Friday, August 1, 2014

වුහැ යෙහැ ව්හ් යෙහ් යා.. - කරාටේ !!!


2009 දෙසැම්බර් 23 !!! 

එදා තමා එදා -_-  හම්මේ මතක් වෙද්දී සර්වාංගයාම හිරි වැටෙනවා..

එතකොට මට අවුරුදු 15 යි මාස 2යි දවස් කීපයයි හරියටම .. :3

නත්තලට හරියටම දවස් දෙකයි තිබුනේ.. ඔන්න ඉතින් උදේ පාන්දරම අපේ අම්මා වැඩම කරා මගේ ඇද පාමුලට !!

උදේ පාන්දර කිව්වට පාන්දරමත් නෙවේ ඉතින්.. සාමානයෙන් මොනරිට පාන්දර වෙන්නනේ උදේ 11 ට විතර.. එක වෙනම කතාවක්.. :D

" බබෝ , 12.30ට  විතර ගමනක් යන්න තියෙනවා ලැස්ති වෙන්න !!! "

ඒ තමා පලවෙනි නියෝගය..

ස්ථිරේටම ඔය යන්නේ නත්තල් ෂොපින් පාරක් තමා කියලා හිතපු මාත් හ්ම්ම් කියලා අනිත් පැත්තට හැරිලා ආයෙම නිදා ගත්තා..

ඇයි යකෝ කවුරුත් දන්න දේනේ ෂොපින් කිරීමම කොච්චර පරාලයක්ද කියලා..

අර රෙදි මේ රෙදි, අර කේක් ඒකට බඩු මේ කේක් ඒකට බඩු..  රසකැවිලි !!! එතකොට බැලුම් බෝල, නත්තල් සැරසිලි.. අපොයි ඒ මදිවට.. අර කස කසා උස්සන් එන්න ඕනේ කස අතු.. ඔය සේරටම හපන් ඇදුම් ගන්න ගියාම :3 තෝරනවා තෝරනවා ඉවරයක් නැහැ :/


          
                 
 ඒත් ඉතින් යන්න බැහැ කියලා මැරෙන්න යා.. අම්මාගේ තීරණේ අවසන් තීරණේ නොවැ..

ඇද පැළද ගෙන ඉතින් මොනරිත් අම්මාත් එක්කම පාරට බැස්සා..

හැබැයි ඉතින් ගමන ටිකක් අමුතුයි.. ෂොපින් කිරීමේ අරමුණ තියෙන්නේ මිගමුවේ වුනත් අම්මා ගමනාන්තය අතර මග නතර කරලා අමුතු පෙනුම තියෙන බිල්ඩිමක් ඉස්සරහ නතර කරන්න කියලා අම්මා ඩ්‍රයිවර් අන්කල්ට කිව්වා එක නම් මොනරිගේ මීටරේට එච්චර ඇල්ලුවේ නැහැ.. -_-

ලග ලගම එන විපතක් ඉව වැටිච්ච නිසාම දෙයියෝ බුදුන් සිහි කොර ගෙනම අම්මාගේ පස්සෙන් නැග්ගා අර බිල්ඩිමේ දාර දාර  පඩිපෙළ..

වුහැ යෙහැ ව්හ් යෙහ් යා..

වුහැ යෙහැ ව්හ් යෙහ් යා..

වුහැ යෙහැ ව්හ් යෙහ් යා..

වුහැ යෙහැ ව්හ් යෙහ් යා.. 

ඔන්න ඉතින් ඇහෙනවා නේද ඇතුලින් කවුද මන්දා සෙට් එකක් ගහා මරා ගන්නවා.. ගහන්න ආවොත් කරන්න තියෙන එක එකම දේ දුවන එක විතරයි !! ඇයි යකෝ ගහ ගන්න පුළුවන් එකක් යෑ මේ මට :3

අර මොකාද කිව්වා වගේ , දවසේ කරදර දවසට සෑහේ කිව්වා ලු..

කොයිකටත් එක්ක සුදානම් කකුල් පිට එක කකුලක් එළියෙන් තියාගෙන බෙල්ල දාලා බැලුවා දොරෙන් ඇතුලට..

අම්මට සිරි !!!! කරාටේ පන්තියක් !!!!!

