Tuesday, April 29, 2014

නුඹට මං ආදරෙයි.. මේ මටත් වැඩිය..

වැස්ස නුඹට
මම ආදරෙයි
මෙතරම් කියනු
බැරි තරමට

තනිකමින් තැවුණු
නිදි නැති රාත්‍රින් ලග
හෙමි හෙමින් ඇවිදින්
නුඹ සීතල මුහු කර
නින්ද හොයා දුන් නිසාවට

අන්නතයක් නොදකින
හිස් බැල්මක් ලග
සාංකාව පලවා හැර
මන්දාරම් අදුර එක්ක ඇවිත්
නුඹ මට ලියන්නට
වචන දුන් නිසාවට

කදුළු එක්ක පොර බදා
විරහව හද පෙලනවිට
කතා ගොතපු ලෝකෙන්
කදුළු මුවා කරන්න
වැහි පොද එක්ක ඇවිත්
නුඹ මා තුරුලට ගත් නිසාවට

සීතල මුහු කරගෙන
මන්දාරම් අදුර විහිදුවාගෙන
දුවිලි සුවද මතු කරගෙන
හිරිකඩ එක්ක ඇවිත්
මට හුස්ම ගන්න කියා දුන් නිසාවට

තරු එලියට පවා අමතක වුනු
මගේ ලොවට නුඹ ඇවිදින්
හිත මිතුරැ සගයෙක් ව
මට හයිය වුනු නිසාවට
වැස්ස නුඹට මං ආදරෙයි
මේ මටත් වැඩිය...


37 comments:

  1. කාටත් වැඩියෙන් මාත්.. වැස්සට හරිම ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. කාටවත් වැඩියෙන් :D විශ්වාස ද ඒ ගැන ?? මනොෂ් ට වැඩිය මං වැස්සට ආදරේ වෙන්න පුළුවන්.. :p

      Delete
    2. ඔය කිව්වෙ වැස්සටද.. මටද...? හැක්..හැක්..හැක්ක්...

      Delete
    3. මට පෙන විදියට වැස්සට තෙමිලා මනොෂ්ගේ ඔලුවේත් වතුර පිරිලා වගේ.. ඒ නිසා වෙන්න ඕනේ විකාර කියවන්නේ..

      Delete
    4. හපෝයි..ගනන්ගන්නෙපා. දෙතුන් වතාවක් හිතල හිතල ඔන්න ඔහේ කියල දානව කියල හිතල ලිව්වෙ ඕක. මොක්ද ඔයාගෙ රිප්ල්යි එකේ අදහසේ දෙපැත්තක් තියෙන නිසා කට කහනව වගේ උනා.

      \\මනොෂ් ට වැඩිය මං වැස්සට ආදරේ වෙන්න පුළුවන්//

      Delete
  2. වැස්සට ආදරේ කරනවා වගේම වැස්ස එක්ක මල පනින වෙලාවලුත් තියනවා

    ReplyDelete
    Replies
    1. කුඩේ ගේන්න අමතක් වෙලා බීලා ගෙදර යනකොට වෙන්ට ඇති

      Delete
    2. ඉවාන් පවුලූශා@හෙක්....හෙක්....++++++++++++++++++++

      Delete
    3. ඉවාන් අයියාට නම් ඒ ගැන අත්දැකීම් තියෙනවා වගේ..

      Delete
  3. වැස්ස හොදයි,හැබැයි ඉතින් ඕනවට වඩා වහින කොට තමයි වැස්සත් අරහං වෙන්නේ මොණරියේ.
    (ඔන්න අනන්‍යතාවය රැක ගන්න උදව් කලා හොදේ...)

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනේ නැහැ කියනවා නේ :p

      ( ස්තුතියි හොදේ )

      Delete
  4. වැස්සේ තෙමෙන එකත් එක වෙලාවකට මාර ජොලි , එකවෙලාවකට මාර ඇණයක්

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ ඇණ වෙන වෙලාවල් තිනෝ

      Delete
    2. මට නම් වැස්ස ඇණයක් වෙන්නේ නැහැ කීයටවත් :)

      Delete
  5. මම නම් මාර ආසයි වැස්සෙ තෙමෙන්න… (නාන්නැති නිසා කුණූ හේදෙන්ට නෙමේය) :)

    ReplyDelete
    Replies
    1. වැස්ස තෙමුනා වගේ නෙවේ උණ ගැනුනාම.. ( එත් එහෙම කිව්වම මං හිතුවේ නාන්නේ නැතිව ඇති කියලා :p )

      Delete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......ගොම්මන් කළුවර වැටීගෙන එන වෙලාවට වහින මොර සුරන වැස්සට මං ....හැමදාම ආසයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ වෙලේට අපුරු මුඩ් එකක් එනවා.. ඒ වගේම ලියන්න සොදුරු සිතුවිලි ගලාගෙන එනවා..

