Wednesday, October 29, 2014

ඇත්ත !!!


ලියලා ඉවර වෙච්ච

ලියන

ලියන්න ඉන්න

හැම කතාවකම

කවියකම

හැම අකුරකම

හැංගිච්ච කතන්දරයක්

තියෙනවා..

කවුරුත් ම නොදන්න..

සමහර වෙලාවට

දෙතුන් දෙනෙක් විතරක්

දන්න..

17 comments:

  1. හැමෝටම තියෙනවලු දෙතුන් දෙනෙක් විතරක් දන්න රහස්......... සමහරවිට කවුරුත්ම නොදන්න රහස් .....

    ReplyDelete
    Replies
    1. හැබැයි දෙතුන් දෙනෙක් ඒවා ලිව්වට හැමෝම ඒවා ලියන්න නැති ලු..

      Delete
  2. සමහර වෙලාවල් වලදී ඒව අනිත් අයට කියපු එක අපරාදෙ කියල හිතෙන වෙලාවලුත් තියනව

    ReplyDelete
  3. කියනවට වඩා නොකියන එක හොදයි කියල හිතෙන දේ ද...
    නැත්තං කීවම ෆිට් එකක් දැනෙන දේද...

    ReplyDelete
    Replies
    1. කියනවා ට වඩා නොකියන දේවල් මනකල්පිත චරිතයක් කරලා හරි ලිව්වා ම හිතේ තියෙන පීඩනය නිදහස් වෙනවා.. ..

      එතකොට ඉතින් දෙකම තමා..

      Delete
  4. දැගන්න එහෙනම් අපිටත් කියන්න.

    ReplyDelete
    Replies
    1. ආයෙම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ :) ඒ කතන්දර තමා මේ බ්ලොග් එක පුරා ම එක එක විදියට ලියවිලා තියෙන්නේ..

      Delete
  5. ඒවා හැමෝම දන්නකොටත් ගතියක් නෑලු.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒක නේ ඇත්ත ඇති සැටියෙන් නොකියා හංගලා කියන්නේ ;)

      Delete
  6. අපි සමහර පාඩම් ඉගෙන ගන්නෙත් ඔය 'රහස්' නිසා ලු..

    ReplyDelete
  7. අන්න ඒක ඇත්ත කතාවක්

    ReplyDelete
  8. සමහර කතා කිව්වම හිතට සහනයක්.. ඒත් සමහර කතා කියනව කියන්නේ වින්නැහියක්.. කිය යුතු කතාවත් නොකිය යුතු කතාවත් පරිස්සමින් තෝර ගන්න ඕනි..
    ලස්සන බ්ලොග් එකක්.. මොණරු ආඩම්බර උනත් පිහාටු ලස්සනයි නේ.. අද තමයි මුලින්ම ගොඩ උනේ.. ඉඩ තියෙන විදියට කලාහිත පැත්තෙත් ඇවිත් යන්න. ජය ශ්‍රී!

    ReplyDelete
  9. පාට පාට කතන්දර, සමහර වෙලාවට කලුසුදු චරිත..
    හැමෝටම තමන්ගේ කියල කතාවක් තියෙන්න ඕන, ප්‍රධාන නළුවා තමන් වෙච්ච. නැත්නම් ඒ ජිවිත කතාවෙන් වැඩක් නැහැ :)

    ReplyDelete