Thursday, July 3, 2014

ගිම්හානය, නුඹ නෑවිත් ඉන්න..


" මම ආදරෙයි ඔයාට.. " 


" එපා.. "


" ඇයි ඒ ?? ඇයි එපා ??  "

" මට ඔයාට ආදරේ කරන්න බෑ සස්මිත.. "

" ඇයි බැරි.. " 


" බැරි නිසා.. "


" මම අහන්නේ ඒක තමා.. ඇයි එපා කියන්නේ... ඇයි මට ආදරේ කරන්න බෑ කියන්නේ ??


" දන්නේ නැහැ.. " 


" නිම්නා.. මාව පිස්සු වට්ටන්න එපා දෙයියනේ.. " 


යුවතිය 174 බස් රථයේ ජනේලයෙන් එහා පැත්තේ එක සීරුවට වැටෙන වැස්ස දිහා බලාගෙන කල්පනාවක..


අර තරුණයා තාමත් යුවතියගේ මුහුණ දිහා බලාගෙන පිළිතුරක් හොයනවා..


" නිම්නා..  " 


ඒත් යුවතිය නිහඩයි..


" ඔයාට මාව අවිශ්වාස ද ?? " 


ආයෙත් නිහැඩියාවක්...


" නිම්නා කියන්න.. ඔයාට මාව වදයක් ද ?? "

  යුවතිය තාමත් ජනේලයෙන් පිටත බලාගෙන.. මුවින් කතා නොකෙරුවත් යුවතියගේ ඈස් හරි හරියට කතා කරන්න පටන් අරන් දැන් ගොඩක් වෙලා.. ඒත් ඒ තරුණයාට නොදැනෙන්න..

පිටත කඩා වැටෙන මොර සුරන වැස්සටත් වැඩිය ඉක්මනින් කඩා වැටෙන ඒ කදුළු බිදු වලින් බොහෝ දේ කියා පානවා..


" ඔයා අඩනවා ද ?? ඇයි මේ.. ?? "


යුවතියගේ ඇහි දාර දිගේ ඇවිත් කහ පාට ගවුමේ ලමැද හරියට වෙන්න වැටිලා තිබුණ වියැකී යන කදුළු බින්දුව ඔහු දැකලා වගේ..

යුවතිය තමාත් නිහඩයි.. ඒත් තරුණයාගේ මුහුණ දැක්කාම නම් තව එක මොහොතකින් ඔහුත් ඈස් වලින් හුගක් දේ කියන්න පටන් ගන්න බව නියතයි..

" මම යනවා.. " 
මෙච්චර වෙලා ගහක් ගලක් වගේ නිහඩව උන්නේ ඇය පොත් ටිකත් අරන් නැගිටලා හිතන්නත් කලින්..

තරුණයාත් ඇය පසුපස බස් රථයෙන් බැස ගන්න දිව ගියා..

ඔවුන් හොයා යන්න හිත බලකරපු නිසාම මමත් 174 බසයට සමු දීලා ඔවුන් ගිය මග හෙව්වා.

 මහා වැස්සට තෙමෙන යුවතිය අතින් ඇද ගෙන තරුණයා ටැක්සියට ගොඩ වෙනු පෙනුනා..

ගමනාන්තය - අහස උසට තාප්ප බැදුණු සුවිසල් මැදුරක් ලග..

අපත් හිමිහිට ඔවුන් පසුපස ඇදෙමු..

අපුරුයි.. සුවිසල් මැදුරක්ම නෙවේ කලාගාරයක්..

හැම තැනක්ම නිහඩයි, සොදුරුයි , අපුරුයි.

අපුරු පරිසරයක් මැද ගොඩ නැගුනු සොබාදහම් සුන්දරත්වයේ සංකේතයක්..

කළුවර ලියෙන් ඉහලට තැනුණු පඩිපෙළ පාමුල  බිම හිදගත් යුවතිය හිමිහිට හිස එසෙව්වා..

