Saturday, May 24, 2014

ඇහැලේපොළ කුමාරිහාමියි අතීතයයි - 01


   1814 මැයි 17 වෙනි ද ට එලි වෙද්දී නුවර අහස පුරාම කළුවට කළුවේ මහා මුසල අදුරක් මුහු වෙලා තිවුනේ මොකක්දෝ වින්නැහියක් වෙන්න යනවා කියලා කලින් ම ඉව වැටිලා වගෙයි.  ජනෙල් කුරු අතරින් අහස දිහාවේ බලාගෙන මොනවාදෝ හිත හිතා වුන්නු ඇහැලේපොල කුමාරිහාමිගේ හිත එක පාර හොයාගෙන ගියේ ටික දොහොකට කලින් සිද්ද වෙච්ච මහා මුසල සිදුවීම දිහාවටයි.

   එදා සබරගමුවේ රාජකාරි වැඩක් කොරගෙන එන්න කියාගෙන නිලමේ වේලපහින්ම ගියාට ආයෙම එන්න තව දවසක් දෙකක් ගත වෙන බව දන්න නිසාම වේලපහින්ම වලව්වේ වැඩ කටයුතු ටික අහවර කොරලා වලව්වේ දොරවල් ටික වහලා දරුවෝ ටිකයි සෙදෝ යි එක්ක වලව්වේ ඇතුලට වුනේ හොර හතුරෝ එනවා ටම නෙවේ  කොයි දේටත් පරිස්සම හොදයි කියලා දන්න හින්දා.

   රෑ දෙගොඩ හරිය වෙනකම් කාමරේ කොනක දැල්වුණු කැකුණ තෙල් ලාම්පුවත් හෙමිහිට පල්ලම් බහිද්දී  දැනෙන තිර පිළිස්සුම් ගදත් එක්ක යන්තම් ඇහැ පියවිගෙන යද්දී ඒක පාරටම විදියේ කොනකින් ඇහුනු අස්ස කුර ගැටෙන සද්දෙත් එක්ක කුමාරිහාමිගේ හිත ගැස්සුණ ත්  කවුරුන් හෝ පණිවිඩයක් රැගෙන මාලිගයට යනවා ඇති කියලා හිත සනසා ගෙන නින්ද සැරසුණා විතරයි අස්ස කුර හඩ ලං ලං වෙලා ඇහෙන්න අරගත්තා.

   ටිකක් වෙලා ඇහුම්කම් දීගෙන වුන්නු හන්දා දැන් නම් ටක්කෙටම අස්සයා ඉන්නේ ඇහැලේ පොළ වලව්වේ ගෙමිදුල දිහාවෙන් කියලා කුමාරි හාමිට සැකයක් නෑ..
 
    නිලමේ මේ මහා රෑ දෙගොඩ හරියේ එන්නේ නැති බව හොදටම දන්න හින්දා ම කුමාරිහාමි කොයි කටත් කියලා යහන පාමුල පැදුරු කඩමාලක් දාන් නිදන් වුන්නු සෙදෝ ව අවදි කරන්න තැනුවේ කොයි එකටත් තනියට සෙදෝ ව ඇහැරෝන එක හොදයි කියලා දැනුනු හන්දා යි.  ඒත් කුමාරි හාමි කොච්චර කතා කරත් සෙදෝ ව ඇහැරව ගන්න එක අමාරු රාජකාරියක් වුනා.

   ගෙයි මිදුලේ දෙතුන් දෙනෙක් දෙතුන් දෙනෙක් ගේ අඩි සද්දේ ඇහෙද්දී හිතට වෙර වීර්ය කර ගත්තු කුමාරිහාමි ජනේලය ලග ඉදන් පියන ලාවට ඇරලා එළිය බැලුවේ දොර අගුලු තදින් අගුළුලා ද කියලා තහවුරු කර ගත්තාටත් පස්සේ..

  පුර සද එලිය තිබුණු හින්දාම  චෙරි ගහේ බැදලා වුන්නු අස්සයවත් ඒ අසලම වුන්නේ රාජකීය හේවායනුත් අදුර ගන්න එක කුමාරි හාමිට අපහසු වුනේ නම් නැහැ..

