ...

      Delete
    2. අනේ සොරි අරුණි නංගියෝ."ඇරුණි"නෙමේ "අරුණි" හොදේ...:)

      //අසිතාල වගේ නරුමයෙක් බදින්වට වඩා විජය වගේ කෙනෙක් බැදලා රජකමයි පරපුරයි රැක ගන්න වුවමනා වුනා මිසක් තමන්ගේ ජාතිය පාවා දෙන තරම් හිතාගෙන කරපු දෙයක් නෙවේ නේ.. //

      ඒ වුනත් හිතෙන්නේ නැතිද කුවේණි කියන්නේ සම්ප්‍රදායික මෝඩ ගෑණියෙක් කියලා.නැතිනම් ඔහොම එකපාරම හම්බ වුන මිනිහෙක්ව විස්වාශ කරයිද තමන්ගේ වරිගේ උන්ට වඩා වැඩියෙන්.

      Delete
    3. හාකෝ -_-

      ( මොනරු කියලා බ්ලෝග් එකක් ලියන්නේ අරුණි වෙන්න ඕනේ නිසා නෙවේ යකු.. ) නිදහසේ ලියන්න ඕනා නිසා... බ්ලෝග් එකේදී අනන්‍යතාවය රැක ගන්න උදව් කරනවා මිසක් ඒක හෙළි කොරන්න එපා -_- )

      එහෙම වෙන්න පුළුවන්.. ඒ වුනත් ගෑනු ගෑනු සම්ප්‍රදායිකත් ඈති මොඩත් ඇති.. හැබැයි ගෑනු කියන්නේ ලේසියෙන් පරාද වෙන පිරිසක් නෙවේ අයියේ.. අසිතාලට අකැමති කමට විජයව හොයා ගෙන යාම මෝඩ කමක් වෙන්න පුළුවන්.. එත් වෙලාවේ හැටියට ගන්න පුළුවන් ඕනෑම අභියෝගයකට වුනත් මුහුණ දෙන එක ගැහැණියෙක් ගේ ස්වාභාවය..

      Delete
  6. පද වැල් නං ලස්සණ යි, අරුණි ^_^ ඒත් එයාටත් හේතුවක් ඇති නේද එහෙම කරන්න? තව ටිකක් ඉවසලා බලන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා.. :)

      ඉවසීමටත් මිනුම් දණ්ඩක් තියෙනවා නේද.. හේතු නැතිව කව්රුත් මොකුත් කරන්නේ නැහැ ධාරා.. හැබැයි හේතු සාදාරණ නැති එකත් ප්‍රශ්නයක් එතැන දී..

      Delete
  7. ලස්සන කවි සිතුවිල්ලක් මිස් කළුපහණ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග අයියේ..

      ප.ලි - මගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙර දැරීම පිළිබද මාගේ බලවත් විරෝධය පිලි ගන්න.. >_<

      Delete
  8. තිරිසනෙක් නිසා ජාතක උන පරම්පාරවක එකෙක් ලඟ කොහොමත් ඉතින් මනුස්සකම් තියෙන්නෙ විදියක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා මනොෂ් ඔය කියන තිරිසනාගෙන් ජාතක වෙච්ච පරම්පරාවක වුන් තමා අපිත්.. සනහුරේ එකෙක් දුර්ජන වැඩ කරාට මුල් වලට බනින්න අපිට බැහැ.. අපි පැවතුනේ මුල් නිසා..

      මනුස්සකම කියන්නේ මනසින් උසස් වුනු කියන එක.. අනික තිරිසනුන් ගාව මනුස්සයෝ කියා ගන්න එවුන්ට වැඩිය උතුම් ගති තියෙනවා කියන එකත් අමතක කරන්න එපා..

      ඔය කියන කරුණුත් එක්ක අපේ පලවෙනි පුරුක වුනු සිංහයාට තිරිසනා කීම නිසා වචන වලින් මෙතරම් යැයි කියන්න බැරි තරම් කලකිරීමක් දුකක් මට දැනුණා මනොෂ්..

      මගේ ජාතිය මගේ ලෙය සිංහල කියන්නේ සිංහ ලෙයකින් පැවතෙන නිසා කියන එක මට මගේ අවසානය දක්වා අමතක කරන්න බැරි කරුණක්.. මං මගේ ජාතියට වගේම එදා සුප්පා දේවියව ආදරේ කරපු සිංහයාටත් ආදරෙයි..

