Saturday, August 16, 2014

වෙඩි තියමු !!! හැබැයි ඒ පැනෙන් ද ?? පැනටද ?? ( පලවෙනි කොටස )


"
හිතේ හැමදෙයක්ම තද කරගෙන විදවන්නේ නැතිව ගහකට ගලකට හරි කියලා හිත හෑල්ලු කර ගනින් සරා.."

  ගහකට ගලකට නෙවේ වැලි කැටයකට හරි මං මොනා කියලා කියන්නද.. හේතුවක් දිනයක් නැතිව කසුන් යන්න ගිහින් කියන්න ද... අවුරුදු හතරක් ආදරේ කරලත් කසුන්ගේ ගෙයක් දොරක් තියෙන දිහාවක් මං දන්නේ නෑ කියන්නද..

 කසුන් හිතට එබිච්ච දවසේ ඉදන් ආදරේ කරායි තැන් තැන් වල රස්තියාදු ගැහුව්වයි අධ්‍යාත්මික ප්‍රේමයයි සාහිත්‍ය ප්‍රේමයයි නිර්වචනය කරා මිසක් කසුන්ගේ උප්පැන්න සහතිකයි චරිත සහතිකයි මං හොයන්න ගිය නැති එක හැබෑව වුනත් මං ගහකට ගලකට හරි මොනා ද කියන්නේ..


   මිනිස්සු මට හිනා වේවි.. සමහර විට ගලුත් ගහාවී. පත්තර වල පොත් වල උඹ ලිව්ව මහා ලොකු කතන්දර කොහෙද කියලා අහාවී.. මං ලියන කතා කවි එළියේ ලෝකේ ඉන්න එවුන් තලු මර මරා රසවිදින බව හැබෑව.. ඒත් උන් දන්නේ නැහැ  ඒ හැම කතාවකින්ම කියවෙන්නේ සතුටටයි දුකටයි දෙකටම මගේ ඇස් වලින් හේදිච්ච ලුණු රහ විත්තිය.. ඒවා දැනගෙන මිනිස්සුන්ට වැඩකුත් නැහැ..

   උන්ම නිරීක්ෂණය කරලා උන්ම නිගමනය කරලා උන්ම නඩු තීන්දුවත් දේවි.. හරියට උසාවිය වගේ.. කවදාවත් හේතු අහන්නේ නැහැ..


   
සාරදී සරත්සේකර , එහෙම නැත්තම්  සාරනාත් සරත්සේකරගේ දුව.. සාරනාත් සරත්සේකර , ඒ මගේ තාත්තා.. පින්සලයි සායම් තැටියයි අතර හැංගිච්ච තාත්තගේ ජිවිතේ වැඩි ඉඩක් වෙන් වුනේ තාත්තා කියන පදවියට වැඩිය සේකර කියන මහා චිත්‍ර ශිල්පියාගේ භූමිකාවට පණ දෙන්න..

 
ගොඩක් අය හිතුවේ පින්සලයි සායමුයි මැද්දේ උස් මහත් වෙච්ච මමත් තාත්තාගේ අඩිපාරේ යයි කියලා ඒත් මට ඕනා වුනේ වෙන දෙයක්.. ඒ පත්තරකාරියක් වෙන්න.. කවි ලියන්න.. කතා ලියන්න.. හැබෑ ලෝකෙදි හම්බ වෙච්ච නැති හීන හොයන් යන්න..

 
මම මගේ පලවෙනි කතා පොත එලි දක්වනකොට මට අවුරුදු දහසයයි.. ඒ කියන්නේ මිට අවරුදු 4කට කලින්.. කසුන් මගේ ජිවිතේට එබුනේ එදා.. පුස්තකාල ශ්‍රවණාගාරයේ තිබුණු එළිදැක්වීමට කසුන් ඇවිත් තිබුනේ ජනක එක්ක.. ජනක පත්තර කාරයෙක් මගේ යාලුවෙක්.. කසුන් ඒ වෙලේ මට විශේෂයක් නොවුනත් සමරු පොතේ ලියලා තිබුණු පද පේලි වල විශේෂයක් තිබුනා..

                  
    කවියක් කතාවක් එක්ක
                     
අතිනත පටලා ගෙන
                     
බෝ දුර යන්නට
                     
කාලය සදිසිය

                     
අහම්බයක් වුව
                     
නොවේ අවසානය
                     
පෑනට වෙඩි තියන්න නොව
                     
පැනෙන් වෙඩි තියන්න

                     
ඉතින් ,
                     
එනවාද නුඹ
                     
කවි හිතක් එක්ක පැහෙන්න !! 

