Thursday, September 15, 2016

ප්‍රේමය ඔබ මහා විකාරයක්

රිදුම් දෙන සිතුවිල්ලක් ලග
හිත තවමත් අසරණව හිදියි
අකාලයේ උපන් හැගුමක්
වරින් වර විත් සිත රිදවා යයි

ප්‍රේමය නුඹ මහා කටු ඔටුන්නක්
එය දෝතින් ගෙන ආ
ඔහුත් දැන් හිතට හරි වදයක්

ප්‍රේමය නුඹ හැමදාම ඔහොමයි
හිතුවක්කාර හිත
නොසිතිය යුතු තැන් වලම
නවත්තයි

සැරින් සැරේ හිත මත්තට
ඇවිදින් දැන් ඔහු
ප්‍රේමය නුඹ වෙනුවෙන්
මගේ දවසම ඉල්ලයි

ප්‍රේමය,
නුඹ හැමදාමත් ඔහොමයි
නුඹේ හිතුවක්කාරකම් හින්දා
මං ආයෙත් විදවයි

ප්‍රේමය,
ඔබ නම් මහා විකාරයක්
දන්නවද නුඹ මට හැමදාමත්
ගෙනෙන්නෙම දුක් කරදර ගොන්නක්..




- අරුණි කළුපහන

11 comments:

  1. බාගෙට හොද වෙච්චි තුවාලයක් පාරනවා වගේ සනීපයි ඒක..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ දේශකයෝ.. හරි සනීපයි..

      Delete
    2. තව පොඩ්ඩෙන් රිප්ලයි එක ඔබල ලයික් කරනවා. ඒ තරං ඇඩික්ට් දැං මුණුපොතට හැක්

      Delete
    3. hahaha :D බ්ලොග් වලත් අවුරුදු ගානක් නේද දේශකයෝ.. තාම ගලපගන්න බැරි උනාද මුහුණු පොත එක්ක මාරු වෙන්න තරම්

      Delete
  2. බොරු...

    දුක්ම විතරක් දෙන්නෙ නෑ..

    ඇත්ත කියපං !!

    ReplyDelete
    Replies
    1. ඒ උඹ ට නේ බන්.. මේකට අදාළ කෙනාට සීන් එක ටිකක් වෙනස් :v

      Delete
  3. සහතිකවම හැබැයි වෙලාවකට

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියෙනවා වගේ නෙහ්.. :D

      Delete
  4. අයියෝ ගණන් ගන්න එපා කියන්න.. මොණරු..

    ReplyDelete
  5. ප්‍රේමය නම්,
    එයමැයි ගෙනේ නෙක,නෙක අත්දැකීමක්,

    ReplyDelete