Saturday, October 24, 2015

අහේතුක කවියක්


මහා වැසි වැටුණු රැක
මං තනියම උන්නු ඉසව්වක
කවියක් ලිව්වා නිකමට
කරුමෙක මහත
එයත් ලියවුනේ නුඹේ නමටම


අතීතයේ සුවද තවමත් ඉතුරුව ඇති හින්දා
නුඹ ඇවිදින් ගිය අහුමුලු වල
තවමත් හිත දුර ගමන් යනවා
හිතුමතේට සිත රිද්ද රිද්දා

හිත පුරා නුඹටම පෙම් කල හින්දා
කරුමෙට මම තවමත් විදවනවා
නුඹ ගිහින් වෙන මලක් එක්ක
ආදරයේ පියවර පේලි තනනවා

මා ලියු දුක්බරම කවිය නුඹ හින්ද
තවමත් නුඹේ නමටම කවි ලියවෙනවා
අලුත්ම කවියකට මුලකුරු තැනුවට
හුරුපුරුදු කවියම ලියවෙන්නේ ඒ මොකද මන්දා !!!



9 comments:

  1. හිතේ තියෙන දේ අැගිලි වලින් ලියැවෙන හින්දා තමා අරුණි............... ලස්සනයි පද ටික...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු :)

      Delete
  2. කවිය ලස්සනයි
    තාලෙ බිදෙනව සමහර තැන් වලින් ඒක නං ටිකක් අවුල්...
    එහෙම නැත්තං මං තාලෙ දන්නෙ නැ

    ReplyDelete
  3. අහේතුක කවියක්
    නමුදු ලස්සනයි

    ReplyDelete
  4. යන දේට යන්න අරින එක තමා හොඳ, අපහසුවෙන් වුණත්

    ReplyDelete