             

ඊටත් හපන් එක කෙල්ලයි කොල්ලෝ ගොඩයි.. :3

ඒත් අපේ අම්මා මක්කැයි මාවත් කුදලන් මේකට ආවේ.. ??? o.O

හිතුවා හරි.. ආයේ දෙකක් නැහැ.. මරාලයක්ම තමා.. :3

මාව කරාටේ පන්තියට දාලා !!!!

ගුරුතුමා හෙවත් සෙන්සේ තුමාට අපේ අම්මා මෙන්න කරුණු කාරණා පැහැදිලි කරා.. කොහොම හරි මොනරිට කාට හරි දෙකක් ඈන ගන්න පුළුවන් මට්ටමට කරාටේ පොවන්න තමා මෙයාලගේ සුදානම..

ඕක ඔහොම වෙද්දී මට මරන්න හිතුනේ වෙන මොකෙක් වත් නෙවේ.. ඊට සතියට කලින් පාරේ යද්දී මාව කුදලං යන්න ගිය රස්තියාදු කාර හිකනලයෝ දෙතුන් දෙනා
ව :/


  උන් නැත්තම් අදත් මං දෙයියනේ කියලා ගෙදරට වෙලා ඉන්නවා මේ කරාටේ ක්ලාස් එකක් අස්සේ රිංගන්නේ නැතිව..

උන් දෙතුන් දෙනාගේ අන්ධ භාවයට මං පලිය නැනේ යකු..

ඒ කොහොම වුනත් මොන කරාටේ ඉගෙන ගත්තාත් වැඩක් නැහැ.. ඔය වගේ හදිසි අවස්ථා වලට හැටට හැටේ දුවන්න පිහිට වෙන්න ඉන්නේ දයාබර කකුල් දෙක විතරයි..

ඕඕ යේස්.. අත්දැකීමෙන් කියන්නේ ඕන් !!! :3

අලුත්ම තැන් වලට ගොඩ බැස්සම මොනරි පොඩ්ඩක් සලිත වෙනවා.. අපේ සයන්ස් උගන්නපු ගාමිණි සර් නම් 
ඕකට කියන්නේ අන්ද මන්ද දුපතේ ඉදන් බෝල ගහනවා වගෙයි මේකි ඉන්නේ කියලා !!! 
හිත පොඩ්ඩක් සිසිල් කර ගන්න හිතා ගෙන වටපිට බැලුවට මොකෝ එහෙම සැනසීමක් පේන්නවත් නැහැ..

හතර පැත්තෙන්ම මරා ගන්න වගේ ගහ ගන්නවා.. අතරින් පතර ඇහැ පොඩ්ඩක් දාලා කරකෝලා බලද්දී අම්මට සිරි පොඩි කාලේ ඉදන් ඒකට පන්ති ගිය දැනුත් මං එක්කම ටියුෂන් වන්දනාවේ වැඩම කරන කොලු කුරුට්ටෝ සෙට් එකක් එතැන..

අපොයි.. අර දාර දාර බිල්ඩිම හාරාගෙන පහලට බහින්න හිතුනා ලජ්ජාවටම :/

" මොනරි !!! "

අහ ඒ සෙන්සේ තුමා..

" අපි පටන් ගමු නේද ?? පලවෙනි පැය දෙක ටිකක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.. හරි ද ?? "

" හ්ම්ම්.. :(  "

" තුන් වෙනි පැයේ ඉදන් අපි පටන් ගමු.. "

" හ්ම්ම් >_< "

ඕන්න ඔහොම..

පලවෙනි පැය දෙක ගෙවුනා.. මං තුමියත් බලන් උන්නා.. හැබැයි කරාටේ ගහන දිහා නම් නෙවේ, පාරේ යන වාහන දිහා :3

හ්ම්ම්..  තුන්වෙනි පැය ඊළගට ආවා..

පළවෙනියට මුල පොතේ ඉදන් මැදට වෙනකම් නීති රීති කියා දුන්නා.. පන්තිය වටේ දුව දුව තියෙන සබ්බ සකලමනා එක්සසයිස් ටිකත් කොරා..

ඒ දවස් වල මං තුමිය කණ්ණාඩි කුට්ටමක් එහෙම පැළද ගෙන උන්නේ.. මගේ බුද්ධිමත් භාවය එහෙම ප්‍රකාශ කිරීමට :D

 ඉතින් ඔය සියලු ගහ මරා ගැනීමේ මුලධර්ම අත්හදා බලද්දී කණ්නාඩි කුට්ටම ලග පත මේසයක් උඩ තියලයි වැඩේට බැස්සේ.. :3 
ඒ දවස් වල ඕක ඉතින් රාජකීය භාණ්ඩයක් වගේ තමා.. මොකද අරගෙනත් වැඩි දවස් නැහැ.. අලුත් පිට නේ.. පරිස්සම් කිරිල්ල අති ස්තරම් විදියටම කොරා..                          

