Friday, September 5, 2014

_ ගිලිහුණ හීන මතින්_

හිතක් ලග නතර ව
කවක් ගෙතු හින්දා 
දුකක් ඇත මුහු ව
අහිමි තාරුණය ගැනද මන්දා 

රන් හුයෙන් දැහැගිලි බන්දා 
පෝරු මස්තක මත නංවා 
ජය මංගලම් කියූ හින්දා 
නලවමින කවි ගී කියමින් බිලින්දා 

බෝතලයත් තුරුළු කරන් 
ගෙට ගොඩ වෙන නිරින්දා 
වළං පිගන් අහසේ පා කරනා 
මදි හරියට ඇයවත් තලු මරනා 

හිතේ හැටියට ගොරවා ගොරවා  
රැයක් හිමිහිට පහන් කරනා
කිරි සුදු කමිසෙට  
ටයි පටියත් ගෙලලා 
උදේම කලඑළි බසින්නා 
නිවන් යන්නට පෙරුම් පුරන ලෙසා  
ඔහුමය ඇය හිමි වුණු රජින්දා 

රැයක් තිස්සේ දගලා ඔට්ටු වෙනා 
මදි හරියට ගුටි බැටත් ලැබෙනා 
ඉදහිට හඩන බිලිදුටත් තන පුඩු පොවනා 
ආයෙමත් රාස්සිටත් කලියෙන් සුමේ කරන්නා 
ඇයමය  දුක දරන යශෝදරා 

එක එක වැඩ ඉවරයක් නැතිවා 
හැඩ වැඩ කරන්න කාලයක් නැතිවා 
ගිලිහුණු කාලය ගැන හිතන්න බැරිවා
යෙහෙලියන් වා සිටි දොරටු තුලින් 
ඉගිලෙනු දැක සුසුමක් හෙලනා 
ඇයම මේ සියලු දුක් දරනා 

- අරුණි කළුපහන - 

12 comments:

  1. ආයෙමත් රාස්සිටත් කලියෙන් සුමේ කරන්නා
    ඇයමය දුක දරන යශෝදරා////
    හිත නතරවුනේ මෙතන...
    මේවගේ කවියකට මොකක් කියන්නද කියල හිතාගන්න බෑ...
    අපූරුවට අකුරු කරල තිබුණත් දුක්බරම සිතුවිල්ලක්...
    ඇත්තමයි හිතට දැනෙනවා

    ReplyDelete
  2. පොදු පිරිමියා හා පොදු ගැහැණිය.. (කාලානුරුපව)

    ReplyDelete
  3. හැම දුක් උහුලන ගැහැණියක්ම යශෝදරා කෙනෙක්ද?
    සමහර විට මිනිහා ඔහම බොන්න කරන්නත් අර යශෝදරා ගේ ක්‍රියා පටි පටිත් හේතු වුනාදැයි කියන්න දන්නේ කොහොමද :D ?

    ReplyDelete
  4. මේවිදිහට දුක් කම් කටොළු වලට මුහුණ දෙමින් පෙරුම් පුරන යශෝදරාවන් අද සාමාජේ කොයි තරම් නම් ඉන්නවද ...

    හිතට දැනුනු පද පෙලක් .... අපූරුයි..

    ReplyDelete
  5. ආලය කොයිබද දෙව්දත් හිමිනේ
    රාහුල නොවේදෝ නුඹට උපන්නේ
    යසෝදරා නුඹ තැලුම් ලබන්නේ
    පෙරුමමන් පිරුවා මදිද සිතෙන්නේ

    වැදි බන අහලා රැවටුණු හන්දා
    දෑගිලි බැඳලා පෝරුත් නැග්ගා
    කාලය ගෙවිලා බිලිඳු උපන්නා
    යසෝදරා නුඹ වියපත් වන්නා

    කිරි දිය ඉල්ලා බිලිඳු හඬන්නා
    කිරි නොව කඳුළුම තවත් එරෙන්නා
    මැදුරේ නුඹ ලද නිවන කොයින්දා
    බයිට් එක තනපන් ඔහු පැමිනෙන්නා

    රා කල බිව් නාලා ගිරින්දා
    වාගේ හිමි සඳු සවස වඩින්නා
    සයනයෙ සිට ගුටි පුද දෙන්නා
    කෙලෙස වන්නද රති රඟන්නා

    තනිව හිඳ සී මැදුරු කවුළුවෙන්
    අවට බැලු කල යොමා නුවන්
    යාහලු යෙහෙලියන් විශාකාවන්
    බුදුන් සරණෙය පුන් සඳක් වන්

    සංසාරෙම විඳි දුක මදිවද මන්දා
    නුඹ දෙන දුක් මේ මොනවාද මන්දා
    තවත් දුක් නම් නොහිලිය හන්දා
    අබිනිස් කරපන් හිමි සමින්දා

    ReplyDelete
  6. ........හිතට දැනෙන ලස්සන කවියක් .............
    ජීවිතයේ ගන්න ඕන වැදගත්ම තීරණය වැරදුනාම පස්සේ ජීවිත කාලෙටම විඳවන්න වෙනවා ...මෙහෙම අය මටත් හමුවෙලා තියනවා ..එහෙම කෙනෙක් ගැන තමා මගේ අන්තිම කතාවෙත් ලියවුනේ .
    //ඇයම මේ සියලු දුක් දරනා
    අයගේ වේදනාව දන්නෙ ඇයම පමණයි .. හැමදේම ආපස්සට හැරිලා වෙනස්කරන්න බැරි තරම් කාලය ගොඩක් දුර ගිහින් ........

    ReplyDelete
  7. හරිම සංවේදී හිතට වදින කවියක්...

    ReplyDelete
  8. ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
  9. සංවේදී කවියක්. උපරිමව වින්දා..අදයි මේ පැත්තේ අවේ..දිගටම මෙහේ රස්තියාදුවේ ඒවි.
    සුබපතනවා මොනරිට ! මම දිලා :)

    ReplyDelete
  10. සංවේදීත්වය දැනුණ කවියෙන නංගා.

    ReplyDelete
  11. කවිය අපූරුයි.. මේ බ්ලොග් එක මගේ "Red's Dreams " බ්ලොග් එක වගේමයි.. අපි දෙන්නාම එකම තැනින් ටෙම්ප්ලට් එක අරන්ද කොහෙද... හිහි..

    ReplyDelete