Thursday, June 11, 2015

නෙක වර්ණ රැදී හීන

හිරු බැස යන හවසක
නුඹ හා එක්ව
අතීතයේ වල් පල් ගැන
දොඩමලු වන්නට

සිතල පහසක් රැදී
කළු ගල් බැම්මක් මතින් හිද
උණුහුම් සුව රැදී
නුඹ ගතට තුරුලුව
ගගනත පුරා සුදු පුළුන් රටා
රග දෙනයුරු නරඹන්නට

නුඹේ සුලැගිල්ලේ එල්ලී
ඝන තණනිල්ල පුරාවට සැරිසරන්නට
හිත් කොනක හැංගුණු
අහිංසක හීනයක් තියෙනවා
නුඹ නොදන්නවා වුනාට



18 comments:

  1. /නුඹ නොදන්නවා වුනාට/

    සමහරවිට එයත් දන්නව ඇති නොදන්නව වගේ හිටියට
    ජයවෙි මොණරි!

    ReplyDelete
    Replies
    1. දන්නවා විය හැකි. නොදන්නවා ද විය හැකි.. ;)

      ස්තුතියි.. :)

      Delete
  2. අසීමිත ආසාවකට වඩා හීල්ලුමක් මේක

    ReplyDelete
  3. //අහිංසක හීනයක් තියෙනවා
    නුඹ නොදන්නවා වුනාට//..
    නොදන්නේ නෑ ගොඩක් වෙලාවට ඉතින් ඒත් නොදන්නවා වගේ ඉන්නවා..

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි මිත්‍ර :)

      Delete
  5. හීන... හුරතල් ඒවා !

    ReplyDelete
  6. හීන හැබෑවෙන දවසක් ඒවි,එතකන් බලාපොරොත්තුවෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් හුස්ම රැදී තියෙන කාලයක් වෙනකම් බලමු නේද :)

      Delete
  7. උඹේ සෑහෙන ඉම්ප්රූව්මන්ට් එකක් තියෙනවා..

    දකින හීනේ කොයි වයසේද, ඒ හීනේ දකින්නේ කොයි වයසේද කියන කාරණේ හොඳටම දැනෙන්න සංකේත සහ භාෂාව භාවිතා කරලා තියෙනවා..

    //ගගනත පුරා සුදු පුළුන් රටා
    රග දෙනයුරු නරඹන්නට// හරිම අපූරු නැවුම් යෙදුමක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කරූ.. :)

      Delete
  8. ලස්සනයි. පින්තූරේ පැත්තකින් එල්ලුවානම් සිරා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බිගු :)

      Delete