Tuesday, February 17, 2015

බොද වන්නට මාන බලන හීන


කිලෝමීටර් ගණන් දුර
ගෙවාගෙන ගොස් ඔපිසියට
බැනුම් තොගයක් අසාගෙන
එමි නිවහනට ආයෙම
හෙටත් සුපුරුදු දෙසුම
අසන්නට යන්න බලාගෙන


නැත කිසි හොදක්
කරන්නට ඇත
වැඩ කප්පරක්
කරන කරන වැඩෙහි
ඇත කුමක් හෝ වරදක්


නෙතින් ගලන කදුළට
නැහැ එහි වටිනාකමක්
සිත ගල් කරගත් මිනිසුන් රැසක්
වැඩ වසී රුදුරු සිතින් තවමත්


ගෙවල් කුලිය ගෙවාගන්න
අම්මට බේත් ටික අරගන්න
පොඩි එකට පිටි පෙට්ටියක් ගන්න
උකසට තැබූ ජිවිත රැසක්
එහි කඹුරති දුක් විද විද තවමත්


මහා රුදුරු කොන්ක්‍රීට් වනන්තරේ
විසඝෝර සර්ප විමනෙකි එහෙ
නුඹට බැහැ ගැටෙන්නට ඔහේ
ඇවිත් වැටියන් ගෙපිලේ
පිරිමහගමු අපි කොහොමහරි පුතේ
හිස් අවකාශේ පීරන බරැති සුසුම් දැක
අම්මා මුමුණයි නිතර දෙවේලේ


මට යන්නට නොහැකි වූ දුර
ගෙවා කෙසේ හෝ නුඹ
මගේ පැතුම් ඉටු කල
මගේ අභිමානයයි දුවේ නුඹ
අප්පච්චි තුටින් මුමුණනු
ඇසේ තවමත් දෙසවන් ලග


පොදි බැදගත් උස් අරමුණු
අතහරින්නට ලෝබයි තවම
අප්පච්චිගේ සැනසුම් සිහින
බිද දමන්නටත් දුකයි සිතට


එත් ආයෙම විසඝෝර සර්ප උයනේ
රළු වදන් සිහිව තිගැසෙයි සිත් පතුල
මා එනතුරු පෙර මග බලා හිදින
එරමිණියා පදුරු සිහිවෙනකොට
කුමක් කරන්නද නොතෙරේ තවම මට

                          

8 comments:

  1. අපූරුයි.............
    කාගෙ හරි ඇත්ත කතාවක්ද ඈ

    ReplyDelete
  2. ලස්සනයි.. මේ හැම දේම නැතත් මේ සිදුවීම් වලින් බොහෝ දේ හැම ගෑණු ළමයෙක්ම අත්විඳිනාවා.

    ReplyDelete
  3. මැදහත් ජීවන පන්තියේ
    කාගේත් ජීවන චක්කරේ
    දුවන්නේ ඔහොමැයි
    විටෙක සිතේ මට
    පංකාදු ලියැවිල්ල

    ReplyDelete
  4. කාගේ වුව ජීවිතේ
    වල ගොඩැලි තියෙනවා

    ReplyDelete
  5. අප්පච්චිගේ සැනසුම් සිහින
    බිද දමන්නටත් දුකයි සිතට ///

    හැමෝටම අඩුවැඩි තරමින් බාදක තියෙනවා ,අපුරුයි පද පෙලි ටික

    ReplyDelete
  6. උණු නිසා බොනු බැරි
    කිරි නිසා විසි කරනු බැරි
    හිතින් මම මැරි මැරී
    ගෙවමි තව ටික කළකි දුක් පිරි

    ReplyDelete
  7. සියට සීයක්ම තෘප්තිමත් ජිවිත නැහැ.ජිවත්වීම කියන්නෙම අරගලයක්,පරදින්න බැරි.

    ReplyDelete
  8. අද ඉන්න බොහෝ දෙනෙක්ට දැනෙන දෙයක් තමයි ඉතින් මේක..

    ReplyDelete