Saturday, August 29, 2015

පුංචිම පුංචි කතාවක්...



( කාලෙකට පස්සේ පුංචි කතාවක්.. කෙටි කතාවක් නම් නෙවෙයි.. සින්දුවක් අස්සේ හිර වෙලා ඉන්නකොට හිතට ආපු සිතුවිලි අකුරු කරා විතරයි කතාව ලියන්න පසුබිම් උන සින්දුව “ අවසාන ප්‍රේමයයි මාගේ.. “ කැමති නම් එකත් අහලාම කියවන්න https://www.youtube.com/watch?v=yFyItnqmreE )

මෙච්චර දවසක් හැදී වැඩුණු රටින් සමුගෙන යන්න තරිදුට තිබුනේ තව සුළු මොහොතක්. . ජිවිතේ හෙම්බත් වෙච්ච කාලෙකට පස්සේ ලංකාව අතහැරලා දාලා යන්න තීරණය කරපු එක ගැන තරිදුට දැනුනේ සතුටක්. දකින දකින තැන තිබුනේ සේනි එක්ක ආගිය තැන් වල මතක සටහන්.. කොච්චර උත්සාහ කරත් ඒ මතකයන් අමතක කරන්න තරිඳුට පුළුවන් උනේ නැහැ. ටික කාලෙකින් සේනි තමන්ට ලං වෙච්ච විදිය තරිඳුට මතක් උනා.

ගුවන් යානයට ගොඩ වෙන්න තවත් පැයක් විතර කාලයක් ඉතුරු වෙලා තිබුණ නිසාවෙන් තරිඳු තමන්ට හිටිය හොදම මිතුරෙක් වෙච්ච කල්පට කතා කරේ සමුගන්න හිතාගෙන..


හීන අස්සේ නොමැරී මැරිලා
හිතට වෙහෙසයි දුකම විදලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයේ රැවටෙන්න බෑ 

දුරකථන ඇමතුම ගද්දි පසුබිමෙන් ඇහෙන්නට වූ ගීතය තරිඳුගේ හිත මොහොතකට නතර කළා.

“ හලෝ... තරිඳු.... මචන් !!! “

කල්පගේ හඩ ඇහෙද්දී කතා කරන්න ඕනේ උනත් කටහඩ අවදි කරගන්න පුළුවන් උනේ මොහොතකට පස්සේ.. වචන ටික තරිඳුගේ හිතයි හඩයි දෙකම මොහොතකට ගොළු කරලා තිබුනා.

“ හ.. හලෝ.. “

“ උඹ කොහෙද බන් දැන්.. එයාර්පෝට් යන්නේ නැති ද බන් “

“ කටුනායක දැන්.. “

“ මොකද බන් වොයිස් එක.. අඩන්න වගේ... තරිඳු.. ???? “

“ ම්.. “

“ උඹ අඩනවා ද බන්... “

“ නෑ බන්.. චුට්ටක් අවුල් ගියා රිඟින් ටෝන් එකට.. “

“ හීන අස්සේ නොමැරී මැරිලා

හිතට වෙහෙසයි දුකම විදලා.. නිසා ද ?? “

“ හ්ම්ම්ම්... ඒ වචන තමා.. එත් මට ගැලපෙන එක ඒක නෙවේ බන්.. “

“ එහෙනම් ??? “


ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරී මැරිලා
හදුනන්නේ නෑ ආයේ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා.. 


තරිඳු වචන පද ටික හෙමි හෙමින් මුමුණ ගත්තේ තමන්ටමයි.. වචනයක් ගානේ ඇස් දෙක අස්සෙන් ගලන් එන කදුළු නිසාවට තරිඳු ඇගිලි තුඩු වලින් දෑස් මිරිකා ගත්තේ වේදනාවෙන්..