  හෙමිහිට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි ට මතක් වුනේ නිලමේ එක්ක දෙතුන් ගමනක් මාලිගාවට ගිය වෙලේ වඩිග රජු ගේ ඇස් වල තිබුණු මනමාල බැල්ම..

 " කවුද.. " තුන්වෙනි පාරටත් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි හිතට නැගුණු තරහෙන්ම ඇහුවා..

" කුමාරිහාමි.. මේ මම ශ්‍රී වික්‍රම.. "

   කුමාරිහාමි ගේ කටහඩ ඇහුණු දිහාවට ඇස් යොමු කල හෙයින් දෝ ජනේලය පියන යන්තමින් විවෘත බැව් දැක එතැනට පැමිණි රජුගේ ඝන රැවුලෙන් වැහුණු මුහුණ ජනෙල් පියන අතරින් පෙනෙන්නට විය. හිත තරමක් ගැස්සුණ ද ඒ බැව් රජු ට නොපෙන්වන්නට කුමාරිහාමි ඉටා ගත්තාය.

" නිලමේ ගෙදර නැහැ නොවැ..  ගියේ සබරගමු රාජකාරියකට බැව් ඔබතුමා දන්නවාත්  ඇති නේ.. "

" මම දන්නවා කුමාරිහාමි.. නිලමේ ම සබරගමු යැව්වේ මම යි..  මම ආවේ ඔබ හමුවෙන්නටයි.. දොර අරින්ට කුමාරිහාමි.. "

 රජ කෙනෙක් ට තරම් නොවෙන ඒ වදන් ඇසීමෙන් කුමාරිහාමිට නැගුනු කෝපය මෙතකැයි කිව නොහැකි තරම් ය.

 " ලැජ්ජා නැති මහරජ... ස්වාමියා නැති ගෙදරකට මේ  මහා රෑ පැමිණීමත් ඔබ වන්නෙකුට නොවටින්නකි.. ඒ නිසා වහාම මෙතනින් ඉවත් ව යන්න.. "

 හිතට නැගුනු කෝපය නිසාම ජනෙල් පියනත් වඩිග රජුගේ මුහුණට තදින් වසා දැමුවාය.

 " හඃ හොදයි කුමාරිහාමි.. එහෙනම් නුඹ විරුද්ධ වුනේ මේ රටේ මහා රජු ට බැව් සිහි තබා ගත්තොත් හොදයි.. පල විපාක ත් නුඹට බලාගන්න පුළුවන් ලගදීම.. හඃ  "

  තමන්ට සිදු වූ අවමානය දරාගත නොහැකිව රජු පිටව ගියේ කෝපයෙනි. අස්ස කුර හඩ නැගෙන වේගයටත් වැඩියෙන් කුමාරිහාමිගේ හිත ගැහෙන්නට වුයේ රාජ කෝපයට කල නොහැකි දෙයක් නැති බැව් දන්නා නිසාමය.

  එහෙත් එහෙමයි කියා තමන්ගේ සැමියාට ද්‍රෝහී වෙනවාට වඩා බෝගම්බර වැව් දියට පැන මියෙනවා සැපකි. මැරුවත් වඩිගයාට අවනත වෙන්නෙත් නැති බැව් සැබෑය.. එහෙත් මොහොතකට කලින් සිදුවීම නිසා හිතට දැනුණු බිය නිසාවට දෝ කුමාරිහාමි රෑ එලි වෙනතුරු හඩා වැටුනාය..

පාන්දර කුකුළාගේ කණිසමට ඇහැරුණු සෙදෝ කුමාරිහාමි යහන මත නොමැති නිසාවෙන් කලබලයෙන් හොයද්දීත් කුමාරිහාමි තවමත් දොර පාමුල කදුළු එක්ක කළුවර අහසට හුල්ලන ගමන්..


