Wednesday, July 16, 2014

ඉබාගාතේ යමු.. ඒත් හරි හැටි දැන.. හරි තැනට....


     සුලගක් වගේ වෙන්න තිබුණා නම්.. ගම් දනව් සිසාරා ඇවිද යන්නට තිබුණා නම් ලෝකේ අපුර්ව තැන් වල කරක් ගසන්නට තිබුණා නම් කියලා හීනයක් ඉස්සර මටත් තිබුණා..

     ලෝකේ අරුම පුදුම තැන් වලට යන්න , කැම්ප් එකක් ගහන්න.. කන්දක් උඩට ගිහිල්ලා ගිනි මැලයක් ගහන්න රෑ එලි වෙනකම් සින්දු කියන්න, නටන්න.. ඒ දකින දේවල් අරගෙන පොත් ලියන්න.. අලුත් අත්දැකීම් හොයන් යන්න.. කදු නගින්න ඔය වගේ ගොඩාක් දේවල්.. කරන්න හීන තිබුණා.. ඒවා සැබෑ කර ගන්න හිතුවා.. සමහර ඒවා සැබෑ කර ගත්තා.. සමහර ඒවා බැරි වුනා..




   අවුරුදු 8 ඉදන් මං මගේ සංචාරක ජිවිතයේ අත්පොත් තිබ්බා.. ඒ අම්මා එක්ක.. පලවෙනි සංචාරය නුවරඑළිය..

   අම්මා අම්මගේ තරුණ කාලේදී ජායාරුප ශිල්පිනියක්.. ගම් දනව් විතරක් නෙවේ රට රට වල සංචාරය කරපු.. අත්දැකීම් ලබපු.. ජායාරුපකරණය හදාරපු..  අම්මට ඕනා වුනේ මං අම්මටත් වඩා ඉහලින් තියන්න.. අම්මට කරන්න බැරි වුන දේවල් කරන්න උගන්නන්න..

   ඉතින් අම්මා අම්මගේ ජිවිතෙන් මට ගොඩක් දේවල් ඉගැන්වුවා..  ජායාරුපකරණයේ මුල අකුරු කියා දුන්නා.. සංචාරය කරන්න, සංචාරක සටහන් එකතු කරලා ඒවා එක්ක තමන්ගේ හීන වලට යන්න ශක්තියක් වෙන්න..

     ජීවිතය කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවේ.. ඒ වගේම කාලය,  අපි ආවා නැතා කාලය ගමන් කරනවා.. දවසින් දවස දුරස් වෙනවා.. ඒ දිහා බලන් ඉන්නේ නැතිව හැම තප්පරයකම ජීවිතය විදින්න ඕනේ.. අපි ජිවත් වෙන්නේ කාලයෙන් වැලි කැටයක් තරම් දුරක්.. ඉතින් ඇයි එක තැනකට වෙලා ඔහේ බලන් ඉන්නේ.. ජිවත් වෙලා ඉන්න කාලේ ජිවිතේ විදින්න.. හැම තැනකම ගිහිල්ලා මේ ලෝකේ බලන්න.. මැරෙන්න මොහොතක් තියලා සතුටු වෙන්න පුළුවන් තරමේ  සතුටක් ජිවිත කාලේදී ලබා ගන්න..  - ඒ මං මගේ අම්මා එක්ක එක්ක ඉගෙන ගත්තු ජිවිත දැක්ම..

      
                                 


    සංචාරකයෙක් ජිවිතේ ලොකු ලොකු අහස අල්ලන්න තරම් බලාපොරොත්තු නැහැ.. තියෙන්නේ සැබෑ කර ගන්න පුළුවන් අරමුණු විතරයි.. ඒ ජිවිතේ සරලයි.. විනෝදජනකයි..  හැබැයි තමන්ගේ අරමුණු වලට යන්න ජිවිතේ සමහර වටිනා දේවල් මග හැර ගන්න වෙනවා.. දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙනවා වගේ..  අම්මා , තාත්තා , යාළුවො , ගෙදර , හුරුපුරුදු පරිසරය වගේ ගොඩක් දේවල් මග හැර  කර ගෙන සංචාරකයෙකුට සංචාරකයෙකුගේ ගමන යන්න වෙනවා..

                 
                              


            එක පාරක් මට අවුරුදු 16දී මගේ යාලුවෙක් එව්ව මැසේජ් එකක මෙහෙම තිබුණා..

                                        පැරිසියට ගිහින් අයිපල් කුලුන පේන මානෙන්
                           කොෆි ෂොප් එකක් හොයන් කොෆි එකක් බිබී
                                        පැරිස් අහසේ වලාකුළු අල්ලන්න
                            පෙම් හීන හොයන පෙම්වතුන්ට හුවක් තියන්න..