" සස්මිත.. "
" ම්ම්ම්.. " 

තරුණයත් ඊට ටිකක් විතර මෙහායින් යුවතිය ලගම ටයිල් පොලවේ බිම වාඩිගෙන..

" මේ කොහේද ??? " 
" කතා කරන්න පුළුවන් නිදහස් තැනක්.. " 
" හ්ම්ම්.. " 
" ඔයාට බය ද ?? " 
" මොකටද.. ?? " 

" මං එක්ක තනියම ඉන්න.. " 

" නැහැ.. " 
තරුණයාගේ මුහුණට යම් අස්වැසිල්ලක සේයාවක් ඇවිත් ගියා වගේ..

" එහෙනම් ඇයි අරහෙම කිව්වේ.. ?? " 

" කොහොමද.. ?? " 

" මාව එපා කියලා.. "

තත්පරයක්.. දෙකක්... තත්පර 120ක් ගියත් ඇය තාමත් නිහඩය..

" නිම්නා.. " 

" ඇයි ඔයා මට අද ආදරේ කරේ සස්මිත.. " 
" දන්නේ නැහැ.. ඒත් ඔයාව දැක්ක දා ඉදන් මට ඔයාව ඕනා වුනා..ඔයාට ආදරේ කරන්න , ලගින් ඉන්න ඕනා වුනා.. "

" මම ගැන මොකුත් දන්නේ නැතිව !! " 
" මම ආදරේ කරේ ඔයාට නේ දරුවෝ.. ඔයා කවුරු වුනත් කොහොම වුනත් මට ඕනා වුනේ ඔයාව විතරයි.. "

" හ්ම්ම්.. " 

" නිම්නා.. මම දෙයක් අහන්නම්.. මට ඇත්තම කියනවා ද ?? " 

ඇය ආයෙත් නිහඩය..

" නිම්නා, ඇයි මට ආදරේ කරන්න බැරි.. ?? ඔයාට මාව ඒ තරම්ම කාලකන්නියෙක් ද නිම්නා.. " 


ඒත් ඇය තාමත් නිහඩය..

සබද , ඉලන්දරියෙකු ජිවිතයේ හැඩිය යුතු අයෙකු නොවේ.. නමුත් සංවේදී විය යුතු තැන සංවේදී වන්නේ නිරායාසයෙනි..  එය බොලද කමක් ලෙස ගත යුතු නොවේ..

බරැති කදුලැල් දෙකක් තරුණයාගේ රැවුල් කොට අතරින් ගලා ගියේ ඉක්මන් ගමනිනි..

ඒ සමගම තරුණයා නැගිට උඩුමහලට දිවෙන පිය ගැට පෙළ තරණය කර ඉවත ගියේය..

. ගල් පිළිමයක් සදිසිව ඇය තාමත් එතන.. ඔහු ලුහු බැද යන්නට වඩා යුවතිය අසල රැදෙන්නට සිත දුන් නිසාම රැදුනෙමි.. එහෙත් ඇය සනසන්නට අපට නොහැකිය.. කල හැක්කේ බලා හිදිම පමණි..  හෝරාවක්.. නැහැ දෙකක් යන්නට ඇති.. ඇය හිස එසෙව්වේ එතකොට..

මුහුණේ ලවණ ගතියයි. ඉදිමුණු ඇසුයි.. ඇය හැඩු බවට සාක්ෂි..

හුන් තැනින් නැගී සිටි ඈ හිමිහිට ඔහු ගිය මග යන්න ට විය..

" සස්මිත.. " 

ඇසෙන නැසෙන හඩින් ඇය ඔහු ඇමතුවාය..

" ම්ම්ම්ම්.. " 

හඩ නැගුනේ උඩුමහලේ තැනකිනි..

උඩුමහල් සාලයේ සෝපාවක් මත දිග ඇදී දෑස් පියා ගත් ඔහු...

ඇය හිමිහිට ගොස් ඔහු පාමුල පොලව මත අසුන් ගත්තාය..