“ මොකද බන් මේ, උඹම නේද කිව්වේ ටික දවසකට කලින් සේනි එපා !! අර ගෙදරින් කතා කරපු එකී බැදලා රට යනවා කියලා.. කෝ දැන් නිම්නා ?? "


“ මට බෑ බන්.. මට බෑ... මං යනවා බන් මෙහෙන් යන්න.. “


“ තරිඳු , මචං , මොකද උනේ?? කියපං ?? උඹ පහුගිය ටිකේ මට කතා නොකරන කොට මන් හිතුවා උඹ නිම්නා බැදලා රට යන්න ඇති කියලා.. මොකද උනේ කියපන් බන්.. “


“ කියන්න දෙයක් නෑ බන්.. සේනි ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්න මට බෑ බන්.. නිම්නාට මගේ ලෝකේ ඉඩක් දෙන්න බෑ බන්.. සේනි ගියා !! ඒක හරි.. එකී යන්න ගියේ මාව මරලා දාලා.. එකී ඒකිගේ ලෝකේ සතුටින් ඇති... එත් මං ?? ඒත් මන් තාම පිච්චෙනවා බන්.. “


“ සේනිව අමතක කරලා දාපන් බන්.. තවත් බැනලා තේරුමක් නෑ.. “


“ සේනිව අමතක කරන්න ඕනි නිසා තමා මන් යන්නේ බන්.. හැබැයි එහෙමයි කියලා ඒකි ගැන මගේ හිතේ තියෙන වෛරය නැති වෙන්නේ නැහැ.. එකී මාව නැත්තටම නැති කරලා යන්න ගියේ.. ආයේ හුස්ම ගන්නේ කොහොමද කියලාවත් මට කියන්නේ නැතිව.. ඕකිවත් මරාගෙන මැරෙන්න පුළුවන් වුනා නම් මිට වඩා සැනසීමයි.. “


හිතේ තිබ්බ වේදනාව, තරහා, ආදරය සේරම එකට කැටි කරලා හිතට වද දුන්නු වචන ටික කල්පට කියලා දැම්මා.. විනාඩි ගානක් යනකම් කල්ප කතා කරේ නැහැ ඒත්..


“ කල්ප.. උඹ අහගෙන ද ඉන්නේ ?? කල්ප ?? “

“ හ්ම්ම්ම්.. ඔව් බන්.. තේරෙන්නේ නැහැ මොකක් කියන්න ද කියලා.. “

“ හ්ම්ම්ම්.. “

“ සේනිත් එක්ක උඹ තරහා උන දවසින් පස්සේ උඹ සේනි ගැන හෙව්වා ද ?? “

“ නැහැ.. මොකට ද ?? එයත් මාව හෙව්වේ නැහැ.. අඩු තරමේ ඊට දවස් දෙක තුනකට පස්සේ තිබ්බ මගේ උපන්දිනේවත් එයාට මතක් උනේ නැහැ.. “


“ උඹව හම්බෙන්න මිලින්ද ආව ද ? මොනවත් කිව්වේ නැද්ද ?? “


“ මං මොකට මිලින්දව හම්බවෙන්න ද ? මට ඌ ත් එක්ක කිසි කතාවක් නැහැ.. “

“ හ්ම්ම්ම්... “


කල්ප ආයේ නිහඩව ඉද්දි තරිඳුට දැනුනේ තරහාවක්..


“ මොකද බන් වෙලා තියෙන්නේ.. උඹට මන් කතා කරන කරදරයක් ද ?? මං කතා කරේ උඹට යනවා කියන්න// උඹට කතා කරන්න ඕනි නැත්තම් ඒකත් කියපං.. “


“ තරිදු !!!! යකෝ !!!! “


“ මොකද “

“ මං සද්ද නැතිව උන්නේ උඹව කරදරයක් කියලා නෙවේ යකෝ !!! මට උඹට කතා කරන්න ඕනි.. උඹ පිස්සෙක් වගේ සේනිට වෛර කරනවා දකිද්දී මට මේක උඹට නොකියා ඉන්න බෑ බන්.. “


“ මොකක්ද උඹ කියන්න යන්නේ ඒ පාර ?? “

“ උඹ හිතන් ඉන්නේ සේනි යන්න ගියේ මිලින්දයා බදින්න කියලා නේ.. “


“ ඉතින්.. “

“ ඉතින් කියන්නේ ඇත්ත ඒක නෙවේ, කෙටියෙන්ම කිව්වොත් තොට කියන්න තියෙන්නේ ඒක එහෙම නෙවේ කියලා.. සේනි ගියා තමා.. උඹට කිව්වේ ඒකිගේ මස්සිනා වෙච්ච මිලින්දයාව බදින්න ඕනි නිසා සම්බන්ධෙ නවත්තනවා කියලා නේ.. උඹ ඒක විශ්වාස කරලා මෙතන ඩෙගා නැටුවා.. “