                                ජපානේ ගිහින් හනමිචියට යන පාර දිගේ

                                 සකුරා මල් බකට් ගණන් අහුල ගන්න..
                                   ස්ටෝන්හෙජ් ගල් අස්සෙන් ගිහින්
                                     හැංගි මුත්තන් සෙල්ලම් කරන්න..

                                  ඇලවෙච්ච පීසා කුලුන කෙලින්

                                     කරන්න සපෝර්ට් කරන්න..
                                     ලෝකේ වටේ සවාරියකට
                                   අපි දෙන්නත් මංගච්චමුද බන්
                             මේ අ.පො.ස සාපෙන් ඔලුව ගලෝ ගන්න..


          ඒ සාමන්‍ය පෙළ ට පාඩම් කරන කාලේ..  ජිවිත කාලේ හම්බුනු තවත් එක විභාග බරක් ඔලුව උඩින් තියන් උන්නු කාලේ... ඒ කාලේ විභාගේ පස්සේ දුවනවා මිසක් මොන සංචාර ද.. ශිශයත්වෙන් පස්සේ සාපෙ ඊට පස්සේ උපේ.. ඔය සේරම ඉවර වෙද්දී අවුරුදු 20ක් 25ක්වත් වෙනවා.. ජිවිතෙන් 4න් 1ක් ඉවරයි..

       අවුරුදු 20ක් වෙද්දී ඔහොම නම් තව කොච්චර කාලයක් හීන පස්සේ දුවන්න වෙයි ද දන්නේ නැහැ.. ඊළගට කසාද බදින්න වෙනවා.. ඊලගට පරපුර ගෙනියන්න දරුවෝ හදන්න වඩන්න ඕනේ.. ඊට පස්සේ ගෙදරට වෙලා බත් තම්බන්න වෙනවා තව අවුරුදු 50ක් විතර..  ඊට පස්සේ පොලවට බරක් වෙලා දුක් විදලා ටික දවසකින් දුවිලි වෙලා පොලවට එකතු වෙනවා.. ඕක තමා ජිවිතේ.. එතකොට අවුරුදු 20ක් වෙනකම් ඉගෙන ගෙන ටිකෙන් ටික ගොඩ නගපු හීන වලට මොකද වෙන්නේ.. ඒ සේරම එතනින් ඉවර ද ??? ඒ හැම හීනයක්ම එතැනින්දී බොද වෙන්න දීලා බලන් ඉන්න ඕනේ ද ??

     අවුරුදු 20 තමා ජිවිතේ හැරවුම් ලක්ෂය.. එහෙම නැත්තම් ජිවිතේ හම්බෙන හතර මං හන්දිය.. මෙච්චර කල් ආපු පාරේම යනවා ද ?? නැත්තම් දෙපැත්තේ පාරවල් වලින් හැරෙනවා ද ??  අභියෝගය තියෙන්නේ එතැන..  හීනය ද නැත්තම් සම්ප්‍රදායික ජිවිතේ ද ??

     මටත් දැන් අවුරුදු 20ක්..  මං පෙර පාසල් යන්න ගත්තේ අවුරුදු 4 දී.. මං ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 16 දී.. එතකොට අම්මා තාත්තා ලග හුරතල් වේවි අවුරුදු 4ක් ඉදලා.. ඉතුරු අවුරුදු 16 අධ්‍යාපනයට වෙන් කරලා.. ඒ අතරම අවුරුදු 4ක් ආදරේ කරලා.. ඊළගට මං කොතැනට ද යන්න ඕනේ ?? සමාජය කියන විදියට විවාහයට ද නැත්තම් මගේ හීන වලට ද ??

              




     අවශ්‍යම කරන දේවල් ටිකක් දා ගත්තු ටිකක් දා ගත්තු බෑග් එක කරේ එල්ලන් කැමරාව හිත මිතුරා කරගෙන මට මගේ ගමන යන්න කාලේ හරි..  පලවෙනි අභියෝගය තමා පටන් ගැන්ම.. හීන ජිවත් කරන්න ඕනේ නම් කොහෙන් හරි පටන් ගන්නම වෙනවා.. මගේ තේරීම මගේ හීන.. ඒවා කොයි කවුරුත් කියන විදියට වෙනස් කරන්න බැහැ..

    අර කිව්වත් වගේ පැරිස් ගිහින් ආදරේ නගරේ සැරිසරන්න.. ජපන් සකුරා මල් වල අසිරිය විදින්න.. ඇලවෙච්ච පීසා කුලුන කෙලින් කරන්න නෙවේ ලගින් ඉදන් සිරි නරඹන්න.. මහා රෑ ටත් සීතලේ පාරවල් දිගේ ඇවිද යන්න.. හිම වැටෙන නත්තලේ හිම බෝල එක්ක සෙල්ලන් කරන්න.. අහසට  උසට නැගුනු කදු තරණය කරන්න..  මහා රෑට ඇහැරගෙන ගිනි මැලයක් ලග ඉදන් අහසේ තරු රටා ගනින්න.. මේ තමා හොදම කාලේ.. තාරුණ්‍යට අරුතක් දෙන්න.. 