" සස්මිත.. " 
" ම්.. " 

" හා.. " 

" මොකක්ද ?? " 

" ඔයා අහපු දේට.. " 

" නිම්නා... !!!! " 

සෝපාව මත හුන් ඔහු දුන්නක් මෙන් කෙලින් විය..

රටක් රාජ්ජයක් දිනු සතුටකින් ඔහු..

" ඒත්.. " 

ආයෙමත් ඇය හඩ නැගුවා..

" මම හැමදාමත් ඔයා ලගින් ඉන්නේ නැහැ.. ඉක්මනටම යනවා.. සමහර විට අද හෙටම.. ඒකයි මෙච්චර කල් ඔයාට උත්තරයක් නොදුන්නේ.. "
ඇය හෙමි හෙමින් වචන ඇහිදින්නිය..

" නිම්නා !! මට තේරෙන්නේ නැහැ.. ඔයා මො..කක් ගැනද කියන්නේ.." 
බිය , සැක , කුතුහලය දරාගෙන ඔහු..

" ආච්චි අම්මයි.. අම්මයි වගේම මටත් යන්න වෙනවා සස්මිත.. දන්න දා ඉදන් ආදරේ කරාට නොකිව්වේ ඔයාට බරක් වෙන්නවත් දුකක් දෙන්නවත් කැමති නැති නිසා.. " 

" ආච්චි අම්මයි !! අම්මයි !! ඒ කියන්නේ ?? " 
" බ්ලඩ් කැන්සර් එකක්.. " 

" නිම්නා.. !!! " 

ඔහු වේදනාවෙනි...

ඇය හැගීම් දැනීම් විරහිත ගල් රුවක් සදිසිය.. නිහඩය..

ආයෙත් අපිට ඔවුන් වේදනා දරන තෙක් නිහඩව බලා හිදින්නට වෙනවා ය..

තත්පර කටුව විනාඩි කටුව නිහඩතාවය බිදිමින් හඩ දෙයි..

මොහොතකට පසු ඔහු සෝපාවෙන් නැගිට ඇය හිද වුන් සීතල පොලව මත ඇයට ලංව හිද ගත්තේය..

" නිම්නා.. "

ඔහුගේ තැන්පත් , ස්ථිරාසාර , ගැඹුරු කටහඩ..

" ආදරේ කරේ ඔයාව නැති කර ගන්නවත් ඔයාට එහෙම යන්න දෙන්නවත් නෙවේ.. මගේ ජිවිතේ අන්තිම ලේ බින්දුව වෙනකම් හරි මම ඔයාව රැක ගන්නවා නිම්නා.. " 
ඇය නිහඩව තාමත් ටයිල් පොලවේ රටා ගනිනවාය..

" නිම්නා.. මේ ගෙදර ඉදන් මම හීන මැවුවේ ඔයාව එක්ක මේ ගෙදර සතුටින් ඉන්න.. මං මේ ගෙදර හැදුවේ ඔයා වෙනුවෙන්.. අපි බදිමු අදම... ඊට පස්සේ මේ ගෙදර ඉදන් හීන හැබෑ කර ගමු.. කවදාහරි යන්න වුනොත් තනියම නෙවේ අපි දෙන්නම එකටම යමු.. නිම්නා , මේ ජිවිතේ කවදාහරි හරි නවතීවි.. එත් අපේ ආදරේ කවදාවත් නවතින්නේ නැහැ.. "

" මම ඔයාට ආදරෙයි.. මටත් වැඩිය.. ඔයාට කලිනුත් කිව්වා වගේම ඔයා කොහොම වුනත් කවුරු වුනත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්..  මං ආදරේ කරේ ඔයාව නැති කර ගන්න නෙවේ නිම්නා.. අයිති කර ගන්න මටම.. හැමදාටම.. "

කියන්න තිබු සියල්ල කියා දැමු තරුණයා ඇයගේ දකුණත තම සුරතින් අර ගත්තේය..

  ඇය තාමත් නිහඩව බිම බලාගත් ගමන්..ඒත් ඇය පාමුල ටයිල් කට මත දිලිසෙන කදුළු බිදු ඇය හිතින් දොඩමලු වෙනවාට නිදසුන්ය...