කුමාරිහාමි සෙදෝ එක්ක පෙරේදා රැයේ වෙච්ච දෑ කිව්වා වෙලේ ඉදන් හිතට දැනුණු කෝපයටත් වඩා ඇති වුනු බිය නිසාම සෙදෝත් කදුළු පෙරාගෙන දෙයියන්ට කියා කියා අඩන්න තියා ගත්තේ තමන්ගේ ජීවිතේටත් වඩා කුමාරිහාමිගෙයි නිලමේගෙයි අර අසරණ දරුවන්ගෙයි ජිවිත වලට වඩිග රජා මොනා කරයි ද  කියලා හිතේ අඩියටම දැනුණු බයයි අසරණකමයි හන්දා..



24 comments:

  1. ඉතිහාස කතාවකට අපූරු නූතන විග්‍රහයක්.... නියමයි මොණරියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් මාමේ :)

      Delete
  2. හරිම ලස්සනයි, ඉතිහාසෙට පන පොවන එකනම් සෑහෙන්න අමාරු කාර්යයක්, එත් ඔබ එය හොදින්ම කරලා තියෙන හැඩයි. ඔබේ ලිපිය කියවද්දී මතක් උනේ මට "කෝණා" කියලද කොහෙද මම පොඩි කාලේ අම්ම ඔෆිස් එකේ පුස්තකාලෙන් ගෙනත් දීපු නව කතාවක්. එකේ ලේඛකයා හෝ ලේඛිකාවහේ නම නම් අමතකයි. එකේ තිබුනේ දුටුගැමුණු රජතුමාගේ ඇත ගොව්වා වෙච්ච ඔය නම තියෙන වැදී ළමයෙක් වටා දුටුගැමුණු රජ චරිතය හරිම ලස්සනට විග්‍ර කරලා තිබුනා, ඒ වගේ කතා කියවන්න කියවන්න ආසයි. කොහොම උනත් බල කාමයයි, පවාධීමුයි නිසා අහිමි වෙලා ගිය අපේ සිහසුන ගැන ඔබ යලි යලිත් මතක් කර දෙන එක නම් හරිම අගෙයි, ඔබට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොමි.. :)

      කෝණා !! ඒ පොත මටත් කියවන්න හිතයි.. කොහෙන් හරි ආයේ හම්බුනොත් මටත් කියන්න ගන්න තැනක්..

      Delete
  3. ඉතිහාස කතාවකට අර්ථ නිරූපන දෙන එක ලේසි වැඩක් නෙවෙයි , ඒ වගේම පරිස්සමින් කරන්න ඕන දෙයක් ,විශේෂයෙන් සිද්ධි හා බස හැසිරවීමේදී , ඒ නිසා කලබල නොවී හොඳින් කියවා පොස්ට් එක පබ්ලිෂ් කරන්න , අපූරු උත්සාහයක්

    ReplyDelete
    Replies
    1. හරි.. :) ස්තුතියි ඉවාන් අයියේ..

      මගේ අතින් මේ පොස්ට් එකේ මොනා හරි වැරදිලා තියෙනවද ??? :) එහෙම කිව්වේ..

      Delete
  4. ඇත්තටම නියම වැඩක් මොණරි.

    ඉවාන් කිව්වා වගේ කලබල නොවී අවධානෙන් වැඩේ කරන්න. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා :)

      Delete
  5. ලස්සනයි මොනරියා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සියේ.. :)

      Delete
    2. මොණරි කොහේද යශෝ ලස්සන...?
      ලස්සන මොණරු වෙච්චි කොට....:D

      Delete
    3. මොණරු ලස්සන මොනරියෝ නැති තැන තමා මනෝජ් අයියේ :v

      Delete
  6. හොඳ ආරම්භයක්! ඉතිහාසය නැවත තියෙන විදිහටම ප්‍රතිනිර්මාණය කරනවට වඩා මේ වගේ ආරළු බීරළු එකතු කරලා ගත්තහම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.. :)

      Delete
  7. මොණරි කාලෙකට පස්සෙ. කුවණ්නා ගැන කියවන්න ගිහිල්ල මොණරි මාත් එකෙක තරහවෙලාද දන්නෙත් නෑ.

