Monday, March 9, 2015

නමක් දෙන්නේ නැති කවි

අහස උසට කවි පබදින
හීන ගොතන වැහි අදුර
නුඹ හෙමි හෙමින් ඇවිදින් යන්නට
එනවා ද ආයෙම දවසක
මට අලුත් පෙම් කවක් ගොතන්නට


කවි මුමුණන හිතට
පාලුයි හොදටෝම
මන්දාරම් වැහි අදුර
නුඹ ලග නැතිවද කොහෙද

හීන වලට පාට දෙන්න
හිත යට ගැස්සෙන සිතුවිල්ලකට
අත්තටු දෙන්න
කාලය සදිසිය ආයෙම


වැහි අදුර නුඹ හෙමි හෙමින්
පිය මනින්න හිරිපොද වැස්සත්
එකතු කරගෙනම
අපි ලියමු අලුත් කවක්
ධරණී තලය පුරාවට
රැව් දෙන්න..




8 comments:

  1. //හීන වලට පාට දෙන්න
    කාලය සදිසිය ආයෙම//

    ඇත්තටම...

    අපූරුයි මොණරි. ජය ශ්‍රී!

    ReplyDelete
  2. කාලයත් එක්ක අලුත් කවක් ලියන්න හැමෝටම සිද්ද වෙනවනේ..

    ReplyDelete
  3. මේං කාලෙකින් මතක් වේචිචි තව එකෙක්.

    ReplyDelete
  4. කවි පද ටික නම් අගෙයි...........................

    ReplyDelete