මොහොතක් ඇය දෙස බලා හුන් ඔහු ඊලග තත්පරයේ දී ඇයව ඇද තදින් තම ලයට තද කර ගත්තේ ය..

ඉතින් , ඔවුන්ට පාඩුවේ හඩා සිත් සදා ගන්නට ඉඩ දී ආපසු එන්නට හැරුනෙමි..

" සස්මිත.. " 

ඉකිගැසුම් මැදින් ඔවුන් දොඩමලු වෙනවා පිය ගැට පෙළ බැස යන මගේ සවනත වැකුණි..

" මට දාලා යන්න බැහැ සස්මිත.. මට.. මට මැරෙන්න බැහැ.. "
 

" මම යන්න දෙන්නෙත් නැහැ නිම්නා.. කවදාවත් මම නැතිව යන්න දෙන්නේ නැහැ.. "    
          




                                                 - නිමි -

ප . ලි - මේ මං ලිව්වා දෙවෙනි කෙටි කතාව ද කොහේදෝ ය.. ( මේකට කෙටි කතාවක් කියන්න පුළුවන් ද මන්ද ) පළවෙනි කෙටිකතාව  ලිව්වේ 10 වසරේදී ය..

මොන හේතුවකට ද මන්දා කවි ලිව්වත් මගේ අතින් කෙටි කතා ලියවෙන්නේ නැති තරම්.. ලියවුණොත් ඒ අහම්බෙන්..

මේ දවස් වල නිදි මරාගෙන උසස් පෙල විභාගේට පාඩම් කරනකොට කම්මැලි කම යන්නත් එක්ක කටු වැඩ කොළ වල එහෙම අහම්බෙන් ලිව්වා කෙටි කතාව තමා මේ.. :D

අඩු පාඩුත් නැති වෙන්න බැහැ.. කියවලා එහෙම විචාරයක් දෙන්නකෝ එහෙනම්...

31 comments:

  1. අඩුපාඩු හැමදාම කියන්න බෑනේ.... හැබැයි ඉතිං මේක කොමන් ඉන්ටේක් එකක්

    ReplyDelete
    Replies
    1. හැමදාම වුනත් අඩු පාඩු තියෙනවා නම් නොකියා බෑනේ දේශකයෝ.. :)

      Delete
  2. විචාරයක් දෙන්න දෙයක් නෑ කතාව එලකිරිස් එක පාරම කියෙව්වා ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා :)

      Delete
  3. එක හුස්මට කියවන් ගියා ඔෆිස් එකේ ඉන්න නිසා..හොදයි හොදයි :)

    ReplyDelete
    Replies
    1. බලාගෙන හුස්ම හිර වෙයි.. :p ස්තුතියි..

      Delete
  4. අර ඇහැලේපොල කුමාරිහාමි ගේ කතාව නවත්තුවද?

    ReplyDelete
    Replies
    1. නැහැ.. ඒකේ තව ටිකක් ලියන්න තියෙනවා..

      Delete
  5. ලියන ඉට්ටැයිල් එක සුපිරි. මටත් තියනවනෙ ඔය කෙටිකතා නොලියවෙන අවුල. අපි මේකට මොණරිස්ටැයිල් කියමුද :)

    ReplyDelete
    Replies
    1. ස්ටුටියි බස්සි.. ^_^ මොණරි ඉස්ටයිල් .. :v ඒකත් නරකම නෑ නෙහ් :D

      Delete
  6. ලස්සනයි... තව තවත් උසස් මට්ටමේ කෙටි කතාත් කියවන්න. එවිට ඔබටත් හොඳම කෙටි කතා රචිකාවියක් විය හැකියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) කෙටි කතා නම් කියවන්නේ නැති තරම්.. කියවලා බලන්න ඕනේ.. :)

      Delete
  7. ලස්සනයි කතාව...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදුරංග අයියේ.. :)

