Friday, June 19, 2015

බොද වුනු කවියක් !!


සද තරු නිවුනාවේ
පිපූනු මල් පරවුනාවේ
හිත ගොළුව ගියාවේ
නුඹ නෑවිදින්ම වුන්නාවේ

මහා වැහි වැටුනාවේ
මතක පවුරු හේදුනාවේ
හීන අහුරූ මැකුනාවේ
කඩදහි ඔරුවක නැගි
නුඹ යන්නටම යන්න ගියාවේ

කවි කතන්දර ඔහේ තිබුනාවේ
ඔය නම අකුරුවලින් ගිලිහුනාවේ
ලොකේටම අප අමතක වුනාවේ
කවුරුත් නොදන්නා කතාවක්
අතීතෙටම මුහු වුනාවේ !!!



- අරුණි -



14 comments:

  1. හ්ම් ලස්සන කවියක් හැබැයි දුකත් තැවරුණ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්, වචනයක් ගානේ දුක තැවරුණ..

      ස්තුතියි මහේෂ්..

      Delete
  2. බොද නෙවෙයි බොඳ

    සද නෙවෙයි සඳ

    වුන්නාවේ නෙවෙයි උන්නාවේ

    ReplyDelete
    Replies
    1. හරි :) ස්තුතියි..

      Delete
  3. හ්ම්.ලස්සනයි.බොඳ වෙච්චි මතක හිත ඇතුලේ බොඳ වෙලා නැහැ වගේයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ් අයියේ :)

      බොද වුන මතකය කවදාවත් හිතෙන් ඈත් වෙන එකක් නැහැ..

      Delete
  4. ඕන දෙයක් උනාවේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. වෙන දෙයක් උනාවේ..

      Delete
  5. ලස්සනයි... මෙන්න මම අන්තිමට ලියපු එක... http://suriyagedinapotha.blogspot.com/2015/06/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමන්.. :)

      මං බලන්නම්..

      Delete
  6. දුකෙත් රස එක්ක කවියක්...

    ReplyDelete
    Replies
    1. ලියවෙන ගොඩක් කවි දුකේ රසට වහ වැටිලා ලියවෙන එව්වා දිදී අක්කෝ..

      Delete
  7. හම්ම්... දුකම කොයි තරම් සතුටක්දෝ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. විරහාවෙත් හරි අපුරු රසයක් ගැබ් වෙලා තියේ..

      Delete