Tuesday, July 1, 2014

- විනිවිද -

ලෝකය අදුරුය 
සවන් පෙති විවරය 
ජිවිත මං පෙතේ 
තරණය කෙරුමට 

රගහල අදුරේය 
සංවේදනා සොදුරුය 
මියුරු ගී නාදයෙන් 
වශීකෘත වූ මනසට 

රතු ද කොළ ද කහ ද 
නෙක වර්ණ ද 
කියා නොහදුනමි 
සුදු කළු හැරුණු කල 

නුඹ පියවි ඇසින් බලා 
හැදිනගත් සමනල 
ලෝකයට වඩා 
ගනදුරේ සෙවනැල්ලෙන් 
පිරි ඉතිරි ගිය ද 

මගේ විනිවිද ලෝකය 
සොදුරු ය සරල ය 
නුඹේ ලොවේ 
රුදුරු බවට වඩා

14 comments:

  1. අපූරුයි මොනරි...
    ඒක නෙවේ කෝපි වලට මක්කැයි වුනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..

      කොපි ලියන්න හිත නෑ වගේ.. ඒ නිසා කල් දැම්මා..

      Delete
  2. Replies
    1. ස්තුතියි සහෝදර..

      Delete
  3. ලෝකය අඳුරුයි කියලා කියන්නේ අපි කළුවරේ ඉඳන් ලෝකය දිහා බලන නිසා වෙන්න ඇති.හැබැයි කළු,සුදු ලෝකේ වර්ණවත් කරන්නේත් අපිම තමයිනේ.
    සරල දේවල් සුන්දරයි,එත් ගොඩක් අය සරල දේවල් වලට කැමති නැහැ.

    මේක ලස්සනයි නංගියෝ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඒ විදියටත් තේරුම ගත හැකි තමා ^_^

      ඒත් මෙය ලියන්න පාදක වුන ලෝකය ඔයා කියන ලෝකෙට වැඩිය ටිකක් විතර වෙනස්..

      මේ කළුවරින් පිරුණු රගහල තමා මවු කුස.. සුරක්ෂිත මවු කුසක ඉදන් බාහිර ලෝකය දිහා බලන බිලිදු කලලයක් කියන කතාවක් තමා මේ..

      හ්ම්ම් ඇත්ත.. සරල දේවල් ගොඩක් සුන්දරයි.. එක ගොඩක් අය තේරුම් ගන්නේ නැති එකයි වැඩේ..

      ස්තුතියි මනෝජ් අයියේ.. :)

      Delete
  4. ලෝකය විනිවිද දකින්න පුළුවන්නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.. කොහොම වුනත් අපූරු පද වැලක් මොණරී...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ස්තුතියි තුෂානි.. :)

      Delete
  5. බලන් කඩතුරා හැර දෑසේ.......

    ReplyDelete
  6. කෙටියි සරලයි ලස්සනයි

    ReplyDelete
  7. සෑහෙන කාලෙකින් මම කවියක් කියෙව්වේ..

    ReplyDelete