ගහගෙන මරාගෙන එහෙම ඉවර වෙලා පරණ යාළුවො සෙට් එකයි අර හිටපු එකම ගෑනු දැරිවි වෙච්ච අක්කයි ඇවිල්ලා කදේ ට වැටුනා..

අපරාදේ කියන්න බැහැ කට්ටියම හරි හොදයි..

" හිටපන්කෝ ක්ලාස් ගියාම කියන්න කට්ටියට කියන්න දැන් බ්‍රයිටා දැන් කරාටේ ගහනවා කියලා :D "

" හිටපන් උබලගේ ස්කොලේ ගාවදි උඹව දැක්කාම අපි කෑ ගහන්නම් කරාටේ කියලා :D "

ඔන්න ඉතින් ආදරණිය දාමරික ටියුෂන් සගයෝ ටික පලවෙනි තර්ජන ටික පටන් ගත්තේ එහෙම..

" ඇයි වෙන වැඩක් නැතිවද ?? "

එහෙම අහනකොටම එකපාරටම කොහෙන්ද මං ද ටක්ස් ගාලා සද්දයක් ආවා..

" අඩේ මොකක් උඩ ද මං මේ ඉදගෙන උන්නේ.. අම්මට සිරි.. කණ්ණාඩි කුට්ටමක් කුඩු.. කාගේ ද ?? "

එහෙම කියාගෙන අපි පන්තියෙක් කොලුවෙක් බෙරිහන් දුන්නා..

කාගේද ?? වෙන කාගේද ඉතින් ?? මොණරිගේ මිසක්.. :3

ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නට හපන් වැඩක් සිද්ද වෙලා තිබුනේ.. :/

කණ්ණාඩි කුට්ටම ගන්න දෙයක් නැහැ.. කුඩේ කුඩු.. -_-

ඒක උඩ ඉද ගත්ත කොලුවා දහ අතේ පින්සන්ඩු වෙනවා.. ඒත් මොනරි නෙවේ එදා ඉදන් එකා දිහා අහක් ඇරලා බැලුවේ..

ඒ මොණරිගේ කරාටේ ජිවිතේ පලවෙනි දවස.. හැබැයි අන්තිම දවස නම් නෙවේ ඕo..

ඕන්න ඔහොමය තමයි ආයුබෝවන්ඩ ,  පියතුමන්ගේ නියෝගය මවුතුමිය ඉටු කිරීමේ ප්‍රතිපලයක් ලෙස මොනරි කරාටේ පන්ති ගිහින් පලවෙනි දවසේම කණ්ණාඩි කුට්ටමත් කඩාගෙන ගෙදර ආවේ..

             

28 comments:

  1. මදැයි මොනරි කරටේ පන්ති ගියා.. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මදුරංග අයියා කරාටේ පන්ති එහෙම ගියේ නැද්ද ?? :D

      Delete
  2. අඩේ මාත් කාලයක් ගිහින් බඩ පිරෙන්න කාල ආව. මාත් ලියන්ඩ ඕනෙ. හම්මේ කරාටේ... පට්ටයි ඈ..

    ReplyDelete
    Replies
    1. හම්මේ අහන්නත් සතුටුයි !!!! එහෙනම් ඒ කතාව බොහොම රසවත් ඇති.. ඉක්මනට ඒකත් දාන්න..

      ස්තුතියි ඈ :D

      Delete
  3. අඩේ බලන් යද්දි අපේ ඉක්කොලේ උන් ඔක්කොම කරාතේ පන්ති ගිහින් වගේනේ බං මාත් ඔහොම ක්ලාස් එකකට ගියා නෙව....හම්මේ...බස්සි මායි ඔය කරාතේ පන්තියේ සීන් ටිකක් ලගකදි කතා කරා ...මාත් ලගදිම ලියන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. මාත් මේ කල්පනා කොරේ ඕකම තමා.. ස්කොලේම එවුන් කරාටේ පන්ති ගිහින් වගේ..