      Delete
  8. පැපරාසිද මන්දා .?ඔය හැටි පස්සෙන් ගියේ...:D
    ලස්සනයි නංගියෝ,කෙටි කතා ලියන්න ගන්න දිගටම.හොඳම නිර්මණ ටිකක් ඔබෙන් බිහිවේවි කියා විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. ඇයි පස්සෙන් පන්නන්නේ පැපරාසි විතර ද :v

      ස්තුතියි අයියේ.. බලමු බලමු.. ;)

      Delete
  9. කෙටි කතාවක් කියන්න බැරි නෑ. පුළුවන් ! නොලියා ඉන්න එපා අපි ලියමු. හරිම තාත්විකයි දෙබස් ටික :) 

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා.. :)

      Delete
  10. කතාවක් නම් මම ඉතින් ඉහලින්ම මනාපයි නේ.. ඉඩ තියෙන වෙලාවට ලියන්න බලන්න එතකොට ඔය අඩුපාඩු මඟ ඇරිලා යාවි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්.. :)

      Delete
  11. ලස්සනයි කතාව... කෙටි කතා ගැන හුඟක් දේවල් නම් දන්නේ නෑ.. මට හිතෙන්නේ ඔයා සාර්ථකයි කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි අක්කේ :)

      Delete
  12. ලස්සනයි...... මොනරු..... අඩුවක් නැ, කතාව ...... හොද මට්ටමක තියනවා....... ඒත්..... කෙටි කතා ලක්ෂණ මදි..... කෙටි කතාවක ආකෘතියට නැති උනත්...... මේ කතාව. හා, අදහස් ප්‍රකාශනය හුගක් හොදයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහිංසා.. හදා ගත යුතු අඩු පාඩු තව බොහොමයක් තියෙනවා.. :)

      Delete
  13. පලවෙනි එකත් කියවල ආවෙ.. ඒකට වඩා මේක මට හොදයි... හැබැයි දෙකම එකම පැත්තකට දිව්වදත් කියල හිතුනා.. හ්ම්ම්.. ලස්සනයි.. සාර්ථකයි,.. කියන්ඩ දෙයක් තියේ .. ඉන්බොක්ස් එකෙන් කියන්නම් :D

    ReplyDelete
    Replies
    1. එකම පැත්තකට කිව්වේ.. ස්තුතියි සමි අයියේ..

      ඉන්බොක්ස් එකෙන් කියලා ඉවරනේ දැන්... :p

      Delete
  14. කොයි දේටත් හොදම දේ ඒ දේ ගැන නිතර නිතර පැක්ට්‍රිස් කිරිමලුනෙ..ඉතින් දිගටම ලියනන්. එතකොට එන්න එන්න ලස්සන වෙයි ඔයාගෙ කතා.

    සුබ පැතුම් නංගා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිදී අක්කේ.. :)

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මම මේ බ්ලොග් එක දැක්කෙ අද.. පළමුවැනියට කියෙව්වෙ මේ පෝස්ට් එක..වැඩ කරල එපා වුණාම හිත නිදහස් කරගන්ට එනකොට මෙහෙම එකක් කියවන්ට ලැබීම සතුටක්..
    තුන්වැනි පාර්ශවයක් විසින් කියනු ලබන කෙටි කතා කොයිතරම් තිබුණ ත්, මෙ තැන මොණරි යොදාගෙන තියෙන ශෛලිය සිත් ගන්නවා.. සාම්ප්‍රදායික ව පාඨකයා චරිත වලට ඉහළ තලයක සිට කතාව දැකීම වෙනුවට ඔබ පාඨකයා කතාව තුළට ගෙනැවිත්!! මම ත් 174න් බැහැල ඔවුන් පසුපස ගියා වගෙයි!!
    ඔන්න මගෙ රෝලට ත් ඇඩ් කරගන්නවා එහෙනම්...
    ලස්සනයි...
    ජය වේවා!!!

    ReplyDelete
  17. අඩු පාඩු කියන්න තරං දැනුමක් මට නෑ එත් මේකට මම ආසයි !!!!!!

    ReplyDelete