Tuesday, September 13, 2016

නමක් නොතැබූ කවියක්

හිත රිදෙව්ව වදන් අස්සෙන්
ඔබ තවමත් මදහස නගන්නේ ඇයි කිම
තැලෙන යකඩෙට වුව
සිමා මායිමක් ඇති වග
නොදන්නවාද නුබ

ප්‍රේමයත් මහා දුකක්
මතකද ඔබ කිව්වා කලෙක
මේ සා විසල් ප්‍රේමයක්
මට හරි බරක්
අද මන් කියන්නම් නුඹට

පැරණි කතන්දර කුමට ද ආයේම
හැකි තුටින් ඉන්න
ඔය රළු වදන් නොමැති තැන මට
ඔය මුවින් ගිලිහෙන වදනක් පාසා
ඇල්පෙනිති තුඩක් නම්
අනේ නුඹ මුනිවතම රකින්න..

#AK

3 comments:

  1. ප්‍රේමය ඇත්තටම බරක් ප්‍රේම කරන්න ගත්තට පස්සෙ...
    මේ ලෝකෙ මොනවද බර නැත්තෙ.. හැම දේම...
    ලස්සනයි පද පේළිය...මොණරුන්ගෙ තුඩින් ගිලිහෙචිචි

    ReplyDelete
    Replies
    1. බැදීම් කියන්නේ වැඩියෙන්ම දැනෙන බර..

      ස්තුතියි වැව්..

      Delete
  2. ප්‍රේමය බර දැනෙන්නේ කොටු ගහල තමනටම අයිති කරගන්න යන නිසා...
    මේ කවියම ලියන්න මොණරු අනිත් පැත්තට.. අනිත් කෙනාට කරන්න කියන දේ ඔබම කරනවා කියන හැඟිම් දැනෙන විදිහට.. අපිට හදාගන්න පුලුවන් අපේ හිත විතරක්ම නිසා...

    ReplyDelete