      ආයේ දෙකක් ඕකට බලපෑවේ එකම එක හේතුවයි.. අපේ අර සහෝදර පාසලත් එක්ක බොහොම හොදට සම්බන්දතා පැවැත්වීමට නම් අනිවා කරාටේ දැන ගත යුතුමයි.. නැද්ද මං අහන්නේ.. :D

      ශානු අක්කගේ කරාටේ කතාවත් දාමුකෝ බලන්න.. :D ඒකත් බස්සිගේ එක තරම්ම රසවත් ඇති..

      උය දෙන්න කරාටේ පොස්ට් දාන අතරේ මං යන්න ඕනේ සංගණනයක් කොරන්න.. ඇයි අෆ්ෆේ තව කි දෙනෙක් මේ වගේ අපේ පාසලේ උන්නු කරාටේ කාරියෝ හැංගිලා ඇත්ද?? එවුන් ටිකව හොයා ගන්න එපැය..

      Delete
    2. මොකක්ද බං ඔය ස්කොලේ කියලා අපිටත් කියහල්ලාකෝ.
      ඕකේ කෙල්ලෙක් පාරකදිවත් දැක්කොත් අහක බලාගෙන යන්න.

      Delete
    3. ශුද්ධවූ පවුලේ බාලිකාව :3

      ඇයි අවුල් ද ?? :3

      Delete
    4. අනේ නැහැ හොඳටම නිරවුල්...:D

      Delete
  4. Replies
    1. නංගි ඔයාට දුෂ්ගෙන් ගුටි කන්නත් වූෂූ මනා පිටුවහලක් වෙන්න ඇති නේද? අපෙන් සුබ පැතුම්..

      Delete
    2. වුෂු ????? බුදු අම්මෝ වුෂු බයානකයි නේ :o

      දැන් නම් මදාරා ගැන බය හිතෙනෝ..

      Delete
  5. ගෑනු ලමයි තමුන්ගේ ගැටළු තමුන්ම විසඳගන්න හුරුවෙන එකනම් හොදයි..එතකොට මිනිස්සුන්ට කරදයක් නැහැ නෙව... අතවරයක් කරන්න ආවත් අර හිංදි චිත්රපටි වල වගේ පචාවු පචාවු ගගා කෑ ගහන්න ඕන් නෑ අතවර කරන්න දික් කරන් එන අඩු පඩු කැඩිලාම යන්න ෂොට් එක දෙත හැකි..

    ReplyDelete
    Replies
    1. ඔයා මේ වෙඩිමක් කියෝනවා.. කරාටේ ඉගන ගන්න පටන් අරන් අවුරුදු 3කට පස්සේ ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ මාව පැහැර ගන්න ගියා පන්ති යද්දී.. මොන කරාටේ ද එක පාරටම මොකුත් හිතා ගන්න බැරි වුනා.. පැහැර ගන්න ආපු එවුන් ටික පස්සෙන් එලොන අතරේ හැටට හැටේ දුවන්න විතරයි තිබ්බේ ගස් පදුරු උඩින් පැන ගෙන.. එතැනින් බේරිලත් පැයකට විතර පස්සේ තමා මතක් වුනේ යකු මං කරාටේ දන්නවා නේද කියලා :D

      අතවර කරන්න එන එවුන්ට ගහන්න පරක්කු වෙන්නත් එපා.. කෙලින්ම දුවන්න කියන එක තමා මං නම් දෙන උපදෙසේ.. :3

      අනිත් එක ගැහැණු ළමයි තමන්ගේ කරදර තමන් විසදා ගත්තම මිනිස්සුන්ට කරදරයක් නෑ කිව්වට ඔයා දන්නවා ද අයියේ.. ගැහැණු ළමයින්ට සමහර වෙලාවකට තියෙන ලොකුම කරදරේ තමා තමන්ගේ මිනිහා.. ඒ වෙලේට නම් ඔය කරාටේ පාරක් දෙකක් දීලා දැම්මට කමක් නැහැ ඕන්..

      Delete
  6. ඒ කිවුවට පස්සෙ මටත් හිතුන කරාටි පංතියකට යන්න... මටත් හරි කරදරයි නිතරෝම... කෝකටත් චුට්ටක් ඉගෙනගන්ට ඕන..

    ReplyDelete
    Replies
    1. ඔයා බයවෙන්න එපා සුදූ . . . මැරිච්ච හූනෙක්ටවත් . . . මම ඉන්නකං

      Delete
    2. @පවනි - ඒක හොදා :D

      හැබැයි ගහගනි ද ගුටි කයි ද කියන එක තමා ප්‍රශ්නේ..