                                              
 - කසුන්  සේනාධි තිලකරත්න  -  
             
 ( වෙඩි තියමු !!! හැබැයි ඒ පැනෙන් ද ?? පැනටද ?? කෘතිය එලි දැක්වීමේදී )
            

         

         
 ප.ලි - සාරදී , නුඹට ජය
                   
හීන ගොතන්නට
                   
විතරක් නෙවේ
                   
සැබෑ කරගන්නටත්

                                           -
කසුන් - 


_________________________________________________

     "
මිනිස්සු හීන දකිනවා.. සමහරු ඒවා සැබෑ කර ගන්නවා.. ඒත් ඒ හීන සැබෑ කර ගන්න අවස්ථා හොයා හොයා ඉවක් බවක් නැතිව ජිවිත කාලෙම දුවනවා.. හීන පස්සේ දුවලා හති වැටෙද්දී තමන්ට මග හැරුණේ මොනාද කියලා හිතනවා.. හොයනවා.. තමන්ට ජිවිතේ මග ඇරුනා කියලා දැනෙද්දී දකිද්දී ආපහු හැරෙන්න කල් මදි.. ඉතින් ඕක තමා  ජිවිතේ කියලා හිත හදාගෙන ඉස්සරහට යනවා..  ඕක නේ සාමාන්‍ය සිස්ටම් එක.. ඒත් සාරදී ඒක එහෙමයි කියලා හිත හදාගෙන ඉස්සරහට යන්න මං සුදානම් නැහැ.. "

ඒ කසුන්..

"
මට මග ඇරුනේ මොනාද කියලා දැක්කොත් ආපහු ගිහින් එක හදාගෙන මිසක් මං ඉස්සරහට යන්නේ නැහැ.. ඒ මගේ හැටි.. "

සමහර වෙලාවට කසුන් කියන කතා මට තේරුනේ නැහැ.. අගක් මුලක් නැති කතා.. සමහර ඒවා නීරස යි.. අහන් ඉන්න කම්මැලි.. ඒත් මං අහන් උන්නා.. ඒ ආදරේ නිසා.. ඊටත් වැඩිය එයාගේ කටහඩ අහන ඉන්න මං ආස වුන නිසා..

පොත එළිදැක්වීමෙන් පස්සේ කසුන්ව මට හම්බුනා ඒ නිදහස් චතුරසය ගාවදි.. ඒ අහම්බෙන්.. හැබැයි අපි කතා කරා ගොඩක් දේවල්.. 

"
කසුන්ට හීනයක් තියෙනවද ?? " 

"
ඔව්.. "

"
මොකක්ද ?? "

"
ඒක මෙහෙම වචනෙකින් දෙහෙකින් කියන්න පුළුවන් එකක් නෙවේ සාරදී.. "

"
එහෙනම්.. "

ඒ අපේ , ඒ කියන්නේ කසුන්ගෙයි මගෙයි කතාවේ දෙවෙනි මතකය.. "

_________________________________________________

   
කසුන් කවදාවත් මට වචනෙකින් ආදරේ කිව්වේ නැහැ.. ඒත් හම්බ වුන දෙවෙනි දවසේ ඉදන් මං කසුන්ට ආදරේ කරා.. ඒ කසුන් කියන සාමාන්‍ය මනුස්සයටත් වැඩිය කසුන් කියන කවියාට.. රස්තියාදුකාර හිතුවක්කාර ආඩම්බර අරගලකරුවා ට..

 
කසුන්ගේයි මගෙයි ආදරේ ඇතුලේ විනාඩි පහෙන් පහට ටික් ටික් ගැන කෙටි පණිවිඩ , පැය ගණන් ගෙවෙන දුරකථන ඇමතුම් තිබුණේ නැහැ.. 

 
හම්බෙන්න ඕනේ වුනොත් තැනයි වෙලාවයි විතරක් සදහන් වුන නමක් ගමක් නැති කෙටි පණිවිඩයක් එනවා.. යනවා..

 
ඒ වගේම කලාතුරකින් අහම්බෙන් අපි ගැන ලියපු නිසදැසක් ඇවිත් යනවා..