      Delete
  7. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.

    ReplyDelete
  8. මට අව්ව වැස්ස කියා ගානක් නැත...

    ReplyDelete
  9. වැස්ස පට්ට ගෙදර ඉන්නකොට..
    ඇයි කියල කියන්න ඕන නෑනෙ...
    ඒත් මහපාරෙ ඉන්නකොට වහිනව නේද ඒ තරං එපා වෙන්නෑ වෙන මොනාත්...

    කවිය ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇයි ?? ගෙදර ඉද්දි වැස්ස පට්ට ??

      මං නම් කැමති මහා පාරේ ඉද්දි වහිනවාට සීතලේ වෙව්ල වෙව්ල බස් එකේ එද්දී බස් එකේ වීදුරුවෙන් ගලාගෙන පහළට වැටෙන වතුර බලන්න පුළුවන්.. මීදුමෙන් පිරිණු පරිසරය බලන්න පුළුවන්.. තව පාර දිගේ වතුර පාර වල යන හැටි බලන්න පුළුවන්.. බස් එකේදී හදා ගත්තු කඩදාසි බෝට්ටුව වතුර පාරට දාන්න පුළුවන්.. කොච්චර දේවල් තියෙනවා ද ??

      ස්තුතියි මහේෂ්..
      ජය..

      Delete
  10. මම කාලෙකට කලින් ලියපු ලිපියක් මතක් උනා මට මේ ලිපිය කියවද්දී


    "වස්සානය
    දොඩමලුව
    කතා කරයි
    නුඹට
    පොද වැස්සෙ
    තෙමෙන්ට
    එහි පහස
    වින්දින්ට.....

    විඩාබර නුඹෙ
    සිතේ
    දුක් අඳෝනා
    සේදෙන්ට
    ඉතින්
    තෙමීයන්
    ඔයවැස්සෙ
    කුඩ කබල
    විසිකර
    අහකට........."

    අපුරුයි හරිම ලස්සනයි ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඒ වගේම සොදුරු මිනිසාගේ කවියත් හරිම අපුරුයි.. ජය..

      Delete
  11. ශා... වැස්ස නම් මරු. මම අද හවසට ලෑස්ති වෙලා ඉන්නේ වැස්ස වැස්සහම කෝපි එකක් බීලා හොඳ නින්දක් දාන්ඩ !

    ReplyDelete
    Replies
    1. වැස්සට කෝපි එකක් තරම් දෙයක් තවත් තියේ ද ^_^

      ඒ කියද්දී මතක් වුනේ.. මේ දවස් වල මගේ ජොබ් එකත් කෝපි හදන එක.. අපේ වෙන්න මනුස්සයා වැස්සේ නාගෙන ඔෆිස් ඇරිලා අපේ ගෙදර එද්දී මේ දවස් ටිකේම මගේ වැඩේ කොෆි හදන එක... :D

      ( බොන්න බැරි එක වෙනම කතාවක්.. හදන්න ඉගන ගන්න ගමන් තමා හදන්නේ.. )

      Delete
  12. අම්මෝ.... සීතලයි...

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් පට්ට සීතලයි.. එත් ඒ සිතල ෂෝක්... මේ පැත්තටත් දැන් කළුකරගෙන වහිනවා හොදටම..

      Delete
  13. මමත් වැස්සට හරිම ආසයි... වැස්සේ තෙමෙන්න ඊටත් වඩා ආසයි..

    ReplyDelete
    Replies
    1. උණ ගැනුනාම ඊටත් වැඩිය ආස ඇති නෙහ් එහෙනම් :D

      Delete
  14. සීතලට ගුලිවෙන්න
    හදවතම නුඹ ගන්න
    රෑයමට වැඩියෙන්ම
    නුඹ ඇවිත් ළංවෙන්න
    එකින් එක බිම වැටෙන
    ඔය හඩම මට දෙන්න
    එපා හදිසියෙ නවතින්න
    දුක හිතෙයි මට ඔන්න
    වැහි බිඳේ දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නිසදැස හරිම ලස්සනයි දිදී අක්කේ.. ^_^

      Delete
  15. මම දාපු කමෙන්ටුව නෑ :( එහෙම වුණේ කොහොම ද? ආපු එක දැන් මතකත් නෑ. මමත් කාලෙකට කලින් වැස්ස ගැන ලිව්වා! නම දැම්මේ වැස්ස දවසක! කියලා! පුළුවන් නං කියවන්න.

    ReplyDelete
    Replies
    1. උඹ කමෙන්ටුවක් දාලා තිබුනේ නැහැ නේ මේකට.. :D හිනෙන්ද ??

      ඇඩ් එකක් ඇඩ් එකක් :3

      Delete