Sunday, June 22, 2014

අතීතය අයිති අතීතයට විතරමයි..

එක එක දේවල් හිත හිත
එක එක දේවල් ලිය ලිය
හිත පුරා වැට කඩොලු නැතිව
උන්නු එකමත් එක අතීතයක

නුඹව මට හමුවුනා නම්
මං ලියනවා නුඹ ගැන
මං දන්න හොදම කවිය
මුළු ලෝකෙටම වැඩිය හොදට

අතීතය වගේ නෙවේ දැන්
හැමදේම හරි වෙනස්
ආදරේට දැන් කොයි ඉඩක්
තල් අරණට මම දුරයි දැන් ගොඩක්

මුහුණු පොතේ නුඹ ඉන්නවාලු
ආයෙම මං ගැන හිතෙනවාලු
ඒ කාලේ කියන්න බැරි වුනු
ඒ හීනෙට ආයෙම එන්න
පුළුවනි ද අහනවාලු

නුඹ එක්ක නුඹේ ඉසව්වට
යන්න හිතාගෙන මං නුඹට
පෙම් බදිනකොට අහස උසට
නුඹ ආල බැන්දේ වෙන හිතකට

නුඹ සිහළ මං දමිළ
සිංහ කොඩියේ එක ලග
උන්නාට අපි හැමදාම
 නුඹට බැහැ මගේ වෙන්න
කියලා නේද නුඹ කිව්වේ ඉස්සර

මං ලිව්ව කවි රටා
නුඹට බව දැන දැන
නුඹ වෙන හිතකට
ගී සින්දු ලිව්ව හැටි
අමතක නැහැ මට තවම

තාමත් මං සිංහල
තාමත් නුඹ දමිල
පන්සලයි පල්ලියයි කෝවිලයි
තාමත් නැහැ එක ලග
වෙනසක් නැහැ කොතැනක
ඉතින් ඇයි නුඹ විතරක් ඔහොම

හිත අකැමැතියි දැන් තල් අරණට
ආයෙම එන්නට නැහැ හිත් කොනක
නුඹ ඉස්සර හදපු නුඹේ හීන වල
නුඹ ඉන්න හිටපු විදියට
මට හොදයි මගේ පුරුදු පාළුව

මගේ ඇහින් දොරේ ගලපු
කදුළු වැල් දැක දැක ඉස්සර
නුඹ උන්නේ අහක බල බල
මගේ හිත කොනිත්තන්න

නුඹ එන්න යන්න කියන හැටියට
එන්නේ නැහැ මම නුඹේ ගාවට
මගේ සිංහලකම මට හොදයි
නුඹටත් වැඩිය

ඉන්න තැනක ඔහොම ඉන්න
මෙච්චර කල් මං දරපු ගින්දර
දරන්න දැන් කාලේ හරි නුඹට
එතකොටවත් හැකි වේවි නේ
ආදරේට ජාති වාද නැති හැටි
තේරුම් කර ගන්න

18 comments:

  1. කාලෙකට පස්සෙ මොණරු බ්ලොග් රෝලෙ උඩට ආවේ. හැබැ‍යි ඉතාම රසව්ත් නිර්මාණයක් අරං ඇවිත්.

    සැබෑ ආදරයක්නම් ඒකට ජාති,කුල මල බේද, ආගම් බේද තියෙන්න විදියක් නෑ. ඔබ හරියටම හරි. ඉතාම සංවේදී සටහනක්. මාස ගානක කතාවක් මේ නිර්මාණය තුල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආදරේදී ජාති කුල මල බේද ආගම් තියෙන්නෙත් නැහැ තියෙන්න ඕනෙත් නැහැ.... එත් එහෙම රාමු හදා ගන්නේ අපෙ සමාජයේ මිනිසුන්ම තමා.. :)

      මාස ගානක වෙන්නත් පුළුවන් අවුරුදු ගානක වෙන්නත් පුළුවන්... ;)

      ස්තුතියි මනොෂ්..

      Delete
  2. Replies
    1. ස්තුතියි චතුරංග...

      Delete
  3. පිස්සු,හැම මගුලටම බෙදෙනවා,මේ තරම් බෙදිලා ජිවත් වෙන ජාතියක් ලෝකේ තවත් නැතිව ඇති.
    ආගම,ජාතිය,කුලය,ස්ත්‍රි,පුරුෂ මේ වගේ බෙදීමේ නිර්ණායක ආදරයට,මනුස්සකම් වලට ගාව ගන්න හොඳ නැහැ.එකෙන් වෙන්නේ ලස්සන ලෝකේ කැත වෙන එක විතරයි...:(

    උඹේ කවි ටිකනම් ලස්සනයි නංගියේ.

    ReplyDelete
    Replies
    1. ඕවා මිනිස්සු හදා ගත්ත නිර්ණායක නේ..

      ස්තුතියි මනෝජ් අයියේ..

      Delete
  4. ආදරේට ජාතිවාද නෑ. එත් දැන් මිනිස්සු ජාතිවාදෙට ආදරේ කරනවා , හැම ජාතියේම එවුන්

    ReplyDelete
  5. ආදරේට ජාතිවාදය ඔබන්නේ ආදරේ කරන අය වටේ ඉන්න සමහරක් මිනිස්සු.. අගෙයි කවි පෙල...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..

      ස්තුතියි..

      Delete
  6. අගෙයි මොණරියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සියේ.. :)

      Delete
  7. ලස්සනයි..... මොනරි.... අද ආවේ.... මං....

    තල් අරණක පිපි .... එක පාර්ශවිය ආදරයක් නේද මේ.....?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහංසා :) සාදරෙන් පිලිගන්නවා මොණරු බ්ලොග් එකට.. :)

      කලින් නම් ඒක පාර්ශවික.. දැන් නම් දෙපාර්ශවයම.. හැබැයි කාල දෙකක දී..

      Delete
  8. අඩේ.. උඹේ නිර්මාණ වලින් මං දැක්ක හොඳම එකක් මේක.. කාලෙකින් ඇවිල්ල බලද්දී මෙකි හෙනට දියුණු වෙලානේ.. කියවන්න බලන්න දේවල් ගොඩක් තියේ හිටපන් රවුමක් යන්න.. දිගටම කරන් යමන් අධ්‍යාපන වැඩ ඇත පසු නොවෙන්නත් වග බලාගෙන.. ජය වේවා මොනර කෙල්ලේ..

    ReplyDelete
    Replies
    1. අඩේ ස්තුතියි බන්.. සිරාවටම සතුටුයි ඈ.. අධ්‍යාපන කටයුතු අතපසු වෙන්නේ කොහෙමෙයි බන් කෙමිස්ට්‍රි පේපර් ඒකට ගිහිල්ලත් කවි ලියන අපි වගේ අයට :D

      ජය..

      Delete
  9. //ආදරේට ජාති වාද නැති හැටි
    තේරුම් කර ගන්න //

    .හ්ම්ම්..

    ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි :)

      Delete