      Delete
    2. ඔය කියන තරම් ආඩම්බරය් මටනම් නෑ මොණරි. මටනම් වැරැද්දනම් වැරැද්ද. ඒක මගේ තාත්තා කලත් මං ඒක විවේචනය කරන්න පසුබට වෙන්නෙ නෑ. විජය කියන්නෙත් ඒ හිටපු රටේ වත් තියාගන්න බැරිම තැන පිටුවහල් කරපු හොරෙක්, මංකොල්ලකාරයෙක් විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂකයෙක්නෙ. ඒ නිසා මං ඒ පරම්පරාවෙ එකෙක් උනත් මං ලැජ්ජවෙනවා ඒ ගැන. මට ඇති ආඩම්බරයක් නෑ. අනික මහාවංශෙ ඉස්මතුකරන ඉතිහාසෙ නෙවෙයි අපේ සැබෑ ඉතිහාසෙ. ඒ සාඩම්බර ඉතිහාසෙ මහ කුහක විදියට හංගල ඉන්දියාව පොර කරපු ඉතිහාසයක් තමා මහාවංශෙන් අපිට පෙන්නන්නෙ. ඒකයි ඇත්ත. ආර්යන් කියන්නෙ අපේ මුල් නෙවෙයි. අපේ සැබෑම මුල් තමා මේ රටේ වැළලිලා ගිය ප්‍රෞඩ ඉතිහාසෙ. බලි, තරු, රාවණගෙ ඉතිහාසෙ. යක්ෂ ගෝත්‍රිකයන්ගෙ ශ්‍රෙෂ්ඨ ඉතිහාසෙ. ඔබල ඔය කියන වසර 2500 ඉතිහාසෙ ගැන ආඩම්බර වෙමින් එය වර්ණවත් කිරීමෙන් වෙන්නෙ අපේ සැබෑ ඉතිහාසෙ තවත් යට යන එක. අපිට ඉන්දියාවෙන් ආපු හොරෙක් ගෙන් ලි‍යැවුන ඉතිහාසයක් නෙවෙයි තියෙන්නෙ. ඒ වගේම අපිට සභ්‍යත්වය, ආගම සංස්කෘතිය, කර්මාන්ත, තාක්ෂනය ගෙනාවෙ ඉන්දියාවෙන් නෙවෙයි. ඊට අවුරුදු දහස් ගානකට කලිනුයි සමනළ වැව යකඩ උනුකලේ. ඒක නිකමට කීවෙ. සිංහල කියන්නෙ. හෙළ කියනෙක. ඒ නිසා ආර්යන් ගැන ආඩම්බර වෙන එක නවත්තල අපේම වෙච්ච ප්‍රෞඩ ඉතිහාසෙ ආයෙත් ඉස්මතුකරන්න පටන්ගන්න මොණරියේ.

      Delete
  9. එදා වගේම අදත් හෙටත් කුවේනිලා විජයලා අපි අතර ඉඳීවී... ලස්සනයි මොණරී.....

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි හෙටත් විජයල කුවේණිල අපි අතරම ඉදිවී.. ආදරේ නිසා නිහඩ ව දුක් විදලා නිහඩව මිය යාවි..

      ස්තුතියි..

      Delete
  10. ලස්සන සිතුවිල්ලක් ලස්සනට ගෙත්තම් කරල..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උමේෂ්..

      Delete
  11. ලස්සන කවි පද වැලක්
    ගෙත්තම් කල පන්හිදක්
    පන්හිදට පණ පෙවූ සිතක්
    සොදුරු නොවේ නම් බොරුවක්

    පද වැල් නම් ඇත ගොඩක්
    එහි සිත් ගත් එක කවක්
    තව නැත සම වෙන කවක්
    ඇත්ත වගේ මයි නෑ සැකක්

    //නුඹත් එක විජය කෙනෙක්මැයි
    සිංහපුරයෙන් ආව
    රාජධානිය ගොඩ නගනකම්
    විතරයිනේ කෙරුවාව
    නෑ සියන් බහ ලග
    නුඹත් එක බට පදුරක්නේ
    මද හුළගටත් නැවෙන//

    ලස්සනයි, රස වින්දා ගොඩක්, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. සොදුරු මිනිසාගේ පද ටිකත් කියන්න බැරි තරමටම සොදුරුයි.. :)

      ස්තුතියි.. ජය..

      Delete
  12. ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ :)

      Delete