Friday, March 27, 2015

කුකවි

රේල් පීල්ලක් මත පිදුණු
අසම්මත මලකි මම
යනෙන කටුක වදන් මත
ඔහේ දැවී දැවී පුදින


නිදිකුම්බා මලක් වූ නිසාවට
තැලී තැලී හුස්ම ගනු මිස
එකවර පරව යන්නත් ඉඩක් නැති හැඩ
අහෝ ඉකි ගසා ගසා හඩනු මිස
කුමක් කරන්නද මම



9 comments:

  1. මලක් වුණත් නිදිකුම්බා
    ගලක් වෙන්න එපා කිසිදා

    ReplyDelete
  2. ජීවිතය, ලද හැටියට තමයි විඳිම විදවීම..

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් සිටිය යුතු නැහැ නේද ??

      Delete
  3. කුකවි කියන්නෙ කුප්ප කවි කියන එක නේහ් හිහි
    ඇත්තටම කුකවි කියන්නෙ මෙලෝ රහක් නැති කවි වලට නෙව බං
    ඇයි ඒ

    ReplyDelete
    Replies
    1. කුකවි යන්නට ගැරහුම් ලද කවියා යන තේරුම ද ඇතුලත් අයියේ :)

      Delete
  4. අදමයි මේ පැත්තට ගොඩවුනේ...
    ලස්සනයි..ජය වේවා!!!

    ReplyDelete