  


    ඒ සංචාරය කරන හැම තැනක්ම පුළු පුළුවන් හැටියට සටහන් තියන්නයි මගේ සුදානම.. ඉතින් මොනරිත් එක්ක ඒ සංචාරක සටහන් කියවන්න ඔයාලටත් එන්න පුළුවනි ඉස්සරහට...

34 comments:

  1. ලස්සනයි නංගි... මම ඔයාට ඉතිරි හරිය ඉන්බොක්ස් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෝ... :)

      Delete
  2. Replies
    1. hey ciara.. thank u.. පලවෙනි වතාවට උබ මගේ බ්ලොග් එකේ දැක්ක එක නම් හිතා ගන්න බැහැ බන්.. සතුටුයි..

      Delete
  3. ඔන්න මමත් ආව මොණරිගෙ සංචාරක සටහන කියවන්න සෙට් වෙන්න...
    මේ කතාවෙත් ලොකූ දේවල් ටිකක් දැනගත්ත... දැනගත්තට වඩා ගැළපෙන්නෙ "තේරුම්ගත්ත" කිවුවොත්...
    :)

    ඒව වැඩක් නෑ... ඔන්න මම බලන් ඉන්නව සංචාරක සටහන් ලියනකම්...
    :)

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා පවනි.. :)

      හෑ මුනා ද දැන ගත්තේ ?? :o

      ලියන්නේ ඉතින් යන යන පිලිවලට තමා... :p ස්තුතියි :)

      Delete
  4. කවියක් වගේම අපූරූ සටහනක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්.. :)

      Delete
  5. මොණරිත් එක්ක සංචාරෙ යන්න (සටහන් තුලින්) අපිත් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හකෝ.. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා සංචාරේ යමුකෝ..

      Delete
  6. සංචාරය මගේ ප්‍රියතම විනෝදාංශයක්. සංචාරය කරන්න පෙර පින් තියෙන්නත් ඕන. යමු ඔයාගේ සංචාරය කියවමින් අපිත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. සංචාරය කරන්න පෙර පින් තියෙන්න ඕනේ !!! ඒක ඇත්ත..

      Delete
  7. මාත් කැමතිම දෙයක් තමයි කොහේ හරි යන එක.. ඒ නිසා බොහොම කැමැත්තේන් සංචාරෙට එකතුවනවා ..

    ReplyDelete
    Replies
    1. තුෂානි ලංකාවේ යන්න කැමතිම තැන මොකක් ද ??

      Delete
    2. උඩරට පැත්තට යන්න තමයි වැඩිපුර කැමති..

      Delete
    3. මමත් වැඩි පුරාම කැමති නුවර පැත්තට :D

      Delete
  8. කියවීමට පස්සේ මගෙත් තියෙන ලොකුම විනෝදාංශය තමයි සංචාරය මොණරියේ.ලෝකේ වටේම යන්න මගෙත් හීනයක් තියෙනවා.ඊට කලියෙන් ලංකාවේ නොගිය තැන් ගොඩක් තියෙනවා යන්න ඕනේ.ඒ කොහොම වෙතත් මමත් එනවා උඹේ සංචාරය යන්න නංගියේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි සේරම එකතු වෙලා යමු.

      එක නෙවේ එනවද රූමස්සල යන්න..

      Delete
    2. ෂා නියමයිනේ
      කවද්ද,කොහොමද යන්නේ කීවානම් එන්න පුළුවන් වේවි.

      Delete
    3. ඉන්බොක්ස් කරන්නම්..

      Delete
  9. හොඳ ‍තී‍රණ‍යක්‍ ‍මො‍න‍රී..‍‍‍ ‍පස්‍‍සෙ ‍කා‍ලෙ‍ක ‍කොච්‍‍ච‍ර ‍සල්‍‍ලි ‍හම්‍‍බු‍නත්‍ ‍ ‍අ‍පේ ‍ගෙ‍වි‍ල ‍ගෙ‍වි‍ලා ‍ගි‍ය ‍ත‍රුණ ‍කා‍ල‍ය ‍ඒ ‍සල්‍‍ලි ‍ව‍ලින්‍ ‍ගන්‍‍න ‍බෑ. ‍‍බ‍ලා‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා ‍ඔ‍ය‍ගෙ ‍ඔ‍යා‍ගෙ ‍චා‍රි‍කා ‍ස‍ට‍හන්‍ ‍කි‍ය‍වන්‍‍න...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක නම් ඇත්ත ගෙවිලා ගිය තරුණ කාලේ වගේම ගෙවිලා ගිය අතීතය සල්ලි වලින්වත් හරි ගස්සන්න බැහැ..