 
දුරකථනයත් පාඩුවේ නිස්කාන්සුවේ ඔහේ බලන් උන්නා.. හරියට මං වගේ.. කසුන් ගුප්ත චරිතයක්.. ඒත් ඒ ගුප්ත චරිතේට ආදරේ නොකර ඉන්න මට බැරි වුනා.. 


14 comments:

  1. හුටා කසුන්? නම විතරයි වෙනස් ! 

    ReplyDelete
    Replies
    1. හෑ :o ඒ කිව්වේ :o

      අපි මේකට කසුන් වෙනුවට දිනේෂ් කියලා දාමු ද :D

      Delete
  2. ඔය බලපන්කො ඉතිං ඒ හිතුවක්කාර චරිතෙට දාල තියෙන අහිංසක නම ;)

    ReplyDelete
    Replies
    1. නම දාන්නේ උපන්න දවසේ නේ.. එතකොට මේකා හිතුවක්කාර කම බන්දේසියේ තියන් අරන් ආවේ නැනේ අයියේ :p

      Delete
  3. ගුප්ත චරිතයකට ඉස්සෙල්ලම ඇතිවෙන්නේ ඒ වෙනස නිසාවෙන් විශේෂත්වයක්..ඒක තමයි ආදරේකට හැරෙන්නේ...නමුත් එහෙම කෙනෙක් එක්ක දුරක් යන්න අමාරුයි...මට හිතෙන හැටි, මට දැනුණ හැටි...:D

    ReplyDelete
    Replies
    1. මං නම් කැමති ගුප්ත චරිතයකට ආදරේ කොරන්න... ඒත් ඉතින් දැන් දෙවනි කසාදයක් කොරගන්නත් බෑ නේ. :D.

      Delete
  4. ඉස්සර අපි හොස්ටල් ඉද්දි ඉකිලි ආශ්‍රිත කැසීමේ සමේ රෝගයක් ව්‍යාප්ත වුනා. ගොඩක් යාලුවොන්ට ඒක වැළඳුනා..එකේ ප්‍රධාන ලක්ෂනයක් තමයි වැළඳුනු විට නිතර ලිංගික ස්ථාන ආශ්‍රිතව කසන්නට උවමනා වීම. ඉතිං ඒක වැලදුන අය පසුව ඒකට නමක් නියම කලා කසුන් කියලා..

    ReplyDelete
    Replies
    1. අපොයි.. මේක දැක්කොත් කසුන් කියලා නම තියෙන එවුන් ටික බෙල්ලේ වැල දා ගනී..

      Delete
  5. කෙටි කතාවක්ද?නව කතාවක පටන් ගැන්මක්ද?කොකා කොයි හැටි වුණත් කතාවේ ලස්සනක් තියෙනවා.
    සමහරක් හීන සැබෑ වෙනවා.තවත් හීන හීනම විතරක් තමයි.එක තමයි ජිවිතේ හැටි.එත් ජිවිතේ ජිවත් කරවන්නෙත් ඔය හින,බලපොරෝත්තුම තමයි නංගි.

    ReplyDelete
    Replies
    1. නවකතා ලියමි.. බ්ලොගයට නොදමමි.. කෙටි කතා නම් බ්ලොගය තුල ලියමි.. :D

      මේක කෙටි කතාවක් මනොජ් අයියේ.. ස්තුතියි..

      හ්ම්ම්

      Delete
  6. ගුප්ත චරිතවලට ආදරේ කොරන්න ගියොත් විනාසයි ඈ. අර එක බ්ලොගක අහස් කියල ගුප්ත චරිතෙකට ලව් කරලා කෙල්ලට පිස්සුත් හැදිලා. (ලියන එකාටත් පිස්සු නිසා ඒක අවුලක් නෑ ඉතින්.) උඹත් පටන් අරන් ගුප්ත සීන්කෝන් එකක්. ජෝක් හොඳේ. මේක සුපිරි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා කතාව.. අහස් නම් ශෝක් කොල්ලා මොනා වුනත්.. ඊටත් වැඩිය කාර්තික් ශෝක්.. ලියන එකා ට වුන් දෙන්නගෙන් කාව තොර ගන්න ද බැරි ව පිස්සු හැදිලා..

      මේක ලියන මටත් මොන සැන්තාසියක් වෙයි ද දන්නේ නැහැ අන්තිමට..

      ස්කොතුයි. :D

      Delete