    ඉතාම හොඳ උත්සාහයක් මේ..

    සුබපැතුම්..

    ReplyDelete
    Replies
    1. යම් යම් දුෂ්කර කාල සිමාවන් වගයක් ගෙවුනා. ඉතින් අන්තර්ජාලයට ටික කාලෙකට සමු දෙන්න උනා.. එකයි කාලෙකින්..

      කුවන්නා ගැන කිව්වට මොකට තරහ වෙන්නද.. හැමෝගෙම අදහස් එක සමාන නැහැ නේ.. :)

      ස්තුතියි..

      Delete
  8. ඉතින් මොණරියේ නිලමේගේ ගෙදර ආරක්ෂාකයෝ හිටියේ නැතිද..?
    කොහොමත් බලය තියෙන වුන් බලය අනිසි ලෙස භාවිතා කරන්න හරිම දක්‍ෂයි.එක එදා අද කියලා වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂකයෝ :D දැන් කාලේ වගේ නෙවේ අයියේ ඉස්සර.. :D

      ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා..

      Delete
  9. ඇහැලේපොල කුමාරිහාමි ගැන විස්තර හොයද්දි මට මේ සඉටේ එක හම්බුනේ. ඔබේ කතාව හොඳයි..... එත් මේ වගේම කතාවක් තියෙනවා ප්‍රියංකා අමරතුංගගේ කුමාරිහාමි පොතේ.මට මතක විදියට 2 කොටසේ මුල් හරියේ.... 3 නැත්තම් 4 චප්ටෙර් එකේ වෙන්න ඕනේ. ඔබේ කතාවේ යම් යම් වෙනස්කම් තිබුනත් සමස්තයක් විදියට එකයි.... මේ වගේ දෙයක් කරන එක කත්රුට කරන අසාදාරනයක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් තිබුනාට ඒ මේක නෙවේ නේ.. කතෘ ට කරන අසාධාරණේ මොකක් ද ?? මේක ප්‍රියංකාගේ ගොතපු කතාවක් නෙවේ , සත්‍ය සිදුවීමක්..

      එතකොට ඒ සත්‍ය සිදුවීම සැබෑ විදියටම නිර්මාණයට නගන්න ප්‍රියංකාගෙන් අවසර ගන්න ඕනේ ද ?? මේක අපේ ඉතිහාසය.. ඒ ඉතිහාස සිදුවීම ප්‍රියංකා එයාගේ පොතට අරන් තියෙනවා.. එහෙමයි කියලා ඒක ප්‍රියංකාට අයිති සිදුවීමක් නෙවේ..

      මේක කාටවත් කරපු අසාධාරණයක්වත් කාගෙන්වත් උපුටා ගත්තු දෙයක් වත් නෙවේ.. ප්‍රියංකා වගේම මමත් සැබෑ සිදුවීම ඇසුරෙන් ගොඩ නගපු කතාවක්..

      Delete
  10. මටත් ප්‍රියංකා අමරතුංගගෙ කතාව නංගා මතක් වුනේ එක පාරට කියවගෙන යනකොට.

    මේ නංගගෙ උත්සහයක් නම් ඇත්තටම සතුටුයි. දිගටම ඉතිහාසය ලියාගෙන යමු මෙහෙම.

    ReplyDelete
    Replies
    1. මේක සැබෑ සිදුවීම ඇසුරෙන් ගොඩ නගපු කතාවක්.. මන් උඩ ඔය වගේම ප්‍රශ්නේකට උත්තර දුන්න දිදී අක්කේ..

      ස්තුතියි :)

      Delete
  11. දස්කොන්-ප්‍රමිලා කතාව ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. දස්කොන් ප්‍රමිලා කතාව මට ටිකක් ලොවිනා කතාව එක්ක පැටලිලා තියෙන්නේ.. හරිහැටි කතාව දැන ගත්ත දවසක ලියන්න උත්සාහයක් දරන්නම්.. හරිද :)

      Delete