Monday, August 18, 2014

-___ -

ඉස්සරම ඉස්සර
හිටියා මට
හොදම හොද මිතුරෙක්
දුක සතුට බෙදාගෙන
එකම මගක පියවර මැන්න

කාලයක් යනකොට
වුනා ඔහු
මිතුරෙකුටත් වැඩිය
හොද පෙම්වතෙකු
ආදරේ දෝතින් රැගෙන ආව

හිතට දැනෙන
තනිකම් මකාලන්න
අවැසි මොහොතක
පැයක් දෙකක් නොව
කල්පයක් වුව
දොඩමලු වන්නට

කාලය තිබුණා
ආදරය තිබුණා
නිදහස තිබුණා
දුරකථනයත් තිබුණා

කාලයක් ගෙවුනා
හෙමිහිට අපි
මුහුකුරා වැඩුණා
පාසල් විය ඉක්මන්
ගමනින් ගෙවුණා

එතකොටම
හැමදේම උදුරා ගත්ත
රැකියාව
දොරකඩ ලගටම
ලං වුනා

ඉතින් කාලය නැතිලු
ආදරය තියේලු
නිදහසක් නැති ලු
දුරකතනයත් බිසී ලු

දුක බෙදාගත් මිතුරා
ආදරේ දුන් පෙම්වතා
මග කියාදුන් පෙර ගමන්කරුවා
අතුරු දහන් කරවූ
මා දුටු අපායේ
යම පල්ලා
ඔහුගේ ඔපීසියේ
ලොක්කා

ඉවරයක් නැති වැඩ
දිගට හරහට දෙමින
රැයක් දවාලක් නැතිව
ඔපිසියක් කරවන

මහා රෑටත් සල්ලි කදු
ගොඩ ගහන්න
උසට උසේ තව තව
බිල්ඩින් හදන්න

සේවකයා නොමරා මරන
හැගීම් දැනීම් නැති
මහා දානපතියා
ගොරවා ගොරවා නිදිය
අසරණයෙකු
ලේ දහදිය කදුළු වගුරන
යාමෙක

මිතුරැ වෙසින්
හතුරුකම් කොරන
රටක් ලග හිනා කටක්
රජ කරවන
රටට පේන්න
සල්ලි කදු විසිරුවා
සමාජ සේවේ කරන

ඔපීසියේ ලොක්කා වූ
අපායේ අධිපතියා
මනුසත් ලොව අතැර
ආයෙම අපායට
වඩින තුරු
ඇගිලි ගනිමින මම
මගේ ආදරණිය මිතුරා
යලිත් මා ලොවට
ගෙන්වා  ගන්න !!! 

19 comments:

  1. හප්පේ සෑහෙන දවසකින් මෙහෙ ආවෙ...
    කවිය ලස්සනයි ඈ...
    ඇත්තටම පට්ට

    ReplyDelete
    Replies
    1. එක තමා කාලෙකින්.. මහේෂ් කියවන්නේ කවි විතර ද ??

      ස්තුතියි :)

      Delete
  2. සිතුවිලි මැරතන් එකක් නේ මේ..

    ReplyDelete
  3. ඔපීසියේ ලොක්කා වූ අපායේ අධිපතියාගේ බිරින්දෑට
    කොහොම හිතෙනවා ඇද්ද???

    ReplyDelete
    Replies
    1. එයාට අවුලක් නැහැ.. ලොක්කා ඔපිසියට අධිපතියා වුනා ට ගෙදර අධිපතිනිය එයා නේ,.. දැසි දස්සන් සමග යහමින් ජිවත් වෙනවා ඇති..

      Delete
  4. මොනා වුනත් කවි ටික නම් මරු..

    බ්ලොග් එකත් වෙනස් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      බ්ලොග් එක වෙනස් වෙලා ටික දවසක් නේ දැන්.. ටිකක් ලස්සන කරන්න හිතුවා බ්ලොග් එක..

      Delete
  5. හිටු මේක යවනවා ඔපිසියේ ලොක්කාට,එතකොට තේරෙයි රඟේ...:D

    ReplyDelete
    Replies
    1. අපෝ මං බය නැහැ ලොක්කාට.. මොකද මං ජිවත් වෙන්නේ ලොක්කාගේ බුදලෙන් නෙවේ නේ ලොක්කා ට බය වෙන්න :v

      Delete
  6. මෙක ලොක්කා දකිත්වා ,හැක් හැක්

    ReplyDelete
    Replies
    1. සාදු සාදු.. :D

      මොකෙක් හරි ලොක්කෙක් මේක දැකලා අනංමනං කිව්වොත් ඉතින් ඒ ලොක්කා තොප්පිය හරි හින්දා තමා දාගන්න ඕනේ.. මොකද ලෝකේ ඉන්නේ එක ලොක්කෙක් විතරක් නෙවේ නේ.. :D

      Delete
  7. // ඔපීසියේ ලොක්කා වූ
    අපායේ අධිපතියා
    මනුසත් ලොව අතැර
    ආයෙම අපායට
    වඩින තුරු
    ඇගිලි ගනිමින මම
    මගේ ආදරණිය මිතුරා
    යලිත් මා ලොවට
    ගෙන්වා ගන්න !!! // ඔක්කෝම ලොක්කෝ එකයි .. කොහොම වුනත් පද පේලි ටික නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ සිරා කතාව.. කොයි ලොක්කාත් බලන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න හැටි තමා.. ඒ නිසා සේවකයෝ වෙච්ච එවුන් ටික ඉතින් දුක් විදිනවා කාටවත් කඹුරන්න ගිහින්.. කොතැන තියෙන ප්‍රශ්නෙත් ඕක තමා..

      ස්තුතියි තුෂානි..

      Delete
  8. ලස්සනයි කවිය...
    මම ඔයාගේ කවි පොත කියවන ගමන් ඉන්නේ. ටික ටික කියවනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :)

      කවි පොත නම් නිවාඩුව කියවලා විචාරයක් දෙන්නකෝ.

      Delete
  9. ලොක්කා එක්ක මලම පැනලා වගේ මොනරිට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ඉවාන් අයියේ.. ඊටත් වඩා තද වෙනවා.. එක එකා මේ කවිය දැකලා බොරුවට තොප්පි දාගෙන කෑ ගහන්න ආවම..

      Delete
  10. ඒ යම පල්ලාන් හමුව ඔවුන්ගේ අපායේ සිරගතවීමට සුදානම්ව සිටින මට මෙය කියවන කල අහෝ සිව් වසක් දුක් විද කළු කබා පැළඳ නම්බු පිටින් ගත් හිස් බබ්බුව අහෝ අපායටම යන ටිකට් එකක් නොවෙදොහොයි නොතිතා සිටින්නේ කොහොම?.

    ReplyDelete