      Delete
  7. ඉන්ටෆේස් වෙනස් කරල නේද?? මං හිතුව වැරදි බ්ලොගකට ඇවිල්ල කියල.. මම මොනරිගෙ ගිම්හානය ට පස්සෙ කියෙවන ඊළඟ පෝස්ට් එක මේක.
    මට මතක් වුණේ මම පොඩි කාලෙ කරාටේ ක්ලාස් ගිය හැටි. පළවෙනි දවසෙ ගියාම එතන හිටපු පරණ උන් ගෙ හෙණ ම ලොකු එක. මට විහිලු කරනට, හිනාවෙනව..ඒ කාලෙට කොල්ලන් ගෙ හැටි නෙ. එදා කොහොම හරි පැය තුන හිටිය. දෙ වැනි දවසෙ එකෙකුට ගහල, ඊට වඩා දෙක තුනකුත් කාල යාලුවො කීපදෙනෙකුත් හදාගෙන ආව. එදත් එද යි ආයෙ ගියෙ නෑ.. බයට නෙවෙයි, මං ආපහු උන්ට ගැහුවොත් පව් කියල ;)
    පොඩි කාලෙ මතක් කළාට ස්තුතියි මොණරි. පුළුවන් වෙලාවක ආපහු මේ පැත්තෙ එන්නම්.
    ජයවේවා!!!

    ලැම්බාගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. හැමදාම එක විදියට ඉන්න බැහැ නේ ඉන්ටෙර්ෆේස් වෙනස් කොරා.. :D

      මං නම් එකෙක්ට දෙන්නෙක්ට නෙළුවේ ගිහින් දවස් 5ක් විතර ගියා ම :D

      ස්තුතියි ලෑම්බා :)

      ජය..

      Delete
  8. ටයිකොන්ඩෝ වගේ ප්‍රැක්ටිස් උනානං හරි! :D

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙටයි ටයිකොන්ඩෝ.. ?? :D

      Delete
  9. ලස්සන ටෙම්පෙල්ට් එකක් ඈ.

    අඩේ නංගිලා මනෝත් කරාටේ ක්ලාස් ගිය කොල්ලෙක් තමයි එක දවසකට..:Dහැබැයි මනෝගේ නංගි නම් කාරටේ ක්ල්ස් ගියා විතරක් නොවේ පළත් තරඟ වලට පවා ස්කොලේ යන කළේ ගිහින් දිනලා තියෙනවා.හැබැයි මම දැනුවත්වනම් තවම කිසි එකෙක්ට ගහලා නම් නැහැ..:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඈ..

      හම්මේ ඒ වුනත් මනෝ නම් ඕනේ තරමට නංගිගෙන් ගුටි කාලා ඇති නෙහ්.. :D

      Delete
  10. ගෑනු ළමයි ගොඩක් දෙනෙක් කරාටේ කරලා තියෙනවද කොහෙද
    එකනේ දකින දකින එකට ඊය ඊය කියන්නේ

    ReplyDelete
    Replies
    1. කරාටේ කරන එකයි ඊයා කියන එකයි අතර සම්බන්දය මොකක්ද ??

      Delete
  11. හප්පේ ... දැන් කරටි තත්වේ කොහොමද ? කීදෙනෙක්ට ගහන්න පුළුවන්ද ? හි..හි...

    විස්තර ටික එක හුස්මෙට කියවගෙන ගියා.. රහට ලියලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. දැන් තත්වේ හොදා මොකද කරාටේ ගහන ඒකට අපේ වෙන්න මනුස්සයා විරුද්දයි.. දෙතුන් පාරක් අත පය කඩා ගත්තු හින්දා ..

      තාමත් හදිසි අවස්ථා වලදී ගහනවාට වැඩිය දුවලා තමා තියෙන්නේ.. :D

      තුන් හතර දෙනෙක්ට නම් වැටෙන්න ගැහුවා එක පාරක් ඒ දවස් වල.. දැන් නම් කාටවත් ගහන්නේ නැහැ.. :D

      ස්තුතියි තුශානි..

      Delete
  12. කියවගෙන යන්න ආස හිතෙන විදිහට ලියල නංගා.. වෙලාවට ස්ක්‍රින් එකෙන් අත දාල කරාටෙ ගහන්න බැරි.. :-D

    ReplyDelete