“ මං වෙන මොනවා කරන්න කියලා ද උඹ කියන්නේ.. මං ඒකිට ආදරේ කරේ පිස්සෙක් වගේ.. මගේ ජිවිතේ වෙලා උන්නේ සේනි.. උඹලා ඒක දන්නවා.. මිලින්දයා දන්නවා.. ඌ මගේ හොදම යාළුවා වෙලා හිටියා දන්න දා ඉදලාම.. එහෙව් එකා මාවම නැති කරා.. මං වෙන මොනවා කරන්න ද යකෝ... වෙන.. වෙන එකෙක් නම් ඔවුන් දෙන්නාව මරලා දානවා.. මං මොනවා කරන්න ද බන්.. මං මිලින්දයාවයි සේනිවයි මරන්නේ කොහොමද බන්.. මං උන් දෙන්නටම ආදරේ කරා.. “

අන්තිම ටික කියාගෙන යද්දී තරිඳු ඇස් වලින් කඩා වැටෙන කදුළු නතර කරගන්න තරිඳුටවත් බැරි උනා..


“ අඩපන්.. තව අඩපන්.. මචන්.. උඹ විතරක් නෙවෙයි... අපිත් ඇඩුවා.. උඹයි සේනි නිසා.. තාම අඩනවා.. උඹ දන්නේ නෑ.. මිලින්දයව එකතු කරන් සේනි උඹට කිව්වේ බොරුවක් කියලා.. උඹ දන්නේ නැහැ.. සේනිට ලේ පිළිකාවක් තිබ්බා කියලා.. එයාගේ අම්මට වගේ.. උඹ දන්නේ නෑ.. යකෝ උඹ දන්නේ නෑ.. උඹට කියන්න අපිට දුන්නේ නැහැ ඒකි.. උඹ දන්නේ නෑ මචං.. සේනි උබේ උපන්දිනේ වෙද්දී ජිවත් වෙලා උන්නේ නෑ තරිඳුවෝ.. සේනිගේ ජිවිතේ කැන්සර් එක අරන් ගියා.. උඹ දන්නේ නෑ මචං.. උඹට කියන්න දුන්නේ නැහැ උඹලගේ ගෙදරයි සේනියි එකතු වෙලා.. අපි වෙන මොනවා කරන්න ද බන්.. “


කල්ප අඩ අඩා කෑ ගගහා ඒවා තරිඳුගේ හිත අස්සේ දෝංකාර දෙන්න පටන් ගත්තා... මොකක් කියන්න ද මොනවා කරන්න ද නිනව් නැතිව තරිඳු බලන් උන්නේ ඇස් වලින් වැක්කෙරෙන කදුළු අතරින්..

කල්ප එක්ක කතා කර කර උන්නු දුරකථනය සිතල පොලව මත වැටිලා ඔහේ තිබුනා.. කදුළු වලින් බර වුනු ඇහි පිහාටු තද කරන් බිත්තියේ ඔලුව ගහගත්තු තරිඳුට මතක් උනේ අන්තිම කතා කරපු දවසේ රෑ සේනි එවලා තිබුණු කෙටි පණිවිඩය..


අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුළු දෙනෙතේ
මාව හැර දාලා ඔයත් යන්නට ගියා “


- අරුණි කළුපහන -

2 comments:

  1. අාදරය.... විරහව... මේවා අමුතු දේවල් නෙමෙයි... ඒකම කාසියක දෙපැත්ත නොවැ..

    ReplyDelete
  2. හ්ම් දුඛන්තයක්.මිනිස්සු කලබලයි කියන්නේ ඕකම තමයි.එක පැත්තකින් විතරක් බලලා තීන්දු තීරණ ගන්නේ.

    ReplyDelete