      Delete
  10. මමත් හරිම ආස දෙයක් සංචාරය කරන එක නම් ,ඉස්සරහට බලමු කෝ ...

    ReplyDelete
    Replies
    1. සංචාරය තරම් හිත නිවන දෙයක් තව කොහෙද?? බලමු බලමු.. :)

      Delete
  11. ලෝකේ වටේ ඇවිදලා එක එක විකාර හොයනවට වැඩිය නරකද තමන් ගැන හොයන්න පටන්ගත්තොත්? බොරු දේවල් පස්සෙන් ගිහින් තරුණ කාලෙ නාස්ති කරගන්න එපා.
    විවිධ දේවල් දකින්න විඳින්න තියෙන ආශාව කිසිම දවසක නැති වෙන දෙයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. මං මං ගැන දන්නවා නම් මං ගැන හොයන්න මට වෙනම කාලයක් අවශ්‍ය නැහැ.. දෙපයින් හිට ගන්න පුළුවන් කාලේ සංචාරය කරන්න ගිහින් අලුත් දේවල් දැන ගන්නේ නැතිව හැරමිටියෙන් යන කාලේ දී සංචාරය කරන්න ද ??

      සංචාරය කියන්නේ බොරු දෙයක් නෙවේ..

      ලෝකේ වටේ විවිධ ස්ථාන දැක බලා ගන්න තියෙන ආශාව කිසිම දවසක නැති වෙන්නේ නැති වුනාට ඒ තැන් වලට යන්න පුළුවන් කාලයක් තියෙනවා..

      Delete
  12. මම අදහස් කරපු දේ තේරිලා නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. හරි මොකක්ද ඔබ ඔය අදහස් කරා කියන දේ ??

      Delete
  13. ෂා...... සංචාරය
    ජීවිතයේ සිහිනය

    ReplyDelete
  14. අලුත් අලුත් දේ දකින්න තියෙන ආශාව මරණ මොහොතේ පවා තියෙනවා. එ නිසා තමයි ආයේ ආයෙත් ඇස් ලැබෙන්නේ.
    ඔය ඇස් වලින් නොදැක්ක දෙයක් මේ විශ්වයෙ නැති තරම්. ඒත් එපා වෙන්නෙ නම් නැහැ.
    කලින් දැක්ක දේවල් ඔයාට දැන් මතක නෑ. දැන් දකින දේවල් අනාගතයේ මතක් නෑ.
    ඔය දැකීමේ ආශාව හිස් දෙයක්.
    ආස කරන දෙයක් දැක්කාම සතුටක් දැනෙනවා තමයි, ඒ සතුට වෙනුවෙන් ගන්න තියෙන දුක වැඩියි. මහන්සි වෙලා ලබාගන්න සතුට තාවකාලිකයි

    ReplyDelete
    Replies
    1. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අහන්න ඕනේ කලින්ම.. දැන් මේ අන්කල් හාමුදුරු කෙනෙක් ද :3 ඔය හැටි බණ දේශනා කරන්න, අනිත් එක සංසාරේ මේ හැටි කලකිරෙන්න.. නැත්තම් මහණ වෙන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවා ද ??

      අනේ තරුණ අපි නම් ඔය හැටි ඕවා ගැන හිතන්නේ නැහැ.. ඕවා හිත හිතා කාලේ කකා ඉන්නවාට වඩා , අද මැරෙයි ද හෙට මැරෙයි ද දන්නේ නැති එකේ අපි අපේ සතුට වෙනුවෙන් ජිවත් වෙනවා.. සතුට තාවකාලිකයි කියා කියා උන්නොත් කොයි දේත් කරන්න වෙන්නේ නැහැ.. ඇයි ඉතින් හැම දේම තාවකාලිකයිනේ.. -_-

      මේ ජීවිතෙත් හරියට ටික කාලෙකට ආපු සංචාරයක් වගේ තමා.. ඉන්න ටිකේ වටපිටාව නරඹලා ජිවිතේට ගන්න පුළුවන් දෙයක් අරගෙන සතුටින් ඉදලා ආපහු යන්න තියෙන්නේ.. එහෙම නැතිව තැනකට වෙලා ඉගෙන අනේ අපොයි කියන්න නෙවේ..

      Delete
    2. තවත් අවුරුදු 10න් විතර මේ පොස්ට් එක බලල මම කීව දේවල් තේරෙනවද කියලත් බලන්න.
      එහෙනම් මම ගියා.

      Delete
    3. හාකෝ එහෙනම් :v

      Delete